තමන්ව පාර්ලිමේන්තුවේ එවූ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්නට තමන්ට මෙතෙන් නොහැකි වී ඇතැයි පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ සඳහන් කරයි.

ඒ හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකින් සිටින බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති මුණගැසී ඉදිරි දින කීපයේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පවසයි.

තමන් දේශපාලනයට පැමිණ අවුරුදු දහයක් පමණ නිසා තමාට ඡන්දය දුන් ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට අවශ්‍ය බවත් ඇය සඳහන් කරයි.

අද මෙරට දේශපාලනය තුළ ඇත්තේ ගේම් එකක් බවද ඇය කියා සිටියි.

තමන් දේශපාලනයට පැමිණියේ අවංකවම ජනතාවට සේවය සඳහා වුවත් මෙතෙක් ඒ සදහා අවස්ථාව සැලසී නැතැයිද ඇය පවසයි. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්