චිත්‍රපටි අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක ළඟදී අපූරු කතාවක් කිව්වා. ඒ එයාගෙ ජංගි හොරා චිත්‍රපටිය ගැන. කවුරුහරි ප්‍රශ්න කරලා තිබුණා ජංගි හොරා කියන නමේ අවිදග්ධ භාවය ගැන.

සෝමේ දීලා තිබුණු උත්තරේ මේකයි."කැමති අයට ජංගි හොරා බලන්න පුළුවන් අකමැති අයට under pants thief බලන්න පුළුවන්".

මේ කතාව අද ලංකාවේ දේශපාලනයට ගැලපෙන කතාවක්.

මහින්දලා, ගෝඨලා එක්ක වැඩ කරන කොට නිකං ජංගි හොරා බලනවා වගේ. එතකොට රනිල් එක්ක ඉන්නකොට කොහොමද? ඒක නිකන් under pants thief ලා එක්ක ඉන්නවා වගේ දැනෙන්නෙ නැද්ද? මොකද මේ දෙකම එකයි. සිංහලෙන් ජංගි හොරා.ඉංග්‍රිසියෙන් under pants thief.

ජංගි හොරා කිව්වම හරි කැතයි වගේනෙ. එහෙම නෙවෙයිද මහින්දලා ගෝඨලා වැඩ කරලා තියෙන්නේ? කෙලින්ම ජංගිය හොරකම් කරලා කිසි ගානක් නැතුව ගලවාපිය ජංගිය ගානට රටේ සම්පත් කොල්ල කාලා. රනිල් ඒ අතින් පට්ට  විදග්ධ විදියට under pants thiefලගේ ස්ටයිල් එකේ වැඩක් යහපාලන කාලේ මහ බැංකුවේ කළා.

බැඳුම්කර මගඩිය ගැන මුලින්ම කාටවත් හරියට තේරුනෙත් නෑ. මහ බැංකුවේ හිටපු අධිපති මහේන්ද්‍රන්ට කිසි ගින්නක් නැහැ. මිනිහ කොහේ හරි රටක නිදහසේ ජීවත් වෙනවා. ඒ අයිතිය under pants thief සහ ජංගි හොරු කියන දෙගොල්ලො විසින්ම තහවුරු කරල දීල තියනවා.


හැම පොඩි මිනිහෙක්ම ගෙයක් දොරක් හදාගන්න බැංකු ණයක් අරන් තියනවා. මේ කාලේ ඒ ණය ගෙවා ගන්න බැරුව හිර වෙලා ඉන්නවා. රුපියල් දහදාහ, දොළොස්දාහටත් රාජ්‍ය බැංකු විසි තිස් වතාවෙ කතා කරලා ණය ගෙවන්න නැත්නම් අක්‍රමික වෙයි කියලා අපිව බය කරනවා. ඒත් බැංකුවලින් බිලියන ගණන් ණය අරං පොලු තියලා නිදැල්ලෙ ඉන්න ධනපති රටේ ඉන්නවා. ණය අක්‍රමික වෙයි කියලා උන්ව කවුරුවත් බය කරන්නෙ නැහැ. උන් කාටවත් බයත් නැහැ. ඒ කවුරුත් එක්කො ජංගි හොරුන්ගෙ යාළුවො. නැත්නම් under pants thief ලගෙ යාළුවො.



සාමාන්‍ය ජනතාවට මේ සිංහල, ඉංග්‍රිසි හොරු දෙගොල්ල එක්කම යාළු කමක් නෑ. ඒ නිසා බැංකු අසරණයා පස්සෙ හිටු කියලා පන්නලා ණය අයකර ගන්න බලනවා. ඇලෝසියස්, දයා ගමගේ, ලක්ෂ්මන් වසන්ත පස්සේ පන්නන්නේ මොන රාජ්‍ය බැංකුවද? යශෝදා අධිපති යසසිරි තවත් "ඇන්නා පැන්නා" ජාතියෙ පොරක්. අංජනම් දේවිටවත් ඉන්න තැන හොයා ගන්න බැහැ.

අද රටේ මිනිස්සුන්ට කන්න කෑම ටික ගෙනත් දෙන්න සල්ලි නැහැ. භාණ්ඩාගාරෙ හිස්. ජංගි හොරු තමන්ගෙ හිතවත් පොලු කාරයන්ගෙ ණය අය කරගෙන මුදල් අර්බුදය සමනය කරන්න උත්සාහ කරනවද? නැහැ. ලක්ෂ්මන්ගෙ බිලියන හතරයි, දයා ගමගේගෙ බිලියන හතරයි, එතනම බිලියන අටයි. ඔන්න නැති සල්ලි හොයන හැටි.

එතකොට under pants thiefලා.. මහේන්ද්‍රන් හොරා කාපු සල්ලි ටික අය කරගෙන රටට ඕනෙ කරන ඛෙහෙත් ටික, කිරිපිටි ටික ගේන්න උත්සාහ කරනවද? නැහැ. ඊළඟට මෙන්ඩිස් අරක්කු කාරයා තියපු  පොල්ල. ඒකෙන් ගෑස් ටික ගන්න පුළුවන් කියලා මේ සිංහල, ඉංග්‍රීසි ජංගි හොරු කල්පනා කරනවද?

මේ වෙන කොට කෝප් කමිටුව මගින් බැංකුවලට බිලියන ගණන්, මිලියන සිය ගණන් පොලු තියලා ජංගිවලට කවර් වෙලා ඉන්න තක්කඩින්ගෙ ලිස්ට් එකක් හදලා තියනවා. ඒවා අයකර ගන්න උත්සාහ කරන්නෙ ජංගි හොරුද? under pants thiefලද? මොකද මේ සල්ලි අයකර ගත්තොත් අඩුම තරමින් රටේ ජනජීවිතය මුහුණ පා සිටින ආතතිය තරමක් හරි සමනය කරගන්න පුළුවන්.

මේ පොලුකාරයන්ගෙ සල්ලි අයකර ගනිල්ලා කියන බල කිරීම, ජනතාව හැටියට අපි, ජංගි හොරුන්ටයි, under pants thiefලාටයි කළ යුතුමයි.


(සටහන - විමලනාත් වීරරත්න)


 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්