අන්තර්වාර ආණ්ඩුවකට සහය පලකලත්, අගමැතිකම බාර ගන්න බෑ කියල , විපක්ෂනායකතුමා කන්කෙදිරි ගානවා.  නහයෙන් අඬනවා.



ගෝඨාභය ජනාධිපති තනතුරේ ඉන්නකන්, තමා ආණ්ඩුවේ කිසිම තනතුරක් ගන්නේ නෑ  කියලයි , එතුමා කියන්නේ. එහෙම කලොත් ඒක,  පාරේ අරගල කරන තරුණයින්ට කරන, දෝහිකමක් කියලත්, විපක්ෂනායක සජිත් කියනවා.  

සජිත්ට අගමැතිකම අරගෙන, ආණ්ඩුව බාර ගන්න කියලා , ජනාධිපතිතුමා ගෙන් call එක ආවේ, මැයි 07 උදේ වරුවේ.. . අගමැතිකමෙන් ඉල්ලා අස්වෙන්න මහින්ද පොරොන්දු වුනේ, මැයි 06 අරගලය දවසේ.. ඒ එදා රෑ තිබිච්ච විශේෂ කැබිනට් රැස්වීමේදී..

 කොහොමහරි ජනාධිපතිතුමාගේ ආරාධනේ ආපු ගමන්, ඒ ගැන කතාකරගන්න විපක්ෂ නායකතුමා , එදාම හවස සජබ සන්ධානේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳෙව්වා. ජනාධිපතිතුමාගේ ආරාධනේ ගැන පැය 4ක් විතර සාකච්ජා කළා.  

අන්තිමේදී කට්ටිය , නීතිඥ සංගමේ යෝජනා කරලා තියන විදියට, අන්තර් කාලින ආණ්ඩුවකට එකඟත්වය පලකරලා තිබුන. ඒ රැස්වීමෙන් පස්සේ හරින් ල , මරික්කාර් ලා, ප්‍රෙස් එකක් තියල ඒක  කිව්වා.

හැබැයි ඒ අන්තරකාලින ආණ්ඩුවේ අගමැතිකම ගන්නවද ? කැබිනට් ඇමතිකන් ගන්නවද ? කියල, ඊයේ රෑ වෙනකොටවත්, තීරණේ කරගන්න බැරිවෙලයි තිබුනේ..


කරු ගෙන්න සජබේ ඇතුලේ කට්ටිය බරටම වැඩ !

 

සජබේ කට්ටියක් කියන්නේ, සජිත් අගමැතිකම බාරගන්න බෑ කියනවා නම් , කරු ජයසුරිය පාර්ලිමේන්තුවට ගෙනත්, අගමැති කරමු කියල. එහෙම කියන්නේ රන්ජිත් මද්දුම බණ්ඩාර වගේ පක්ෂයේ  ඉන්න, ජ්‍යෙෂ්ඨයෝ කට්ටිය.

 

තවත් කට්ටියක් කියන්නේ, ඩොක්ට හර්ෂ ද සිල්වා අගමැති විදියට නම් කරමු කියල. එහෙම යෝජනාවක් ගෙනත් තියන්නේ හරින්ලගේ කණ්ඩායම.

කරු පාර්ලිමේන්තු ගේන්නේ, කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. කරුගේ ඥාතියෙක් වෙච්ච, මයන්ත දිසානායක ජාතික ලැයිස්තුවෙන් අස්කරගෙන, කරුව ගේන්න යෝජනා කරලා තියන්නේ , සජබේ මහ ලේකම් ලු. එත් මයන්ත මේ වෙනකොට ඉන්නේ කැනඩාවේ. මෙහේ වෙනදේවල් ගැන, ටච් එකේ ඉන්නවද කියලත් සැකයි..

කොහොම වුනත් ඔය තනතුරු ගැන තීන්දුවක් ගන්න, සජිත් , අද උදේම එතුමාගේ සජබේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ කැඳවලා.. මෙතැනදී කට්ටිය දෙකට බෙදෙන්න නියමිත සීන් එකක් තමයි, පේන්න තියෙන්නේ .. . සජිත් වැඩේට අකමැති වුනොත්, සජබේ දෙතුන් දෙනෙක්, හවුල් ආණ්ඩුවකට සෙට් වෙන එකනං ෂුවර් වගේ..

 

සජබේ කට්ටිය මෙහෙම,, අගමැතිකම් ඇමතිකන් බෙදාගන්න දැගලුවට, සජබෙට පාර්ලිමේන්තුවේ ඉන්නේ, මන්ත්‍රීවරු පනස් ගානක් විතරයි. ඉතින් 113 නැතුව ආණ්ඩුවක් හදන්නේ කොහොමද ?

 

'' ස්වාධින කණ්ඩායමේ ඉන්න මන්ත්‍රීලා 40 සහය අපට තියනවා . දයාසිරි ඒ සහතිකේ දීලා තියෙන්නේ .. දෙමල සන්ධානේටයි, පොහොට්ටුවේ කිහිපදෙනෙකුටයි කතාකරල, අපිට ඉතුරු ටික හදාගන්න පුළුවන්.. සජිත් ආවත් නැතත්, අපි ආණ්ඩුවක් හදනවා..'' එහෙම කතාවක් කිව්වේ, දැනටත් ඇමති සුට් මහගෙන ඉන්න සජබේ මන්ත්‍රී කෙනෙක්..


නිමල් සිරිපාලගේ කැම්පේන් මැනේජර් සජින්වාස් !



සජබේ වෙන්න ඇමතිලා එහෙම කියනකොට, ශ්‍රීලංකා එකේ නිමල් සිරිපාලත් කැම්පේන් එකක් පටන් අරන්. කැම්පේන් එක බාර අරගෙන තියන්නේ, සජින් වාස් .

ඔව් ...ඔව් , අර සජින්වාස් ගුණවර්ධන තමයි. එතුමා දැන් ශ්‍රී ලංකා එකේ වැලිගම සංවිධායක ලු. මර්විනුත් වැඩේට බැහැල කියල තමයි ආරංචි.

ඔන්න පහුගිය මැයි 07 වෙනිදා  දවල්, ජනාධිපතිතුමා , නිමල් සිරිපාලට call එක්ක දීලා,. කොහොමද වැඩේ යනවද '' ? ජනාධිපතිතුමා නිමල් ගෙන් අහලා.

'' කොහෙද සර්, සජිත්ලා බෑ කියනවනේ. සජබේ කට්ටියක් ඉන්නේ මගෙත් එක්ක, කොහෙද සර් , ශ්‍රී ලංකා එකේ වුනත් හරි එකඟත්වයක් නෑ නේ.. ඒත් ..., සර් බයවෙන්න එපා , මම කොහොමහරි වැඩේ ගොඩ දානවා සර්..'' නිමල් , ජනාධිපතිතුමාට කිව්ව ලු..  

නිමල් එහෙම කිව්වට, ඊයේ දවල් ශ්‍රී ලංකා එකේ කට්ටියයි , විමල්ලාගේ පක්ෂ 10 කට්ටියයි, මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමාගේ ගෙදර දී සෙට් වෙච්ච වෙලාවේ කට්ටියම පොදු එකන්ගත්වෙකට ඇවිත්. සජිත් , ආණ්ඩුව බර ගත්තේ නැත්නම් , බදාදාට, ඒ කියන්නේ මැයි 11, ආණ්ඩුව බර ගන්න.


දැන් සජබේ කට්ටිය අගමැතිවරු හොය හොයා යද්දී, ස්වාධින කණ්ඩායමෙන්, සජබේ ලොක්කෙකුට පණිවිඩයක් ඇවිත්..

'' ඔයාල හදන්න යන්නේ සජබේ ආණ්ඩුවක් ද? එහෙමනං තනියම කරගෙන යන්න. අපෙන් බාධාවක් නෑ  . හැබැයි අපිත් එක්ක ආණ්ඩු කරන්න හිතනව නම්  , අපේ යෝජනා වලට අනුව වැඩේ කෙරෙන්න ඕන. අගමැතිවරු, එක එක්කෙනාට ඕන විදියට නම් කරන්න බෑ . අගමැති නම් කරන්න ඕන, ජාතික විධායක සභාවෙන්,   ඇමතිලා නම් කරන්නත් ඕන, ජාතික විධායක සභාවෙන්. ජනාධිපතිතුමා ඒක  පිළිඅරගෙන තියෙන්නේ  ...'' ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයා වක්කඩ කැඩුවා වගේ, කියෝ ගෙන කියෝගෙන ගියා ලු..

සජිත් අගමැතිකම ගැන අදහස අතරලා දැම්මේ, ඒ වෙලාවේ වෙන්නත් ඇති.

 

ඔය කතාවෙන අන්තර් කාලින ආණ්ඩු යෝජනාව, ජනාධිපතිතුමාට මුලින්ම ඉදිරිපත්කලේ, 41 දෙනාගේ ස්වාධින මන්ත්‍රී කණ්ඩායම. ඒ  මන්ත්‍රී කණ්ඩායම අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා ඉදිරිපත්කර ඇති යෝජනා මාලාවේ, ප්‍රධාන කරුණු 11ක් තියනවා.

 

ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න , පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත, ජාතික විධායක සභාවක් පිහිටුවන්න කියල, ස්වාධින මන්ත්‍රීවරු ජනාධිපතිතුමාට යෝජනා කරලා තියනවා.

ජාතික විධායක සභාවේ උපදෙස් මත, ජනාධිපතිතුමා නව අගමැතිවරයෙකු , සීමිත ඇමති මණ්ඩලයක් , අමාත්‍යංශ ලේකම්වරු පත් කල යුතුයි කියලත්, ඒ යෝජනාවලියේ පැහැදිලිව තියනවා.

 දැන් ඔය යෝජනාවලියට, ආණ්ඩුවේ ඉන්න පොහොට්ටු පක්ෂයේ  උදවියත්, එකඟ වෙලයි තියන්නේ..

ඔය ස්වාධින මන්ත්‍රී කණ්ඩායමත්, පහුගිය දවස් වල එයාලගේ යෝජනාවලිය ගැන, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සමග, කීප ගමනක්ම කතාබහ කරලයි තිබුනේ.

ජනාධිපතිතුමාගේ OK එක ලැබුනට පස්සේ, නිල විදියටත් සාකච්ජා පටන් අරන්.. අද තියන්නේ අන්තිම සාකච්ජා වට ටික. අද දවල්ට එජාප නායක රනිල් වගේම , TNA  එකේ කට්ටිය හම්බවෙනවලු . සවස ජවිපෙ නියෝජිතයින් හමුවෙන්න දාගෙන.

කොහොම වුනත් හෙට එළිවෙන්න ඉස්සෙල්ල, අන්තර් කාලින ආණ්ඩුව ගැන ස්වාධින කට්ටියගේ අවසන් වාර්තාව, ජනාධිපතිතුමාට දෙන්න තියනව  ලු.

 

අන්තර්කාලින ආණ්ඩුවට, එකතුවෙන්නේ කව්ද ? ජාතික විධායක සභාවට එන්නේ කව්ද ? ඇමති මණ්ඩලේ කී දෙනෙක් ද? ඒ ඇමති මණ්ඩලේ තරුණ අය කී දෙනෙක් ඉන්නවද ? ඒ ප්‍රශ්න ටිකට උත්තර ජනාධිපතිතුමාට දෙන්න කියල..

 

ගෝඨා ගෝ හෝම් - පොහොට්ටුවත් කියයි


අන්තර් කාලින ආණ්ඩුවක් හදන්න සජබේ අයයි , ස්වාධීනේ කට්ටියයි එහෙම දුවද්දී, ජනාධිපතිතුමාට අද (09) ලොකු විරෝධයකට මුහුණ දෙන්නත්  වෙලා.. ඒ අරගල කරන කට්ටියගෙන් නෙමෙයි. ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ ම කට්ටියගේ විරෝධයකට.

මහින්ද රාජපක්ෂට අගමැතිකමෙන් යන්න කිව්වට,  ජනාධිපතිට විරෝධය  පලකරන්න, BR  ලංකාවේ හතර දිග භාගෙන්, දහ දාහක් විතර අරලියගහ මන්දිරේට කැඳවලා.

ගෝඨා ගෝ හෝම් කියල අරගල භූමියෙන්, මාසයක් පුරා හඬ නැගෙද්දී, අද අගමැතිතුමාගේ අරලියගහ  මන්දිරෙනුත් කියන්නේ, ගෝඨා ගෝ හෝම් කියල ..

ඒ විදියට විපක්ෂයෙන් වගේම තමන්ගේ කඳවුරෙනුත්, ජනාධිපතිතුමාට එරෙහිව, බරපතල විරෝධයක්, ඇතිවෙමින් තියනවා. ජනාධිපතිතුමාටත්  අල්ලගෙන ඉන්නවා කියල, තව කොච්චර කාලයක්, මේ විදියට අල්ලගෙන ඉන්න කියල ද?

මොකද ඔයාල මේගැන හිතන්නේ.. තත්ත්වය කොයි අතට පෙරළෙයිද ? කවුද අගමැති ? අමාත්‍ය මණ්ඩලයේ ඉන්න ඕන කවුද ?

මේ වගේ අදහස් වගේම , අලුත් අදහසක්  ගැනත් කියල, කමෙන්ට් එකක් දාන්න. දැන් ෂේප් කියල හිතාගෙන වැඩකරන්න එපා. අවදානම එහෙමමයි.. වෙනදාටත් වඩා , මිටරෙන් ඉන්න..



 
 

 Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්