මේ එළඹ ඇත්තේ තවත් වෙසක් සමයකි.

මෙය බෞද්ධයන් ගේ ආගමික උත්සවයක් බව ප්‍රකට ය. එහෙත්, එම ආගමික සීමාවෙන් බැහැරට යන කල වෙසක් යනු සෑම ශ්‍රී ලාංකිකයකුටම සමාජ, සංස්කෘතික සහ කලාත්මක සේම විනෝදාත්මක ලෙසින් පවා බලපාන පොදු සාමාජීය මහෝත්සවයකි.

 

පන්සල් නොයන අන්‍ය ජාතික අන්‍යාගමික බොහෝ දෙනකු විවිධාකාරයෙන් වෙසඟේ මිහිර අත් විඳිති.
ඒ සම්බන්ධ සරල ප්‍රායෝගික නිදසුනක් ගත හොත් වෙසක් මුල් කොට පන්සල් නොයන අන්‍ය ජාතික අන්‍යාගමික බොහෝ දෙනකු විවිධාකාරයෙන් වෙසඟේ මිහිර අත් විඳිති. ඉතා ප්‍රසිද්ධියේම කිව හැකි පරිදි අප රටේ වෙසක් සැරසිලි ඉදි කරන්නෝත් දන්සල් ආදිය සංවිධානය කරන්නෝත් බෞද්ධයෝම නොවෙති. මීට වසර කිහිපයකට පෙර වෙසක් පුන් පෝ දිනයක මීගමුව අඟුරුකාරමුල්ල විහාරයට ගිය අපට එහි රථ ගාල පිරී පවතිනු දැකිය හැකි විය. එවිට ඒ රථ ගාලේ වාහන හසුරුවමින් සිටි මහතකු එහි පැමිණ “මඳකට සමා වී අප ගේ රථය තමන් පෙන්වන ස්ථානයේ ගාල් කළ හැකි දැ”යි අසා සිටියේ ඔහු ගේ ඒ ආචාරශීලී බව පිළිබඳ සියුම් විමතියක් ද අප තුළ ජනිත කරමිනි. පසුව දැන ගන්නට ලැබුණු අතර එවර වෙසක් දිනයේ අඟුරුකාරමුල්ල විහාරස්ථානයේ රථ ගාල ස්වේච්ඡාවෙන් මෙහෙයවන ලද්දේ මීගමුවේ කතෝලික සංවිධානයක සාමාජිකයන් විසිනි. එමෙන්ම එහි දොරකඩ කිතුණු කන්‍යා සොයුරියන් සැදැහැවතුන් සඳහා මල් දන්සලක් පවත්වනු ද මම සතුටින් ඉපිල යමින් බලා සිටියෙමි.

 

ඉතා ප්‍රසිද්ධියේම කිව හැකි පරිදි අප රටේ වෙසක් සැරසිලි ඉදි කරන්නෝත් දන්සල් ආදිය සංවිධානය කරන්නෝත් බෞද්ධයෝම නොවෙති.
තවත් වෙසක් පෝ දිනයෙක රඹුක්කන ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් තිබූ අප ගමන් ගත් වාහනය මාර්ගය අද්දර එක් වෙසක් දන්සලක් අද්දර දී නතර කරනු ලැබිණ. ඒ සමඟම එහි සංවිධායක වරයකු “එන්න මාත්තයා අපි නූඩ්ල්ස් හොඳ රසට හදලා තියනවා; ඇවිත් ටිකක් කාලා’ යන්න තරමක වෙනස් උච්චාරණ රටාවකින් කීයේ ඔවුන් අබෞද්ධයන් සේම අසිංහලයන් බව මනාව සනාථ කරමිනි. ඒ මොහොතේ කුස ගින්නක සේයාවක් වත් නොමැති වුවද ඔවුන් ගේ එම ඉල්ලීමට ගරු කරනු වස් අපි රථයෙන් බැස ඔවුන් ගේ නූඩ්ල්ස් දන්සලට පිවිසියෙමු.

 

jalli kattu festivel4

මේ අතර ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ(නාරා ) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ අරුලානන්දන් වරක් පවසා සිටියේ වෙසක් දන්සල් වලින් ආහාර අනුභව කිරීමේ විශේෂ ප්‍රියතාවක් අගනුවර ආශ්‍රිත මධ්‍යම පාන්තික දෙමළ හින්දු භක්තිකයන් තුළ පවතින බවකි. ඒ එම ආහාර ප්‍රදානයේ ඇති අධ්‍යාත්මික පක්ෂය ඔවුන් ද අගය කරන නිසා බව ද ඔහු කීය.

 107025969 vavජාතීන් එකමුතු කළ වෙසක් උත්සවය

 

හුදු ආගමික වශයෙන් ගත නොහැකි වුව ද අප රටේ සියළු ජන කොටස් ප්‍රිය කරන මෙම වෙසක් ජන සංස්කෘතිකාංග ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත් කාලීන මෙහෙවරකි. එය නිවැරදි ලෙස භාවිතා කිරීමෙන් අප රටේ ජන වර්ග අතර සමඟිය මනාව ස්ථාපිත කළ හැක. නමුදු වෙසක් උත්සවයේ ආගමික පක්ෂයට අමතර මෙම ජාතික වැදගත්කම අද වන විට”ජාතික වශයෙන්ම” නොතකා හැර ඇති බවක් පෙනේ. වෙසක් උත්සවය හා සබැඳි මෙම ජාතික උරුමය අප ගේ ඓතිහාසිකත්වය හා සෘජුව සම්බන්ධ වෙමින් පවතී. දැන් අපි ඒ සම්බන්ධයෙන් ලක් ඉතිහාසය පිළිබඳ අද්විතීය මූලාශ්‍රය වන මහා වංශය මගින් සැපයෙන සාක්ෂි සමුදාය වෙත අවධානය යොමු කරමු.

 

din 07 09 cp 01 ndk08072018 CMYඑළාර සෑය

මහාවංශ මූලාශ්‍රවලට අනුව මෙම අද්විතීය සැබෑ ජාතික උත්සවයේ සමාරම්භකයා වනුයේ ද තුන් හෙළයේ අසමසම නරපතියා වන දුටුගැමුණු මහරජතුමන් ය. එය ජාතියක් වශයෙන් අප සතු සුවිශේෂ භාග්‍යයක, වරප්‍රසාදයක් සේ යමකුට හැඟී යාමේ අරුමයක් නැත. ජාතිකවාදියකු වූ දුටු ගැමුණු රජතුමා ජාතිවාදියකු කොට ඇත්තේ මෑත කාලීනව වර්ගවාදය මඟින් ගොදුරු සොයන මේ වන විට කල් ඉකුත් වෙමින් පවතින එක් දේශපාලන කුලකයක් විසිනි. සිව් දෙසින් යොදුනක ජනතාව අණ බෙර මඟින් ගෙන්වා තමන් හා යුද කොට මියගිය එළාර රජුට දුටු ගැමුණු රජතුමා අවසන් ගෞරව දැක් වූ පිළිබඳ පුවතත් පසුව එළාර රජුගේ දේහය දැවූ තැන කරවූ සෑය ගෞරවනීය ස්ථානයක් විය යුතු බවට දුටු ගැමුණු රජ තුමා පැනවූ රාජාඥාව පිළිබඳ පුවතත් මහාවංශයේ විසි පස් වන පරිච්ඡේදයේ 71-72 ගාථා පාඨවලින් පැවසෙයි.එහි 73 වන ගාථා පාඨයෙන් පැවසෙනුයේ මහාවංශය ලියැවුණු පස් වන සියවසේ දී පවා රජ වරුන් එළාර ස්මාරකය අබියස දී තූර්ය වාදන නතර කොට එළාර රජුට බුහුමන් දැක්වූ බවකි.මෙම කාල පරාසය සියවස් පහකි.

මහාවංශයේ තිස් දෙවන පරිච්ඡේදයේ 33-35 ගාථා පාඨවලින් පැවසෙන පරිදි පසුව දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය දකුණු දොරටුව අද්දර බිම තැනවූ සයනයක හෙවත් මරණ මංචකයේ සිට මෙසේ පවසා ඇත.

“වෙහෙර පෙළහර සතියේත්, ප්‍රසාද පූජා සතියේත්, මහ සෑ ආරම්භක සතියේත්, ධාතු නිධානෝත්සව සතියේත් සිව් දිගින් වැඩම කරවන ලද මහා සංඝරත්නය විෂයෙහි මම දන් පිරිනැමුවෙමි. (එමෙන්ම) විසිහතර වසරක් වෙසක් පූජාවන් ද පැවැත්වීමි. ලංකාවේ සියලුම භික්ෂුන් වහන්සේලාට තුන්වරක් තුන් සිවුරු පූජා කළෙමි.”

 

රවාෂ (01) : එක් කෙනෙක් විතරක් ඇයි? - (සුජිත් අක්කරවත්ත)වෙහෙර පෙළහර සතියේත්, ප්‍රසාද පූජා සතියේත්, මහ සෑ ආරම්භක සතියේත්, ධාතු නිධානෝත්සව සතියේත් සිව් දිගින් වැඩම කරවන ලද මහා සංඝරත්නය විෂයෙහි මම දන් පිරිනැමුවෙමි. (එමෙන්ම) විසිහතර වසරක් වෙසක් පූජාවන් ද පැවැත්වීමි.
ඉහත සඳහන් ප්‍රකාශයට අනුව තමන් විසිහතර වසරක් වෙසක් පූජා පැවැත් වූ බව පැවැසීමෙන් තහවුරු වනුයේ එතුමන් තම රාජ්‍ය කාලය පුරාවට (ක්‍රි. පූ. 161-137) අඛණ්ඩව වෙසක් උත්සව පැවැත්වූ බවකි. ඒ අනුව සිංහල ජාතියේ අසමසම වීරයාණන් ලෙස පොදු සම්මත දුටුගැමුණු රජතුමා විසින් පවත්වනු ලැබූ බවට සිංහලයේ අති සම්භාවනීය ඓතිහාසික මූලාශ්‍රය වන මහා වංශයෙන් පවා මනාව තහවුරු කොට ඇති සෙසු ජන වර්ග වලට ද විවිධාකාර ආස්වාදයක් ගෙන දෙන වෙසක් උත්සවය වර්තමානයේදී අපගේ ආගමික සේම ප්‍රධාන ජාතික උත්සවය බවට පත්කර ගැනීමට ඇති නොහැකියාව කුමක්දැයි මට නම් සිතා ගත නොහැක.

මහාවංශය දක්වන තොරතුරුවලට අනුව දුටුගැමුණු රජතුමන්ගෙන් අනතුරුව විශිෂ්ටතම වෙසක් පූජා පවත්වා ඇත්තේ වසභ (ක්‍රි.ව. 62-105) රජතුමන් විසිනි. ඔහුගේ එම වෙසක් පූජා පිළිබඳව සඳහන් වනුයේ මහාවංශයේ තිස් පස් වන පරිච්ඡේදයේ 99-100 ගාථා පාඨවලිනි. ඒ මෙලෙසිනි.

“මිහිපල් තෙමේ මෙලෙස නන් වැදෑරුම් පින්කම් කොට නසන ලද අන්තරාය ඇත්තේ වසර හතළිස් හතරක් රජකම් කළේ ය. ඒ වසර හතළිස් හතරේ වෙසක් පූජා ද කරවීය.”

 

ස්වර්ණමාලි මහා සෑයට නම දුන්නු මහා ස්ත්‍රිය ? දුටුගැමුණු රජුගේ සැඟවුන රහස !මිහිපල් තෙමේ මෙලෙස නන් වැදෑරුම් පින්කම් කොට නසන ලද අන්තරාය ඇත්තේ වසර හතළිස් හතරක් රජකම් කළේ ය. ඒ වසර හතළිස් හතරේ වෙසක් පූජා ද කරවීය.

ඉන් පසුව ක්‍රි, ව. 215-337 තෙක් රජය හෙබවූ වෝහාර තිස්ස රජතුමන් ලක්දිව විසි දෙවසරක් රජකම් කළ අතර ඔහු මෙම වෙසක් පූජා පැවැත් වූ බව මහාවංශයෙහි සඳහන්ය. විවිධ විද්‍යා ශාස්ත්‍රයන්හි බහුශ්‍රැතයකු වූ එතුමන් අවිහිංසාව පදනම් කරගත් නීති ක්‍රමයක් අප රටට හඳුන්වා දුන් බැවින් තිස්ස යන එතුමන්ගේ නමට පෙරාතුව “වෝහාර” යන නම යෙදුණු බව මහාවංශයේ තිස්හය වන පරිච්ඡේදයේ 27-28 ගාථා පාඨවලින් පැවසෙයි. අද වුව ද “අධිකරණ” යන පදය සඳහා විදග්ධ ව්‍යවහාරයේ එන Forensic යන ඉංග්‍රීසි වදන වෙනුවට මෙම වෝහාර යන පාලි වදන මුල් කොට වෝහාරික විද්‍යා ( Forensic Science), වෝහාරික වෛද්‍ය විද්‍යා ( Forensic Medicine ) ආදී වශයෙන් යොදා තිබීම සතුටට කරුණකි. මෙම වදන සංස්කෘතියෙහි වර නැගෙනුයේ ‘ව්‍යවහාරික’ ලෙසිනි.

“සසුන් ළැදි වූ රජතුමන් තුන් ලක්ෂයක මුදල් ප්‍රදානයකින් භික්ෂුන් ණය බරින් මුදා ගත්තේය. වෙසක් මහා පූජා කරවා ලක්වැසි සියලුම භික්ෂුන්ට තුන් සිවුරු පිදී ය” යන්න මහාවංශයේ තිස් හය වන පරිච්ඡේදයේ 38-39 ගාථාවල සිංහල අරුත ය.ඉන්පසුව ක්‍රි. වර්ෂ 253-266 අතර ලංකාවේ රජකම් කළ ගෝඨාභය රජතුමන් විසින් සිදුකරන ලද වෙසක් පූජා පින්කම් පිළිබඳව එහි තිස් හය වන පරිච්ඡේදයේ 180-110 ගාථාවල සඳහන් ය. ඒ මෙලෙසිනි.


“(රජතුමා) මේඝවර්ණහය නම් නව විහාරයක් ද කරවීය. විහාර පූජා පෙළහරෙහි ලක්දිව තිස් දහසක් භික්ෂුන් රැස්කොට සිවුරු හය (ඡචීවරං) පූජා කළේය. වෙසක් පූජා ද එලෙසින්ම කරවීය. වාර්ෂිකව භික්ෂුන්ට සය චීවර ප්‍රදානය කරන ලදී.”

ඒ අතර මහාවංශයේ එම පරිච්ඡේදයේම 129-131 ගාථා පාඨවලින් ඉන්පසුව රජ පැමිණි ජෙට්ඨතිස්ස හෙවත් දෙටුතිස් (ක්‍රි. ව. 332-340) රජතුමන් විසින් පවසන ලද වෙසක් පූජා පිළිබඳව ද සඳහන් වෙයි. ඒ මෙලෙසිනි.
 
ස්වර්ණමාලි මහා සෑයට නම දුන්නු මහා ස්ත්‍රිය ? දුටුගැමුණු රජුගේ සැඟවුන රහස !(රජතුමා) වෙහෙර පහ පෙළහර, වෙසක් මහ පූජා (යන මේවා) සිදුකොට දහසක් මහ සඟරුවනට චීවර දානය පූජා කළේය.
“(රජතුමා) වෙහෙර පහ පෙළහර, වෙසක් මහ පූජා (යන මේවා) සිදුකොට දහසක් මහ සඟරුවනට චීවර දානය පූජා කළේය.”

ක්‍රිස්තු වර්ෂ සයවන සියවස පමණ වන විට රටේ අභ්‍යන්තරික අර්බුද නිසා ලක් රජයෙහි යම් අස්ථාවර බවක් පෙනෙයි. එහෙත් අතීතයේ සිට පැවැති වෙසක් පූජා චාරිත්‍රය කෙරෙහි එම යුගවල නරපතියන්ගේ පවා අවධානය යොමුව තිබූ බවට මහාවංශය ලබා දෙනුයේ ප්‍රබල සාක්ෂියකි. ක්‍රි.ව. 608-614 අතර අනුරපුරයේ රජ කළ මුගලන් රජු විසින් පවත්වන ලද වෙසක් පූජා විස්තරය එවැන්නකි. මහාවංශයේ හතළිස් දෙවන පරිච්ඡේදයේ 44-46 ගාථාවලින් පැවසෙන එම විස්තරය මෙලෙසිනි.

“ඒ රජ තෙමේ බුදුන්ගේ කේශධාතුව, දළදා ධාතුව සහ මහා බෝධිය යන සියල්ල සඳහා පූජා පැවැත්වීය. වෙසක් පුද චාරිත්‍රානුකූලව (චාරිත්තානුගතං) පවත්වාගෙන ආ සියල්ල කළේය.”

ඒ අනුව ඉහත සඳහන් මහාවංශ පාලි පාඨයෙහි සඳහන් ‘චාරිත්තානුගතං” යන්නෙන් ඉතා පැහැදිලිව ගම්‍ය වන එක් කරුණක් තිබේ. එනම් වෙසක් පූජා සම්බන්ධ චාරිත්‍රාවලියක් ඒ වන විට රට තුළ ස්ථාපිතව පැවති බවකි.
 
image e9b29e8c01එසේම අප රටට දකුණු ඉන්දීය පාණ්ඩ්‍ය ආක්‍රමණ එල්ල වූ නව වන සියවසේ පවා මෙරට අතීතයේ සිට තිබූ වෙසක් පූජා සම්ප්‍රදාය නොබිදී පැවැති බව පෙනෙයි
 
එසේම අප රටට දකුණු ඉන්දීය පාණ්ඩ්‍ය ආක්‍රමණ එල්ල වූ නව වන සියවසේ පවා මෙරට අතීතයේ සිට තිබූ වෙසක් පූජා සම්ප්‍රදාය නොබිදී පැවැති බව පෙනෙයි. ක්‍රි.ව. 866 – 901 දක්වා වසර තිස්පහක් අනුරාධපුර රජ කළ දෙවන සේන රජතුමන් විසින් පැවැත්වූ වෙසක් උත්සව පිළිබඳ මහාවංශයේ එන සඳහන් ඊට නිදසුන් කොට දැක්විය හැකිය.
 
මහාවංශයේ 51 වන පරිච්ඡේදයේ 684-85 ගාථා පාඨ මගින් එය විස්තර වනුයේ මෙලෙසිනි.

“හෙතෙම දුගී දනන් හා එක්ව ඔවුන්ට රිසි සේ බත් පැන් වත් දී වෙසක් කෙළි (වේශාඛ ඛීල) පැවැත්වීය. ලක්දිව බික් සඟනට නිති දන් දී දුගී මගී යාචකාදීන් ද දනින් සැතපවීය.”

ඉහත සඳහන් මහාවංශ පාඨයෙහි එන ‘වේශාඛ ඛීල’ යන වදන මෙහිදී අතිශයින් වැදගත් වෙයි. ඒ තාක් අතීතයේ සිට පැවැති වෙසක් පූජාවන්හි ආධ්‍යාත්මික අංගයන්ට අමතරව සංස්කෘතික අංගයන් ද වර්ධනය වී එය සංස්කෘතික උත්සවයක් වූ බවට ඉහත සඳහන් මහාවංශ පාඨය අපට නිසැක සහ ප්‍රබල සාක්ෂියක් සපයන බැවිනි. මෙය ද වර්තමානයට ආදේශ කර ගත යුත්තකි.මෙම ඛීල යන්නෙන් උල,බලය සේම සැනකෙළි යන අරුත ද ද්වනිත වෙයි.
 
ve 11ශ්‍රී ලාංකේය සෑම ජන කොටසකටම විවිධ අයුරින් ප්‍රවර්ධනාත්මක ලෙස බලපාන වෙසක් උත්සවයේ ජාතික වැදගත් කම ඉස්මතු කර දැක්වීම සමස්ත ශ්‍රී ලාංකේය ජාතියේම ආගමික සංස්කෘතික සහජීවනයට හේතු වන බව අප ගේ විශ්වාසයයි.
අතීතයේ අප රටේ රාජ්‍යානුග්‍රහයෙන් පැවැති ජාතික මට්ටමේ වෙසක් පූජා සහ උත්සවලවලට අමතරව ජාතික වශයෙන් අතිශය වැදගත් කටයුතු ද වෙසක් පුන් පොහොය මුල් කොට සිදු කෙරුණු බවට මහාවංශයෙන් සාක්ෂි ලබාගත හැක. ඉන් ප්‍රබලතම සහ වැදගත්ම සාක්ෂිය වනුයේ අප රටේ අසම සම නරපතියාණන් ලෙස සැලකෙන දුටුගැමුණු රජතුමා අප රටේ අසම සම ස්ථූපය වන රුවන් වැලි සෑය තැනීම ඇරඹීම ආරම්භ කළ පුවත ය. මහාවංශයේ රුවන්වැලි සෑ විහාර කර්මාන්තය පිළිබඳ විස්තර පැවසීම ඇරඹෙන එහි විසිනව වන පරිච්ඡේදයේ පළමු සහ දෙවන ගාථා පාඨයන් මගින් පැවසෙනුයේ වෙසක් පුන් පොහෝ දවසේ විසා නැකත ඇරඹි පසු රුවන්වැලි සෑ චෛත්‍ය කර්මාන්තයේ වැඩ ඇරඹූ බව ය.

වෙසක් උත්සවය අපගේ ශ්‍රී ලාංකීය ජාතිකත්වය සමඟ පවත්නා මෙම අවියෝජනීය සහ තිරසාර සම්බන්ධයන් පිළිබඳව මෙලෙස මහාවංශය ඉදිරිපත් කරනු ලබන ප්‍රබල සාක්ෂි සමුදාය ඔස්සේ සම්මත ඓතිහාසික මූලාශ්‍ර මඟින් ප්‍රමාණවත් විස්තර නොසැපයෙන සිංහල අලුත් අවුරුද්ද පමණක් අපගේ ජාතික උත්සවය ලෙස හඳුන්වා ගැනීමේ අනුචිත භාවය කොතරම්දැයි අප හදවතින් නොව මොළයෙන් විමසා දැනගත යුතු වෙයි.
 
 107031986 60715382 2165131996885646 562573095810891776 nජාතීන් එකමුතු කළ වෙසක් උත්සවය
 
එසේම ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ සිට දහවන සියවස තෙක් වෙසක් උත්සවයේ ඓතිහාසික පසුබිම පිළිබඳව ආචාර්ය වල්පොල රාහුල හිමියන් විසින් ලියන ලද History of Buddhism in Ceylon නමැති කෘතියේ ද වැදගත් තොරතුරු රැසක් ඇතුළත් වී තිබේ. ඒවා ද මේ සම්බන්ධ ඉදිරි සමාජ කතිකාවතක දී අතිශයින් ප්‍රයෝජනයට ගත හැකි වනු ඇත.ඒ අනුව මේ වන විට කුමන තත්වයක් යටතේ වුව යට ගසා ඇති ශ්‍රී ලාංකේය සෑම ජන කොටසකටම විවිධ අයුරින් ප්‍රවර්ධනාත්මක ලෙස බලපාන වෙසක් උත්සවයේ ජාතික වැදගත් කම ඉස්මතු කර දැක්වීම සමස්ත ශ්‍රී ලාංකේය ජාතියේම ආගමික සංස්කෘතික සහජීවනයට හේතු වන බව අප ගේ විශ්වාසයයි.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM

(තිලක් සේනාසිංහ)
ගවේශනාත්මක මාධ්‍යවේදී 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම- vinivida.lk)

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්