ජාතික ජන බලවේගයේ චතුරංග අබේසිංහ රූපවාහිනී සංවාදයක් අතරතුර අඬනවා වගේ පාට් එකක් දානවා. දාලා කියනවා “මට කතා කරන්න අමාරුයි”

කියලා.

“කතා කරන්න අමාරුයි” කියා කටින් නොකියා පෙරා පෙරා කඳුළු පෙරා, හූර හූර හොටුත් පෙරා… පපුව අල්ලගෙන අඬලා පෙන්නුවා නම් තමයි තවත් තාත්වික.

ඔහුට ඇඬෙන්නේ ලංකාවේ සමහරු කසාද බැඳලා මාසෙන් දෙන්නගෙන් කවුරු හරි පිටරට යන එකට. නිවේදිකාව බබා වෙලා අහනවා ඇයි ඔබ “ඔච්චර සංවේදී වෙන්නේ?” කියලා.

“මොකද මට හරි ගිහිල්ලා තියෙන නිසා!” කියලා අබේසිංහ පිළිතුරු දෙනවා. (ඊගෝ එක මදිනේ…)

සරලව කිව්වොත් එයා කියන්නේ එයාට “හරි ගිහින්” තියෙනවා. එයා වගේ “හරි ගිහින්” නැති නිසා අර බඳින දෙන්නගෙන් කවුරු හරි රට යනවා. ඒ නිසා එයාට ඒකට ඇඬෙනවා කියලයි. ජවිපෙ දේශපාලනය තේරුම් ගන්න මේක කදිම නිමිත්තක්.

chathuranga

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ

 

මුලින්ම අහන්න ඕන ප්‍රශ්නය තමයි කසාද බැඳපු දෙන්නෙකු ගන්න තීරණ ගැන විනිශ්චය කරන්න චතුරංග අබේසිංහ කවුද? යන්න. මේ ගතිය ජවිපෙ සාමාජිකයන්ට තිබෙන පොදු ලක්ෂණයක්. තමන්ට “හරි ගිහිල්ලා” කියලා තමන්ම කියාගන්නේ තමන් ගැන අධිමාන්නයෙන් අධිතක්සේරුවෙන් ඉන්න අය.

 

චතුරංගට “හරි ගිහිල්ලා” කියලා වෙන අය කියන්නේ නැති අඩුව පුරවා ගන්නේ ඔවුන්ම ඔවුන්ට “හරි ගිහිල්ලා” කියා කියා ගැනීමෙන්. විශේෂයෙන්ම ජවිපෙට සම්බන්ධ ලංකාවේ උපාධිදාරීන්ට එහෙම මේ අනන්‍යතා අර්බුදය තදේටම තියෙනවා.

දැන් මේ “හරි යනවා” කියන්නේ කුමක්ද? මොකක්ද නිර්ණායකය? හරි ගිහින් සහ හරි නොගිහින් කියන සීමාව ලකුණු කරන්නේ කවුද? චතුරංගද? එයා ඒක තීරණය කරන්නේ කාට සාපේක්ෂවද? එයාට සාපේක්ෂවද? එතකොට වෙනත් කෙනෙකුට සාපේක්ෂව චතුරංගට හරි නොගිහින් වෙන්නත් පුළුවන්. මේවා තනිකරම ස්වෝත්තමවාදී අතාර්කික ප්‍රලාප.

කසාද බැන්දට පස්සේ තීරණ ගන්නේ ඒ ජෝඩුව. රට යනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔවුන්. ඒක ඔවුන්ගේ කැමැත්ත. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්.

සමහරු කසාද බඳින්නෙම රට යන නිසා. දෙදෙනාගේ සම්බන්ධය නීතියෙන් ස්ථිර කරලා රට යනවා සමහරු. ඒක ඔවුන් කලින්ම ගත් තීරණයක්. චතුරංග කවුද ඒක විනිශ්චය කරන්න. චතුරංග කවුද ඒක ඔහුට සාපේක්ෂව පහත් කරන්න?

සමහරු යනවා උසස් අධ්‍යාපනයට. සමහරු යනවා රැකියාවේ උසස් වීමක් නිසා. මාසෙට රුපියල් තිස්දාහක් හොයන මනුස්සයත් කසාද බැඳලා රට යනවා. මාසෙට රුපියල් ලක්ෂ දෙක හොයන මනුස්සයත් කසාද බැඳලා මාසෙන් රට යනවා. සමහරු ගිහිල්ලා මාසෙන් දෙකෙන් තමන්ගේ සහකාරයාවත් ගෙන්න ගන්නවා. සමහරු මුළු පවුලම ගෙන්න ගන්නවා. සමහරු ළමයි හම්බ වුණාම නැවත එනවා.

චතුරංගට වැඩිය හම්බ කරන මිනිස්සු ඕන තරම් කසාද බැඳලා කෙනෙක් රට යනවා. තමන්ගේ දුවට පුතාට පිටරටක උගන්වන්න ඕනෑවට ඒ රටට යන අම්මලා ඉන්නවා. තමන්ගේ දුව පුතා ලංකාවේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දාන්න ඕනෑවට රට යන තාත්තලා ඉන්නවා. ගෙයක් හදන්න රට යන අය ඉන්නවා. පළවැනි ගෙදර මදි නිසා දෙවැනි ගෙදර හදන්න රට යන අයත් ඉන්නවා. සමහර වෙලාවට දෙන්නගේ නොගැලපීම් නිසා වෙන් වෙලා ඉන්න රට යනවා.

ඒක ඒ ඒ අයගේ අවශ්‍යතාවයන් අනුව ගන්නා අතිශය පුද්ගලික තීරණ.

ජවිපෙ ප්‍රශ්න කරන්නේ මෙන්න මේ පුද්ගල නිදහසයි.

චතුරංගට සාපේක්ෂව මේ රටේ “හරි නොගිය” හැමෝම කසාද බැඳලා මාසෙන් රට යනවද? නැහැනෙ.

චතුරංගට සාපේක්ෂව මේ රටේ “හරි ගිය” හැමෝම කසාද බැඳලා මාසෙන් රට නොගිහින් ඉන්නවද? ඒත් නැහැනේ.

 

එතකොට අපට පැහැදිලියි මේ ප්‍රකාශය තනිකර අතාර්කික ප්‍රලාපයක්. හැබැයි මේක ඉතාම ප්‍රබල නින්දිත දේශපාලන උපක්‍රමයක්. ඒ තමයි මිනිස්සුන්ගේ හැඟීම් කුපිත කරවා තම දේශපාලන අරමුණු ඉටු කරගැනීම. එයා අඬන්නේ ඒකයි.

 

රට ගිය හෝ රට යන්න ඉන්න මිනිස්සු තුළ ඇති කරනවා අනවශ්‍ය අනියත සංවේගයක්. ඊට පස්සේ ඒක දානවා තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් පිටට. එතකොට අර මනුස්සයා තුළ ඇති කරපු සංවේගය හැරෙනවා ආවේගයකට. එහෙම තමයි හොඳට ඉන්න ගැහැණු මිනිස්සු වියරුවෙන් ගිහිල්ලා ගෙවල් ගිනි තියන්න, මිනිසුන් මහමග ඝාතනය කරන්න පොළඹවන්නේ. සමහර අන්තවාදී ආගමික නිකාය වගේ තමයි. ඒක තමයි ජවිපෙ දේශපාලනය. හැබැයි තව ටිකක් තියෙනවා.

f31 1652109497 1652119922

චතුරංග අඬලා පෙන්නන කොට, ජවිපෙ ටාර්ගට් කරන මාර්කට් එක තුළ අවශ්‍යතාවයන් නිර්මාණය කරන්නේ කවුද? ඒක කරන්නේ එයාගේ ලොක්කා අනුර කුමාර දිසානායක.

එයා කියනවා “මොනවාද අප්පා මේ ජීවිත? විනෝදයක් නැහැ. ගෙයක් දොරක් නැහැ. වාහනයක් නැහැ. ආතල් එකක් නැහැ… අරක නැහැ… මේක නැහැ…” කියලා.

මාර්කටින්වල කරන සරලම සහ වැදගත්ම දේ. අතෘප්තිකර අවශ්‍යතාවයන් නිර්මාණය කිරීම.

අර ජනප්‍රිය නාට්‍ය කෑල්ලක් ෆේස්බුක් එකේ ෂෙයාර් වෙනවා පිරමිඩ් ක්‍රමයට සල්ලි හොයන්න කියාදෙන. අනුර වගේ හාදයෙක් ඇවිල්ලා මිනිහගේ සේල්ස් පිච් එක දානකොට මගේ වගේ දත් දෙක මැද්දේ හිඩැසක් තියෙන කටකාර තරුණයෙක් කියනවා “නැහැ මචං මට මේ ඉන්න විදිහ හොඳටම ඇති” කියලා.

                           

 
අනුර කුමාර තමයි පිරමිඩ්කාරයා. ජනතාව ඉස්සරහට ඇවිල්ලා සේල්ස් පිච් එකක් දාලා නැති අවශ්‍යතාවයන් නිර්මාණය කරනවා. ඉතාම මිල අධික කලිසම් කමිස ඇඳලා, වටිනා අත් ඔරලෝසු බැඳලා, ඩබල් කැබ් එකෙන් “හරි ගිහිල්ලා” වගේ තමයි බහින්නේ. ඒගොල්ලෝ වගේ ඉන්න ඕනා කියලා අපිට කියනවා. ජනතාව රැවටෙනවා.

ඒ කතාවේ රැවටිච්ච යාළුවෙක් ඉන්නවා. එයා තමයි චතුරංග අබේසිංහ. එයාට හරි ගිහිල්ලා කියලා එයා අඬනවා. අනෙකාටත් හරි යවන්න හදනවා. අඬලා පෙන්නනවා. මේවට ඉතින් මිනිස්සු රැවටෙනවා.

 

මේ ලෝකය විසමයි. මිනිස්සු විවිධයි. මිනිස්සුන්ගේ හැකියාවන් එකිනෙකාගෙන් වෙනස්. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් එකිනෙකාගෙන් වෙනස්. හැමෝම චතුරංග වගේ වෙන්න ඕන නැහැ. අන්තිම නරක ශ්‍රම සූරාකන ආන්තික ධනපති ව්‍යාපාරයකින් පඩි අරගෙන “හරි ගිය” කෙනෙක් වෙන්න නම් ඕනම නැහැ.

 

මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් වෙනස්. මිනිස්සු දියුණු වෙන්නේ ඒ ඒ අයගේ විදිහට. ඒ ඒ අයගේ වේගයට. සමහරු තරුණ කාලෙන් කසාද බඳිනවා. සමහරු වයස ගිහිල්ලා කසාද බඳිනවා. ඒවා පුද්ගලික තීරණ.

වැදගත් වෙන්නේ කසාද බඳින්න නිදහස තිබීමත්. කසාද බැඳලා රට යන්න නිදහස තිබීමත්. ඒක පිළිබඳව විනිශ්චයන් දීම තනිකර ගෝඩ් කොම්ප්ලේක්ස් එකක්.

ලෝකයේ ඕනෑම රටක දුප්පත් මිනිස්සු ඉන්නවා. ඒ වගේම පොහොසත් මිනිස්සු ඉන්නවා. ඒ අන්ත දෙක අතර අඛණ්ඩ විහිදීමක් තියෙනවා. ඒ ඔක්කොම අත්තනෝමතික සංකල්ප.

 

මාර්කටින් ඒජන්සි ඒ මිනිස්සු සෙග්මන්ට් කරලා බිස්කට් විකුණනවා. ජවිපෙ වෛරය විකුණනවා. දෙකම එකයි. චතුරංග ඇඩ් එකට අඬනවා. කිසිම රටක් නැහැ හැමෝම එක වගේ ඉන්න. එහෙම කාලයක් අතීතයේ තිබිලත් නැහැ. අනාගතයේ හැදෙන්නෙත් නැහැ. ඒක තමයි මේ ලෝකයේ විද්‍යාත්මක සත්‍යය. එහෙම තමයි පරිණාමය වෙන්නේ. වෙනස් නොවන දෙයක් පවතින්නේ නැහැ. පැවැත්ම සඳහා මේ විසමය අනිවාර්යයි. ඒක විකුණන් කන එක තමයි ජවිපෙ දේශපාලනය.

 

රට යන්න ඕන මිනිස්සු රට යන්න. ඕන නැති මිනිස්සු ඉන්න. පස්සේ යන්න හිතුනොත් යන්න.

ඔබ මොනවා කළත් ජවිපෙට ඕන විදිහට ජීවත් වෙන්න එපා.

අනුන්ගේ පිරමිඩ්වල කොටුවෙන්න එපා.


ධර්මය අපට මග වේවා!

කිසිම වරදක් නොකළ අඬන බබ්බු - එරන්ද ගිනිගේ(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
2022 අගෝස්තු 19


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්