ආණ්ඩුව විසින් මේ වනතෙක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොකරන බව පැවසුවද අද (20) දින

ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ ණය යෝජනාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබීමත් සමඟ එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයෙන්ම කිරීමට සිදුවන බවත් එය රටක් වශයෙන් අප මහගිරිදඹ තරණය කිරීමට සැරසීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ 43 සේනාංක ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්න හමුවේ පිළිතුරු ලබාදෙමිනි.

එහිදී පාඨලී චම්පික රණවක හා මාධ්‍යවේදියා අතර ඇතිවූ සංවාදය මෙසේයි;

ප්‍රශ්නය:
මේ සතියේ IMF ගිවිසුම සභාගත කරනවා කියලා තියනවා? ඇත්තද?

පිළිතුර: 

'' ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ඉදිරිපත් කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ යෝජනාව. ඒ එකඟතා ලියවිල්ලට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබෙන්න නියමිතයි අද (20) දින. ජනාධිපතිතුමා පසුගියදා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළ ආකාරයට එය සභාගත කරන්නත් නියමිතයි. හැබැයි අපි මතක තියාගන්න ඕනේ IMF ගිවිසුමට අනුව අපි ක්‍රියා කිරීමේදී තමයි අපිට බරපතලම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ. ඒ කියන්නේ අපේ දේශීය ණය හිමියෝ හා විදේශීය ණය හිමියොත් සමඟ IMF එක විසින් තීරණය කරලා තියෙන ණය පිළිබඳ ප්‍රමිතීන්ට අනුව සාකච්චා කරන එක.

ඒකෙදි මතුවෙන ප්‍රධානම ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එකක් තමයි, සමහර ණය හිමියන් අපිට ප්‍රකාශ කරලා තියෙනවා අන්තර්ජාතික බහුවිධ ආකාරයේ ණය හිමියන්. ඒ කියන්නේ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වැනි අයගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන කියන එක. එය දැනට ලෝකයේ පිළිගත් සම්මතයක් නෙවෙයි. නමුත් ඒ අය ඉල්ලා හිටිනවා. අනිත් එක තමයි ලොකුම ප්‍රශ්නය දේශීය ණය. ලංකා බැංකුව, මහජන බැංකුව, ඒ වගේම මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර මිලදී ගත්ත පුද්ගලයෝ, EPF - ETF ගත් පුද්ගලයෝ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව. මෙහි තියෙනවා බිලියන 12,300 ක්. ''


'''මෙච්චර කාලයක් ආණ්ඩු කිව්වේ අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා. නමුත් දැන් ඒක ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. මම හිතන්නේ මෙය අපි ලොකු ගැටලුවකට මුහුණ දෙන අභියෝගයක් ඇත්ත වශයෙන්ම. ඒ අභියෝගයට මුහුණ දෙන්න අපිට වෙනවා. ඒක නිසා මේ ණය ලැබීම නෙමෙයි මෙතන තියෙන ගැටලුව. නමුත් IMF අරමුදල නිසා අපිට යම් ආකාරයකට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව අපේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරන්න සමහරවිට ඉදිරිපත් වෙයි. ඒක සුබ ලකුණක්. නමුත් අනිත් පැත්තෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම, අපේ භාෂාවෙන් කියනවා නම් මහගිරිදඹ නගින්න වෙන අවස්ථාවට තමයි දැන් මේ රට මුහුණ දෙන්නේ.''


ප්‍රශ්නය:
ඩොලර් එක පහළ යනවා උඩ යනවා මොකක්ද මේ?

පිළිතුර:

'' ඇත්තටම අපේ ඩොලර් වලට දැන් ඉල්ලුමක් නෑ. ඒක තමයි වෙලා තියෙන දේ. මොකද අපි අපේ ඩොලර් වලට තිබිච්ච ඉල්ලුම කීප ආකාරයකින් පාලනය කරලා තියෙනවා. එකක් ඩොලර් කෝටි 60 ක් විතර මාසෙකට අපිට ගෙවන්න තියෙන අපේ ණය ගෙවන්නේ නෑ. තවත් ඩොලර් කෝටි 60 ක් විතර අපි ආනයන පාලනය විසින් ඒ කියන්නේ විදේශ රටවලින් බඩු ගේන එකට සීමා පනවලා තියෙනවා. අනිත් පැත්තෙන් අපේ පරිභෝජනය පාලනය වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට අපේ ඉන්ධන වලට අපි ලොකු වියදමක් දැරුවා. ඒක පාලනය වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ඩොලර් 130 විතර තිබිච්ච තෙල් බැරලය පසුගිය අවුරුද්දේ මැයි මාසේ ඩොලර් 70 ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ අපේ ආනයන බිල හුඟාක් අඩුවෙලා තියෙනවා. ඒ නිසා කර්මාන්ත බිඳ වැටිලා තියෙනවා.

කර්මාන්ත බිඳ වැටීමත් එක්ක මේ ඩොලර් එකට තියෙන ඉල්ලුමත් නැතිවෙලා ගිහින් තියෙනවා. stock market එකේ අපේ ඩොලරයට ඉල්ලුම නැතිවෙලා ගිහිල්ලා, ඩොලරය පහලට ආවා. නමුත් මහ බැංකුව මේ මුදල් මිලදී ගන්න කටයුතු කිරීමත් එක්ක ඩොලරයේ මිල නැවත ඉහළ ගිහින් තියෙනවා. හැබැයි මේ ඩොලරය නැවත රුපියල් 200 ට හෝ 300 ට අඛණ්ඩව පවතියි කියලා කියන්න බැහැ. ඇත්තටම  අපි ණය ගෙවන්න පටන් ගත්තොත්, ඒ වගේම අපේ ආනයන සීමා අපි ඉවත් කරලා නැවත ආනයනවලට ඉඩ දුන්නොත් අපේ පරිභෝජනය අපි වැඩි කරගත්තොත් එහෙම නැවත ඩොලරය අනිවාර්යෙන්ම ඉහළ යනවා.


ප්‍රශ්නය:
ඔය කියන විදියට අපිට තෙල් මිල දැන් පල්ලෙහාට දාන්න පුලුවන්ද?

පිළිතුර: 

අනිවාර්යෙන් පුළුවන්. තෙල් හා විදුලි ගාස්තු දෙකම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්. අධික ලාභ උපයනවා. ඒ වගේම කණගාටුයි කියන්න. ඒවා ගෙන්නන ප්‍රසම්පාදන ක්‍රියාවලිය අතිශය දූෂිත විදිහට තමයි තාමත් සිදුවෙමින් තියෙන්නේ.
 
 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්