''දෙන්නට සුදුසු නැති සාර්ථකත්වයක් යනු හරියටම මහපාරේ වැටී තිබි අහුලාගත් පදක්කමක් බඳුය.'' - ජෝන් නැරෝකි



පසුගිය කාලයේ ගෝල්ෆේස් හී පැවැති අරගලයේ තත්ත්වය කියාපාන ඉහත කියමන එම අරගලයේ පෙර හා පසු තත්ත්වයන් පිළිබඳව වචන කිහිපයකින් විදාරණය කරන්නාවු විවරණයකි.



සැබෑවින්ම එම අරගලය 'සාර්ථකත්වය'  පිදීමට තරම්වත් සුදුසු නොවන්නේද? එය සාර්ථක නොවු නිසාම එය සාර්ථක අරගලයක් සේ හඳුන්වා දීමට හැකි නොවෙතත් අරගලයක පාඩම සහ අත්දැකීම අරගලයට එරෙහි වුවන්ට මෙන්ම අරගලකරුවන්ටද එකසේම වැදගත් වන්නාවූ සාර්ථක අත්දැකීමකි. පාඩමකි.  පාලකයා හෝ පාලක පංතිය එබඳු අරගලයක් මර්දනය කරන්නේ කෙසේදැයි යන්න එම අරගලයෙන් උගත් පාඩමය. අරගලකරුවන් එබඳු අරගලයක් යළි නිර්මාණය වන්නේ නම් එය සාර්ථකත්වයෙන් නිම කරන්නේ කෙසේදැයි යන්න එම අරගලයෙන් උගත් පාඩමය.



'මහපාරේ වැටී තිබී අහුලාගත් පදක්කමක්' තත්ත්වයට පත් වූ, ආරම්භයේදීම නිර්පාක‍ෂික වු අරගලය සාර්ථකත්වයේ හැඳින්වීම කෙසේවත් පුදන්නට නොහැකි සුදුසු නැති අරගලයක් බවට පත්වූයේ මන්ද?

මුහුණු පොත හා විවිධ සන්නිවේදන ක්‍රම ඔස්සේ ඒකරාශි කරගනු ලැබූ අරගලකරුවන් කිහිපදෙනෙකු යෝධ ජනප්‍රවාහයක් බවට පත්වූයේ කිනම් කාරණා මතද?
එහි ප්‍රධානතම කාරණය වන්නේ ජීවත්විය නොහැකි තරමට පීඩනයේ බර උසුලා ගැනීමට නොහැකි ජනතාවගේ ක්‍රෝධය හරහා පොළඹවනු ලැබු මනෝභාවයයි.
එහෙත් ඒ අරගලයට භායකත්වය සැපයුවෝ කවරහුද? ඔවුන් සතුව යම් දේශපාලන දැක්මක් තිබුණේද?



දේශපාලන දැක්මකට වඩා අටෝරාසියක් දේශපාලන දර්ශනවාද කරපින්නා ගත් බොහෝ දෙනෙකු අරගලයට නායකත්වය සැපයීමේ හේතුවෙන් අවසාන ප්‍රතිඵලය අභාවාචක අත්දැකීමකින් අවසන් වූයේය.

පටන් ගැන්මේදීම අරගලයට ආශ්වාදනීය වූයේය. දැන් බොහෝ ජාතිවාදීන්. දේශප්‍රේමින්. දේශ හිතෛෂීන් අරගලයේ සම්ප්‍රප්තියට බොහෝ නිර්වචන සපයනු බව පෙනෙයි.



එහි ගාමක බලවේගය ඇමරිකාව යැයි යන නිර්වාචනය එවන් නිර්වචන අතර කැපී පෙනෙයි. එහෙත් සාගින්දරෙන් පරිපීඩිතවූවන්නේ වේදනාව එවන් නිර්වචනයකට ලඝු කිරීම කෙතරම් යුක්තියුක්ත වේ දැයි යන්න සාධාරණ මිනිසුන් ලෙස අප සිතිය යුත්තේය.

ආරම්භයේදීම නිර්පාක්ෂික ලේබලයෙන් නිර්මාණය වූ අරගලයට ක්‍රම ක්‍රමයෙන් නොයෙකුත් කණ්ඩායම් කාන්දු වන්නට තිබු අවකාශයෙන් එම කණ්ඩායම් උපරිමව ප්‍රයෝජනය ගත්තේ යැයි සිතිය හැකි තරමට විදෙස් අත පෙවීම්ද ඒ තුළ නොතිබුණා නොවේ. එහෙත් එවැනි අතපෙවීම් වළක්වාගත හැකි වූ දේශපාලන නායකත්වයක් දේශපාලන පක්ෂයක නායකත්වයන් නොමැතිවීම හේතුකොට ගෙන අද වනවිට බොහෝ විශාරදයින්ට තමනට රිසි ලේබලයක් අරගලයට ඇලවීමේ හැකියාව සහ වේදනාව ඇත්තේය.



අරගලයක් විප්ලවයක් බවට පත්වන්නට නම් ඊට නිසි දේශපාලන දැක්මකින් යුක්ත ප්‍රබල ජනපදනමකින් යුක්ත දේශපාලන පක්ෂයක් සහ නායකත්වයක් අත්‍යාවශ්‍යය.

අරගලයක් විප්ලවයකින් කෙළවර වන්නේදැයි නැතහොත් මර්දනයකට හසුවී මිහිතලයට එය සමතලාවන්නේ දැයි තීරණය කිරීමේ ශක්‍යතාව ඒ අරගලය තුළම නිර්මිත වී ඇත්තේය.



මෙවර අරගලය පාරේ වැටී තිබි අහුලාගත් පදක්කමක් බවට පත්වූයේ ඉහත සඳහන් කාරණා මතය. අරගලයට නායකත්වය දුන් පුද්ගලයන් පිළිබඳව විමසා බලන්න. ඔවුන් අතරින් ඇතැමෙක් අද වනවිට වත්මන් පාලකයාගේ ඔඩොක්කුවේය. තවත් කට මැත දොඩවන රංග ලීලා දක්වන්නියන් විපක්ෂ නායකවරයාගේ ඇකයේය. ලාහට එකතු වු ගෙම්බන් ලාහ තුළම සිටින්නේ යැයි අපේක්ෂිත කරන්නවුන්ගේ සිහින බිඳවැටී තිබේ.

රැවුල්කාරයින් කොණ්ඩකාරයින් ලෙස ඇතැම් පැරණි සමාජවාදීන් දැන් නීට් එකටඇඳුම් හැඳ රැවුළු කොණ්ඩ කපා පීරා මගඩි කිට් එක අඳිනවුන් විසින් ගර්හා කළේ අරගලකරුවන්ට නොව තමන්ගේම හෘදය සාක්ෂියටය. ඔවුන් දැන් මැති ඇමැතිවරු වුවද අතීතයේ දිනෙක රබර් සෙරෙප්පු පයලා ගෙන කොණ්ඩා රැවුළු වවාගත්තවුන් ලෙස කලක් සිටියේය. ප්‍රශ්නය ඇත්තේ රැවුලේවත් කොණ්ඩයේවත් නොවේ ජනතාව විඳි පීඩනය තුළය.



අරගලය ආකශ්මිකව සිදු වූවක් නොවේ. එය ජනතාව වෙතින්ම ජනිත වු සටන්කාමී ව්‍යාපාරයකි. එහෙත් එය ප්‍රබල දේශපාලන පක්ෂයක නායකත්වයක් රහිතව විවිධ කල්ලි කණ්ඩායම් විසින් මෙහෙයවීමේ කාරණාව මත වත්මන් පාලකයින්ට මෙවැන්නක් මර්දනය කොට සමතලා කළ හැක්කේ කෙසේදැයි යන පාඩම උගන්වා තිබේ.



දේශපාලන දර්ශණයකි යුක්තවූ ප්‍රබල දේශපාලන බලවේගයකින් තොරව ජන සටනක් මෙහෙයවීම තුළින් සිද්ධ විය හැකි අවසන් ප්‍රතිඵලය වන්නේ එම අරගලයට සිද්ධ වූ සන්තෑසියමය. දරිද්‍රතාවය, පීඩනය, සමාජය තුළ මෝදුවන තරමටම අරගලයේ බීජද හටගන්නා බව දන්නා පාලකයෝ සැමවිටම ඊට සුදානමින් සිටි බව ඉතිහාසය අපට කියා දී ඇති පාඩමයි.


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්