පෞද්ගලික මනස දුර්වලය, එහෙත් මහජන මතය සර්ව බලධාරිය.
-හාමර්ලි බියුචර්-


මෙවර පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පවත්වන්නට දින නියම කර තිබියදී විවිධ හේතුන් මත එය ලබන වසරට කල් දමා තිබේ. එය ලබන වසරේ පවත්වන බවට ප්‍රකාශයක් නිකුත් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහvය.

මැතිවරණයට දින නියම කළ දා සිටම ජනාධිපතිවරයාගේ ප්‍රකාශය දක්වාම ඊට බාධා පමුණුවන ක්‍රියාකාරකම් රාශියක්ම සිදුවී තිබේ. මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට තර්ජනය කිරිම, එහි සාමාජිකාවක ඉල්ලා අස්වීම මැතිවරණය සඳහා මුදල් ලබා දීමට මුදල් අමාත්‍යංශය මුනිවත රැකීම, එතෙක් මුද්‍රණය කරමින් තිබූ ඡන්ද පත්‍රීකා මුද්‍රණය අත්හිටුවීම ආදි බොහෝ ක්‍රියාකාරකම් මේ වනවිට සිදුවී තිබේ.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව මැතිවරණය පැවැත්විය යුතු නමුදු ජනාධිපතිවරයා එය ලබන වසරේදී පවත්වන බව කියයි. එහෙත් ජනාධිපතිවරයාම එය කල් දැමීම පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිය. සැබැවින්ම මැතිවරණය කල් දැමීමට අවශ්‍ය වී ඇත්තේ කාටද? සියළුම පාපයන්ට කර ගැසීමට සිද්ධ වී ඇත්තේ ජනාධිපතිවරයාට ය.

 

කල් දැමීමේ අවශ්‍යතාව ඇත්තේ කාට වුවද එය ප්‍රකාශ කරනුයේ ජනාධිපතිවරයා ය. මෙය හරියටම මරණ තුනක් ඇති මිනිහෙක් පැනි කෑය යන ප්‍රසිද්ධ කවි පදයට ගැලපෙන සිදුවීමක් ය.

 

# පළාත් පාලන මැතිවරණය පැවැත් වුවහොත් නියත වශයෙන්ම ආණ්ඩු පක්ෂය පරාජය වනු ඇත. එසේ පරාජය වුවහොත් එය ආණ්ඩුවේ පැවැත්මට හානිකරය. එබැවින් තමන් පත් කළ මන්ත්‍රීවරුන් 134 දෙනාගේ ආණ්ඩුව ආරක්ෂා කිරිමද ජනපති සතු වගකීමකි.

 

# අනිත් කාරණය වන්නේ මැතිවරණය කල් දැමීම නිසා ඇතිවන ආණ්ඩු විරෝධයට මූලිකවම ඉලක්ක වන්නේ ජනාධිපතිවරයාය. එම විරෝධය සමග මහා ජන රැල්ලක් නැගී ආවොත් ඊට හමුදා බලය යොදා මර්දනය කිරිම සාර්ථක ප්‍රතිචාරයක් නොවන බැවින් මර්දනය කළ නොහැකි තරමට එය වර්ධනය වුවහොත් එහි ප්‍රතිඑලය ගෝඨාභය පන්නයේ පුර්වාදර්ශයක් වන්නට ද ඉඩ තිබේ යැයි හැඟෙන ආකාරයේ විරෝධා කල්ප වහසි බස් දැනටමත් විරුද්ධ පක්ෂයේ පක්ෂවල ඇත්තන් අවධාරණය කරන බැවිනි.

 

# අනෙක් පැත්ත ජාත්‍යන්තර වශයෙන් ජනාධිපතිවරයාට එල්ල විය හැකි පීඩනය මැතිවරණය පවත්වන බවට ඇමරිකානු තානාපතිනියට පොරොන්දුවට පටහැනිව දුන් ජනාධිපතිවරයා කටයුතු කිරීමෙන් සිද්ධ වන්නේ ජාත්‍යන්තර සහාය ඔහුට අහිමිවීමය. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳ ප්‍රතිඥාව කඩ කිරීම සම්බන්ධයෙන් ජර්මානු තානාපතිවරයා ද සිය අප්‍රසාදය පළකරමින් ජර්මානු ආයතන මේ රටින් ඉවත් කර ගැනීමට සිදුවේයැයි ප්‍රකාශ කර ඇත.

 

 125889512 tv076258981

 

දැන් ආණ්ඩුවෙත්, රටේත් නායකයා වන රනිල් වික්‍රමසිංහට තුන් පැත්තකින් එන අර්බුදවලට මුහුණ දීමට සිදුවී ඇත. පළමුවැන්න ඔහුට එරෙහිව විපක්ෂය මතු කරනු ලබන ජන රැල්ලයි. දෙවැන්න තමන් පාවිච්චි කරන මර්දනය අසාර්ථක වුවහොත් තමන්ට තනතුර හැර දමා යාමට සිදුවීමය. තෙවැන්න ජාත්‍යන්තරයෙන් එනු ලබන පීඩනයයි. මේ කාරණා තුනම සාර්ථකව තමන්ගේම වාසියට කළමනාකරණය කර ගත හැකි නම් ජනාධිපතිවරයා ගොඩය. එහෙත් මේ කාරණා දැන් තමන්ගේ පැවැත්මට සුබදායක ලෙස කළමනාකරණය කර ගැනීම හිතන තරම් ලේසි නැත. මක්නිසාදයත් ඒ කාරණා තුනේම මූල බීජය පටන් ගත්තේ මැතිවරණය කල් දැමීමේ තිරණය නිසාවෙනි.

දැන් ආණ්ඩුව විසුරුවා හැරිමේ බලය ද ජනාධිපතිවරයාට හිමිව තිබේ. එහෙත් ඔහු එය කීයටවත් කරන්නේ නැත්තේ තමන් පත් කළ 134 දෙනාගේම ඉරණම මහ මැතිවරණයකදි ඛේදනිය තත්ත්වයකට පත්විය හැකි බැවිනි. එබැවින් ආණ්ඩුවේ පරාජය නියත වශයෙන්ම සිදුවන පළාත් පාලන මැතිවරණය කල් දැමීමෙන් ඛෙලහීන ආණ්ඩුවට සේලයින් ලබාදිමට ජනපති සමත් වී තිබේ. ඔහු කෙසේවත් කිසිදු මැතිවරණයක් මේ අවස්ථාවේ පවත්වන්නේ නැත. ඒ වෙනුවට ඔහු කරන්නේ ලබන වසරේ ද පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා දැන් සිටම සිය ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම සදහා කළ හැකි සියල්ලම කල් තියා සුදානම් කොට තැබීමය.

ඔහුට එම ජනාධිපතිවරණයේදි පොහොට්ටුවෙත්, දෙමළ මුස්ලිම් පක්ෂවලත් සහයෝගය ලැඛෙනු ඇත. ඔහු ඒ නිසාම 13 ව්‍යවස්ථා සංශෝධනය ගැනද හිටි හැටියේ කථා කළේ එබැවින් යැයි සිතන්නට හැකිය. විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය අරබයා සජිත් - අනුර ගැටුමේ වාසිය ද ඔහු තමන්ගේ පැත්තට පෙරළා ගන්නට උත්සාහ දරයි.

 

18,000කට හමුදා සේවය එපා වෙයි - පැනගිය අයට නිත්‍යනුකුලව ඉවත්වීමට අවස්ථාව

 

කෙසේ වුවද ජනාධිපතිවරයා විරුද්ධ පක්ෂයේ රැල්ල හමුදා බලයෙන් මර්දනය කිරිම සඳහා දැඩි මර්දනයක් දියත් කරනු ඇතැයි යන්න දේශපාලන විචාරකයින්ගේ විශ්වාසයයි. ඒ හරහා සමහර පක්ෂ තහනම් කරන්නට වුවද ඔහු පසුබට නොවනු ඇත. සිය මයිලනුවන්ගේ අඩි පාරේ යමින් මැතිවරණ සිතියම ලබන වසර දක්වා කල් තැබීමට අදහස් කර ඇත්තේ සිය පුර්ණ විශ්වාසය තබා ඇත්තේ ජන බලය මත නොව හමුදා සන්ද්ධව හමුදා බලය මත තබා බැව් පෙනෙන්නට තිබේ.

 

එහෙත් ජනතාව සතු ශක්තිය උපයෝගි කර ගනිමින් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ඒකරාශි වෙමින් එක්සත් බලවේගයක් ගොඩ නැගුවහොත් එවැනි තත්ත්වයක් හමුවේ වත්මන් ජනපති ඊට කෙසේ මුහුණ දෙනු ඇත්ද?

මරණ තුනක් ඇති මිනිහෙක් පැනි කෑය යන පුර්වාදර්ශ කියමන සැබැවින්ම ගැලපෙන්නේ ඔහුගේම කල් කිරි යාවටයි.


Sujeewa Photo(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්