ඕනෑම දේක දෙපැත්තක් තියෙනවා...



PHOTO 2022 07 18 12 37 22ඒක පෙන්නලා දෙන්න තමයි මේ පොස්ට් එක දැම්මේ ...

ඔව් ගෝටා පන්නල දැමිය යුතුයුව තිබුනා ...

එක කරගැනීමට අරගලයෙන් සේවයක් උනා...

නමුත් අරගලය කරන තැන්වලත් සමාජයේ මූලික ප්‍රමිතීන් බිඳගෙන වැඩකටයුතු සිද්ද වෙලා තියෙනවා...

"ඕනෑම අරගලයක ඕව සිද්ධ වෙනවා" කියල ඒවා මගහැර යන්න බැ ..

 

මොකද වැදගත් වෙන්නේ අරගලයටත් වඩා අරගලයෙන් පස්සේ හදන සමාජය. අරගලයෙන් පස්සේ හදන සමාජය විගඩමක් නම් අරගලය කියන්නේ හුදු ජීවිත සහ දේපල අපතේ යාමක් විතරයි.

 

අරගලයකින් වැඩක් නැහැ, අරගලයකින් පස්සේ හැදෙන සමාජය වඳුරන්ගේ සමාජයක් වගේ වෙනවා නම් ....

අරගලකින් පස්සේ හැදෙන සමාජයට, අරගලයට පෙර තිබූ සමාජයේ සාධනීය සමාජ ප්‍රමිතීන් කඩා බිඳ දමාගෙන ගිහින් හරියන්නේ නැහැ ...

ඒ වගේම අලුත් සමාජ ප්‍රමිතීන් ස්ථාපිත කල යුතුවත් තිබෙනවා ....  

අවුරුදු ගානක් තිබුන ශිෂ්ට නාගරිකත්වය කඩා බිඳගෙන ඊළඟ හොඳ සමාජය හදන්න බැහැ ....

ඕනෑම රටකට දියුණුව පෙන්වන්නේ ඒ රටේ නගර ...

එකනේ කවුරුහරි රටක් අල්ලගන්න ඕන උනාම නගර ගිනිබත් කරන්නේ ....

ඉතින් අරගලයක් කියන්නේ නගරවල තියෙන ශිෂ්ට ප්‍රමිති කඩා බිඳ දාල ගැමියන්ගේ ග්‍රාම්‍ය ප්‍රතිපත්ති ගෙන එක නෙවෙයි ....

අරගලයකින් පස්සේ ගෙන්න ඕන තිබුනටත් වඩා හොඳ නගර...

ඒක ගම්වල බයියන්ට කරන්න බැහැ ...

එක කරන්න ඕන නාගරිකත්වයට පුහුණු වෙච්ච් අරගලකරුවෝ ...                  

රටක නගර නෙවෙයි දියුණු ගම්මාන නම්, ඔය උදවියත් මේ වාහන නැතුවත් නගරයක් අල්ලගන්න පරිප්පු කාගෙන එන්න උවමනාවක් නැහැනේ ....

ඔය කොහේ හරි ගමක්ම අල්ල ගන්න තිබුනනේ ඉතින් ඔයාලත් නොදැන දන්නවා ගම නගරයෙන් ශිෂ්ටත්වය උපුටාගන්නා ව මිසක්, ගමෙන් උපුටාගන්නා ශිෂ්ටත්වයක් නැහැ.
 
ඔය ගම් වල ඉන්න අය කොළඹ නගරයට එන්න මාර ට්‍රයි එකක් දෙන්නේ මොකක්හරි අසනීපයකට ද?

ඒ හින්ද අරගලය කරන්නේ තිබුන නගරවල හොඳ නාගරික ප්‍රමිති රැකගෙන, අලුත් ප්‍රමිතීත් එකතු කරලා වඩා හොඳ ප්‍රමිතියකින් යුතු නගර හදාගන්න ....

රටක දියුණුව මනින ප්‍රදාන මාපකය නගරවල දියුනුව. ගම වල දියුණුව දෙවනුව...

 

එහෙම නැතුව අරගලයක් කරන්නේ, නගරවල ප්‍රමිතී විනාශ කරලා, නගර සංස්කෘති කඩා බිඳ දාල, ගම්මාන වල ග්‍රාම්‍ය ප්‍රමිති ගෙනල්ල රට ගමක් කරන්න නෙවෙයි ...

 

ඒ හින්ද අන්තරජාතික ප්‍රජාවටත් පෙනෙන මාධ්‍ය ආවරණ අස්සේ නගරයේ ස්‌විමින් පූල්වල බැහැගෙන, ජිම් උඩ නගාගෙන, දේපල විනාශ කරගෙන, නාගරික නිලදාරීනට පාට් එක දාගෙන අරගලයේ නායකයෝ අරගලයට කලින් පොරොන්දු වෙච්ච සංයුක්ත විනයකින් යුතු අරගලය පහර හැරුණු ගැමි සංස්කෘතියේ ක්‍රියා හෙවත් බණ්ඩා කොළඹ ගියා වැනි කොළඹ සන්නිය සංස්කෘතිය ස්වයං -විවේචනය නොකරගෙන අරගලයට ඊළඟ සාර්ථක පියවරක් තියන්න බැහැ.


             
ඒ හින්ද අරගලයෙන් පන්නා දමන පාර්ශවය වගේම, අරගලකරුවන් විසින් මේ වෙනකොට සිදුකර තියෙන ප්‍රචණ්ඩත්වය, දේපල හානිය සහ ජෝක් වෙච්ච කොළඹ සන්නිය වගේ හැසිරීම්.

(සමහර ඒවා බැලුවහම විදෙස් ආයතනවලට යනවා වැරදි අදහසක් මේ අරගලය මෙහෙයවලා තියෙන්නේ බබ්බු ටිකක් ද නැත්තන් වඳුරෝ ටිකක් ද කියල - මන් කියන්නේ හැමෝම ගැන නෙවෙයි)

ඒ නිසා විවේචනය දෙපැත්තට ම කලයුතේ වෙනවා ..

නැත්තන් නව සමාජයක් ගොඩනගාගෙන ඉදිරියට යන්න බැහැ ...

 

ඒ නිසා ගොටාලා විතරයි වැරදි අරගලකරුවෝ මාර හරි කියල කියන එක අන්තයක් විතරක් නිවැරදි කරවන අන්තවාදී මතයකට කවුරු හරි එනවනම්, අරගලයේ නායකයෝ එක නිවැරදි කල යුතුයි. මොකද අරගලකරුවෝ මෙතෙක් කරලා තියෙන දේපල හානි වලට වඩා භයානක ඒ හානි කරපු උදවියගේ සිතුම් පැතුම් ආවේග තවමත් රට දාල ගිහින් නැති එක...

 

ගෝටා  ගියාට ඔක්කොම හරියන්නේ නැහැ.

ගොට ඕන කියපු 69 ලක්ෂය වෙන රටකින් ඇවිත් මෙහෙ ඡන්දෙ දාපු උදවිය නෙවෙයිනේ..

මේ රටේම උදවිය ....

ඉතින් එයාල ළඟ තියෙන දුර්ගුණ ඔක්කොම දැන් ඉවත් වෙලා එයාල පාරිශුද්ධ වෙලාද තියෙන්නේ ...

 නැහැ ... ඒවා තමයි ඔය අරගලය ඇතුලේ හොල්මන් කරන්නේ...

ඒ හින්ද දේශපාලන පක්ෂයක් උනත්, ඉස්සෙල්ල පක්ෂය ඇතුලේ තියෙන දුර්ගුණ විවේචනය කරගෙන, ඒවා අවම කරගෙන තමයි, එළියේ සමාජයට විවේචනය ගෙන්න ඕන ...

නැත්තන් තමන් බොක්කේ ඌරුමස් තියාගෙන අනික් යට මස් කන්න එපා කියනවා වගේ වැඩක් තමයි වෙන්නේ ....

මෙහෙම කලොත්, මෙතරම් දේපල හානි කරගෙන, මෙතරම් ජීවිත හානි කරගෙන තුවාල කරගෙන කරපු අරගලයේ පලක් නැහැ ....

අරගලයකින් දේපලක් අත්පත් කරගන්න ඕන සැලසුම් සහගතව සහ තම පද්ධතිඑයේ තියෙන හොඳ ප්‍රමිතීන් විනාශ කරගෙන නෙවෙයි ....

එනිසා මන් දාල තියෙන පොස්ට් එකේ දෙපැත්තම කියවන්න ....

ඒ හින්ද විවේචනය ආණ්ඩුව සහ රාජපක්ෂලා දෙසට විතරක් ගෙනල්ල වැඩක් නැහැ...

විවේචනය අරගලය කරපු උදවියගේ ක්‍රියා කලාප දිහාටත් යොමු කරලා ස්වයන් විවේචනයක් කරලා, එක රටට ඉදිරිපත් කරන්න ....

නැත්තන් තවම අරගලය හාත්පස මතවාදය සහ යොමුව අසමබරයි.

 එහෙම උනාම අන්තවාදීයි ...

එකෙන් ඊළඟ නිවැරදි ප්‍රමිතිගත සමාජය හදාගන්න ලැබෙන්නේ නැහැ ...

 

හොඳට ලෝක ඉතිහාසය හදාරලා බලන්න, කරපු හැම සමාජ අරගලයකින් පස්සෙම, ඒ හැම රටකම දියුණු වෙලා නැහැ. සමහර රටවල් තිබ්බ තත්වෙටත් වඩා පහලට වැටිලා. එහෙම වෙන්නේ අරගලයෙන් පස්සේ විවේචනය හිටපු පාලකයින්ට විතරක් ගෙනල්ල, අරගලය කරපු අය හොඳ ළමයි වෙන්න ගියහම.

 

ඒ හින්ද අරගලය නිසා වෙච්ච් ජයග්‍රහණ අත්පත් කරගන්න බැහැ මිනිස්සු හැදෙන්නේ නැතුව ...

මිනිස්සු අරගලයට සහබාගීවීම හොඳ දෙයක් ...

එත් මිනිස්සු වෙනස් වෙලා නැතිනම්, ඒ අරගලයෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ ....

සමාජයක් වෙනස් වෙනව කියන්නේ ඒ සමාජයේ මිනිස්සු වෙනස් වෙනව කියන එක ....

ඒ නිසා අරගලකරුවන් කරපු කියපු දේවල් සංයුක්ත කරලා හොඳ නරක බෙදල ස්ව්යංවිවෙචනයක් සමාජයට ඉදිරිපත් කරන්න ....

නැත්තන් ඊළඟට එන අරගලය ලොකු විනාශයකින් කෙළෙවර වෙන්න නියමිතයි ...

අපි ගෙදරක උනත් ගෙදර ඉන්න අයව හදාගෙන සමාජය හදන්න ගියොත් තමයි හරියන්නේ.

එහෙම නැතුව ගෙදර ඉන්න අය පිස්සු කෙලිත් දී සමාජය හදන්න ගියොත් පීචන් වෙනවා.

ඒ නිසා ඉක්මනින් අරගලයේ වැරදි හදාගෙන, අරගල පාර්ශවය ප්‍රතිසංවිධානය කරගන්න.

නැත්තන් ඔයාල අන්තර්ජාතික ප්‍රජාවන් හමුවේ බලුවෙලා එක සමාජය හැම අතින් ම  පිරිහෙන්න නියමිතයි.

සැබෑ අරගලයකට ආදරෙන්...


සොරොස්ගේ ප්‍රත්‍යාවර්තකතා න්‍යාය ගැන, (07) - අරවින්ද හෙට්ටිආරච්චි(අරවින්ද හෙට්ටිආරච්චි)
නිදහස් මාධ්‍යවේදී හා සමාජ විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image