“මම වෘත්තිය සමිති ගැන වදවෙන්නේ නෑ. වඩා වැදගත් ජනතාවයි. තත්ත්වය වැඩි දියුණු කළහැකි යැයි හිතුණොත් ජනතාව ඒ වෙනුවෙන් පෙනී සිටියි.“

මේ පසුගිය අගෝස්තු මාසයේ දී බි්‍රතාන්‍යයේ ‘ද ඉකොනොමිස්ට්‘ සඟරාව සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී, රජය සතු ව්‍යවසාය ප්‍රතිසංවිධාන කිරීමේදී විශේෂයෙන් වෘත්තිය සමිතිවලින් ඊට දැඩි විරෝධයක් පළවනවා නේද? යැයි ඇසූ පැනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබාදුන් පිළිතුරය.

 

මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධාරණය වූයේ, වත්මන් තත්ත්වය යටතේ වඩා වැදගත් වන්නේ, දේශපාලන හඬට වඩා නිහඬ බඩගින්න බවය.

 

මෙම ප්‍රකාශයට අනුව යමින් ජනාධිපතිවරයා 2023 අයවැය යෝජනාවලියට තමන්ට සිදුවන දේශපාලන වාසි අවාසි පසෙකලා, මේ රටේ අතිබහුතරයක් ජනතාවගේ සිහින අනාගතය සැබෑකිරීම වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි පියවර කිහිපයක් අයවැය යෝජනා ලෙස එක්කර තිබෙනු දක්නට ලැබිණි.

budget 2023

ඒ අතර මේ දිනවල වඩාත් කතාබහට ලක්වන යෝජනාවක් වූයේ, 41.2 වැනි යෝජනාව ලෙස ඉදිරිපත් කරන ලද “ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ඒවායේ පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රථමයෙන්ම පියවර ගනු ඇති අතර, එමඟින් ලැබෙන ආදායම රටේ විදේශ විනිමය සංචිත වැඩි කර ගැනීමටත් රුපියල ශක්තිමත් කිරීමටත් යොදා ගනු ඇත“ යන්නයි.

මෙකී යෝජනාව සම්බන්ධයෙන් පළමු විවේචනය වූයේ, ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණනවා යන්නයි. පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණුවට කමක් නෑ ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණන්නේ ඇයි දැයි ගැටලු සහගත බව බොහෝ විවේචකයන්ගේ අදහස විය.

 

මෙකී විවේචනයට රජය පාර්ශවයේ පිළිතුර වූයේ ලාභ පාඩු පිළිබඳ ගැටළුවක් මෙහි නොමැති බවත්, රජයක් කියන්නේ, ව්‍යපාරික කටයුතු කරන ආයතනයක් නොවිය යුතු බවත් ය. ඒ අනුව රජයේ පැහැදිලි ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස සමාජ සුබසාධන කටයුතු සම්බන්ධයෙන් ඍජු මැදිහත් වීම සිදුකරනු ලබන බවත්, ව්‍යාපාරිකමය කටයුතු නියාමනයට මැදිහත් වනවා මිස පාර්ශ්වකරුවෙක් නොවිය යුතු බවත් ය.

 

මෙකී තීරණයට අනුව සේවා සැපයීමෙන් රජයට ආදායම් උපයනු ලබන රජයේ ආයතන සඳහා පෞද්ගලික ව්‍යවසායකයින්ගේ ආයෝජන අවස්ථා කැඳවීම සිදුකෙරෙනු ඇත.

විශේෂයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා කර ඇති අනෙකුත් සියලු ආයතන සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බොහෝ වෘත්තීය සමිති, විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් කණ්ඩායම්වලට මූලික ගැටලුව වී ඇත්තේ, ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙනි.

 

එදා ටෙලිකොම්

eerf

1886 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජය විසින් රැහැන් දුරකථන 56ක් ද සහිතව ඔරියන්ටල් දුරකථන සමාගම සතුවූ වත්කම් සියල්ල මිලදී ගැනීමෙන් පසු මෙරට විදුලි සංදේශ සේවාව රාජ්‍ය ව්‍යවසායක් බවට පත් විය. එතැන් පටන් වසර 100ක් ඉක්ම ගිය තැන ඍජු දුරකථන දෙලක්ෂ තිස්පන්දහසක් පමණ වූ විදුලි සංදේශ පද්ධතියක් මෙරට ව්‍යාප්තව තිබිණි.

1991 අංක 25 දරණ විදුලි සංදේශ පනතින් විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ වත්කම් හා බැරකම් ශ්‍රී ලංකා ටෙලිකොම් සංස්ථාවට පවරන ලද අතර විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ එවකට සේවයේ යෙදී සිටි නවදහසකට ආසන්න සේවක සංඛ්‍යාව ද නව සංස්ථාවට අන්තර්ග්‍රහණය කිරීමට එකී පනත හරහා (4:28-32) අවශ්‍ය විධිවිධාන සලසා තිබිණි.

 

ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීම

Mangala Telecom

ටෙලිකොම් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පළමුවරට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වූයේ 1996 සැප්තැම්බර් 03 දිනය. ඒ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයාව සිටි දිවංගත මංගල සමරවීර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධිත) පනත් කෙටුම්පත මගිනි.

 

මෙකී පනත් කෙටුම්පත ඉදිරිපත් වූ මොහොතේ ද අද මෙන්ම වෘත්තීය සමිති, විවිධ දේශපාලන කණ්ඩායම් ‘ටෙලිකොම් විකුණනවා, ටෙලිකොම් සේවකයන්ගේ රැකියා අහිමි වෙනවා, මේක පෞද්ගලික අංශයට දුන්නම රටේ ආරක්ෂාව බරපතල ප්‍රශ්නයක් වෙනවා වැනි සුපුරුදු චෝදනා, විවේචන සමාජගත කිරීමට කටයුතු කළේය.

නමුත් අමාත්‍ය මංගල සමරවීර තමන් ගත් තීන්දුව පිළිබඳ වඩාත් විශ්වාසයකින් යුතුව නොබියව සියලු චෝදනාවලට පිළිතුරු ලබාදුන්නා පමණක් නොව ටෙලිකොම් සුරැකීමේ සංවිධානයේ මූලිකත්වයෙන් එදා මහරගම තරුණ සේවා සභා ශාලාවේ ටෙලිකොම් සේවක හමුවක් කැඳවා සියලු සේවකයන්ගේ රැකියා සුරක්ෂිත වන බවත් ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් රටට වාසියක් මිස කිසිදු අවාසියක් සිදු නොවන බවත් ප්‍රකාශ කිරීමට කටයුතු කළේය.

 

ඒ අනුව විවිධ චෝදනා, අවලාද, විවේචන මැද ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධිත) පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට සමත් වූ අතර පනත ප්‍රකාරව ටෙලිකොම් ආයතනයේ 35%ක කොටස් ජපානයේ භඔඔ සමාගමට ද ඉතිරි 65% රජය සතු වන පරිදි ද ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකරන ලදී.

එතැන් සිට වසර කිහිපයක් ගෙවුණු තැන, රජයේ ඇතැම් දේශපාලන මැදිහත්වීම් හමුවේ ජපන් සමාගම සිය හිමිකාරීත්වය අත්හළ අතර පසුව නැවතත් ප්‍රතිව්‍යුගත කිරීමේ සංශෝදනයක් සිදුකරන ලදී. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා රජය සතුව ටෙලිකොම් ආයතනයේ කොටස් 54%ක ප්‍රමාණයක් ද ග්ලෝබල් ටෙලිකොමිකේෂන් හෝල්ඩිං සමාගම සතුව 44.98%ක කොටස් හිමිකාරීත්වයක් ද සතුව ක්‍රියාත්මක වෙමින් පවතී. මෙහි රජය සතු කොටස් හිමිකාරීත්වය තුළ ෑඡත්‍, ෑඔත්‍, ඊධක්‍, භීඊ සහ ශ්‍රී ලංකා ඉන්ෂූරන්ස් සමාගම් සතු කොටස් ප්‍රමාණයන් ද ඇතුළත්ය.

 

ටෙලිකොම් විරෝධී දේශපාලනය

zzzzzzzzzw

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී සිදුකළ යෝජනාව අනුව ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් සඳහා විදෙස් ආයෝජනයක් කැඳවීම ඉතා බරපතළ සමාජ ගැටලුවක් බවට මේ වන විට විපක්ෂ දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා වෘත්තීය දේශපාලන සමිති විසින් සමාජ මතයක් ගොඩනැගීමට උත්සාහ දරමින් සිටිනු දක්නට තිබේ.

 

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ යෝජනාව, තනි යෝජනාවක් ලෙස ව්‍යුක්තව සලකා බැලීමේදී යම් ගැටලු සහගත බවක් ඇති නමුත් අයවැය කතාවේ සමස්තය තුළ එය අවබෝධයෙන් කියවා ගන්නෙකුට එවැනි ගැටලුවක් ඇතිවිය නොහැකි වනු ඇත. මන්ද ලෝකයේ නව ප්‍රවණතාවන්ට ගැලපෙන ලෙස අලුත් ආර්ථික පදනමක් සැකසීමට අවශ්‍ය පියවර ගැනීමටත්, ගෝලීය වෙළඳපොළ ප්‍රවේශය නැංවීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, ඩිජිටල් තාක්ෂණය ආර්ථික හා සමාජ පරිවර්තනය සඳහා යොදාගැනීමට පියවර තබන බවත්, මේ සියල්ල, සමාජ ආරක්ෂණයට මුල්තැන දෙමින් සමාජ වෙළඳපොල ආර්ථික ක්‍රමවේදය අනුව සිදුකරන බවත් අයවැය කතාව තුළ අවධාරණය කළ බැවිනි.

 

ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීමට කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විරෝධය දක්වන බොහෝ දෙනා විවිධ අවස්ථාවල විවිධ තැන්වලදී කර ඇති ප්‍රකාශය නිවැරදි නොවේ. මන්ද ඒ පිළිබඳ රජය කිසිදු අවස්ථාවක, ටෙලිකොම් සමාගමේ රජය සතු සියලු කොටස් පෞද්ගලික ව්‍යවසායකට යටත් කරන බව පවසා නැති බැවිනි.

 

මෙම විරෝධතාකරුවන්ගේ තවත් බරපතල චෝදනාවක් වනුයේ ටෙලිකොම් ලාබ ලබන ආයතනයක් බවත්, එවැනි ලාබ ලබන ආයතන විකුණා දැමීමට කටයුතු කිරීම කිසිසේත් සිදුකිරීමට ඉඩ නොදිය යුතු බවත්ය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව වැනි ආයතන ලාභ ලබන ආයතන ලෙස හඳුන්වන්නේ, එම ආයතන රජය යටතේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තු, සංස්ථා හා සමාගම් සමඟ කරන ව්‍යාපාරික ගනුදෙනු හේතුවෙනි. එම ආයතන රජයේ වීම නිසා රාජ්‍ය සේවා සපයා මුදල් ඉපයීමට ලැබී ඇති නිතරඟ අවස්ථාවන් හමුවේ ලබන ආදායම යනු වෙළඳපොල තරඟකාරීත්යට පිටතින් ලබන්නකි. එනම් එම ආයතන ලාභ ලබන්නේ යැයි වෙළඳපොල කිසිදු න්‍යායක් යටතේ පැහැදිලි කළ හැක්කක් නොවන්නේය. ඒ අනුව ලාභ ලැබීම යනු විරෝධතාකරුවන් ගොඩනගන ලද හුදු අපැහැදිලි ව්‍යාජ තර්කයක් පමණි.

 

එසේම ටෙලිකොම් ආයතනයේ සේවයේ නියුතු සේවකයන්ට තමන්ගේ රැකියාව අහිමි වන බවට, වැටුප්, දීමනා ආදියෙහි ගැටලු ඇතිවන බව පවසා බියගන්වා, ටෙලිකොම් ප්‍රතිව්‍යුගත කිරීමට කිසිසේත් ඉඩ නොදිය යුතු බවට සමාජ මතයක් ගොඩනැගීමට මේවන විටත් කටයුතු කිරීමට විරුද්ධ පක්ෂ, කණ්ඩායම් හා වෘත්තීය දේශපාලන කණ්ඩායම් කටයුතු කර ඇත. එහෙත් එවැනි ගැටලුවක් සිදුවීමට රජය කිසිවිටක කටයුතු නොකරනු ඇත.මන්ද සමාජ ආරක්ෂණයට ප්‍රමුඛත්වය ලබාදෙන රජයකින් එවැන්නක් බලාපොරෝත්තු විය නොහැකි බැවිනි.

 

කෙසේ වෙතත් තරගකාරීත්වයට ඔරොත්තු නොදෙන, අක්‍රීය හෝ නිර්මාණශීලි නොවන මෙන්ම දේශපාලන බලය යටතේ රැකියාව ලබා, අත්සනට හෝ ඇඟිලි සළකුණට සීමා වී වැටුප් ගන්නා සේවකයන්ට මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව දරාගැනීමේ අපහසුවක් ඇති බව පැහැදිලිය.

එවන් තත්ත්වයක් තුළ ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට විරෝධය දක්වන්නෝ හුදු විරෝධයකට එහාගිය බල දේශපාලන වුවමනාවකින් කටයුතු කරන්නේ දැයි සමාජය තුළ සැකයක් නිර්මාණය වීම යුක්ති සහගතය. මන්ද ජාතික සම්පත් සුරැකීම කියන පරණ හණමිටි අදහස ඉදිරියට දමාගෙන ඒ වෙනුවෙන් ආණ්ඩුව පෙරලීම විය යුතු බව මේ විරෝධතා සටන් පුවරුවල සඳහන්ව තිබීම නිසාය.

 

එමෙන්ම ජාතික සම්පත් කියන්නේ මොනවාද යන්න ගැන මේ අය අර්ථකතනය කරන්නේ ළඟ සඟවාගෙන සුරැකිය යුත් දේවල් ලෙසය. එහෙත් මෙහෙම රැකගත් බොහෝ දේ වක්කඩේ හකුරු සැඟවූවා සේ දිය වී ගොස් තිබේ. සාමාන්‍යයෙන් සම්පතක් කියන්නේ වටිනාකමක් සහිත දෙයකි. එනම් එයට මිළක් තිබේ. ගනුදෙනුවක් කළ හැක්කේ මිලක් තිබෙන දෙයක් සමඟය. ශ්‍රී ලංකා ටෙලිකොම් යනු එවැනි වටිනාකමක් සහිතව ගොඩනගපු දෙයකි. එය ගනුදෙනුවකට යොදාගෙන ආදායමක් උපයා ගැනීම වැරදි නැත. විශේෂයෙන්ම පවතින අර්බුදයයන් හමුවේ ඒ සිදුකිරීම කොහොමටවත් වැරදි තීරණයක් නොවේ.

 

ශ්‍රී ලංකාවේ අනාගතය

ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස විමසිල්ලෙන් සොයා බැලීමේදී මෙරට ස්වර්ණමය යුගය ලෙස පැහැදිලිව හඳුනාගත හැකි කාල වකවානුව වනුයේ අනුරාධපුර මානවම්ම යුගයේ සිට මහ පරාක්‍රමබාහු යුගය දක්වා කාලයයි. එකල මෙරට කුළුබඩු, මැණික්, අලි ඇතුන් සහ විශාල වශයෙන් සහල් වෙළඳාම සිදු කළා.

එකල ප්‍රධාන ආනයන අපනයන මධ්‍යස්ථානයක් වශයෙන් වශයෙන් ශ්‍රී ලංකාව සැලකුණා. නව ආර්ථික දැක්ම හා වැඩපිළිවෙල තුළ වන ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනාවල මූලික අභිප්‍රාය වන්නේ ද එකී ස්වර්ණමය යුගය නැවත රටට උදාකර ගැනීමයි.

 

එවන් අරමුණක් ජයගැනීම වෙනුවෙන් මෙරට ආර්ථික පදනම නිවැරදි කරගත යුතුව ඇත. සාර්ව ආර්ථික ස්ථාවරත්වය, වෙළඳපොල තරඟකාරීත්වය, විදේශීය වෙළඳාම හා ආයෝජන කෙරෙහි පූර්ණ අවධානය යොමු කළ යුතුව ඇත.

එසේම සමාජ සාධාරණත්වය පදනම් කරගත් දැනුම මුල්කරගත් තරඟකාරී සමාජ වෙළඳපොල ආර්ථිකයක් (Social Trade Economy) ගොඩනැංවිය යුතුය.

ඒ වෙනුවෙන් කාලාන්තරයක් පුරා මේ සමාජයේ මුල්බැස ගෙන ඇති සංස්කෘතික හා සමාජ ආකල්පයන් වෙනස්කරගත යුතුව ඇත. එසේ නොවන්නට අනාගත දුවා දරුවන්ට ද අපේ පරම්පරාවට මෙන් පොඩි ළිඳක බෙරිහන් දෙන ලොකු ගෙම්බන්ගේ හඬ අසා සිටින්නට සිදුවනු ඇත.

 

- නවන් පතිරත්න
(2022-11-27 Chatham Street Journal )

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්