අගමැති මහින්ද රාජපක්ෂ ඔහුගේ දකුණු අතේ රඳවාගෙන සිටින ‘කුන්තය’ කාන්තාවක් අතට පත්විම නිසා කිල්ලට හසුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.
 
 
අප වෙත වාර්තාවන අන්දමට සිද්දිය මෙසේය. 
 
පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරියන්ගේ වෙබ් අඩවියක් අන්තර්ජාලයට මුදාහැරීමේ උත්සවයක් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂය.
 
උත්සවය පවත්වමින් තිබිය දී හිටි හැටියේම අගමැතිගේ අතින් ‘කුන්තය’ බිමවැටි තිබේ. 
 
අගමැතිවරයා කලබලයෙන් එය ඇහිඳ ගැනීමට උත්සහකළ අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් එය ඇහිඳ අගමැතිවරයාගේ ලබාදී ඇත.
 
මන්ත්‍රීවරිය ඉතාමත් ගරුසරු ඇතිව එම උපකරණය ලබාදී ඇතත් අගමැතිවරයාගේ මුහුණ එතරම් හොඳ ගතියක් නොවුබව පැවසේ.
 
උත්සවයෙන් අනතුරුව අගමැතිවරයාගේ සමීපතම නිලධාරියකු පැවසුයේ,  එම ‘කුන්තය’ ගැහැණු අතකින් ඇල්ලු නිසා කිල්ලට හසුව බල බිඳී ඇති බැවින් යලිත් ජිවම් කිරීමට අගමැතිවරයාට සිදුව ඇති බවයි.
 
අගමැති මහින්ද රාජපක්ෂගේ දකුණත නිරන්තරයෙන් රැඳී ඇති 'කුන්තය' ජාත්‍යන්තර මාධ්‍යවල පවා සාකච්ඡාවට ලක්ව ඇත.
 
  117492956 7a1acb36 399a 4b4e ac5f 3c12e0f60219
 
 
 
මොකක්ද මේ කුන්තය ?
 
හින්දු දර්ශනයේ එන මුරුගන් දෙවියන්ගේ දිව්‍යමය ආයුධය ලෙස කුන්තය හැඳින්වේ. ගිණිදැල්ලක හැඩයකින් යුත් කුන්තය ද්‍රවිඩ පෞරාණික සටන් ශාස්ත්‍රයේ භාවිතා වූ ආයුධයක් ලෙසද සැලකේ.
 
එසේම මෙම හැඩයෙන් යුත් ආයුධයක් කතරගම මහසෙන් නම් හෙළ රණ ශූරයාද භාවිතා කළ බවත් එය මේ වන විට භාවිත නොවන මට්ටමට පත්ව ඇති බවත් හෙළ අංගක්කරුවන්ගේ මතය වී තිබේ.
 

 

 


 

 

බැදුම්කරෙ හොරු සිංගප්පූරුවේ වුණාට සීනි බදු වංචාවේ හොරු ඉන්නෙ ලංකාවේ - පාඩුව බිලියන 15.9යි

 

 

දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්