ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුධාධිකරණය වෙත කැඳවීමට සුදානමක් පවතින බව රජයේ ඉහළ පෙල ආරංචිමාර්ග පවසයි.



Mee Massoo TV youtube නාලිකාව සමග පැවති සාකච්ඡාවකදී ආගොස්තු 09 දිනය හා යුධ හමුදාව පිළිබඳ කල ප්‍රකාශය මිට හේතු වි ඇති බව පැවසේ.

එම සාකච්ඡාව දි සරත් ෆොන්සේකා සඳහන් කළේ මැදපෙරදිග මෙන් හමුදාව ජනතාවට වෙඩි තැබුවොත් වෙනත් රටක් පැමිණ එම හමුදාවට ප්‍රහාරයක් එල්ල කලහොත් වරදක් නොමැති බවයි.

එමෙන්ම 09 වනදා අවසන් සටනේදී 100 කට වෙඩි තබා 25 දෙනකු මිය ගියහොත් ඊට ද ගැටලුවක් නොමැති බවයි.

හමුදාවේ ජ්‍යෙෂ්ඨම නිලධාරීයකු වන ෆීල්ඩ් මාර්ෆල් සරත් ෆොන්සේකා යුධාධිකරණය වෙත කැඳවීමට සුදානම් වන්නේ එවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් විමසීම සඳහා බව පැවසේ.

සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෆල් තනතුරු දරන්නේ සක්‍රීය සේවය තවදුරටත් හිඳිමින් වන අතර ඔහු තවමත් හමුදාවෙන් විශ්‍රාමික නිලධාරීයකු ලෙස නම් කර නොමැත.

එමෙන්ම ෆීල්ඩ් මාර්ෆල් සරත් ෆොන්සේකා වෙත එම තනතුරු වෙනුවෙන් නිල ඇඳුමක්, කාර්ය මණ්ඩලයක්, නිලවාහන හා කාර්යාලය ද ආරක්‍ෂක අමාත්‍යාංශය ලබාදි තිබේ.




කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්