පොලිසිය බාර අමාත්‍ය සරත් වීරසේකරගේ සම්බන්ධිකරණ නිලධාරියකු නිධානයක් ගොඩගැනීමට දරු උත්සහයක් පිළිබඳව වේයන්ගොඩ ප්‍රදේශයෙන්
වාර්තාවේ.
 
එම ආරංචිමාර්ග වලට අනුව ගම්පහ අධිවේගී මාර්ගයට යටවන ප්‍රදේශයක පෞරාණික නිධානයක් ඇතිබැවින් එය ගොඩගැනීම සඳහා අදාල නිලධාරියා ගම්පහ ප්‍රදේශයේ පොලිසියක ස්ථානාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත්කර ඇත. ඔහු එම යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ ඇමතිවරයා අනුදැනුම මත සිදුවන්නක් බව පවසමිනි.
 
ඒ අනුව නිධානය ගොඩගැනීමට ලබාදෙන සහයට රුපියල් කෝටි දෙකක මුදලක් අදාල පොලිස් ස්ථානාධිපතිට ලබාදීමට ඇමතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරියා එකඟවී ඇතැයි ද පැවසේ.
 
කෙසේවුවද මේ සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත අදාල පොලිස් නිලධාරියා පොලිස් ඇමතිවරයාගේ ආරක්ෂාව බාරව සිටින ඔහුගේ හිතවත් නිලධාරියකුට මේ පිළිබඳව දැනුවත් කර ඇත. සිද්ධිය දැනුවත් වූ වහාම අමාත්‍ය සරත් වීරසේකර විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස දැනුම් දී ඇතැයි ද වාර්තාවේ.
 
 
 
THE LEADER TV 
 
කෙරවලපිටියෙන් කීයක් ලැබුන ද ?
 
 
ඇමෙරිකන් පාලනයට???
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්