ශ්‍රී ලංකාවේ  ආර්ථිකය කඩා වැටීමෙන් ඇතිවූ ජන පීඩනය හේතුවෙන් අද අප අත් විඳින අරගලය නිර්මානය විය.



පසුගිය අප්‍රේල්  මුල් සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තනතුර අතහැර යා යුතු බව සහ පවත්නා ක්‍රමය වෙනස් කළ යුතු බවට, ගෝඨාගෝගම ඒකරාශිවූ  ජන අරගලය වචනාර්ථයෙන්ම නිර්පාක්ෂික ව්‍යාපාරයක් ලෙසය. හැම දේශපාලන පක්ෂයකම හිතවතුන් එහිදී දක්නට ලැබිණ. එහෙත් ආරම්භයේ කිසිදු දේශපාලන පක්ෂයක අනන්‍යතාව එහි පිළිබිඹු නොවීය.

මාර්තු 31 මිරිහානේ ගෝඨාභයගේ පුද්ගලික නිවෙස අසලින් ආරම්භවූ ජනාධිපතිට එරෙහි අරගලය අප්‍රේල් මුල් සතියේ කැබිනට් මණ්ඩලයේ බහුතරක් ඉල්ලා අස්වීමෙන් රටේ පවත්නා යථාර්ථය බව තහවුරු කෙරිණ.

මාර්තු 31 සිට රටේ තැන තැන පැවති විරෝධතා ඒකරාශිවූ ජන මතය, අප්‍රේල් 9 වෙනිදා ගෝල්පේස් පිටිය ගෝඨා ගෝ ගම නමින් පැළපැදියන් විය. ඒ විරෝධතාවන්ට පාදක වූයේ කලක් තිස්සේ පළ ගැසුණ රජයේ පොහොර ප්‍රතිපත්තියෙන් කෘෂිකර්මාන්තය බිඳ වැටීමෙන් ගොවි ජනතාව මුල් කොට ඇතිවූ පීඩනයත්,  ඩොලර් හිඟය නිසා අත්‍යවශ්‍ය ඉන්ධන ගෑස් ආදි දූව්‍ය සැපයීමට පාලකයන් අපොහාසත් වීමය.  

එහි ප්‍රතිපලය හරහා මූලික ඉල්ලීම් දෙකක් එනම් ගෝඨා ගෙදර යාමත් රටේ පවත්නා ක්‍රමය වෙනස් කිරීමත් අපේක්ෂා කෙරිණ. එය අරගල භූමියේ එක් පුවරුවක චරිත අනවශ්‍යයි ක්‍රමයක් අවශ්‍යයි යනුවෙන් සාරාංශ කර තිබිණ.  

ksj
පැවති ආන්දෝළනාත්මක ජනතා විරෝධයට යටපත් කිරීමට පැනවූ හදිසි නිතිය වැනි මර්ධනකාරි පිළිවෙත් කඩිනමින් හකුලා ගැනීමට පාලකයන්ට සිදුවිය. ආයුධ සන්නද්ධව විරෝධතා අතරට ගිය ආරක්ෂක හමුදා අවම බලය හෝ යෙදීමට අපොහොසත් වුණේ අරගලයේ යථාර්ථය සරල දේශපාලන සටනක් නොවූ නිසාය.


මැයි 9 වෙනිදා සිද්ධිය තෙක් කිසිදු දේශපාලන පක්ෂයක් මේ සටනේ සිටිනු දක්නට නොලැබිණ. නිරන්තර අරගල කරුවන් ප්‍රකාශ කළේ සටන නිර්පාක්ෂික බවය. මේ වනවිට ආණ්ඩු පක්ෂයේ විශාල මන්ත්‍රින් පිරිසක් ස්වාධීන වෙමින් ආණ්ඩුවට බලපෑම් කිරීමත්, එහි බලපෑමෙන් කැබිනට් මණ්ඩලයේ බහුතරයක් තම තනතුරු වලින් ඉවත් වීමත් නිසා රාජපක්ෂ රෙජිමය තැති ගත්තේය.


මැයි 9 වෙනිදා උදේ අරලියගහ මන්දිරයේ පැවති රැස්වීම මුල් කොට ඇතිවූ භීෂණ සිද්ධින් සමග වාර්තාවූ සජිත් ප්‍රේමදාසට අරගල භූමියේදී ජවිපෙ ක්‍රියාකාරිකයෙකු පහර දීමත්, රට පුරා එක් ක්ෂණයකින් පැතිරුණ භීෂණය සම්බන්ධව ජවිපෙයට චෝදනා එල්ල වීමත් නිසා එයට දේශපාලනය මිශ්‍ර විය.



මේ වනවිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක්ව පැවති පාලක පක්ෂයේ ශක්තිය 113 තෙක් හීන වෙමින් පැවතිණ.  මැයි 9 දා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන්ද, ජූනි 9 දා බැසිල් රාජපක්ෂ සිය සක්‍රිය දේශපාලන භූමිකාවෙන්ද ඉවත් විය. අගමැති තනතුරට සඳහා පැවති විවෘත ආරාධනාව විපක්ෂය ප්‍රතික්ෂේප කිරීමත් පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රිවරයෙකු ලෙස පෙනී සිටි රනිල් වික්‍රමසිංහ රටේ අගමැති වීමත් නිසා ගෝඨාභයට අමතරව අරන්ද යා යුතු බවට මතයක් ජනගත විය.

රටට ලැබුණ ඉන්ධන ගෑස් වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට විධිමත් ක්‍රම වේදයක් හෝ හඳුන්වා නොදීමෙන් පෝලිම්වල ක්ෂණික මරණ ගණනාවක් වාර්තා විය.

ලක්ෂ ගණන් ජනතාව සංවිධානාත්මකව ජූලි 9 දා කොළඹට පැමිණ පැය කිහිපයක් තුළ විධායක ජනාධිපතිගේ නිල නිවෙස සහ ලේකම් කාර්යාලය අත්පත් කර ගැනීමෙන් රටේ ජනතාව සිය ජයග්‍රහණය සහතික කළාය. ඒ සමග තමන් ධුරයෙන් ඉවත් වන බවට ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයට පත් කළේය.


විපක්ෂය අගමැතිවරයා ගෙදර යා යුතු බවට කළ ප්‍රකාශයට කරුණු පැහැදිලි කරමින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් විපක්ෂය සූදානම් වූ වහාම තමන් අගමැති තනතුර අත් හරින බවට කළ ප්‍රකාශය විකෘති වී ජනගත වීම හේතුවෙන් තම කිරීම පාරම්පරික පුද්ගලික නිවෙස ගිනි තැබූ බවට චෝදනා කළ අගමැතිවරයා දිගින් දිගටම කියා සිටියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා විපක්ෂය කරුණු තහවුරු කළ පසුව තමන් ඉවත්වන බවය.



 
1993දී ජනාධිපතිවරයා මිය යාම හේතුවෙන් ඇතිවූ දේශපාලන රික්තයේදී ක්‍රියා කළ ආකාරය ගැන රනිල් වික්‍රමසිංහට අවබෝධයක් විය. ජනාධිපති තනතුර ඇබෑර්තු වූ විටෙක අගමැති වැඩ බලන ජනාධිපති ලෙස පත්වීමේන ව්‍යවස්ථානුකූල තත්වය, විපක්ෂය අගමැතිට අස්වන ලෙස බල කිරිමත්, රනිල් අගමැතිකම හැර නොයාමෙත් සත්‍ය හේතුව විය.   
 
 
පාර්ලිමේන්තු බලය හීන විපක්ෂය රටට සර්ව පාක්ෂික අන්තර් පාලනයක් අවශ්‍ය බව ප්‍රකාශ කළේ රනිල්ට එරෙහි බලවේගයක් නිර්මානය කිරිම සඳහාය. එය කොතරම් සාර්ථක වීද යත් අරගලයට සම්බන්ධ කණ්ඩායමක් සර්ව පාක්ෂික පෙරමුණක් ලෙස පෙළ ගැසිණ.

රනිල් වික්‍රමසිංහ වටහා ගත් පරිදි කිසි විටෙකත් වචනාර්ථයෙන්ම සර්ව පාක්ෂික පාලනයක් සඳහා සකල විපක්ෂය පෙළ නොගැසෙන බව දැන සිටියේය. ඔහු අවසානය තෙක් සර්ව පාක්ෂික පෙළ ගැස්මක් ඇතිවූ වහාම තනතුර හැර යන බව කීවේ ඒ නිසාය.

විපක්ෂය එක්ව කළ අවසාන සාකච්ඡාවටත් ජනතා විමුක්ති පෙරමුණ සහභාගි නොවීම අගමති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව භාර නොදි සිටීමේ අප්‍රකාශිත හේතුව විය හැකිය.
 

බොහෝ දෙනා විශ්වාස කරන්නේ තමන් නිරුපද්‍රිතව රටින් පිටව යන තෙක් ගෝඨාභය රාජපක්ෂ තම ආරක්ෂාව සඳහා ධුරයෙන් ඉවත්වීමේ ලිපිය නිකුත් කරන්නේ නැත. සර්ව පාක්ෂික ආණ්ඩුවක් සංවිධානය වන තෙක් රනිල් අගමැති ධුරයෙන් ඉවත් වන්නේ නැත. අනුර කුමාර දිසානායක කිසි විටෙකත් සජික් ප්‍රේමදාස සමග සර්ව පාක්ෂික ආණ්ඩුවකට පෙළ ගැසෙන්නේ නැත. කවුරු බලයට පත් වුණත් තමන් කියන දේ කළ යුතුය යන කරුණ කුමාර් ගුණරත්නම් ප්‍රකාශ කර සිටියි.


ප්‍රජාතන්ත්‍රවාදය තුළ තම අයිතිවාසිකම් වලට ලැබෙන වටිනාකම ජනතාව තේරුම් ගෙන හමාරය. රටේ බහුතරය සිටින්නේ පෝලිමේ නොසිට සිය අවශ්‍යතා ඉටු කර ගැනිමේ හෙටක් අපෙක්ෂාවෙනි. කවුද හරි යන්න නොව මොකක්ද හරි යන්න අපේ පරමාදර්ශය විය යුතුවේ. එය කියා දෙන්නේ කවුද?

මේ සමග අගමැති ලේකම් වරයා පවත්නා තත්වය තුළ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව නිතිපති විමසා අවශ්‍ය උපදෙස් ලබා ගත් බව ජූලි 12 වෙනිදා ලංකාදීපය වාර්තා කළාය. ඒ අනුව, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 38(1), 40, 40(1)(ඇ) සමග ජනාධිපතිවරණ පනතේ 3 වගන්තිය උපුටා දක්වමින් ක්‍රියා කළ යුතු බව නීතිපතිගේ ස්ථාවරය විය.
 

ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අවස්ථාවක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 40(1)(ඇ) අනුව අග්‍රාමාත්‍ය වරයා වැඩ බලන ජනාධිපති ලෙස වැඩ භාරගත යුතු බව සහ එතෙක් තමා දැරූ අගමැති තනතුරට සිය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු පත් කිරීමේ බලය අගමැති සතු බව එහි දැක්වේ. ව්‍යවස්තානුකූලව වැඩබලන ජනාධිපති තනතුරට පත් අගමැතිවරයා මාසයක් ඇතුළත සිය නිලය පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් තහවුරු කළ යුතුවේ. මේ ව්‍යවස්ථා ප්‍රතිපාදනය 1993 මැයි 1 වෙනිදා එවකට අගමැති ඩි.බී. විජේතුංග ජනාධිපති වීමත් සභානායක ලෙස ක්‍රියා කළ රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්වීමත් කිසිවෙකු අභියෝග නොකළ ව්‍යවස්ථානුකූල පූර්වාදර්ශයකි.


තවමත් ජනපති අගමැති ඉවත්විය යුතු බවට නැගෙන හඬ අවසන්ව නැත. විශ්වවිද්‍යාලීය ආචාර්ය වරුන් වෙනුවෙන් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි දේශපාන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්විය යුතු බවට ප්‍රකාශයක් නිකුත් කර ඇත.
 
 
ඉහතින් දැක්වෙන ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව, ගෝඨාබය ජනාධිපති වරයා තනතුරෙන් නිල වශයෙන් ඉවත් වූ පසුව, වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ, වැඩබලන ජනාධිපති ලෙස පත්වීමත් නව අගමැති වරයෙකු නම් කිරිමත් නොවීම කිසිවෙකුට අභියෝග කළ නොහැකිය. එය වෙනස් කළ හැක්කේ ප්‍රංශ විප්ලවය වැනි කැරැල්ලක් හරහා පමණකි.
 
 
රටක පාලනයට බලපාන දේශපාලන අර්බුදයකදී ප්‍රකාශන නිකුත් කිරිමෙන්, ගිනි තැබීමෙන් ගහ මරා ගැනීමෙන් ව්‍යවස්ථානුකූල ක්‍රියාවලිය වෙනස් වන්නේ හෝ වෙනස් කළ නොහැක්කේය. රටේ දේශපාලන අර්බුදය මෙසේ සක්‍රියවි පවත්නා අතර, ජාත්‍යන්තර ආයතන, ණය සහ මානුෂීය ආධාර ලබා දෙමින්, රටේ නිර්මානය වූ දුෂ්කරතා නිමා කිරීමට මැදිහත් වෙමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව දැනටම ගෘහස්ත පරිභෝජනයට අවශ්‍ය ගෑස් සැපයුම සාමාන්‍ය තත්වයට පත් වෙමින් පවත්නා බවට ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නැගෙමින් පවතී.

එසේම ඛනිජ තෙන් සැපයුම ඉදිරි දෙසතිය තුළ විධිමත් වීමේ සම්භාවිතාවක් දක්නට ඇත. මෙසේ රටේ ගැටළු විසඳෙයි නම්, ජනාධිපති ඉවත්ව වීමෙන් පසු සිදු වීමට නියමිත ව්‍යවස්ථාමය ක්‍රියාවලිය පහසු කරවනු ඇත.
 
 
මේ අතර ප්‍රකාශයක් කරන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ රටේ පවත්නා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ජාත්‍යන්ත ආයතන සමග සමග සිදු කෙරෙන සාකච්ඡා අසාර්ථක විය හැකි බවට සැක පළ කරයි.
 
 
විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත්කිරීමේ ජනතා අපේක්ෂාව සාර්ථකවී ඇති අතර, ව්‍යවස්ථාමය ක්‍රියාවලිය අඩපන කළොත් අර්බුදය දුරදිග යා හැකිය. කැබිනට් මණ්ඩලය රැස් නොවීම හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා බැඳ වැටෙමින් පවත්නා බව 13 වෙනිදා ලංකාදිප වාර්තා කරයි. රටේ පාලනය තවදුරටත් වෙනස් කිරිම සඳහා සම්මත ක්‍රයන් අනුගමනය කළ යුතුවේ.


තෙල් ගෑස් පෝලිමේ 16 වෙනි මරණයත් වාර්තා විය. එය රටේ අර්බුදයට සම්බන්ධ එකකි. එහෙත් 13 සහ 9 හැවිරිදි දියණියන් දෙදෙනා තනිකර මා පියන් විදේශගතවීම හේතුවෙන් වැඩි මහල් දියණීය දිවි නසා ගැනීමට තැත් කිරීමේ සිද්ධිය වර්තමාන අර්බුදයේ කොටසක් නොව වසර හැත්තෑ ගණනක අර්බුදයේ කොටසකි. තමන්ට තෙල් පොහොර ගෑස් නැති නිසා ජනතාව පාරට බැසීමත් ඉහත ඛේදවාචකයක් අතර වෙනස අප වඩාත් ගැඹුරින් දැකිය යුතුය.




ජාතික සම්පත් ලෙස සැලකෙන ජනාධිපති මන්දිරය, අරලිය ගහ මන්දිය වහා නිදහස් කළ යුතුවේ. එකි අත්පත් කර ගැනීමේ අරගලයේ කොටසක් මිස, එය අත්පත් කරගෙන සිටින්නන්ගේ බූදලයක් කර ගැනිමට ඉඩදිය යුතු නැත. අරලියගහ මැදුරේ පිරිසක් අතර ගැටුම නිසා 7 දෙනෙක් රෝහල් ගතකර ඇති අතර, එහිදී පිහියා ඇනුමක් සිදුවූ බවට වාර්තා වේ.
 
 
 
අපේක්ෂිත සියල්ල නොලැබුණ බව සැබෑය. කිසි විටෙකත් එවැන්නක් අපෙක්ෂා කළ නොහැකිය. මේ අරගලය තුළ සිය දායකත්වය ඊළඟ මැතිවරණයකදි ජනතාව ගැඹුරෙන් සලකා බලනු ඇත. තවදුරටත් අරගලයේ නාමයෙන් තම න්‍යාය පත්‍ර වලින් ඇස් වසා රටේ තත්වය නොදැක සිටිම නතර කළ යුතුවේ.
 
 
ජූලි 09  වෙනි දින සවස් යාමයේ අගමැති රනිල් වික්‍රමසිංහ ගේ නිවෙස ගිනිබත් කිරිමෙන් පසුව, රටේ තත්වය කුමක්ද? අප්‍රේල් මස ආරම්භවූ ජන අරගලය අතර, ගිනි තැබීම් ලේ හැලීම්  වාර්තාවීම ආරම්භ වුණේ මැයි 09 වෙනිදාය. එදින පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ඝාතනය විය.

එයින් එක් මසකට පසුව එනම් ජූලි 09 වෙනි දින අග්‍රාමාත්‍ය වරයාගේ පුද්ගලික නිවෙසට ගිනි තබා විනාස කළ බව වාර්තා විය. ජූලි 09 වෙනි දින එකී සිද්ධිය වාර්තා වන තෙක් සහාසික හෝ සාපරාධි සිද්ධියක් වාර්තා වුණේ නැත. එහෙත්  සිදුවි හමාරය.

අගමැතිගේ නිවසට ගිනි තැබීම: රහස් රැසක් එලියට

එකී ගිනි තැබීමෙන් පසුව පසුගිය සඳුදා සවස් වන විට, ගෝඨා ගෝ ගම අරගලයේ ස්වභාවය අලුත් ස්වරූපයක් ගනු දක්නට ලැබිණ.

11 වෙනි සඳදා අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ අරගලකරුවෝ කියන්නේ අපේ අය බවට කළ ප්‍රකාශයක් මව්රට පුවත් පතේ වෙබ් අවකාශයේ පළ වී තිබිණ.  එයින් හැගෙන්නේ අගමැතිගේ නිවෙස ගිනිතැබීම අරගලයේ ක්‍රියාවක්ද යන්න පැහැදිලි කළ යුතුවේ.

එහෙත් ඒ ප්‍රකාශයෙන් ජනාධිපති ඉවත්වූ රටේ වගකීම තමන් සතු බවට ඉඟියක් පළවේ.

ඉදිරියේදී කවුරු බලයට ආවත් අරගලයේ අපේක්ෂා ඉටු කළ යුතු බව පෙරටුගාමි නායක කුමාර ගුණරත්නම් කළ ප්‍රකාශයක් ද ලිඩර් වෙබ් අඩවියේ පළවිය.



ආණ්ඩුව ඉවත් නොවුණහොත් හෝ රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා නම් ඊළඟ ජනාධිපති තමන් කියලා ඊට එරෙහිව වෘත්තීය සමිති හරහා ක්‍රියාමාර්ග ගන්නා බවත්,  14 වෙනි දින සිට හර්තාලයක් සංවිධානය කරන බවත් ජවිපේ වසන්ත සමරසිංහ දන්වා සිටි.

හිටපු  ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු කතානායක අමතා නිකුත් කළ ලිපියකින් ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් ජනාධිපති ලෙස පත් කරන ලෙස දන්වා ඇත.

පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඉඩ සලසා දී රනිල් වික්‍රමසිංහ වහාම අගමැති  තනතුරෙන් ඉවත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් අවධාරණය කරයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් නැතිව අරගලකරුවන් එක් කර ගෙන අලුත් වැඩ පිළිවෙලකට යා යුතු බව පළ වි ඇති මතය ගැන  මාධ්‍ය වේදියෙකු කළ විමසිමකට පිළිතුරු දෙමින් එස්.එම්.මරික්කාර් කියා සිටියේ මෙවැනි අවස්ථාවක ක්‍රියා කල යුතු ආකාරය ව්‍යවස්ථාවේ දැක්වෙන අතර, සියල්ල ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු බව කීය.


තවදුරටත් කරුණු දැක්වූ මරික්කාර් පාර්ලිමේන්තුව විසින් ඊළඟට පත් කරන ජනාධිපති 2024 තෙක් රටේ පාලනය භාරව ක්‍රියා කරන බව කියා සිටි. එහෙත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු බහුතරයෙන් ජනාධිපති වීමට කරන උත්සාහයට කිසිසේත් ඉඩ නොදිය යුතුය බව ඔහු තරයේ ප්‍රකාශ කරයි. මේ සියලු සාරාංශ කිරීම් තුළ පවත්නේ බලකාමය නිසා තම මුහුණ ගෙදර කන්නාඩියෙන් බැලීම කෙතරම් බරපතලද යන්න තේරුම් ගැනීමට කිසිවෙකු උත්සාහ කරන්නේ නැත.


නව ජනාධිපතිවරයා පත් විමේන පසුව රටේ සිදුවන අරගලවල නීත්‍යානුකූල භාවය තදින් විමසෙනු ඇත. රාජ්‍ය බලය යෙදිම වලකා හැමදාම රටඋඩ තැබීමට සාධාරණ පුරවැසියන් කැමති වේද? මූලික අවශ්‍යතා සැපයුණ පසුව, රටේ බහුතර ජනතාව දරුවන් පාසල් යාම, සිය වෘත්තින්හි යෙදීම ආදි උවමනා සඳහා පෙළ ගැසෙනු ඇත.

මෙහිදී 1988-89 කාලය සිහිපත් වේ. ඒ ව්‍යපාර විසින් ඉතිරි කළේ කොටසකට භිෂණයත් රටේ බහුතරයකට උනුන් ආදරය කරන්නන් අහිමි වීමත් පමණකි. රනිල් වික්‍රමසිංහ යා යුතුය යන ඉල්ලීමට බෙහෙවින් ප්‍රබල බවට කිසිදු තර්කයක් නැත. එහෙත් රනිල් බලය අතට ගත්තේ කැරළි ගසා නොවේ. දැනුම අත්දැකීම පාවිච්චි කරලාය.

 ඒ අවස්ථාව සිය දැනුම, අත්දැකීම යොදා අත්පත් කර ගැනීමට අසමත්විම ගැන සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක වගකීම් භාරගත යුතුවේ. ඔවුන් තවදුරටත් රට අවුලට පත් කළ යුතු නැත. ඔවුන්ට යම් අසාධාරණයක් සිදු වී නම් ඉදිරි මැතිවරණය නම් ජනතා අධිකරණය වෙත යා යුතුවේ.
 
 
රට වෙනුවෙන් එක පෙළට වාඩිවිමට අසමත් විපක්ෂයක් යනු රටක අවාසනාවකි. එය ජනතාවගේ අඳෝනාව තෙක් වර්ධනය වීමට සම්මත නීතිය සහ අත්දැකීම් කිසි විටෙකත් ඉඩ දෙන්නේ නැත.
 
 

මෙහිදී මට ආරගලයේ ආරම්භක සාමාජිකයෙකු කි කතාවක් සිහිපත් වේ. “අපේ වාමාංශික පක්ෂවලට තමන් ආදරය කරන අරගලය සදාකල්හී පවත්වා ගෙන යාම මිස රටේ යහපත වෙනුවෙන් පෙනී සිටීමේ පුරුද්දක් නැත. අපගේ ඒකරාශීවීම සහ පෙරටුගාමින් සහ ජවිපේ අතර වෙනස එයයි. ඒ වෙනස මේ අරගලය තුළ අප මුහුණ දී සිටින බරපතලම අභියෝගය වේ. ” ඔහු ගිය අඟහරුවාදා මා සමග කීවේ අපේ අරගලය එකිනෙකා හයි ජැක් කර හමාර බවය.





ගෙදර යන මිනිසාගේ නිමේෂය උදාවී ඇත -(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්