'විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය', අනුර කුමාර දිසානායක අනුව, රනිල් වික්‍රමසිංහට එරෙහි රනිල් වික්‍රමසිංහ ලෙස හඳුන්වයි.



සැබෑය. ජනාධිපති තනතුරට පත්වූ සැනින් ජනාධිපති ධජ සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කරමින්, විධායක බල කොඩිය බිම හෙළුවා පමණක් නොව, රනිල් වික්‍රමසිංහ, විධායක ජනාධිපති බලතල පැරණී රජෙකුගේ බලයත් ඉක්මවා යන බව ප්‍රකාශ කරමින් තම ව්‍යවස්ථාපිත බලයට එරෙහිව නැගී සිටියි.

රටට හානිකර විධායක ක්‍රමය යනු තවදුරටත් රටට ජනතාවට ලජ්ජාවක් මිස කොඩියක් නොවිය යුතුය යන්න රනිල් දැඩි සේ විශ්වාස කරනු පෙනේ.  

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය අතර, හෙතෙම රට ගොඩ නැගීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක ශක්තිය අවශ්‍ය බව යළි යළි අවධාරණය කරයි.

akjasjs

ගෝඨා ගෝ ගම අරගලයේ මුල් සටන් පාඨය දැනටම ජයගෙන හමාරය. දෙවන ඉල්ලීම වන සිස්ටම් චේන්ජ් කිරීමට අනුප්‍රාප්තික ජනාධිපති වික්‍රමසිංහ සූදානම් ය. සිස්ටම් චේන්ජ් කළ හැක්කේ ව්‍යවස්ථාපිත කාර්යාවලියන් හරහා පමණකි. තත්වය එසේ තිබියදීත් අනුප්‍රාප්තික ජනාධිපතිත් පළවා හැරීමට දරන වෑයම අරගලය අතරමං කිරීමකි.


අරගලයේ වර්තමාන ගතික ස්වභාවය, නිර්පාක්ෂික හෝ මානව හිතවාදි  අහිංසක හෝ යථාර්ථවාදි යයි කිසිවෙකුට තර්ක කළ හැකිද?

 

අද වනවිට ගෝල්පේස් අරගලය මිය ගොස් හමාරය. පොන්සේකා, කුමාර ගුණරත්නම්, ජවිපය සහ සජබය තම වාසියට හතර කොනින් කර තබා ගත් වර්තමාන අරගලය යනු ඔජස් බහින කවන්දවයකි. මේ කියවීම ජයග්‍රාහී ඒ ආදරයේ අරගලය අවතක්සේරු කිරීමක් නොවේ.

 

විධායක ජනාධිපති සතු බලතල අඩු කිරීමට 17 සහ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන නිශේධ කරමින් 18 සහ 20 වෙනි සංශෝධන ගෙනැවිත් රට අසරණ කළ මහින්ද රාජපක්ෂගේ මුහුණ බලාගෙන, විධායක ජනාධිපති තනතුරේ බලය පැරණී රජෙකුගේ බලයත් ඉක්මවා යන බව ප්‍රකාශ කිරීමෙන් අගෝස්තු 3 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කරන පණිවිඩය මෙන්ම, රනිල් ගෝඨාභය පාර්ලිමේන්තුවේ තබාගෙන රට බංකොලොත්වි ඇති බවට කළ ප්‍රකාශයද අප වටහා ගත යුතුවේ.

තත්වය එසේ තිබියදීත් ඇමති තනතුරකින් දිළිසෙන මහින්ද අමරවීර මහින්ද රාජපක්ෂ යළි කැඳවීමට කළ කතාව විලිලජ්ජා නැති කමට දිය හැකි අලුත්ම නිදර්ශනයකට වැඩි යමක් නොවේ. 

 

එසේම විධායක ජනාධිපති තනතුරේ බලය පැරණී රජෙකුගේ බලයත් ඉක්මවා යාම වළක්වා ගැනීමට 17 සහ 19 යන සංශෝධන වලට සද් භාවයෙන් කැමැත්ත පළ කළ රනිල් වික්‍රමසිංහට රාජපක්ෂ අවලාදය නගන්නේ කෙසේද?

 

සජිත් ජී.ඇල්. ප්‍රමුඛ විපක්ෂය, 2022 ජූලි 20 වෙනි දින රනිල්  වෙනුවට, විධායක ජනාධිපති තනතුරට යෝජනා කළ ඩලස් අලහප්පෙරුම යනු 2001 ඔක්තෝබරයේ සිට 2021 තෙක් රාජපක්ෂලා  වෙනුවෙන් සියලු ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ට අවිචාරයෙන් අත එසවූ රාජපක්ෂලාගේ එහෙයියෙකු නොවේදැයි  කිසිවෙකුට කිව හැකිද?

එසේම ඩලස් රටේ ජනාධිපති වුණා නම් ඔහු රාජපක්ෂලාගෙන් කෙනෙක් නොවන්නේ යයි සජිත් ප්‍රේමදාස, සරත් පොන්සේකා දෙන සහතික කුමක්ද?

අප එකක් තේරුම් ගත යුතුවේ.


# කලක් අලි කොටි අවලාදයෙන් රනිල්  වික්‍රමසිංහ දුර්වල කළහ. එහෙත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ලෙස පත් කර ගැනීම දෝෂයක් නොවීය. රාජපක්ෂලාට ලෙන්ගතු වීමත් කොටින්ට සමීප වීමත් රනිල්ට මිස ඩලස්ට ජී.එල් පිරිස්ට දේශපාලන කිල්ලක් නො වන්නේ කෙසේද?

# එසේම 2007 සිට සිදුවූ මහ බැංකු බැඳුම් කර හෙජින් ගණුදෙනු රනිල්ට පමණක් කිල්ලක් වන්නේ කෙසේද?

# එපමණක් නොවේ. පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් විධායක ජනාධිපති ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහට නැති ජන වරම රාජපක්ෂලාට කඩේ ගිය ඩලස්ට හිමි වන්නේ කෙසේද?  


මේ අවලාද දිගු කලක් එක දිගට රනිල්ට එරෙහිව නගමින් වාසි ලැබූ රාජපක්ෂලා විනාස කළ රට ගොඩ ගැනීමේ වගකීම රනිල් වෙත පැවරීමත් සරදමකි.

 

2015-2018 කාලයේ රටේ ආර්ථික හෝ දේශපාලන පීඩනයක් තිබුණේ නැත. රටම දන්නා පරිදි පාස්කු ප්‍රහාරයේ වාසිය ලැබුණේ කාටද යන්න කාදිනල් රංජිත් කටේ හොර හැර කියා අවසානය. රටේ මිනිස්සු කියන්නේ පාස්කු ප්‍රහාරය සිද්ධ නොවුණා නම් රාජපක්ෂ දිනන්නේ හෝ රට බංකොලොත් වන්නේත් නැත කියාය.



රටේ නිර්මානය වී ඇති ජන පීඩාව ගැඹුරෙන් විමසා බලන්නෙකුට අරගලය ඩීසල් පැට්රල් ගෑස් ප්‍රශ්නය නිසා නිර්මානය වූ බලවේගයක්  නොවේ. ගෝඨා ගෝ ගම අරගලයේ අභිලාෂයන් කිහිපයකි.

# පළමුවැන්න ගෝඨා ගෝ හෝම් ය.

# දෙවැන්න සිස්ටම් චේන්ජ් ය.

# තෙවැන්න කඩිනම් ආර්ථික සහනයන්ය.  


හැට නව ලක්ෂයක් ජනාධිපති ලෙස අභිෂේක කරවූ ගෝඨාභය රාජපක්ෂට යන්ට වුණේ ඩීසල් පැට්රල් ගෑස් ප්‍රශ්නය හෝ ඩොලර් හිඟය නිසාම නොවේ.

රාජපක්ෂලාගේ ගජ මිතුරන්ට මාගම් පත්තුවේ වනාන්තර බෙදා දීමෙන් වන අලි ඇතුන් ගම් වැදීමෙන් පීඩාවට පත් හම්බන්තොට සූරියවැව, වල්සපුගම ගම් වැසියන් කළ සටන් නිසාය.

සූරියකන්ද රක්ෂිතය මැද රාජපක්ෂ දරුවන්ගේ  හෝටල් ව්‍යාපාරයට එරෙහිව එක් පාසල් දැරියක නැඟූ හඬ නිසාය.

එක් රැයින් කාබනික පොහොර වලට ලංකාව මාරු කරවීමේ අමනෝඥ ක්‍රියාව පාසල් නොගිය ගමේ ගොවීන් පවා මතු කළ විරෝධය නිසාය.  

රඹකැන්ඔය රක්ෂිතය ජාවාරම් කරුවන්ට ලියා දීම නිසා වෙල්ලස්සේ ජනතාව රාජපක්ෂලාට හෙන ඉල්ලූ නිසාය.

එසේ රට පුරා විසිරි සිටින මිනිසුන්ගේ ආවේගශීලි ශාපය, ඡන්ද පෙට්ටියට පොහොට්ටුව වෙනුවෙන් වැටුණ ඡන්දයෙන් ඡන්දය කටු ගා දැමීමක් විය.

එදා වේල පිණිස දවසේ හැම තත්පරයම කැප කළ ඈත ගම් දනව්වල ජීවත්වූ මිනිසුන්ට හෝ ගාන පොකුණ ළඟ කඳවුරු බැඳ සිය විරෝධය ලෝකයට ඇහෙන්නට ජන ගත කිරිමේ හැකියාවක් ශක්තියක් තිබුණේ නැත.

මේ ජන ආවේග කොළඹ බිම් කඩකට ඒකරාශි කළේ ඉන්ධන ගෑස් සහ ඖෂධ හිඟය නිසා නැහැමින් මුදල් අත ගැවසුණ නාගරිකයන්ට දැනුණ පීඩනය විසිනි.  

රටේ විදේශ විනිමය සංචිතය හිස් කිරිමෙන් සිදුවූ මේ විනාසය ගැන අවබෝධයෙන් සිටි කොළඹ මධ්‍යම පන්තිය රාජපක්ෂලාට එරෙහිව කඳවුරු බැන්දේ මාගම් පත්තුවේ වනසපුගල ගැමියන් මෙන් පිදුරු පොල්අතු අට්ටාල අටවාගෙන නොවේ.

 අරගලය කේක් ගෙඩියක් නම් ඉතා නවීන පන්නයේ මඩු කූඩාරම් පරිත්‍යාග වලින් පෝෂණය ලැබූ එහි අයිසින් සැරසිල්ල කොළඹදී සිදුවිය.

090b8ac4 gotagogama new3

අද ජෙප්පන් පෙරටුගාමින් පොන්සේකාලා උඩ දමන්නේ ඒ අයිසින් පදාසය මිස අරගලයේ ආත්මය නොවේ. ඒ අරගලය තුන් මසක් ගෙවුණ තැන ගොඨා රටෙන් පළවා හැර පළමු අභිලාෂය මුදුන් පමුණුවා ගත්හ. ඉන් පසුව සදාකාලිකව අරගල නිසා ජීවත්වන පෙරටුගාමින්, ජෙප්පන් සමග පොන්සේකාලා සජිත්ලා රනිල් පලවා හැරීමට කැස කවන්නේ බලය ඇල්ලීමට මිස, රටේ දැවෙන ප්‍රශ්න විසඳීමට නොවේ.

 

ගෝඨා විසිවී අවසන්ය. අරගලයේ දෙවන අරමුණ සිස්ටම් චේන්ජ් එක ආණ්ඩුවේ ගෙවල් බලෙන් අල්ලා පාරවල් වසා සිදු කළ නොහැකිය. එය ඉටු කිරීමට බහු පාක්ෂික එකමුතුව අවශ්‍ය වේ.

 

මහින්ද සහ ගොඨාභය පසු බැස ගියේ අරගලය නිසාය. එහෙත් එයින් ඇබෑර්තුවූ අගමැති ජනාධිපති තනතුරු අත්පත් කර ගැනීමට රනිල් වික්‍රමසිංහ කළ සටනක් අරගලයක් හෝ කුමන්ත්‍රණයක් නැත. ඒ පත්වීම පාර්ලිමේන්තුව සිදු කළ නිත්‍යානුකූල කාර්යයකි.

අරගලය අපේක්ෂිත සිස්ටම් චේන්ජ් එක සඳහා රනිල් සිය නිල කැමැත්ත පළ කර අවසන්ය. දැන් අරගල අවශ්‍ය වන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විපක්ෂයට එකතු වන්නැයි බල කිරිමටය.

පොන්සේකා එළඹෙන 9 වෙනිදාට සැලසුම් කරන්නේ තවම ආණ්ඩුවක් නැතැයි ලෝකයට තහවුරු කිරීමටය. එයින් රටට ලැබිමට නියමිත ජාත්‍යන්තර ආධාර අතහිත අහිමි වෙනවා මිස රනිල්ට වෙන හානියක් නැත. පොන්සේකලා උත්සාහ කරන්නේ රට කොට උඩ ගියා රනිල් එළවීමට නම් රනිල් වික්‍රමසිංහ එය සාර්ථකව කළමනාකරණ බවට දැනටම ඔප්පු කර හමාරය.

sff

රාජපක්ෂලා රැක්කා යයි අවලාද නැගෙන රනිල් පසුගිය තුන් වසර තුළ රාජපක්ෂ පාලනයට අභියෝග කළ අවස්තා අනන්තය.

 

රාජපක්ෂලාගේ කොවිඩ් මර්ධන ප්‍රතිපත්තිය දැඩි සේ හෙළා දැකීම ඇතුළත් 2021 අගෝස්තු 9 වෙනිදා ඉරිදා ලංකාදිප වාර්තාවේ ඔහුව හඳුන්වා ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය සහ එජාප නායක හැටියටය. ඒ වනවිට ඔහුට පාර්ලිමේන්තු නියොජනයක් නොවීය.

කොරෝනා රෝගයට එක් දිනකට රෝගින් අනූවක් සියයක් අතර පිරිසක් මිය යන බවට පළවන සංඛ්‍යා ලේඛන ගැනත් ජනතාව ප්‍රශ්න කරති යයි රනිල් ආණ්ඩුවට මතක් කළ බව ඒ වාර්තාවේ දැක්වේ. 

 
ඉන්දියාවටත් වඩා දරුණු තත්වයක් ලංකාවේ ඇතිවිය හැකි බවට අනතුරු අඟවන රනිල්, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු කළ යුතු එන්නත ලබාදීම යුද හමුදාව යටතේ සිදු කිරීම දැඩි විවේචනයට ලක් කරයි.

වසර 12ට වැඩි සියලු දෙනාට එන්නත දිය යුතු වුවද, ලංකාවේ අවුරුදු 30ට වැඩි අයට පමණක් එන්නත ලබාදීම ජනතාව මරණයට කැප කිරීමක් ලෙස රනිල් විග්‍රහ කරයි.  

පවත්නා ලෝක ඉල්ලුම අනුව එන්නත් හිඟ විය හැකි හෙයින් කඩිනමින් ගෙන්වා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරන රනිල් පසුව රට මුහුණ දුන් ඔක්සිජන් සහ අනෙක් උපකරණ හිඟය ගැනද අනාවැකි කීය.  

වැඩිවන රෝගින් ප්‍රමාණයට ගොඩනැගිලි සහ ඇඳන් ප්‍රමාණවත් නොවන වද එජාප නායකයා කළ ප්‍රකාශයෙන් පසුව, යුද හමුදාව ඇඳන් සහ ගොඩනැගිලි ලබා දීමට කඩිමුඩියේ ක්‍රියාත්මක විය.  

එසේම ලෝක සෞඛ්‍ය සංවිධාන උපදෙස් අනුව ලංකාවේ කොරෝනා මර්දනයට පිහිටවිය යුතුත විශේෂඥ කමිටුව පත් නොකර හමුදාවට එකී වගකීම් පැවරීමද දැඩි සේ අවධාරණය  කරයි. රටක් පාලනය කළ යුත්තේ කැබිනට් මණ්ඩලයෙන් මිස වෙනත් පුද්ගල කමිටු හරහා නොවන බව රනිල් උපුටා දක්වමින් ඉරිදා ලංකාදීපය වාර්තා කරයි. 
 
 
මේ ප්‍රකාශය හරහා රනිල් වික්‍රමසිංහ නම් දේශපාලනඥයා සහ රාජපක්ෂලා අතර වෙනස තේරුම් ගත හැකිය. ඔහුගේ එකී ප්‍රකාශයෙන් දැඩි සේ ප්‍රහාර එල්ල වන්නේ රාජපක්ෂ පාලනයට බව අමුතුවෙන් කිව යුතු නොවේ. රාජපක්ෂලා විසින් අනා විනාස කළ රටේ ආර්ථිකය ගොඩ දැමීමේ බරපතල අර්බුදය රනිල් වික්‍රමසිංහ යම් පමණකට සමනය කරමින් සිටියි.
 
 
රනිල් මැයි 12 වෙනිදා අගමැති තනතුරට පත්වූ දින සිට විශේෂයෙන් සමගි ජන බලවේගයේ සජිත් සහ ගෝල බාලයන් උදේ හවා විමසා සිටියේ කෝ ඩොලර් ගෙනාවාද කියාය. 
 
එහෙත් පසුව සජිත් සහ අනුර කුමාර දෙදෙනාම රට යථා තත්වයට පත් කිරීමට වසර පහක් අවශ්‍ය බව නිල වශයෙන් පිළිගත්හ. විපක්ෂ දේශපාලනඥයන් රටේ ප්‍රශ්නය විග්‍රහ කරන්නේ තම වාසියට මිස රටේ ජනතාවගේ යහපත පිණිස නොවේ.

ආර්ථිකය කඩා වැටීම තේරුම් ගත් ගෝඨාභය රාජපක්ෂ මාර්තු මස කැඳවූ සර්ව පාක්ෂික සමුළුවට පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීන්ගෙන් සහභාගි වුණේ රනිල් සහ සුහන්දිරන් පමණකි.  

පෙබරවාරි 9 දා අනුර'පුර පැවති පොදු ජන පෙරමුණ අමතා මහින්ද රාජපක්ෂ අපි ලැහැස්තියි කියා සමස්ත විපක්ෂයටම කළ අභියෝගයට ජවිපෙය පිළිතුරු  දුන්නේ අනුරාධපුර තවත් රැස්විමක් පවත්වමිනි.

ඊට සමගාමිව පාර්ලිමේන්තු මන්ත්‍රි සුහන්දිරන් කැඳවූ විපක්ෂයේ පුළුල් සාකච්ඡාවට පාඨලී හෝ අනුර කුමාර සහභාගි වුණේ  නැත. සුහන්දිරන්ගේ සාකච්ඡාව අවසානයේ අත්සන් කළ අවබෝධතා එකඟතාවට සජිත් හර්ෂ කබීර් ආදින් පුද්ගලයන් හැටියට මිස සජබය ලෙස අත්සන් කළේ නැත. 
 
රනිල් සමග ආණ්ඩුවේ සර්ව පාක්ෂික සාකච්ඡාවට ගිය සුහන්දිරන්ද රනිල්ට යන්න කියන්නේ රටේ ආර්ථිකය ගැන සිතා නම් නොවන බව රටේ බහුතර ජනතාව තේරුම් ගෙන ඇත. මේ කෙටි අතීතය කියන්නේ විපක්ෂයේ බලකාමය යන්න සුව නොවන රෝගයක් බවය.

2022 මාර්තු මාසයේ මාධ්‍ය සාතච්ඡාවක් කැඳවූ සජබයේ මනුෂ නානායක්කාර රටේ ජනතාව හාමතේ මියගිය පසුව, රටේ ආර්ථිකය කඩා වැටුණ පසුව, ආණ්ඩු ලබා ගැනීමෙන් පලක් නොවන හෙයින් පොදු ප්‍රතිපත්තියක් යටතේ සියලු දෙනා එක්විය යුතු බව අවධාරණය කළේය.

පොදු ප්‍රතිපත්තියක් වටා විපක්ෂය ඒකරාශි කිරීමට, එජාප නායක රනිල් වික්‍රමසිංහ ඒ වනවිට කරමින් සිටි සාකච්ඡාවක් ගැනද සඳහන් කළ මනුෂ බලය සඳහා කිසිවෙකු බොරදියේ මාළු බාන්න නොයා යුතු බව මෙන්ම, දුර්භාග්‍ය සම්පන්න කාලයට අප එක්ව මුහුණ දිය යුතුව ඇති බව කීවේ දැඩි ආයාචනාත්මක ස්වරූපයකිනි.

මාර්තු මාසයේ අග දිනෙක මේ ප්‍රකාශය කළ මනුෂ නානායක්කාර අප්‍රේල් මුල් සතියේ විහාර මහාදේවි උද්‍යානයේ එජාපය කළ සත්‍යග්‍රහයට පාඨලී චම්පිකලා සමග සහභාගි විය. මනුෂ අදටත් ඒ ස්ථාවරයෙහි ශක්තිමත්ව සිටගෙන සිටියි. පාඨලී තවමත් අතරමගය.




රටේ බොහෝ දෙනා මේ දිනවල 2015-2018 කාලයේ රටේ ආර්ථිකය ගැන කතා කරති. ඒ සාර්ථකත්වය පසුපස සිටි මිනිසා රනිල් වික්‍රමසිංහය.

එපමණක් නොවේ. ඒ පාලනයෙහි සිටි ඇමතීත් බහුතරයක් අද සජබය නියෝජනය කරති.

රට ගැන හිතා මේ ආර්ථික ආරරවුලෙන් ගොඩ යාමට රනිල් හැකිද නැද්ද යන්න දන්නේ අරගලයේ නිරත වුවන් නොවේ. අරගලයට උල්පන්දන් දෙන පොන්සේකලාලාය. සජිත්ලාය පාඨලීලාය.

ඒ තත්වය හිතේ කැතත් නැතිව තේරුම් ගත් හරින්ලා මනුෂලා අද රනිල් සමගය.

මේ නිමේෂයෙහි සිවිල් බලවේග යථාර්ථය පැහැදිලි කරමින් සිටිති. කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ පසුගියදා මාධ්‍ය හමුවේ කීවේ අරගල හරහා මිනිසුන්ගේ බඩට ගසන්න එපා කියාය.



අරගලයේ දින 100ක කතාව - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්