ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති ලෙස සේවය කරමින් එහි විකාශය කිරීමට නියමිත 'මාණික්කාවත'  ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සඳහා සුදත්
රෝහණ, අමාත්‍යාංශයේ අවසරයකින් තොරව පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
 
සිද්ධිය සැකැවින් මෙසේය.
 
මාණික්කාවත' රූගත කිරීම් සඳහා සති 2 ක කාලයකට නිවාඩු අනුමත කරදෙන මෙන් සුදත් රෝහණ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර ගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
ඊට පෙර ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ලේකම්වරයාට උපදෙස් දී තිබුනේ කිසි ලෙසකින්වත් මොහුව නිවාඩු ලබා නොදෙන ලෙසයි.
 
ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා නිවාඩු අනුමත කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
 
ඒ අවස්ථාවේදී ස්වාධීන රූපවාහිනී සභාපතිවරයා එතැනින් නැගිට රූගත කිරීම් සඳහා පිටව ගොස් ඇත්තේ ඇමැතිට කරන්න පුළුවන් බම්බුවක් නැතැයි යනුවෙන් පවසමිනි.
 
ඇමැතිටත් ඉහළින් මෙලෙස ස්වාධීන රූපවාහිනී සභාපතිවරයා ප්‍රදර්ශනය කරමින් සිටින්නේ කාගේ බලයක්දැයි ස්වාධීන රූපවාහිනී සේවකයෝ විමසති.
 
සභාපතිවරයා ගේ මේ හැසිරීමට හේතුව පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා සුදත් රෝහණ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් බව තතු දන්නෝ පවසති.
 
 
 

 
THE LEADER TV 
 
අඩු අත්දැකීම් වලට ඥාණාගේ නුවන ? 
 
 
ජනපති - ශවේන්ද්‍ර කොටවන මෙහෙයුමක් ! 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්