හැමෝම කරන්නේ ආණ්ඩුව පතුරුගහන එකය.



විපක්ෂය කරන පිස්සුව මොකක්දැයි කවුරුවත් ඇහුවේ වත් නැත.

කළකිරෙන එකා දෙන්නා ජවිපෙ පැත්තට ඇදෙන විට කොළඹ දේශපාලනයේ කාපර්ලා පස් දෙනෙක් පෙරේදා (දෙසැම්බර් 20) ‘විපක්ෂය කරන්නේ මොකක්දැයි?‘ එජාප මහ ගෙදරටම ගොස් ප්‍රශ්න කර ඇත.

හිටපු ආණ්ඩුකාරවරුන් වූ මෛත්‍රී ගුණරත්න, කීර්ති තෙන්නකෝන් සහ අසාත් සාලි ත්,  ජ්‍යෙෂ්ඨ නිතිඥයින් වන ශිරාල් ලක්තිලක සහ ගුණරත්න වන්නිනායකත් මේ අර අදින්නේ මොකට ද? බොහෝ දෙනාට ප්‍රශ්නයකි.

ඉස්සරවෙලාමට ආරංචිය ගියේ පස් දෙනා එජාප මහගෙදරට ගියා කියන එකය.  

දැනටමත් එජාපයට යන්නට සාකච්ඡා කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර කපන්න ශිරාල් - මෛත්‍රීලා පාර සුද්ධ කරනවා ද? සජබ කලබල වූවේය.

 

කෙහොම නමුත්, එජාපය කට්ටිය උණුසම්ව පිළිගත්තේ ය. කුරුඳු පොළු ගැසූ ශිරාල් - මෛත්‍රීට,  සිරිකොත තාප්පය පෙරලලා රනිල් උඩතට්ටුවට කොටු කළ කීර්ති - වන්නිනායකලා දැකපු සිරිකොත කාර්ය මණ්ඩලය මේ වෙන්නේ මොකක්දැයි අදහාගත නොහැකිව බලා සිටියේය.  

 

 

එජාප මහ ගෙදරට කාලයකට පසු ගියේ සජිත් ප්‍රේමදාස සමීපතම න්‍යායාචාර්යවරු, වැඩකාරයෝ ටිකය.  කාලයක් සජිත් ගේ වම් අත - දකුණු අත වූවේ ශිරාල් ලක්තිලක සහ මෛත්‍රී ගුණරත්නය. සජිත් ගේ හැම වැඩේ පිටිපස්සේම හිටියේ ගුණරත්න වන්නිනායක ය.  

සජිත් ගේ වේදිකාවට ගොඩ නොවුනත් රනිල් ගේ වචනයෙන්ම කිව්වොත් ‘නිකම්ම නිකං මිනිහෙක් වූ සජිත් පොරක් කළේ‘ 2011 – 2013 කීර්ති තෙන්නකෝන් ලා වැලිකඩවත්තේ සිට කරපු වැඩ නිසාය.

අසාත් සාලි දැන් සජිත් සමඟ එච්චර ඇයි හොදයියක් නැති නමුත්, ඉස්සර හේමා ප්‍රේමදාස ගේ විශ්වාසවන්තම මෙහෙයුම්කරුවාය.  

එජාපය වෙනුවෙන් සාකච්ඡාවට එක්වී ඇත්තේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ සභාපති වජිර අබේවර්ධන ය.  

කාලයකට ඉස්සර මේ අය වජිර අබේවර්ධන ගැන දැඩි විවේචණයක සිටියේය. සිරිකොතින් ආරංචි වන්නේ පරණ කතා කිසිවක් පෙරේදා (20) රැස්වීමේ දී මතුපිටට ආවේ නැති බවය. සාකච්ඡා ඉතා සාර්ථක බව මහ ලේකම් රංගේ බණ්ඩාර මාධ්‍ය හමුවේ පැවසුවේය.

මේ කණ්ඩායම එජාප නායකයින් හමුවේ විපක්ෂයේ ක්‍රියාකාරීත්වය දැඩි විවේචනයට ලක් කර ඇත.  තැන තැන කතා කරනවා වෙනුවට නායකයින් ගේ මුහුණටම ඒ විවේචනය එල්ල කිරීමට මේ කණ්ඩායමට හැකිවීමට වැදගත්ය.  

ශිරාල් - අසාත් ලා ගේ දේශපාලන ගැන කාට කුමන විවේචන ඇතත් ඔවුන් පැත්ත ගියත් කියන්නට තියන දේ මූනටම කියන ජාතියේ මිනිස්සුය.

 

ශිරාල්ලා ගේ කණ්ඩායම සාකච්ඡාවේ දී ඉදිරිපත් කළ කරුණු ඇතුළත් ලිපියේ දැක්වෙන්නේ, නිදහසින් පසු ලංකාව මුහුණ දෙන වඩාත්ම අභියෝගාත්මක අර්බුදය මුහුණ දෙමින් සිටින විපක්ෂය පොදු ප්‍රතිපත්තියක් මත පදනම් වූ වැඩපිළිවෙලකට එකඟවීම අත්‍යවශය බවය. ආණ්ඩුවේ දුබලතාව හේතුවෙන් සිදුවන ‘හුදු බල පෙරළියකින් පමණක් රටට සෙතක් වන්නේ නැති බව‘ ඔවුන්ගේ තර්කය යි.

 

විපක්ෂයේ පක්ෂ, එජාපය - සජබ - ජවිපෙ කේක් කමින්, උත්සව ශාලාවල බල්බ් පත්තු කරමින් එකම පිරිසක් දිනා ගැනීමට දරණ උත්සාය කුමක්දැයි ලිපියෙන් ප්‍රශ්ණ කර ඇත.

අද විපක්ෂය සිටින තැන කුමක්දැයි එජාප නායකයින්ගෙන් ප්‍රශ්න කර ඇති හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන්, පාර්ලිමේන්තු කණ්ඩායම තුල එකඟතාවයක් නැති පිරිසක් රටට ලබා දෙන ජයග්‍රහණය කුමක්දැයි විමසා ඇත.

නීතිඥ හිජාස් හිස්බුල්ලා, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, වැනි මානව හිමිකම් කඩවීම් ගැන විරෝධය නොදක්වන විපක්ෂයක් අවම වශයෙන් අණ්ඩුව මහ බැංකු අධිපති, උපකුලපති වැනි උසස් තනතුරු සඳහා පත්කිරීම් ගැන විපක්ෂයේ නිහඬ බව, සති දෙකකට වැඩිය නොපවති. දුෂණ අක්‍රමිකතා පිළිබඳ චෝදනා, විපක්ෂය කතා නොකරන නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය සාකච්ඡා න්‍යාය පත්‍ර යේ තිබුණු විෂය කරනු වෙති.  

පස් දෙනා ගේ කණ්ඩායමේ ඉදිරිපත් කිරීමේ දී, මානව හිමිකම් ගැන විපක්ෂයේ නිහඬ බව, ගැලරියට කථා කරන පාර්ලිමේන්තු කතා, පාර්ලිමේන්තු සභා ගැබ තුලම කාන්තා හිංසනය, මන්ත්‍රීවරුන් ශාරීරිකව පීඩාවට පත් කිරීම ගැන කතා නොකිරීම, ජාත්‍යන්තර ආයතන, රාජ්‍යයන් හා බලපෑම් කණ්ඩායම් විපක්ෂයේ පිළිබඳ දක්වන ආකල්පය ද සාකච්ඡාවට ගෙන ඇත.


ජනාධිපතිවරණයේ දී එකට සිටි අය කණ්ඩායම් 6 කට බෙදීල !


විපක්ෂය එක්ව තරඟ කළ පසුගිය ජනාධිපතිවරණයේ දී පරාජයට පත් වූ කණ්ඩායම අද වන විට කණ්ඩායම් 6 කට බෙදී ඇති බව සාකච්ඡාවට එක් වූ සියළු දෙනා පිළිගෙන ඇත.



1. එක්සත් ජාතික පක්ෂය,

2. සමගිජන බලවේගය,

3. විපක්ෂයෙන් පත්වී ආණ්ඩුවට සහාය දෙන (මුස්ලිම් පක්ෂ මන්ත්‍රී (7), කඳුරට ජනතා පෙරමුණ  (අරවින්ද කුමාර්) සහ ඩයනා ගමගේ මන්ත්‍රීවරු 9 දෙනා,  

4. ආණ්ඩුවට එක්වීමට කැමැත්තෙන් ඇති නමුත් ආණ්ඩුවට එක් කර ගැනීමට අකමැති මන්ත්‍රීවරු,

5. තමන් නියෝජනය කරන පක්ෂය සමඟ කලකිරීමෙන් විපක්ෂයේ වෙනත් කණ්ඩායම් සමඟ එක්වීමට සාකච්ඡා පවත්වන කණ්ඩායම

6. මේ සියළු කණ්ඩායම් එක් විය යුතුය යන මතය දරන්නන් එම කණ්ඩායම් ද ලෙස බෙදී රාජ්‍ය බලය ලබා ගත හැක්කේ කෙසේ ද යන්න.

 

එජාපයේ හා සජබේ දැනටමත් ජනාධිපති අපේක්ෂකයෝ වෙන්න 7 දෙනෙකු උත්සහ දරන බවත් ඔවුන් නම් සමඟ හෙළි කළ විට, හතක් නොව එම සංඛ්‍යාව අටක් බව ද, දැනටමත් විපක්ෂයෙන් 12 ක් ජනාධිපතිවරණ මෙහෙයුම අරඹා ඇති බව අවධාරණය කර තිබුණි.  

 

රට පුරා සාමාජික ප්‍රවර්ධන වැඩසටහන්වල දී, එජාපය සහ සමගි ජන බලවේගය ලෙස එකම පවුලේ පියා - පුතා, සහෝදරයින්, ස්වාමියා - බිරිඳ පත් කරගනිමින් තමන් තමන්ම රවටා ගන්නා බව ද සාකච්ඡාවී ඇත.

1992 න් පසුව කිසිම අවස්ථාවක රටේ තනි ප්‍රධාන පක්ෂයේ නායකත්වය තුලින් පමණක් රාජ්‍ය නායකයින් බිහිවී නැති බවත්, මේ මාවතේ ඉදිරියට යන්නේ නම්, සදාකාලික විපක්ෂය මිස ආණ්ඩු බලය මිරිඟුවක් බව ද කණ්ඩායම අවධාරණය කර ඇත.

''ආණ්ඩුව ජනාධිපතිවරණ අපේක්ෂකයින් පෝෂණය කරනවා. විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයින්ට ප්‍රචාරය දෙන්නේ ආණ්ඩුව යි.'' කීර්ති තෙන්නකෝන් මෙහිදී සඳහන් කර තිබේ.

Poli s

''විපක්ෂයේ එජාප - සජබ කණ්ඩායම් දෙක එකිනෙකාගේ මූණ බලන්නේ නෑ. ඒ නිසාම පාක්ෂිකයින් මේ දෙපිරිස ගැනම ඉන්නේ සතුටකින් නෙවෙයි. අනෙක් අතට රටට දිනවන්න නම්, නිශ්චිත වැඩපිළිවෙලක් ගැන සාකච්ඡාවක් ඇතිවිය යුතුයි. අපිට සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, චම්පික රණවක, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, අර්ජුන රණතුංග, කරු ජයසූරිය හෝ අනුර කුමාර දිසානායක හෝ වෙනත් අයෙකු ගේ ජනාධිපති සිහින බොඳ කරන්නට හෝ සිහින මල් පළ ගන්වන්නට අවශ්‍ය නෑ. අපි කවුරුදත් දිනවන්න හෝ කකුළෙන් අදින්න සුදානම් නෑ.  හැබැයි පොදු වැඩ පිළිවෙලක් නැතුව අපිට ඉස්සරට යන්න බෑ.  බෙදිලා දිගටම විපක්ෂයේ ඉන්න කාටවත් ඕනි නෑ.  මේක අපි එජාප නායකයින්ට සෘජුව කිව්වා. අපි මේ සාකච්ඡාව අනෙකුත් කණ්ඩායම් වලටත් ඉදිරියේ දී පුළුල් කරනවා'' යැයි හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මෙහිදී පවසා තිබේ.



එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසූවේ එක්ව කටයුතු කිරීම එජාපයේ ද අදහස බවත්, සාකච්ඡා අතිශයින්ම සාර්ථක බවත් ය.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු මෙම පස් දෙනාගේ කණ්ඩායම ජනවාරි 03 ද සජබ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සමග ද අනතුරුව හිටපු කතානායක කරු ජයසුරිය සමග ද ඒකාබද්ධ පොදු වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතය.

කෙසේවුවද මෛත්‍රී ගුණරත්න ඇතුළු මෙම පස් දෙනාගේ කණ්ඩායමේ උත්සාහය හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක දේශපාලනික වශයෙන් ඔසවා තැබීමේ plan ‘c’ ගේමක් දැයි සජබ නායකයින් තුල බරපතල සැකයක් මතුව ඇතයි ද වාර්තාවේ.



සබැඳි පුවත් :


සිරිකොතට ගිය මෛත්‍රී - අසාද් සාලි ඇතුළු කණ්ඩායමේ ඉල්ලීම !



 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
 
රාජපක්‍ෂවරු රටින් පැනයාම අරඹයි !| මොණරවිලගේ ලියම
 
 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය ! 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්