දමිතා අබේරත්න ගාලුමුවදොර බිමේ ප්‍රබල විප්ලවීය කාන්තා චරිතයක් ලෙස ඉස්මතු වීමත්, ඒ හරහා ඇය දේශපාලනිකව වැදගත් සංඛේතීය වටිනාකම් රැසක් ලබාගැනීමත් අතීතයට එක්වී තිබේ.
ඇගේ අලුත්ම කලඑලි බැසීම සමගි ජන බලවේගයේ පොලොන්නරුව රැලියේදී දකින්නට ලැබූ අතර ඇය එහිදී 88/89 ජ.වි.පෙ. කැරැල්ල පිළිබඳව නිර්දය විවේචනයක් කළාය.
උපුටා ගැනීම - අද දෙරණ
ඇය විසින් අතීත අරගල බිමේදී කල ආයෝජනය සදහා ප්‍රතිලාභ වර්තමානය තුලින් ලබාගනිමින් තිබේ.
ඇගේ දේශපාලනය පිළිබඳව තෝරාගැනීම ඇගේ අයිතියක් බැවින් ඊට ප්‍රතිපත්තිමය වශයෙන් විවේචනයක් ගෙනෙනවා හැර ඇගේ තෝරාගැනීම ප්‍රශ්න කරමින් විවේචනය කිරීම නොකළ යුත්තකි.
නූතන විහාරමහා දේවිය වශයෙන් නම් කරනු ලැබූ හා වාමාංශික, රැඩිකල් අරගලකරුවන් අතර වීරවරියක හා පරමාදර්ශයක් වූ ඈ, දැන් ඉතාම පහත් තත්ත්වයේ නිග්‍රහ කිරීම් වලටත් ඇගේම පුද්ගලික ජීවිතයේ ඇති ගැටලු හරහා මඩ ගැසීමටත් ලක්වී ඇත.
ඇය වෙනත් වාමාංශික පක්ෂයක (ජ.වි.පෙ. හෝ පෙරටුගාමී) වේදිකාවකට ගොඩ වූවානම් ඇයට ස.ජ.බෙ. තුලින්ද මෙවැනිම ප්‍රතිචාර ලැබෙන්නට තිබුනි. ඇගේ දේශපාලනය පුද්ගලික කැමැත්තක් හැටියට නම් කිරීමට ඇති නොකමැත්ත ලාංකීය දේශපාලනය තුල ඇති මුග්ධ ග්‍රාමීය චින්තනයට ඇති හොදම උදාහරණයකි.
එසේම දමිතාද, ක්‍රියාකලේ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් බැවින් ඒ සදහා සජිත් ප්‍රේමදාසගේ ඇති, ඔබ දුටු ප්‍රතිපත්ති මොනවාදැයි ඇගෙන් ප්‍රශ්න කල යුතුය. ඒ සදහාද ඇති අයිතියද ආරක්ෂා කල යුතුය. නමුත් එයද කල යුත්තේ මඩගැසීම් වලින් තොර මතවාදීමය තලයේය.
(carbonnews.lk)