පසුගිය පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දවසේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මොණරාගල පැවැති ජාතික ජන බලවේගයේ ඡන්ද රැස්වීමක් අමතා

රටපුරා ජනතාවට ආරාධනාවක් කළේය. ඒ

”අපි සැලසුම් කරලා තමුන්නාන්සේලාට කියන්නම්, එදාට පාරට බහින්න ලෑස්තිවෙලා ඉන්න” 

කියාය. ජවිපෙ නායකයා මෙවැනි ප්‍රකාශයක් සිදුකළේ එදින පෙබරවාරි මැතිවරණ කොමිසම කරන ලද ප්‍රකාශයක් පාදක කරගෙනය. ඒ මුදල් ගෙවීමකින් තොරව පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සිදු කළ නොහැකි බවට රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දීමෙන් පසු ඇති වී තිබෙන තත්ත්වය ගැන මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර පැවැත්වූ සාකච්ඡාවක් අවසානයේ දී පෙබරවාරි 15 සැලසුම් කළ පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීමට නොහැකි බව කරන ලද ප්‍රකාශයයි. මෙම ප්‍රකාශය ජනමාධ්‍ය හරහා ප්‍රචාරය වූයේ දින නියමක් නොමැතිව තැපැල් ඡන්දය කල් දමා ඇත කියාය.


මෙම ප්‍රකාශය පාදක කරගෙන ජවිපෙ නායකයා සිය දේශපාලන ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් බරපතළ තීන්දුවක් ගෙන ඇති බව පැහැදිලිය. ඒ ආර්ථික අර්බදුයකින් පීඩා විඳින රට අරගලකාරී අරාජිකත්වයකට ඇදදැමීමට උත්සාහ කිරීමයි. ඔවුන්ගේ උත්සාහය මැතිවරණය කල් දැමීම ආණ්ඩුවේ වැඩක් බව සමාජය ඒත්තු ගන්වා නැවතත් මහපාරට මිනිස්සු ගෙන්වා ගෙන, රාජ්‍ය මර්දනය කැඳවාගෙන රට තවදුරටත් බරපතල අරාජිකත්වයකට ඇද දැමීමටයි.  එවිට මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි ද අර්බුදයෙන් අර්බුදයට රට තල්ලු කරමින් සිටිනවා යැයි ද වහාම ආණ්ඩුව පන්නා දැමිය යුතු යැයිද ඔවුන් විසින් සමාජගත කරමිනි ඇති කුප්‍රකට පණිවිඩය මුවහත් කර ගත හැකිය.

ඉන් ලැබන වාසි සහගත අවස්ථාවේ මේ අර්බුදයෙන් රට මුදවා ගත හැකි එකම ගැලවුම්කරුවා තමන් යැයි පවසා සිය ඡන්ද ගොඩ වැඩිකරගෙන රාජ්‍ය බලය ඩැහැගැනීමට  උත්සාහ කිරීමයි. එය එක්අතකින් විපක්ෂයේ දේශපාලන පක්ෂයක් ලෙස අතිශය සාධාරණ විය හැකිය. නමුත් එය අපරාධයක් නොවන්නට නම්, අර්බුදය විග්‍රහා කරන අටුඅටිකා ටිප්පනීවලට එහා ගිය අර්බුදයෙන් රට මුදවා ගත හැකි යැයි විශ්වාස කළ හැකි මට්ටමේ පැහැදිලි සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔවුන් සතුව තිබිය යුතුය. අද තව වෙනතුරු එවැනි පැහැදිලි නිසි වැඩපිළිවෙළක් ඔවුන් සතුව ඇතැයි සමාජය හමුවේ තහවුරු කිරීමට අසමත්වීමම රැලි දේශපාලනයේ ඛේදවාචකයකි.  

 

මේ අර්බුදයෙන් රට මුදවා ගත හැකි එකම ගැලවුම්කරුවා තමන් යැයි පවසා සිය ඡන්ද ගොඩ වැඩිකරගෙන රාජ්‍ය බලය ඩැහැගැනීමට  උත්සාහ කිරීමයි. එය එක්අතකින් විපක්ෂයේ දේශපාලන පක්ෂයක් ලෙස අතිශය සාධාරණ විය හැකිය. නමුත් එය අපරාධයක් නොවන්නට නම්, අර්බුදය විග්‍රහා කරන අටුඅටිකා ටිප්පනීවලට එහා ගිය අර්බුදයෙන් රට මුදවා ගත හැකි යැයි විශ්වාස කළ හැකි මට්ටමේ පැහැදිලි සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔවුන් සතුව තිබිය යුතුය. අද තව වෙනතුරු එවැනි පැහැදිලි නිසි වැඩපිළිවෙළක් ඔවුන් සතුව ඇතැයි සමාජය හමුවේ තහවුරු කිරීමට අසමත්වීමම රැලි දේශපාලනයේ ඛේදවාචකයකි.  


අනෙක් පසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය නම් කළේ ද තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනයට බෙදාහැරීමට නොහැකි බව ප්‍රකාශ කළේ ද මැතිවරණ කොමිසන් සභාව විසිනි. එය ද මැතිවරණ කොමිසමේ පෞද්ගලික වුවමනාවට ගත් තීන්දුවක් නොවන අතර මේ වනවිට රටේ පවතින බරපතල මූල්‍ය අර්බුදය හේතුවෙන් මැතිවරණයක් වෙනුවෙන් මුදල් වෙන් කිරීමට මහා භාණ්ඩාගාරය සතුව මුදල් නොමැතිවීම හේතුකොටගෙනය. මේ බව විපක්ෂයේ උදවිය මැනවින් දැන සිටිය ද ඔවුන් කියන්නේ, කෙසේ හෝ මැතිවරණය පැවැත්විය යුතු බවය.


අනුරලා, සජිත්ලා, ජී.එල්ලා මේ කියන්නේ, දෛනික ආහාර වේලවත් නිසියාකාරයෙන් සරිකරගැනීමට නොහැකි මේ රටේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් වෙන්කර ඇති සමාජ සුබසාධන මුදල ආපසු හරවා මැතිවරණයට එය වියදම් කරන ලෙසද? එලෙස මැතිවරණයට මුදල් වියදම් කළ පසු අන්ත දිළිඳු ජනයාගේ කුස පිරෙන බවද?
 
 
නැතිනම් ආර්ථික අර්බුදය තවත් උග්‍රකරමින් මුදල් අච්චුගසා මැතිවරණය පවත්වන්න කියා ද? එසේ නොමැති නම්, මේ රටේ සමස්ත ජනතාවගෙන් 10%කත් අඩු ඉහළ ආදායම් ලාභීන්ට පැනවූ ආදායම් බද්දට එරෙහිව මාරාන්තික විරෝධයක් දක්වන විපක්ෂයේ මහත්වරුන්ට මේ රටේ අන්ත දුක් විඳින ලක්ෂ ගණනක් මිනිස්සු ගැන කිසිදු හැඟීමක් නැද්ද? තමන්ගේ බල දේශපාලන වුවමනාවන් සන්තර්පනය කරගැනීම වෙනුවෙන් එදාවේලවත් හොයාගන්න බැරි අසරණ මිනිස්සු බිල්ලට දෙන්න ද මේ විපක්ෂය කියන්නේ?
 
zsdfer54


පොකට් පිරෙන කොට පිකට් නැතිවෙනවා
 
පොකට් එකට වාසි වුණොත් පිකට් එකට අවාසියක් කියලා දේශපාලනය කරන සියල්ලෝම සහසුද්දෙන්ම දන්නා කරුණකි. එවැනි අවබෝධයක් සහිත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ වැඩබාරගත් පළමු මොහොතේ සිට මේ රටේ සියලු මිනිසුන් පොදුවේ මුහුණ දුන් ආර්ථික අර්බුදයට ක්ෂණික පිලියම් සොයා ආර්ථික ස්ථායිතාවයකට පත්කිරීමට කටයුතු කළේ ද ඒ හේතුවෙනි. තෙල් පොලිම්, ගෑස් පෝලිම් අද නැත. එසේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලැබෙමින් පවතී.
 
එපමණක් නොව කිසිවකු අත්නොහැරෙන සේ සමාජ සුබසාධන කාර්ය සැලසුම් සහගතව දියත් කරමින් සිටියි. තවද ආර්ථික කළමනාකරණය නිවැරදිව සිදුකළ යුතු බැවින් පුද්ගලිකවත් දේශපාලනිකවත් අවාසි සහගත වුව ද අසීරු තීන්දු තීරණ ගනිමින් රට යහමගට ගැනීමේ වැඩපිළිවෙළ  පෝෂණය කරමින් සිටියි. මේ වැඩපිළිවෙළ තව කෙටි කාලයක් මේ ආකාරයට සාර්ථකව ක්‍රියාත්මක වුවහොත් විපක්ෂයේ බලදේශපාලන වුවමනාවන් සහිත පුද්ගලයන්ට බරපතළ අවාසියක් බව ඔවුන් තේරුම් ගෙන ඇති බව පැහැදිලිය.

dfsdfe34
 
පසුගිය කාලයේ අර්බුදයෙන් අර්බුදයට ගිය මේ රටේ ආර්ථිකය යම් ස්ථායිතාවයකට පත්ව රටේ සියලු වැසියන්ට තම තමන්ගේ කාර්යයන් නිදහසේ සිදුකරගත හැකි වාතාවරණයක් නිර්මාණය වුවහොත් අද දවසේ විපක්ෂයේ උදවිය ජනතාව ඉදිරියේ මවන සිහින මාළිගා ඇතුළට හෙට දවසේ මිනිසුන් ගාල් වෙන්නේ නැත. පිකටිං, උද්ඝෝෂණ, අරගල හෝ කඩාකප්පල්කාරී කිසිදු කාර්යයකට ජනයා සහභාගී නොවනු ඇත. එය විපක්ෂයට සහමුලින්ම අවාසියකි. 
 
 
ඒ නිසාම හැකි සෑම අවස්ථාවක්ම උපයෝගී කොටගෙන ඔවුන් සිදුකරමින් සිටින්නේ, සමාජ ආර්ථික අර්බුදය නඩත්තු කිරීමට කටයුතු කිරීම සහ එය තව තවත් පීඩාකාරී වන තැනට කටයුතු කිරීමයි. විපක්ෂයේ උදවිය පසුගිය කාලය පුරාම සිදුකළ සෑම ක්‍රියාකාරකමක් දෙසම විමසිලිමත්ව බැලූ කළ එය පැහැදිලිව හඳුනාගත හැකිය.


අරගලයේ කන්නලව්ව
 
sdfwer

විපක්ෂයේ උදවියගේ සූදානම පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව පෙරළා දැමීමටය. මැතිවරණ සමීක්ෂණ වාර්තා නිරීක්ෂණ කිරීමේදී පැහැදිලි වන්නේ, එය එතරම් පහසුවෙන් සිදුකළ හැක්කක් නොවන බවය. මන්ද සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් තුන්කොන් සටනක නිරතව ඇති බැවිනි. මෙකී   සමීක්ෂණ වාර්තා අනුව පළාත් පාලන මැතිවරණයේ පැහැදිලි තනි බලයක් එක් පක්ෂයකට ලැබෙන ආකාරයක් නිරූපණය නොකරන අතර බහුතරයක් පළාත් පාලන ආයතන තුළ අකමැත්තෙන් වුවද සන්ධාන ආණ්ඩු ගොඩනැගීමට සිදුවනු ඇත. එය ප්‍රාදේශීය පරිපාලනයට  එතරම් හිතකර තත්වයක් නොවනු ඇත. ඒ මෙතෙක් කලක් සන්ධාන ආණ්ඩු අටවාගත් කිසිදු පළාත් පාලන ආයතනයක සාර්ථක පාලනයක් සිදු කර නොමැති බැවිනි. එය එසේ වුවද විපක්ෂයට අවශ්‍ය මැතිවරණය කෙසේ හෝ පවත්වා තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කිරීමය.

විපක්ෂයේ මේ වැඩවලින් රට අරාජික වුවද අර්ථික අර්බුදය තව තවත් දරුණු පීඩාකාරී වුවද එය ඔවුන්ගේ ප්‍රශ්නයක් නොව ආණ්ඩුවේ ප්‍රශ්නයකි. විපක්ෂයේ පැහැදිලි කිරීම එයය. ඒ අනුව විපක්ෂය දැන් දැන් අරඅදින්නේ නැවතත් ආණ්ඩු විරෝධී අරගලයකට ජනතාව පොළඹා ගැනීමටය.  ජවිපෙ නායක අනුර දිසානායකගේ මොණරාගල කන්නලව්ව ඒ වෙනුවෙන්ය. 
 
ගෝඨා ගෝ හෝම් පන්නයේ අරගලයක් නැවතත් කැඳවීම යනු මේ වන විට දරුණු ඇදවැටීමකට ලක්ව ඇති රටේ සමාජ ආර්ථික දේහය තවදුරටත් ගැඹුරු අගාධයක් වෙත ඇදගෙන යාමකි. කාලාන්තරයකට ගොඩගත නොහැකි රටක් නිර්මාණය කිරීමකි. මන්ද ගෝඨා ගෝ හෝම් අරගලය රට පුරා ගිනි පූජාවකින් අවසන් කළ නමුත් දැන් මේ කන්නලව් කරන්නේ ගිනි පූජාවකට එහා ගිය බිලි පූජාවකට වන බැවිනි.  
 
 
කෙතරම් ම්ලේච්ඡ වුවද එය විපක්ෂයේ මහත්වරුන්ට අදාළ නැත. ඒ බල දේශපාලන පෙරේතකම අන් සියල්ලටම වඩා උසස් යැයි ඔවුන් කල්පනා කරන බැවිනි.


ඡන්ද තියන්න රටක්

නිසි කලට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩු පාලකයන්ගේ ප්‍රමුඛ වගකීමකි. එහි විවාදයක් නැත. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන ඉලක්කය ද අසීරුම මොහොතක පවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිම වන බැවිනි. එය මැනවින් ජනපති රනිල් දනී. නමුත් අද අපි සිටින්නේ, මැතිවරණයක් පැවැත්වීමට තරම් හැකියාවක් සහිත රටක නොවන බව තේරුම් ගත යුතුය. පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ දේශපාල බලාධිකාරය පමණක් නොව රජයේ නිලධාරීන් ද මේ පිළිබඳ කරුණු අනාවරණය කර තිබිණි.
 
unp xmcnzmx
 
ඕනෑම ආණ්ඩුවක මහ භාණ්ඩාගාරය මුදල් වෙන් කරනු ලබන්නේ, නිසි ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුවය. මේ මොහොතට අදාළව ගත්විට ලංකාවේ ප්‍රමුඛතම කාර්ය රටේ මිනිසුන් ජීවත් කරවීමය. ඒ වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට සිදුව ඇත. සමාජ සුබසාධන වැඩපිළිවෙළ දියත් වන්නේ ඒ වෙනුවෙනි. එවන් මොහොතක මැතිවරණයකට  රුපියල් මිලියන 10,000ක් වැනි අති විශාල මුදල් සම්භාරයක් යට කිරීම යනු අර්ථික අවපාතයේ පහළම ස්ථරයේ අසීරුවෙන් දිවි ගෙවන දහස් ගණනක මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් නොවේ යැයි කිසිවකුට සාධාරණීයකරණය කළ හැකි නොවේ.

 
ඒ අනුව මේ මොහොතේ ජනතාවට තෝරාගැනීම් දෙකක් ඇත. එක විපක්ෂයේ උදවිය කියන ආකාරයට රට තවතවත් අරාජිකත්වයට ඇද දමා හෝ මැතිවරණය පවත්වා ඉන් ජයගන්නා දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට රට සුඛිත මුදිත කිරීමට අවස්ථාව ලබාදීමයි.
 
දෙවැන්න, මේ සා විශාල ආර්ථික අර්බුදයකට ලක්ව ඇති රටේ බලදේශපාලන වුවමනාවන් සහිත කිහිපදෙනෙකුගේ සිත් සුවපත් කිරීමේ අරමුණින් මැතිවරණයකට ප්‍රමුඛතාවය ලබාදීම වෙනුවට නිදහසේ මැතිවරණයක් පැවැත්විය හැකි ආර්ථික ස්ථායිතාවයක් සහිත රටක් ගොඩනැගීමට එකතු වීමය.
 

මේ කරුණු ද්විත්වයෙන් එකක් අනිවාර්යෙන් තෝරා ගත යුතුව ඇත. එය තමන් වඩාත් කැමැති දේ නොව වඩාත් නිවැරදි දේ විය යුතුය. රට වැසියාගේ ජීවිත සුරක්ෂිත කරන තීන්දුවක් විය යුතුය. රට තවත් අඳුරේ හෙළන තීන්දුවක් නොවිය යුතුය. දේශපාලන වෙනස්කම් කොතෙක් තිබුණ ද  එකිනෙකාට වෙනසක් නොකරන තීන්දුවක් විය යුතුය. සියලු පුරවැසියාම ඒ වෙනුවෙන් පෙළගැසිය යුතුය. පටු දේශපාලන අවස්ථාවාදයට රට විනාශ කිරීමට ඉඩ නොදිය යුතුය. එවිට සමස්ත පුරවැසියාම දෑත් ඔසවා ඔල්වරසන් නගනු ඇත.
 
නවන් පතිරත්න
උපුටා ගැනීම -  Chatham Street journal  – 2023-02-19

 

fgrt

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්