බුද්ධි අංශ නාමයෙන් අපරාධකරුවන් නිදහස් කරගැනීමේ රාජපක්ෂ මතවාදය

ජාතික විපතකදි බොරදියේ මාළු බාන්නට ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් අති සමත් බවට අමුතුවෙන් උදාහරණ අවශ්‍ය නැත. ඊට අදාල අතීත උදාහරන ඕනෑ තරම් තිබේ. පාස්කු ඉරිදා කතෝලික හා ක්‍රිස්තියානි දේවස්ථාන වලටත් තරු පංතියේ හෝටල්වලටත් එල්ල වූ ප්‍රහරයේදීත් බොරදියේ මාළු බෑමේ මේ බාල දේශපාලනය යළි ඉස්මතු විය.

එහි ප්‍රමුඛයන් වූයේ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂය

ඔවුන් දෙදනාම කළ දුටු කළ වල ඉහගන්නවා සේ කිවේ බුද්ධි අංශ දුර්වල කිරීම මේ ප්‍රහාරවලට හේතුව බවය. ඔවුන් කී බුද්ධි අංශ දුර්වල කිරීම යනු බුද්ධි අංශ නිළදාරීන්ව අත්අඩංගුවට ගෙන නඩු පවරා රිමාන්ඞ් බන්ධනාගරගත කිරීමය. හැබැයි මේ අයියා මල්ලි දෙපළ එම බුද්ධි අංශ නිළදාරීන්ව අත්අඩන්ගුවට ගෙන ඇත්තේ ඇයිදැයි යන්න කිවේ නැත. එම ශ්‍රී මුඛ වාක්‍ය එලෙසින්ම ප්‍රචාරය කළ මාධ්‍ය කිසිවක්ද ඔවුන් අත්අඩංගුවට පත්වූයේ ඇයිදැයි යන්න කීවේද නැත.

එමෙන්ම මහින්ද රාජපක්ෂ අභිබවමින් ගෝඨාභය රාජපක්ෂ මෙවැනි විපතකින් රට බේරා ගත හැකි ආකාරයේ නායකයා ඔහු බව අඟවමින් ඉදිරි ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් වන බවද කිවේය. දැනට නිශ්චිත වී ඇති දින වකවානු අනුව මේ වසරේ අවසන් මාස දෙකේ ජනධිපතිවරණය ප්‍රකාශයට පත්විය යුතුය. එහෙත් තමාගේ ධුරකාලය ආරම්භ වන්නේ 19 වැනි සංශා්ධනය ආරම්භ වන දිනයෙද යන්න පිළිබඳව ජනාධිපතිවරයා මතය විමසු විමසුවහොත් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේන් ලැබෙන පිළිතුර අනුව සමහරවිට එම දින වකවානු තවත් මාස කිහිපයක් කල් යා හැකිය.

කෙසේ වෙතත් මේ වසරේ අග වු කලීද දැනට කල් වැඩි දිනයකි. ජනාධිපතිවරණය යන්න විශේෂයෙන්ම සිදු වූ මේ ජාතික විපතට අඳාල නැති දෙයකි. ඒ නිසාව මේ පුද්ගලයන්ව ජාතික නායකයන් යැයි නම් කළ හැකිද?

නැවත ප්‍රධාන මාතෘකාවට ආවොත් රාජපක්ෂලා අනුව යමින්ම අස්ගිරි පාර්ශවයේ මහානායක ඇතුළු හාමුදුරුවරුද, ඕමල්පේ සොබිත, බෙංගමුවේ නාලක යන ආන්තික අදහස් දරන භික්ෂූන්ද කොන්දේසි විරහිතව සියළු බුද්ධි අංශ නිළධාරීන්ව නිදහස් කරන ලෙස ඉල්ලා තිබේ.
මේ ආකරයට කොන්දේසි විරහිතව නිදොස් කොට නිදහස් කරන්නැයි රාජපක්ෂවරුන් හා භික්ෂූන් ඉල්ලන මේ බුද්දී අංශ නිළධාරීන් යනු කවුරුන්ද? ඔවුන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වද හිංසා කිරීම, මාධ්‍යවේදි උපාලි තෙන්නකෝන් පැහැරගෙන යෑමට උත්සහා කිරීම, මාධ්‍යවේදි නාමල් පෙරේරා පැහැරගෙන යෑමට උත්සහා කිරීම, රගර් ක්‍රීඩක වසීම් තාජූදීන් මරාදැමීම හා කප්පම් ගැනීම සඳහා ශිෂ්‍යයන් පස් දෙනෙකු ඇතුලු 11 දෙනෙකු පැහැරගෙන ගොස් මරාදැමීමට අදාල සැකකරුවන්ය.

බුද්ධි අංශ සාමජිකයන්ගේ කාර්ය වන්නේ බුද්ධි තොරතුරු එක්රැස් කිරීම, ඒවා විශ්ලේශනය කිරීම හා ඊට අදාලව උපදෙස් නිකුත් කිරීම මිස පුද්ගලයන් පැහැරගෙන යාම හෝ පුද්ගලයන් ඝාතනය කිරීම නොවේ. එසේම ඉහත කී ඝාතනයට ලක් වූ හෝ පැහැරගැනීමට ලක්වූ හෝ පැහැරගෙනයාමට උත්සහා දැැරුනු පුද්ගලයන් කිසිවෙකු එල්ටීටීඊ සංවිධානයට අයත් හෝ ඊට සම්බන්ධ පුද්ගලයෝ නොවෙති. එමෙන්ම මෙම පුද්ගලයන්ව පැහැරගන්නේ හෝ මාරාදමන්නේ යුද්ධය පැවති කාලයේදී හෝ යුධ කාලාපවලදී නොවේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවස්ථා ගණනාවක පැවති මාධ්‍ය හමුවලදි ප්‍රකාශ කර ඇත්තේ නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් කප්පම් ලබා ගැනීම සඳහා පැහරගෙන ගොස් මරා දමන ලද ශිෂ්‍යයන් පස් දෙනා ඇතුලු පුද්ගලයන් 11 දෙනා කිසිදු ත්‍රස්තවාදී කටයුත්තකට සම්බන්ද බවට කිසිදු වාර්තාවක් නොමැති බවයි. රගර් ක්‍රීඩක වසීම් තිජූදීන් ගැනද එහත කී මාධ්‍යවේදීන් ගැනද ඒ සම්බන්දයෙන් කිව හැක්කේ එයමය. තාජූදීන් රගර් ගැසුවේය, මාධ්‍යවේදීන් මාධ්‍යකරණයේ යෙදුනෝය.

ශිෂ්‍යයන් පස් දෙනෙකු ඇතුලු පුද්ගයන් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීම සඳහා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ නඩුවට අඳාල නාවික සමාජිකයන් 14 දෙනෙකු මේ වන විට සැකපිට අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ඒ අය අතර හිටපු නාවික හමුදාපතිවරයකුවූ වසන්ත කරන්නාගොඩද සිටි. මේ සියල්ලන්ම දැනට සිටින්නේ අධිකරණ ඇපමතය. මේ අය අතරින් නාවික හමුදා බුද්ධි අංශ සමාජිකයන් වශයෙන් නිළ වශයෙන් සිටින සැක කරුවන් දෙදෙනා වන්නේ ඩී. කේ. පී. දසනායක හා සුමිත් රණසිංහ යන නිළධාරි දෙදෙනා පමණි. අනික් අය නාවික හමුදා බුද්ධි අංශ සාමාජකයන් නොවේ. ඔවුන් නාවික හමුදාවේ වෙනත් අංශවල සමාජිකයින්ය. ඔවුන් කප්පම් ලබාගැනීම සඳහා නිති විරොධි කල්ලි වලට සම්බන්ධ වූ පුද්ගලයන්ය. එමෙන්ම වසන්ත කරන්නාගොඩ හැරුනු විටි අනික් සියළු දෙනාම නාවික හමුදාව තුල දැනට සේවය කරයි. සුමිත් රණසිංහ තවමත් කටයුතු කරන්නේ නාවික හමුදා බුද්ධි අංශයේය.

ප්‍රගීත් එක්නැල්ලිගොඩ අතුරුදහන් කිරීමට අදල නඩුවේ සැක කරුවන්ගේ තත්ත්වයද මීට සමානය. එහි සිටින සැකකරුවන් ගනණ 11කි. ඉන් එක් අයෙකු විශ්‍රාම ගොස්ය. තවත් අයෙකු සොරකමකට වැරදිකරුවී යුධ හමුදාවෙන් ඉවත් කර ඇත. ඇප ලැබූවන් යුධ හමුදාව තුල රාජකාරි කරති.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන යාම උපාලි තෙන්නකොන් හා නාමල් පෙරේරා පැහැරගෙන යෑමට තැත්කිරීම යන සිද්ධි සියල්ලටම එකම යුධ හමුදා කණ්ඩායමක් සම්බන්ධ වී ඇති බව දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබේ. මේ පිරිස එකල අනුයුක්තව කටුයුතු කර ඇත්තේ මරදාන ටි්‍රපොලි අංගනයේ පවත්වාගෙන ගිය හමුදා කන්ඩයටය.

අධිකරණයෙන් ඇප ලැබුණු එම සිද්ධීන්වලට සම්බන්ධ සියළු හමුදා සමාජියන් අද වැඩ තහනමකට ලක් නොවි රාජකාරියේය. ඔවුනට අබ මල් රේනුවක තරම්වත් හානියක් සිදුවී නැත. නමුදු වෙනත් අපරාධ සම්බන්දයෙන් සැකයට පාත්‍රවී රිමාන්ඞ් බන්ධනාගාරගතව ඇප ලබා පැමිනෙණ අනෙකුත් ත්‍රිවිධ හමුදා සාමාජිකයනට නඩු වලින් නිදොස් වන තෙක් යලි රැකියා ලැබෙන්නේ නැත. එහෙව් ත්‍රිවිධ හමුදා සමාජිකයන් ඕනෑතරම්ය. අපරාධයක සැක කරුවන් හා වග උත්තරකරුවන් වූ මේ හමුදා සමාජිකයින්ව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා සිටින භික්ෂූන් හා රාජපක්ෂවරුන් වැඩ තහනමට ලක්වී සිටින අනික් හමුදා සාමාජිකයින් ගැන කියන්නේ කුමක්ද? හමුදා සමාජිකයෙකු වූ පමනිණ් අපරාධකරුවන්ව අප නිදහස් කරනවාද? රටේ නීතිය හමුදා අපරාධ කරුවන්ටත් අනෙකුත් අපරාධකරුවන්ටත් වෙනස් ලෙස අප යොදා ගන්නවාද?

 ඒ එක් කරුණකි. අනෙක් කරුණ වන්නේ අතේ ඇඟිලි ගණනක් වන් මේ හමුදා අපරාධකරුවන් නැතැයි කියා බුද්ධි අංශ අකර්මන්‍ය හෝ කඩා බිඳ වැටිමක් සිදුවනවාද යන්නයි.
අප නිශ්චිතවම කතා කරන පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්දයෙන් අවශ්‍ය තරම් බුද්ධි තොරතුරු ලැබී තිබේ. සිදු වී ඇත්තේ එම තොරතුරු වලට අදාලව ක්‍රියාත්මක වීමේ දේශපාලන තීන්දු තීරන නොගැනීම හා නිළධාරි තීන්දු තීරණ නොගැනීම පමණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇති පරිදි රටේ බුද්ධි අංශවල 12,000ක පමණ පිරිසක් කටයුතු කරති. හමුදාවේ හා පොලීසියේ රාජකාරීවල නියතු සෘජු පිරිස මෙන්ම ඔත්තුකරුවන් වශයෙන් යොදා ගන්නා පිරිසද ඒ අතර සිටිය හැකිය.

දැනට හමුදාවල හො පොලීසියේ බුද්ධි අංශවල සිටින පිරිසද කවදා හෝ විශ්‍රාම යා යුතුය. නැතහොත් එම හමුදාවල හෝ පොලීසියේ අවශ්‍යතාවය මත ඒවයේ වෙනත් අංශවලට අනුයක්තව සේවය කළ යුතුය. එවැනි තත්ත්වයන් සාමාන්‍ය ආයතන පඨිපාටිය මිස බිල්ලකු මැවීම සඳහා හේතුවක් නොවේ. එසේම අපරධායකට හෝ වෙනත් වරදකට හසුවී රිමාන්ඞ් වීම හෝ වැඩ තහනම් වීමද ඊට සමාන සාමන්‍ය තත්ත්වයකි.

අප තේරුම් ගතයුතු ඇත්ත වන්නේ මංගල සමරවීර අමාත්‍ය වරයා මෙම භික්ෂු ප්‍රකාශවලට පිළිතුරු වශයෙන් කියා ඇති පරිදිම මෙම බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බුද්ධි රාජකාරී කිරීම නිසා නොවන බවයි. මිනී මැරීම, මිනී මැරීමට ආධාර අනුබල දීම හා සුදු වෑන් පැහැර ගැනීම වැනි අපරාධ සම්බන්ධයෙන් බවයි.

එමෙන්ම ඉහතින් සදහන් කළ අපරාධ කිරීම සඳහා බුද්ධි අංශවල යැයි කියාගත් හමුදා සාමාජිකයන්ට කිසිදු පුද්ගලික උවමනාවක් තිබූ බවට හදුනා ගත හැකි කරුණු නැත. එහි තේරුමවන්නේ කාගේ හෝ ඉහල අණක් ඔවුන් ක්‍රියාත්මක කළා යන්නයි. (කප්පම් ගැනීම සඳහා මරා දැමීම හැර) එසේ අණ ලබා දුන් පිරිස් වලට මෙවැනි විපත් අවස්ථා ඔවුන්ගේ අණ ක්‍රියාත්මක කළ ගෝලයන් බේරාගැනීමට ලැබුනු මහඟු අවස්ථාවක් ලෙස පෙනීමද
අරුමයක් නොවේ.

එමෙන්ම තවදුරටත් අප අමතක නොකළ යුතු කාරණය වන්නේ ඔය කියන තරම් බුද්ධි තොරතුරු ජාලය ශක්තිමත්ව තිබුණා යැයි කියන රාජපක්ෂ පාලන කාලයේ පවා මරාගෙන් මැරෙන බෝමබ ප්‍රහාරයන් සිදුවූ බවය. කොටින්ම ගෝඨාභය රාජපක්ෂ ඉලක්කකරගෙනද බෝමබ ප්‍රහරයක් එල්ල වූ බවය.

එහෙවු ගෝඨාභය රාජපක්ෂලාගේ පාලන කාලයේ ජාතික බුද්ධි ප්‍රධානියා වූ කපිල හෙන්දාවිතාරන ආරක්ෂාව භාරව කටයුතු කළ ෂ්‍රැංග්‍රිලා හෝටලයේ උදෑසන බොජන සංග්‍රහය තුල එකක් නොව මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාර දෙකක්ම ක්‍රියාත්මක වූ බවය. ■

ලසන්ත රුහුණගේ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්