රටට අප්‍රමාණ ගී සමුදායක් දායාද කළ ප්‍රකට ගීත රචකයකු වූ හේම ශ්‍රී අල්විස් පසුගියදා දැයෙන් සමුගත්තේය.
ඒ සමග එක්තරා පුවත් අඩවියක ඔහුගේ ගීත ලැයිස්තුවක් පළ වූ අතර ඊට 'කඳසුරිදුනි ඔබෙ ඔද තෙද..' යන ගීතය ද ඇතුළත් විය.
එහෙත් 'කඳසුරිදුනි ඔබෙ ඔද තෙද..' යනුවෙන් ප්‍රකට ගීතය රචනා කර සංගීතවත් කර ගායනා කළේ ක්ලැරන්ස් විජේවර්ධන විසිනි.
මේ ගීතය සුපර් ගෝල්ඩන් චයිම්ස් ගායක කණ්ඩායමේ ප්‍රථම ගීතය වූ අතර එහි නිර්මාණ කාර්යය පිටුපස රසවත් කතාවක් සැඟවී තිබේ.
සුපර් ගෝල්ඩන් චයිම්ස් ගායක කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා වූ ශ්‍රීකාන්ත දසනායක රිය අනතුරකට මුහුණ පෑ අවස්ථාවේ ඔහුගේ පියා බාරයක් වී ඇත.
බාරය වූයේ තම පුතා සුව වූ පසු කතරගම දෙවියන් ඉදිරියේ දෙවියන් උදෙසා ගීතයක් ගායනා කර බාරය ඔප්පු කරන බවටයි.
ඒ අනුව එම "බාර"ගීතය ලිවීම බාර වූයේ ක්ලැරන්ස් විජේවර්ධනටයි.
පසුව එය "සූරිය" ලේබලය යටතේ තැටියකට නංවන ලදි.
ශ්‍රීකාන්ත දසනායක
හේම ශ්‍රී අල්විස් ද කතරගම දෙවියන් වෙනුවෙන් ගීතයක් රචනා කෙළේය.
ඒ, වික්ටර් රත්නායක ගේ පළමු ගීත හතරෙන් එකක් වූ " මයුරාසන මත වැඩ හිදිනා - කඳසුරිදුනි ඔද තෙද රඳනා..." නම් ගීතය යි.
පටලවාගෙන තිබුනේ මේ ගීත දෙකයි.
මේ නිවැරදි කිරීම අප විසින් කරනුයේ නොදැනුවත් කම නිසා හෝ ඉතිහාසය විකෘති කිරීමට ඉඩ හැරීම බලවත් අපරාධයක් වන හෙයිනි.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න