ගෙවෙන හැම මොහොතකම සිදුවන විනාසය පිළිබද සකල වගකීම පාර්ලිමේන්තුවේ 225 දෙනා විසින් භාරගතයුතු බවට දමිතා අබේරත්න කලා ශීල්පිනිය

ගෝඨාගෝගමදී ප්‍රකාශ කළාය.

රනිල් වික්‍රමසිංහ පත් කර එක්රැයකින් ජනතාව බොහෝ ප්‍රාතිහාර්ය අපේක්ෂා කළද, රාජපක්ෂලා සිදුකළ විනාසයෙන් රට එක් රැයකින් ගොඩගත නොහැකි බව එකී ප්‍රකාශයෙන් කියැවේ.

ආර්ථික අර්බුදය නිර්මානය කළ රටේ ආණ්ඩුක්‍රමව්‍යවස්ථාව වෙනස් කිරීමේ වගකීම පාර්ලිමේන්තු බහුතරය තවමත් පැහැර හරිමින් සිටීම ලජ්ජා සහගත බවත් දමිතා අබේරත්න අවධාරණය කරන්නීය.



පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවත්නා රටක ආණ්ඩුව බිද වැටුණ අවස්ථාවක විපක්ෂ නායක රට භාරගත යුතුයයන්න ප්‍රජාචාර පාඩමේත් විස්තර කෙරෙයි.


විපක්ෂය හැටියට සෙවනැලි කැබිනට් මණ්ඩලයක් හරහා සිය වගකීම් ඉටු කරති යන්න පාර්ලිමේන්තු සම්ප්‍රදාය වේ.

එහෙත් මැයි 9 වෙනිදා මහින්ද අගමැති කමෙන් පහවී දින තුනක්රට අරාජිකව පැවතියේ විපක්ෂ නායක සජිත් රටේ වගකීම භාර නොගත් නිසාය. වගකීමක් පැවරෙන විට, කිසිදුනායකයෙකු තමන්ට පසුපසින් සිටින ඔලු ගෙඩි ගණන් නොකරති. නායකයන් ක්‍රියා කළ යුත්තේ සිය අත්දැකීම්සහ පරිනත භාවය අනුවය.

මැයි 12 හවස් වනවිටත් සජිත්ට හෝ අනුර කුමාරට අතගා බලන්නට හෝ ඔලුගෙඩියක් තිබුණා නම් එක් මන්ත්‍රි අසුනක් සහිතව පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ රටේ අගමැති වන්නේ නැත.

 

අප්‍රේල් 9 වෙනි දින සිට තිස් දිනක් එක දිගට ඇදුණ ගෝඨාගෝගම ජන ආවේගය, මහින්ද රාජපක්ෂ අගමැති තනතුරෙන් පළවා හරින තරමට ජව සම්පන්න විය. මහින්දගෙන් හිස්වූ රටේ පාලනය වහා භාරගෙන රට යථාතත්වයට පත් කිරීමට ක්‍රියා කරනු මිස අගමැති කමට කුලල් කා ගැනීමක් හෝ සාම්ප්‍රදායිකව බෙදුණ දේශපාලනයක් රටේ මිනිස්සු අපේක්ෂා නො කළහ. 

 

පාර්ලිමේන්තු බහුතරය හෝ ව්‍යවස්ථාවෙන් බැහැරව විධායක ජනාධිපති ක්‍රමය හෝ ජනාධිපති වරයා වෙනස් කළ නොහැකි අවස්තාවක ප්‍රජාතාන්ත්‍රික පාලන තන්ත්‍රයක් පවත්වා රටක විපක්ෂය උපක්‍රමශීලීව කෙටි කාලීන සම්මුතියකට පෙළ ගැසිය යුතුවේ.

ලංකාව සම්බන්ධයෙන් ගත් කළ මහින්දගේ අනුප්‍රාප්තිකයා A ද B ද  යන්න මෙහිදී වැදගත් නොවේ. වගකීම භාර ගත් කා සමග වුවද, විපක්ෂය සර්ව පාක්ෂික එකගතාවයකට පත්ව රටේ ප්‍රශ්නයට පිළියම් සෙවිය යුතුවේ. අසාර්ථක පාලකයා නෙරපා දැමීම කළ ඒ අතර සිදු කළ යුත්තකි.

එහෙත් අනිද්දා පුවත් පතේ සී.ජේ. ට අනුව, ‘‘මචං රනිල් අගමැති වෙන එක කොහොම හරි නවත්තලා දීපන්“ කියා නාමල් රාජපක්ෂ හමුවී ඉල්ලා සිටි සජබයේ හරින් ප්‍රනාන්දු අද සිටින තැන අනුව ඔහු එදා පෙනී සිටියේ කා වෙනුවෙන්ද යන්න පැහැදිලිය.  



පුවත් - Page #236
පක්ෂ නායකයන්ගේ අදහස් මුදුන් පමුණුවා ගැනීමට යාමෙන් රටට යහපතක් නොවන හෙයින් තනතුරු අපේක්ෂා නොකර අතුරු පාලනයකට සජිත් උදව් කළ යුතු බවද මන්ත්‍රිනි රෝහිණි විජේරත්න ඉරිදා ලංකාදිපයට ප්‍රකාශ කරන්නට ඇත්තේ මේ අභ්‍යන්තරය නිසා විය හැකිය.


පක්ෂ න්‍යාය පත්‍ර සහ නායකත්ව අභිලාෂ වෙනුවෙන් රටේ ප්‍රශ්නය ප්‍රාණ ඇපයට ගැනීම හේතුවෙන් සජබය පමණක් නොව ජවිපෙයද රට තුළ යම් පසුබැසීමකට ලක් වී හමාරය. පසුපෙළ නියෝජනය කරන සියලු මන්ත්‍රින් රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න හේතුවෙන් දැඩිපීඩනයකට ලක්ව සිටිති.

රටේ මිනිසුන්ට දෙවේලක් කන්න කියන්න අගමැති කෙනෙකු මොකටදැයි අසන අනුරකුමාරට ලෝක වෙළද පොලේ තෙල් මිල අඩුවැඩි වෙන ආකාරයට මිල තීරණය කරන්න ආණ්ඩුවක් ඕනැදැයි 2002දී අගමැති රනිල් ගෙන් ඇසුවේත්, ජවිපෙය නියෝජනය කළ වීරවංශ බව ජනතාවට මතකය.

ජවිපේ තීන්දුතීරණ ගන්නේ ටිල්වින් සිල්වා වුවද, ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයක් ලෙස තමන් කළ යුත්තේ කුමක්දැයි සජබය ජනතාවගෙන් විමසිය යුතු වේ.  

පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රි ආසනයක් හිමි එජාප නායක රනිල් වික්‍රමසිංහ සියදේශපාලන අත්දැකීම් භාවිතා කොට මැයි 12 වෙනිදා රටේ අගමැති වුණේ රාජපක්ෂලා වෙනුවෙන්ද රට වෙනුවෙන්ද යන්න විමසීම විහිලුවකි. දේශපාලනඥයන් පත් කිරීමත් ඉවත් කිරීමේත් ජනතාව සතු ප්‍රජාතන්ත්‍රීය අයිතියේ හරි වැරැද්ද ජනතාව තේරුම් ගන්නේ වර්තමාන ලංකාව මෙන් අනේක දුක් ගැහැට මැදය.

 

රටේ අර්බුදය එක් රැයකින් රනිල්ට විසදිය නොහැකි බව කලා ශිල්පිනි දමිතා අබේරත්නත් දන්නීය. තමුසේ අපට දෙවේලක් කන්ට කීවාට මේ අර්බුදයේ කර්තෘ කවුදැයි කියා නැතැයි අගමැති රනිල්ට ආඩපාලි කියන අනුර කුමාර යනු මාක්ස් ලෙනින් වාදය හැදෑරූ 22 වසරක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඇමතිකම් දැරූ පරිවාස ආණ්ඩුවලට ගුරුකම් දුන් ප්‍රවීනයෙකි.

 

ජූනි 7 වෙනිදා පාර්ලිමේන්තුවේදී ලංකා පරිගණකය රීසිට් කළ යුතු බවත් ඊට වෛරස් ඇතුල් වීමට ඉඩ නොදිය යුතු බවට අගමැති රනිල් කළ කතාවට  සිනාසෙමින් සජිත් කීවේ පසුගිය අවුරුදු දෙකේ සිදුවූ දේවල්ද මෙමරි චිප් එකක දමා තියා ගත යුතු බවය. ලංකාව නම් පරිගණකය හිරවුණේ ගෙවුණ දෙවසරෙහි ඊට ඇතුල්වූ වෛරස් නිසා බවට අවබෝධයක් සජිත්ට තිබුණා නම් ඒ වෛරස් යළිත් ඇතුල්කරන්නට යෝජනා කරන්නේ නැත. මෙවැනි හිනා නොයන විහිලු කරන්නේ නැත.

අනුරට ඇත්තේ නොනවතින අරගලය නතර වේය යන බියකි. සජිත්ට ඇත්තේ රනිල් රට ගොඩ දමා නැවත එජාපය කෙළින් කරතී යයි බියකි.

රනිල්ගේ දේශපාලනය දෙස ආපසු හැරී බලන විට සජිත් මෙසේ බියෙන් වෙව්ලා විකාර කියවීම  පුදුමයක් නොවේ. රනිල් භීතිකාව නිසා චන්ද්‍රිකාත් මහින්දත් දේශපාලනයෙන් පිට පැන ක්‍රියා කළ ආකාරයෙන් ශක්තිමත් දේශපාලනඥයෙකුගේ හර බර තේරුම් ගත හැකිය.

 

රනිල් ලෝක බැංකුවේ නියෝජිතයා හමුවේ

අගමැති රනිල් චර්චිල් ගෙන් උගත් පරිදි පවත්නා අසීරු අවස්තාව සර්ව ශුභවාදිව දකිමින් රටේ බර කරට ගත්තේය.

 

රනිල් හැමදාම දිනුවේ මැතිවරණ වලිනි. ගෙදර යාමට සිදුවුණේ ගියේ ඔහුගේ ශක්තියට බියෙන් සිදුකළ දේශපාලන යටිකූට්ටු වැඩ නිසාය.

2001දී ඡන්දයෙන් බලයටපත් රනිල්ගේ එජාප ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපති චන්ද්‍රිකා කළ නොසන්ඩාලකම් අනන්තය. කාලය අවසන් වීමට පෙර රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හැරියේ රනිල් රටේ අගමැති ලෙස 2005 දී ජනාධිපති මැතිවරණයට තරග කොට ජය ගනිතී පැවති බිය නිසාය.

විපක්ෂ නායක ලෙස තමන් සමග තරග කළ රනිල් වික්‍රමසිංහ පරදවා රටේ ජනාධිපති වීමට මහින්ද රාජපක්ෂ ප්‍රභාකරන්ගේ තුවක්කු බලය පාවිච්චි කළේය. එසේ යටපත් කළ රනිල්, 2015දී යළි බලයට පත් වුණේ මහජන ඡන්දයෙනි.

නැවත 2018දී මහින්ද රටෙ අගමැතිකමගසා කෑමට අකෘතඥ මෛත්‍රිපාල සිරිසේන සිය ජනාධිපතිකම පාවිච්චි කළේය. දින 55කින් නැවත රනිල් රටේ අගමැති විය.

2020 රනිල් පැරදුණේ පාස්කු බෝම්බ සහ කැළනියේ නාග සෙල්ලම් වලට මිස මහින්ද රාජපක්ෂට නොවේ.

 

එසේ යළි යළි දේශපාලනිකව අඩපන කළ රනිල් නම් ප්‍රායෝගික දේශපාලනඥයා නැවත රටේ අගමැති වන්නේ දුර්භික්ෂයෙන් රට බේරා දීම සදහාය. අගමැති රනිල් විකුමසිංහට වැටෙන්න නැති වෙන්නදෙයක් ඇත්තේම නැත. ඔහුගේ පක්ෂය 2020දී තනි මන්ත්‍රි අසුනකට හැකිළිණ. පාර්ලිමේන්තුවට පැමිණ එක්වසරක් ඉක්ම යාමට පෙර රනිල් රටේ අගමැති විය.

 

රාජපක්ෂලා තම ගැලවීම සදහා මාර්තුවේ කැදවූ සර්ව පාක්ෂික සමුලුව සම්බන්දව රනිල් සහ සජිත් දැක්වූ ප්‍රතික්‍රියා අනුව,රනිල්  අගමැති ධුරය ලැබුණේ සජිත් ප්‍රේමදාසගේ බැරිකම නිසා මිස රාජපක්ෂලා උවමනාවට නොවේ. 

 
බලයෙන් පිරිහුණ රාජපක්ෂලාගෙන් 2022 මැයි 12 වෙනිදා රට භාර ගත් රනිල්, තුන්වේලම අහිමි ජාතියක් වෙනුවෙන් පෙනී සිටීමට තමාට සිදුවී ඇති බව කියමින් රාජපක්ෂලාගේ සකල දේශපාලනයම බිමට සමතලා කළේය.

ඒත් ගෝඨා ගෙදර ගියේවත් බැසිල් ගේම අත් හැරියේවත් නැත.

අගමැති රනිල් චර්චිල් ගෙන් උගත් පරිදි පවත්නා අසීරු අවස්තාව සර්ව ශුභවාදිව දකිමින් රටේ බර කරට ගත්තේය. පරිනත භාවය යනු ප්‍රශ්නයට පිළියම් සෙවීම මිස, ප්‍රශ්න පටලැවීම  නොවේ.    

රටක බඩගින්න පීඩනය යනු කේවල් කරමින් කල්මැරිය හැකි විරාමයක් නොවන බව රනිල් නම් සර්ව ශුභවාදියා දනි.

මාර්තුවේ පැවති සර්ව පාක්ෂික සම්මේලනය ආරම්භයත් සමගම ජනාධිපති ගෝඨාට ප්‍රසිද්ධියේ රනිල්ගෙන් සමාව ගැනීමට සිදුවිය. ඒ නිමේෂය නායකත්ව පෞරුෂයක දිග පළල පිළිබද පළල් කියවීමකි.
 
 
 
මේ සිද්ධින් සබුද්ධිකව දකින දේශපානඥයන් සිටිත්නම් කළ යුත්තේ තනි කර රනිල්ට පහරදිම නොවේ. රට විනාස කළ රාජපක්ෂලා බලයෙන් පළවා හැරීමට රනිල්ට සහාය වීමය.
 
 

අගමැති රනිල් සමග තුන් වේල කන ජාතියක් වෙනුවෙන් පෙනී සිටිනවාද විහින් විනාස වෙනවාද යන දෙකින්එකක් තෝරා ගන්නා තැනට විපක්ෂයත් රාජපක්ෂලාත් තල්ලු වී හමාරය. බදු වැඩියි කියා කැරළි ගැසීමට ජවිපෙට පිළිවන. බැසිල්ට 21 හරහා පීඩනයක් එල්ල කළ හැකිය. ගෝඨා යන තෙක් අගමැතිකම භාර ගන්නේ නැති බව කියමින් සජිත්ට කල් මැරුවාට බඩුමිල ඉහළ ගිය, වගාවට පොහොර නැති, ලෙඩුන්ට බෙහෙත් නැති රටකට ඉන්ලැබෙන ප්‍රතිලාභයක් නැත.



ජනාධිපති ගෝඨාට රනිල්ගෙන් සමාව ගත් සර්ව පාක්ෂික සමුලුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නොගියේ තමන්ට වඩා ආකර්ශනීය මාධ්‍ය ආවරණයක් රනිල්ට ලබා දෙනු ඇත යන බිය නිසා බව උපුල් ජෝෂප් ප්‍රනාන්දු කියයි.

සමාව අයැදීම දේව ගතියක් වුවද, සජිත් වෙනුවෙන් කැපවෙන උපුල් ජෝෂප්ට ජනාධිපති ගෝඨා රනිල්ගෙන් සමාව අයැදීම ඛේදවාචකයකි. ඒ හරහා ජනාධිපති ගෝඨාභය කෙරෙහි හටගත් අනුකම්පාව ලෙන්ගතුකම මෙන්ම රනිල් වික්‍රමසිංහ කෙරෙහි පවත්නා වෛරය පිළිකුළ ඉස්මතු වේ.

උපුල් ජෝෂප් සමාව ඉල්ලීම ඛේදවාචකයක් ලෙස දකින්නේ ගෝඨා ලබාගත් ඡන්ද හැට නව ලක්ෂය සහ රනිල් ලබාගත් විසි පන් දහස ඡන්ද සොච්චමට සාපේක්ෂවය. 
 
එහෙත්  ගෝඨා විධායක ජනාධිපති ධුරයෙන් අස්ව යන තෙක් අගමැති තනතුරභාර නොගන්නා බවට පනස් පන් ලක්ෂයක් ඡන්ද ලබාගත් සජිත් ප්‍රේමදාස ගහන කයිවාරුව ඡන්ද ප්‍රතිපල අනුවවිමසන්නෙකුට ඛේදවාචකයක් නොව හතර විලි ලජ්ජාවකි.

එහෙම දීලා යයිද කියාවත් සජිත්ට නොසිතේද?  

ranil gota sajith
එපමණක් නොවේ. 2019 ජනාධිපති වරණයේදී ගෝඨා ලබාගත් 69,24,255ක ඡන්ද ප්‍රමාණයෙන් 2020 මහමැතිවරණයේදී ගිලිහී ගියේ ඡන්ද 2983 ක් පමණකි.  ජනාධිපතිවරණයේදී සජිත් ලබාගත්  55,64,239 ක ඡන්ද ප්‍රමාණය 2020 මහ මැතිවරණයේදී 27,71,980ක් හෙවත් සජිත් ඡන්ද 27,92,259 කින් පසුබා ගියේය. 2020දී රනිල් ලබාගත් ඡන්ද 2,50,00ක් ලබා ගත් රනිල් රටේ අගමැතිව සිටී.


ගෝඨා රනිල් සජිත් තුන් කොනකතබා කළ විග්‍රහය අනුව රනිල් වික්‍රමසිංහ නම් ප්‍රායෝගික දේශපාලනඥයා ජනතාවගේ බලාපොරොත්තුව වී ඇතිබව පමණක් උපුල් ජෝෂප් සජිත්ට වටහා දිය යුතුවේ.

මේ මොහොතේ සජිත්ලා කළ යුත්තේ රනිල් කොටු කිරිම නෙවේ. අන්තර් පාලනයකට අවශ්‍ය ශක්තිය සැපයිමය. සජිත් ඊට අකමැති නම් සජබ නවක මන්ත්‍රින්ට පාඨලී චම්පිකලා අනුගමනය කළ හැකිය.

ඔහු පාර්ලිමේන්තුවේදී කී පරිදි, මේ ආණ්ඩුව හරයාත්මකව වෙනස් වී රනිල් මූලිකව පවත්නා ආණ්ඩුව වෙනුවට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්මසර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මානය කිරීමට පාර්ලිමේන්තු බහුතරයක් නිර්මානය විය යුතුවේ.


එපමණක් නෙවේ. සජිත් එජාපයෙන් වෙන්ව පක්ෂයක් හදා නොගත්තා නම් රාජපක්ෂලා කිසි විටෙක තුනෙන්දෙකක් ගන්නේ නැත. එසේ වී නම් 20 වෙනි සංශෝධනය එන්නේ නැත. බැසිල් පාර්ලිමේන්තු එන්නේ නැත. සජිත් නායකයා කළ සජබයට උප්පැන්නය දුන් ඩයනා ගමගේ ආණ්ඩුවට යන්නේ නැත. හරින්ලා මනුෂලා රනිල්ට එකතුවෙන්නේ නැත. සජබ මන්ත්‍රි පාඨලී චම්පික නායකත්වය දෙන 43  කණ්ඩායම සර්ව පාක්ෂික සමුලුවට රනිල් සහභාගිවීම ප්‍රසිද්ධියේම අගය කරන්නේ නැත. දේශපාලනික දැක්ම අනුව සජිත් යනු නිකම්ම තිතකි. රනිල් කවයකි. ලෝක වාර්තාවක් පිහිටුවා හයවෙනි වරටත් රටේ අගමැතිවූ  රනිල් නම් කවය හැකිළුනොත් පාඩුව රටට මිස රනිල්ට නම් නොවේ.




ලංකාවේ මරු සිටින දිසාව යාපනේද? - Colombo Telegraph(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )


{gallery}radicalcenter2022531{/gallery}



 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image