චමල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි  ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.



ඔහු ඉදිරි සති කිහිපය තුළ මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව, දේශපාලනයෙන් ද විශ්‍රාම යාමට බොහෝදුරට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ද ඉකුත් බ්‍රහස්පතින්දා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

මන්ත්‍රධුරයෙන් ඉල්ලා අස්වුවද දේශපාලන කටයුතුවල දිගටම නිරතවන බව ඔහු ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හැරුණුකොට කැබිනට් මණ්ඩලයේ ද රාජපක්ෂවරුන් කිසිවකුත් නොමැති අතර, ඔවුන්ට ඇමතිධුර ලබා නොදීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත.

රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමති නාමල් රාජපක්ෂ, හිටපු රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ මාතර දිස්ත්‍රීක්කයේ නිපුන රණවක මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කරති.


 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්