දිලිත් මෙදා සැරේ තවත් අඩව්වකට ලෑස්ති වෙන පාටක් තියෙන්නේ .. එයාගේ එක එන්නේ  2024 ලු.


හොඳ පිට හරවමු.. Reset Srilanka තමයි දිලිත්ගේ අලුත් ප්‍රොජෙට් එකේ නම..

ගොඩනැගෙන ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ දැවැන්ත අභියෝගය ජයගන්නේ කෙසේද ? දිලිත් ගේ ''අරමුණ' ව්‍යාපාරික හමුව ජනවාරි 21 සෙනසුරාද හවස පිටකෝට්ටේ සෝලිස් එකේදී ආරම්භ වෙනවා..

දිලිත් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරපු ප්‍රොජෙක්ට් එකේ දැවැන්ත කාර්ය භාරයක් කරපු චරිතයක්. මතක ඇති නේද ජන්ද ප්‍රතිඵල බලන ගමන් සතුට සමරපු විදිහ ගැන ෆොටෝස් සෝෂල් මීඩියා වලට පවා ලීක් කළා.

දැන් නම් පේන්න තියෙන්නේ ගෝඨාභය ගෙනාපු දිලිත්, ආයේ එක එක් කෙනා වෙනුවෙන් ගේම් ගහන එක නවත්වලා, තමන්ටම කියලා ගේමක් ගහගන්න යනවා වගේ තත්ත්වයක්.

කොහොම නමුත් වැඩිපුර අංජනම් යවන්නේ නැතුව එහෙනම් ජනවාරි 21 ඉඳලා  දිලිත් රට හොඳ පිට හරවන විදිහ බලාගෙන ඉමු....

 

WhatsApp Image 2023 01 20 at 8.04.44 AM

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්