බැඳුම්කර පිළිබඳ වෝහාරික වාර්තාවට මෑත කාලයේ වැඩිපුරම ප්‍රහාර එල්ලකළ පුද්ගලයා වන්නේ මහ බැංකුවේ හිටපු අධිපති,

දැන් අගමැති මහින්ද රාජපක්ෂගේ ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතාය. එම වාර්තාවෙන් ඔහු ගැන හෙළිවී ඇති කරුණු , එලෙස පහරදීමට ප්‍රධාන හේතුවක් විය හැකිය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා 2006 ජුලි මාසයේ සිට 2015 ජනවාරි මාසය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙනුත්, මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වශයෙනුත් කටයුතු කළා.

Text 11 1බොහෝ අය නොදන්නේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ප්‍රාථමික ගැනුම්කරුවන් සමග බැඳියාවන් අතර ගැටුම් තිබුණාද යන්නයි. හෙළිදරව් තිබෙන්නේ කබ්රාල් මහතාගේ ඥාතීන් කිහිප දෙනෙකුම ඒ වනවිට ප්‍රාථමික ගැනුම්කාර ආයතනවල ඉහළ තනතුරුවල සේවය කර ඇති බවට.

එක්කෝ කබ්රාල් මහතාගේ පවුලටම මේ ආයතනවලට ඉහළට පැමිණීම සඳහා විශේෂ පරම්පරාගත දක්ෂතාවක් තිබුණා විය යුතුයි. නැතිනම් ඒ ඥාතීන්ට තිබුණු ලොකුම 'දක්ෂතාව' කබ්රාල් මහතාගේ ඥාතීන් වීම විය යුතුයි. 

එහිදි වෝහාරික වාර්තාව සකස් කළ බීඩීඕ ඉන්දායා සමාගම පැති කිහිපයකින්ම තම අධ්‍යාපනය කර තිබෙනවා. ඔවුන් සාමාන්‍ය සමාජයෙහි හා අන්තර්ජාලයෙහි ඇති තොරතුරු එකතු කර තිබෙනවා. අන්තර්ජාලයේ තිබෙන සියලු තොරතුරු නිවැරදි නැහැ. එම නිසා ලැබුණු තොරතුරු තහවුරු කරගැනීම සඳහා ඒ ඒ ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ සහ පොදු අවකාශයේ ඇති අනෙක් කරුණු සමග සසඳා බැලීම් සිදුකර තිබෙනවා.

 

ඇන්තනි නිහාල් ෆොන්සේකා :

 

ඇන්තනි නිහාල් ෆොන්සේකා අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඥාතී සහෝදරයෙක් . ඔහු ඩී. එෆ්. සී. සී බැංකුව පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස 2000 ජනවාරි මාසයේ සිට 2013 දක්වා සේවය කළා. ඔහු ඩී.එෆ්.සී.සී වර්ධන බැංකුවේ විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස 2009 සැප්තැම්බර් මාසයේ සිට 2015 ද‍ක්වා කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස 2000 සිට 2009 දක්වා කටයුතු කර තිබෙනවා. ඊටත් අමතරව ඇකුයිටි නම් ඩී.එෆ්.සී.සී බැංකුව හා හැටන් නැෂනල් බැංකුව සම අයිතිය දැරූ ආයෝජන බැංකුවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස 2008 ජුලි මාසයේ සිට 2013 ජුලි මාසය දක්වා කටයුතු කර තිබෙනවා.

එම ඇකුයිටි ආයතනය යටතේ ඇකුයිටි සෙකියුරිටීස් නම් ආයතනයක් පැවතුණා. ඇකුයිටි සෙකියුරිටීස් නම් ආයතනය ප්‍රාතමික ගැනුම්කරුවෙකු ලෙස බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධවූ ආයතනයක් . එම ආයතනය ගැන මෙම සටහනේ ඉදිරියේදී වැඩිදුර විස්තර කතාකරනවා.

84330584 109345083848315 4251324853405089792 n

ශීරෝමි නොඑල් වික්‍රමසිංහ:

අජිත් නිවාඩ් කබ්රාප් මහතාගේ සහෝදරියක් වන ශීරෝමි නොඑල් වික්‍රමසිංහ පර්පෙචුලේ ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන සමාගම වන පර්පෙචුවෙල් හෝල්ඩින්ස් සමාගම සමගත් සම්බන්ධයි. දැනට ඇති කරුණු සලකද්දී පෙනී යන්නේ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික ගැනුම්කරුවෙකු බවට පත් කිරීමේදී මේ සහෝදර බැඳීමත් ඉතාම තදින් බලපා ඇති බව.

2013 දෙසැම්බර් 23 වැනිදා සිට 2015 මාර්තු 09 වැනිදා දක්වා ශීරෝමි නොඑල් වික්‍රමසිංහ මහත්මිය පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස සේවය කර තිබෙනවා.

Text 11 2එහි සරල තේරුම මෙයයි. කුප්‍රකට පළමු බැඳුම්කර වංචාව 2015 පෙබරවාරි 27 වැනිදා සිදුවෙද්දී කබ්රාල් මහතාගේ සහෝදරිය පර්පෙචුවෙල් හෝල්ඩින්ස් ආයතනයේ අධ්‍යක්ෂකවරියක්. එම ගනුදෙනුවෙන් දින 10කට පසු ඇය එම සමාගමෙන් ඉවත්ව තිබෙනවා.

ඊටත් පෙර පර්පෙචුවෙල් ට්‍රෙෂරීනස් සමාගමට බැඳුම්කර ගනුදෙනු සඳහා සුදුසුකම් ලත් ප්‍රාථමික ගැනුම්කරුවෙකුගේ තත්වය ලැබෙද්දීත් ඇය පර්පෙචුවෙල් හෝල්ඩින්ස් ආයතනයේ අධ්‍යක්ෂකවරියක්. අජිත් නිවාඩ්  කබ්රාල් මහතා පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් ආයතනයට අනුමැතිය නොලැබෙන්නේ මන්දැයි දූරකථනයෙන් විමසා බලපෑම් කරද්දීත් ඇය පර්පෙචුවෙල් හෝල්ඩින්ස අධ්‍යක්ෂවරියක්.

ඊට අමතරව 2013 සිට 2017 දක්වා ඇය එච්එන්බී ඇෂුවරන්ස්හි අධ්‍යක්ෂවරියක ලෙස සේවය කර තිබෙනවා. ඊටත් පෙර 2009 පෙබරවාරි 1 වැනිදා සිට 2010 මැයි 26 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂකවරියක ලෙස සේවය කර තිබෙනවා.

ඇය නිවාස බැංකුව හෙවත් එච්.ඩී.එෆ්.සී බැංකුවේ සභාපතිනිය ලෙස 2010 මැයි මාසයේ සිට 2015 ජනවාරි මාසය දක්වා කටයුතු කර තිබෙනවා. එය රජය සතු බැංකුවක්.

ශීරෝමි වික්‍රමසිංහ හා අර්ජුන් ඇලෝෂියස් යනු අහම්බෙන් හමූවූ වෘත්තීය බැඳීමක් ඇති දෙපළක් නොවන බව තහවුරු වෙන්නේ ඇය එච්.ඩී.එෆ්.සී බැංකුවේ සභාපතිනියව සිටියදී, අර්ජුන් ඇලෝෂීයස්ටත් එම බැංකුවේ ඉහළ තනතුරක් වෙන්ව තිබී ඇති නිසායි. අර්ජුන් ඇලෝෂියස් 2011 මැයි මාසයේ සිට එච්.ඩී.එෆ්.සී බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

 

අමල් කබ්රාල් -තම්බයියා -ධාරා -රේණුකා -රනෙල් -සංජීව

ඊට අමතරව අජිත් නිවාඩ් කබ්රාප් මහතාගේ සමීප ඥාතී සහෝදරයෙකු වන අමල් කබ්රාල් එච්.එන්.බී. බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස 2014 අප්‍රේල් මාසයේ සිට කටයුතු කර තිබෙනවා. එ‍ච්.එන්.බී. බැංකුව ඇකුයිටි සෙකිටුරිටීස් සම අයිතිකාර සමාගම ලෙස කටයුතු කළා.

අජිත් නිවාඩ් කබ්රාප් මහතාට ඥාතිත්වයෙන් මස්සිනා වන රවීන්ද්‍ර බාලකන්ත තම්බයියා 2010 ජනවාරි මාසයේ සිට 2015 දක්වා ඩී.එෆ්.සී.සී. බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළා.

කබ්රාප් මහතාගේ ඥාති සහෝදරියක වන ධාරා විජේතිලක මහත්මිය සම්පත් බැංකුවේ අධ්‍යක්ෂවරියක ලෙස 2011 සිට කටයුතු කර තිබෙනවා.

තවත් ඥාති දියණියක වන ශිබානි රේණුකා තම්බයියා ඩී.එෆ්.සී.සී බැංකුවේ අධ්‍යක්ෂවරියක ලෙස 2010 සිට 2015 දක්වා සේවය කර තිබෙනවා.

කබ්රාල් මහතාගේ තවත් මස්සානි කෙනෙකු වන රනෙල් ටී විජේසිංහ ලංකා බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස 2013 සිට කටයුතු කර තිබෙනවා.

Text 11 3ඉහත කී ඥාතීන් අතරින් ඩී.එෆ්.සී.සී බැංකුවේ කබ්රාල් මහතාගේ ඥාතීන් ගණනාවක් සිට ඇති බව පෙනී යනවා. මීට අමතරව 2015 සිට පර්පෙචුවෙල් සමූහයේ කටයුතු කළ ප්‍රකටම චරිතයක්වන සංජීව ප්‍රනාන්දු 2007 සිට 2016 දක්වා ඩී.එෆ්.සී.සී බැංකුවේ සේවය කර තිබෙනවා.

ඉහත කී ඥාති සම්බන්ධතා අතරින් ඇකුයිටි සෙකියුරිටීස් නම් ප්‍රාතමික ගැනුම්කරුවා ගැන වෝහාරික වාර්තාවේ විශේෂයෙන් කරුනු පෙන්වා තිබෙනවා. ඇකුයිටි සෙකියුරිටීස් ආයතනයේ සම හිමිකාරීත්වය ඇත්තේ ඩී.එෆ්.සී.සී. බැංකුවට සහ එච්.එන්.බී. බැංකුවට.‍‍

ඇකුයිටි සෙකියුරිටීස් ආයතනය සමග කර ඇති ගනුදෙනු අතරින් වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත්තේ 2013-2014 කාලසීමාවේදීයි. එලෙස සිදුව ඇති ගනුදෙනුවලින් රුපියල් මිලියන 60ක පාඩුවක් සිදුව ඇතැයි ගණනය කර තිබෙනවා. එහි සඳහන් වෙන්නේ බැඳුම්කර ලබාදීමේදී ලැබුණු පාඩුව පමණයි. ඒ බැඳුම්කර විකුණා ඇකුයිටි ලැබූ ලාභය කෝටි සිය ගණනක් ඉක්මවනු ඇති.

 

ගජන් දේවේන්ද්‍රයන් !

අප මතක තබාගත යුතු කාරණාව වන්නේ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ ගනුදෙනුකරුවෙකු ලෙස කටයුතු කළ, කුප්‍රකට බැඳුම්කර වංචාවේදී චෝදනා ලත් ගජන් දේවේන්ද්‍රයන්ද එකල ඇකුයිටි සෙකියුරිටීස් ලිමිටඩ් ආයතනයේ ඉහළ තනතුරක සේවය කළ බව.

ඊට අමතරව පර්පෙචුවෙල් ට්‍රෙෂරීන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කළ කසුන් පලිසේන මීට 2013ට ඔක්තෝම්බර් දක්වාම ඇකුයිටි සෙකියුරිටීස් ආයතනයේ සේවය කර තිබෙනවා. සංජීව ප්‍රනාන්දු උක්ත කාලයේදී ඇකුයිටි සෙකියුරිටීස් ආයතනයේ සේවය කර තිබෙනවා.

මේ කාල සීමාවේදී රවීන්ද්‍ර බාලකන්න තම්බයියා ඩී.එෆ්.සී.සී බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, අමල් කබ්රාල් මහතා එච්.එන්.බී. බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් සේවය කර තිබෙනවා.

Text 11 4අප මීට පෙර සඳහන් කළ ආකාරයට නිහාල් ෆොන්සේකා මහතා සහ ශීරෝමි නොඑල් වික්‍රමසිංහ මහත්මිය යන දෙදෙනාම 2009 දී කොමර්ෂප් බැංකුවට සම්බන්ධව කටයුතු කරමින් සිටියා. එම වසරේදි කොමර්ෂල් බැංකුවට ලබාදී ඇති බැඳුම්කර ප්‍රමාණය 2008 වසරට වඩා තීරණාත්මක ලෙස වැඩිවී තිබුණා.

2008 රුපියල් කෝටි 355ක් වටිනා බැඳුම්කර කොමර්ෂල් බැංකුවට දී තිබුණා. කබ්රාල් මහතාගේ සහෝදරිය අධ්‍යක්ෂ ධුරයට සම්බන්ධ වූ පසුව 2009 දී කෝටි 2511ක් දක්වා වැඩිව තිබුණා. 

ඉහත කී පෞද්ගලිකි ඥාති සම්බන්ධතා බැඳුම්කර ගනුදෙනුවලට බලපෑම් කළ ආකාරය තහවුරු කරගැනීම සඳහා වෝහාරික විගණනය කළ ආයතනයට බැඳුම්කර ගනුදෙනුවලට අදාල නිල දුරකථන සංවාදවල , රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුවේ කාර්යාලයේ හඬ පටිගත කිරීම් හා නිල ඊමේල් සංවාදවල තොරතුරු අවශ්‍ය වී තිබෙනවා.

ඇත්තෙන්ම 2015න් පසු සිදුව වංචාව ගැන කරුණු තහවුරු කරගැනීමට එවැනි නිල පටිගත කිරීම් ඇතුළු තොරතුරු අතිශය වැදගත් සාධකයක්ව තිබුණා.

එහෙත් රාජපක්ෂ යුගයේදී සාමාන්‍යයෙන් මහ බැංකුව කළ යුතු කටයුත්තක් වන නිල දූරකථණ සංවාද පටිගත කර තිබුණේ නැහැ. ඒ අනුව ඔවුන්ට තිබී ඇති සීමිත තොරතුරු නිසා ඉහත කී ඥාති සම්බන්ධතා බැඳුම්කර ගනුදෙනුවලදී එම සමාගම්වලට වාසි සහගත ලෙස කටයුතු කිරීමට පසුබිම පසුබිම සැකසු ආකාරය එම වාර්තාවෙන් නිශ්චිතව තහවුරු කර නැහැ.

ඒ වෙනුවට ඔවුන් එම ඥාති සම්බන්ධතා පෙන්වා දී තිබෙනවා පමණයි. සටහන ලියන මොහොත වෙද්දී ලියුම්කරු අතට පාර්ලිමේන්තුවේ දැනට සභාගත කර ඇති වෝහාරික වාර්තවේ ඇමුණුම් ලැබී තිබුණේත් නැහැ. ඇතැම්විට ඇමුණුම්වලින් මෙම ඥාති සම්බන්ධතා ගැන තවත් කරුණු තහවුරු වීමේ ඉඩක් තිබෙනවා.

කෙසේ වෙතත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයාව සි‌ටි සමයේදී බැඳුම්කර විජිතයෙහි ඔවුන්ගේ ඥාතීන්ගේ ක්‍රියාත්මක වීම තීරණාත්මක බව  මේ කතාවලින් පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම ඔහුගේ සහෝදරිය‌ හා අර්ජුන් ඇලෝෂියස් මහතා අතර සම්බන්ධය මඟහැරිය නොහැකි.

ඇය සභාපති සිටි බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයට අර්ජුන් ඇලෝෂියස් මහතා පත්වීමත්, ඇලෝෂියස් පවුපේ සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයක ඇය සිටීමත් මගින් ඒ කතාව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. දැන් කුමන කතා කීවත්, එම කතාවලින් පලායෑමේ හැකියාවක් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට නැහැ.

(තරිඳු උඩුවරගෙදර - අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)

සබැඳි පුවත් :

'මහ බැංකු හොරුන්ට එරෙහිව නඩු පවරන්න' - හඳුන්නෙත්ති, ජනපතිට කියයි

මහ බැංකු මගඩිය : නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනපති වෙත ලිපියක්

මහ බැංකු වෝහාරික විගණක වාර්තාවලින් 'සුදනන්ගේ' රෙදි ගැලවී ගිය හැටි මෙන්න !

'ජනපතිගේ ප්‍රතිපත්ති අනුව කබ්රාල්ව තියාගෙන ඉන්න බැහැ' - 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ 

ඇලෝසියස්ගේ පර්පෙචුවෙල් ඇතුළට ගන්න 'බොන්ඩ් කින්' කබ්රාල් කෝල් දීලා !

රාජපක්ෂ පාලනයේ බැඳුම්කර පාඩුව කෝටි 1047යි ! - යහපාලනයේ පාඩුව කෝටි 660 -960 අතර 

මහ බැංකු වෝහාරික වාර්තා : අප දැන සිටි 'වැට් බදු වංචාව' ලිලිපුට්ටෙක් !

මහ බැංකු බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කබ්රාල් කලබල ඇයි? VIDEO -01

බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කළබල කබ්රාල් විතරද? VIDEO -02

කතානායක, නීතිපතිගේ ඉල්ලීම පසෙකලයි : බැඳුම්කර වෝහාරික විගණන වාර්තා සභාගත කිරීමට යයි !

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට !

කබ්රාල් බයවෙලා ඇයි ? බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව කියවූ නිසාද ?

බැඳුම්කර වෝහාරික වාර්තාව : මන්ත්‍රීවරුන්ට දෙන්නද? එපාද? -කථානායක යළි නීතිපතිගෙන් අහයි

ඊපීඑෆ් පාඩුව බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවෙයි

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව: 'කතානායකගේ ලැජ්ජා සහගත වැඩක්' -කුසල් පෙරේරා

නීතිපති මන්ත්‍රීවරුන්ට "දෙන්න එපා" කියූ බැඳුම්කර වෝහාරික වාර්තාව ගැන කතානායකගේ ස්ථාවරය මෙන්න !

රාජපක්ෂලා බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවට බයවෙලා ඇයි ?

'බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දාන්න නීතිමය බාධාවක් නැහැ' -සුනිල් හඳුන්නෙත්ති

බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දානවද? නැද්ද? : අගමැති, නීතිපතිට බෝලය 'පාස්' කරයි!

සමාගම් 19ක් EPF මුදල් අවභාවිත කරලා : වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවේ!

මහ බැංකු හොරු කව්ද ? :'වෝහාරික විගණන වාර්තාව එළියට දාන්න' - මංගල ගෙන් අගමැතිට අභියෝගයක් !

ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" (Audio)

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති අගමැතිගෙන් ඉල්ලයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image