"පෞද්ගලික සහ ව්‍යාකූල වූ ආගමික මත සමඟ දරුවා ආරක්ෂා කරගැනීම ගැන ගැටලු මතුවෙලා"


"කායික, මානසික, ආධ්‍යාත්මික, චිත්ත වේගාත්මක සහ සමාජ සංවර්ධනය සඳහා උපකාරී වන අවම ජීවන තත්වයක් භුක්ති විඳීමට සෑම දරුවෙකුටම අයිතිය හිමි බව රාජ්‍ය පිළිගනිති."
- ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, 27/1 වගන්තිය.


එහෙත් ලොව පුරා විවිධ රටවල් දරුවන්ට සම්පූර්ණයෙන්ම ඒ අයිතිය භුක්ති විඳීමට අවස්ථාව සලසා දෙන්නේ ද? යන්න ගැටලුවකි.

විශේෂයෙන්ම දරු, දැරියන් ලිංගික අපයෝජනයට, ප්‍රචණ්ඩත්වයට සහ ශ්‍රම සූරාකෑමට ගොදුරුවීම පමණක් නොව අධ්‍යාපනය ඇතුළු බොහෝ මූලික අයිතිවාසිකම් ඔවුන්ට අහිමි කරනු ලැබීම ද ශ්‍රී ලංකාවේත්, ලොව පුරා වෙනත් රටවලිනුත් නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නකි.

ලොව පුරා ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයන්/වරියන් පිළිගන්නා ආකාරයට ලිංගික අධ්‍යාපනය (sex education) ද ඒ 'අවම ජීවන තත්වය' සඳහා අත්‍යවශ්‍ය සාධකයකි.

''ලොව පුරා ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයන්/වරියන් පිළිගන්නා ආකාරයට ලිංගික අධ්‍යාපනය (sex education) ද ඒ 'අවම ජීවන තත්වය' සඳහා අත්‍යවශ්‍ය සාධකයකි.''
ඒ අනුව දරුවන්ගේ වයසට සරිලන ආකාරයට ලිංගිකත්වය, ලිංගික අවශ්‍යතා, විෂම ලිංගිකයන් සහ ප්‍රජනනය වැනි කරුණු යුරෝපය ඇතුළු බොහෝ රටවල පාසල්වල විෂය නිර්දේශයට ඇතුළත් කර තිබේ. බ්‍රිතාන්‍යයේ එම විෂයය හැඳින්වෙන්නේ Relationship and Sex Education - RSE ලෙසිනි.

ඇතැම් රටවල ලිංගික අධ්‍යාපනය ඇරඹෙන්නේ දරුවන් ඉතා බාල වියේදීය.

කෙසේ වුවත් ලිංගික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ පාසල්වල විෂය නිර්දේශයට ඇතුළත් පාඨමාලාවක් නොවේ. ඇතැමුන් එහි අවශ්‍යතාව අවධාරණය කරන අතර, එමගින් දරුවන්ගේ "මනස දූෂණය වන" බව පවසමින් තවත් සමහරු එයට දැඩි විරෝධය පළ කරති.

ලිංගික අධ්‍යාපනය :Relationship and Sex Education - RSE

ඒ පිළිබඳව පසුගියදා ප්‍රසිද්ධ වේදිකාවකදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි, දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම අවධාරණය කළේය.


අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, දිනෙන් දින ඉහළ යන බව පෙනී යන ළමා අපචාර සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ළමා අපචාර සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට කටයුතු කරන අතරම, සිය අයිතිවාසිකම් ගැන දරුවන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

''දිනෙන් දින ඉහළ යන ළමා අපචාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි,  ළමා අපචාර සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට කටයුතු කරන අතරම, සිය අයිතිවාසිකම් ගැන දරුවන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.''

"පොඩි දරුවන්ට ක්‍රමයෙන් ලිංගික අධ්‍යාපනය ලබාදීල, ඔවුන්ගේ අයිතිවාසිකම් මොකක්ද, ඔවුන්ට නුසුදුසු දේවල් මොකක්ද, ඔවුන් සම්බන්ධයෙන් වෙන පුද්ගලයකු කරන්න හදන නුසුදුසු කම් කොහොමද තේරුම් ගන්නේ කියන අවබෝධය ලබාදීමේ වැදගත්කම තියෙනව," යනුවෙන් ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද ඒ පිළිබඳව අදහස් සහ ප්‍රතිචාර පළ වී තිබුණි.

 114105984 gettyimages 959834520'මනස විකෘති කරනවා'

ළමා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාධාරිනියන් වන ආචාර්ය චාරිකා මාරසිංහ සහ වෛද්‍ය තුෂ් වික්‍රමනායක යන දෙදෙනාම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා දරන අදහස අදහස අනුමත කරති.

බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු උප සභාපතිනියක වන ආචාර්ය චාරිකා මාරසිංහ කියා සිටියේ, "ශ්‍රී ලංකාවේ විවිධ වයස් මට්ටම්වල පුද්ගලයන් thush 27දරුවන්ට එල්ල කරන හිංසනයන්ගෙන් ආරක්ෂාවීම පිණිස යම් කිසි ලෙසකින් ලිංගික අධ්‍යාපනයේ අවශ්‍යතාවක් පවතින" බවය.

සිය දියණිය මුහුණ දුන් ශාරීරික දඩුවමකට එරෙහිව "සාධාරණයක් ඉටු නොවීම" හේතුවෙන් 'Stop Child Cruelty' සංවිධානය නිර්මාණය කළ වෛද්‍ය තුෂ් වික්‍රමනායක බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින්, තමන්ගේ සාමාන්‍ය ලිංගික ක්‍රියාවලිය හඳුනාගැනීම පිණිස බාල වියේ සිටම, දරුවන්ගේ වයසට ගැලපෙන ආකාරයට, ලිංගික අධ්‍යාපනය ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බව කියා සිටියාය.

"ඒ කියන්නේ කොහොමද ලිංගිකත්වය වර්ධනය වෙන්නේ, ඒ වගේම ලිංගික ඕනෑ එපා කම් හඳුනාගැනීම සඳහා මේක අත්‍යවශ්‍ය දෙයක්. එහෙම අවබෝධයක් ලැබුණම දරුවට හඳුනගන්න පුළුවන් සාමාන්‍ය දේ මොකක්ද, අසාමාන්‍ය දේ මොකක්ද කියල."


දරුවන්ට උපදෙස්:


 114096731 240e48c2 13e6 42e0 b59d 320a5ba492f0              ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් දරුවන්ට උපදෙස්

මැදගොඩ අභයතිස්ස හිමිගේ විරෝධය :

Madagoda Abaya 2020.08.27        අභයතිස්ස හිමිගේ විරෝධය හමුවේ එම ග්‍රන්ථය පාසල්වලින් ඉවත්කරනු ලැබ තිබේ.


මේ අතර දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම පිණිස පසුගිය ආණ්ඩුව සමයේ සකස් කරන ලද 'හතේ අපේ පොත'  ග්‍රන්ථයට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් එම ග්‍රන්ථය විග්‍රහ කළේ දරුවන්ගේ මනස විකෘති කිරීමේ උත්සහයක් වශයෙනි.

ළමා මනෝ විද්‍යාඥයන් 'අත්‍යවශ්‍යයි'

කෙසේ වුවත්, දරුවකු උපත ලැබූ මොහොතේ පටන් වයස අවුරුදු 25 දක්වා සංජානන වර්ධනයක් (coginitive development) සිදුවන බැවින් එය ඉතා ප්‍රවේසම් සහගතව කළ යුතු කාර්යයක් බව ආචාර්ය මාරසිංහ අවධාරණය කරන්නීය.


 114096732 8550f6a5 575a 4466 bc71 708576f7c318          තමන් ආරක්ෂාවීමට දරුවන්ට උපදෙස් (ඡායාරූප මූලාශ්‍රය, childprotection.gov.lk)


විශේෂයෙන්ම දරුවන්ගේ ළමා කාලයේ සුන්දරත්වය විනාශ නොකරමින්, ඔවුන් දැනුවත් කිරීම පිණිස ඒ සඳහා ළමා මනෝ විද්‍යාඥවරුන්ගේ සහය ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ඇය පෙන්වා Charikan27දෙන්නීය.

"මේක වෙන කිසිම ක්ෂේත්‍රයකට අයිති දෙයක් නොවෙයි. මේක දරුවාගේ වයසට සහ පරිණත භාවයට සරිලන විදියේ දෙයක් විය යුතුයි. ඒක කරන්න පුළුවන් ළමා මනෝ විද්‍යාඥයන්ට විතරයි."



වැඩිදුරටත් අදහස් දැක්වූ ළමා අයිතිවාසිකම් පිළිබඳ නීතිවේදිනී ආචාර්ය චාරිකා මාරසිංහ, "මම තරයේ විශ්වාස කරනවා, ලිංගික අධ්‍යාපනය කියන්නේ දරුවාගේ මනස විකෘති කරන, දරුවාගේ මනස අවුල් කරන අධ්‍යාපනයක් නොවිය යුතුය කියලා," යනුවෙන් ද කියා සිටියාය.

"ඒ කියන්නේ එය සිදුවිය යුත්තේ දරුවාගේ වර්ධන අවධිවලට ගැලපෙන විදියට, කායික චිත්ත වේගාත්මක සහ වර්ධනයට ගැලපෙන විදියට."
 114100694 f5b35c55 583a 47ee 9a17 8c1684a6fa7f              දරුවන්ට උපදෙස්

'පූජක පක්ෂයේ අපයෝජකයෝ'

ළමා වර්ධනයේ මෙන්ම ඔවුන්ගේ ලිංගික වර්ධනයේ විශේෂ අවධි (milestone) පවතින බව පෙන්වා දෙන වෛද්‍ය තුෂ් වික්‍රමනායක, එබැවින් ළමා වියේ දී දරුවන් තුළ මතුවන සාමාන්‍ය කුතුහලය යටපත් නොකොට, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ලබාදීමේ වැදගත්කම ඇය අවධාරණය කරයි.

"බොහෝවිට ඒ කුතුහලය, හංගගෙන මර්ධනය කරගෙන ඉන්න සිදුවීම නිසා තමා - බොහෝ දෙනා අපයෝජකයන් බවට පත්වෙන්නේ. විශේෂයෙන්ම පූජක පක්ෂය අතින්, ලංකාවේ පමණක් නොවෙයි, ලොව පුරාම පූජක පක්ෂය අතින් දරුවන් අපයෝජනයට ලක්වීම බහුලව අහන්න ලැබෙන්නේ ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සඟවාගෙන ඉන්න බලකිරීම නිසා."
 
 114096730 ad677d01 d473 4b00 a241 af2453cfb3b1
 

එබැවින් එකිනෙකාගේ පෞද්ගලික මත සහ "ව්‍යාකූල වූ ආගමික මත" සමඟ ප්‍රායෝගික තලයේ දී දරුවා ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවෙමින් පවතින බව පවසන වෛද්‍ය තුෂ් වික්‍රමනායක, මේ තත්වයට මුහුණදීම පිණිස නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙන්නීය.

ඒ සඳහා නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි කියා සිටියේය.

වින්දිතයා අපයෝජකයකු වීම:

විශේෂයෙන්ම අපයෝජකයන් බවට පත්වන බොහෝ වැඩිහිටියන් බාල වියේ දී අපයෝජනවලට ලක්වූවන් බව පර්යේෂණවලින් හෙළි වී තිබේ.

එබැවින් අපයෝජනයට ලක් වූ දරුවා වැඩිහිටි වියට එළඹීමට ප්‍රථම නිසි මානසික ප්‍රතිකාර ලබා පුනරුත්ථාපනය නොකළොත් ඔහු හෝ ඇය අනාගතයේදී අපයෝජකයකු වීමේ සම්භාවිතාව ඉතා ඉහළ බව පවසන ආචාර්ය චාරිකා මාරසිංහ, "ඒ නිසා පුනරුත්ථාපනය කියන එක ඉතා වැදගත්," යනුවෙන් බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

එහිදී සිය ශරීරය, සිය අයිතිවාසිකම්, තමන් ඇසුරු කරන පුද්ගලයන් ආදීන් සම්බන්ධයෙන් ඔවුන් බලගැන්වීමේ අවශ්‍යතාව (empower) ඇය අවධාරණය කරන්නීය.

"ඔයාට මගේ ඇඟ ගැන අයිතියක් නෑ, මට ඔයාගේ 'body' එක ගැන අයිතියක් නෑ කියල දරුවාට කියල දෙන්න ඕනේ. මොකද අපයෝජකයෙක් ඉස්සෙල්ලම කරන්නේ දරුවාගේ විශ්වාසය දිනා ගැනීම. ඒ නිසා දරුවා බලගැන්වීම (empower කිරීම) ඉතාම වැදගත්." - ආචාර්ය චාරිකා මාරසිංහ


"මම තරයේ විශ්වාස කරනවා, ලිංගික අධ්‍යාපනය කියන්නේ දරුවාගේ මනස විකෘති කරන, දරුවාගේ මනස අවුල් කරන අධ්‍යාපනයක් නොවිය යුතුයි කියලා" - ආචාර්ය චාරිකා මාරසිංහ


"ලංකාවේ පමණක් නොවෙයි, ලොව පුරාම පූජක පක්ෂය අතින් දරුවන් අපයෝජනයට ලක්වීම බහුලව අහන්න ලැබෙන්නේ ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සඟවාගෙන ඉන්න බලකිරීම නිසා" -වෛද්‍ය තුෂ් වික්‍රමනායක

ශ්‍රී ලංකාවේ බොහෝ දරුවන් අපයෝජනයට ලක්වන්නේ නොහඳුනන පුද්ගලයින් අතින් නොව, තමන්ට ඉතා සමීපම පුද්ගලයන් අතින් බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ද පෙන්වා දී තිබිණ.

එබැවින් වෛද්‍ය තුෂ් වික්‍රමනායක පවසන්නේ, දරුවන් ආරක්ෂා කිරීම පිණිස නව නීති සම්පාදනය කරන අතරම, දරුවාගේත්, නිවසේත්, සමාජයේත් ආකල්පමය වෙනසක් කිරීම අත්‍යවශ්‍ය බවය.

"මුලින්ම ඒක වෙන්න ඕනේ නිවස තුළින්. දරුවාගේ ඒ වෙනස කරන්න පුළුවන් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීල. පෙර පාසලේ දරුවන්ගේ ඉඳල තමන්ගේ ශරීරයේ අල්ලන්න පුළුවන් තැන්, එපා තැන් කියා දෙන්න ඕන," යනුවෙන් වෛද්‍ය තුෂ් වික්‍රමනායක බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

"උදාහරණයක් විදියට දරුවන් බලහත්කාරයෙන් නෑයෙකුගේ උකුලට යවන්න එපා. දරුවා යන්න කැමති නැත්නම් බලහත්කාරයෙන් යන්න කියන එකෙන් අපි වැළකෙන්න ඕන. 'ඇති, බෑ, නෑ, එපා' කියන වචන පෙර පාසලේ දරුවන්ට කියා දෙන්න ඕන."

"උදාහරණයක් විදියට දරුවන් බලහත්කාරයෙන් නෑයෙකුගේ උකුලට යවන්න එපා. දරුවා යන්න කැමති නැත්නම් බලහත්කාරයෙන් යන්න කියන එකෙන් අපි වැළකෙන්න ඕන. 'ඇති, බෑ, නෑ, එපා' කියන වචන පෙර පාසලේ දරුවන්ට කියා දෙන්න ඕන."

"කෙනෙක් තමන් අකමැති දෙයක් කරනවා නම් ඒක කරන්න එපා කියන්න දරුවාට කියා දෙන්න ඕන."

ආචාර්ය චාරිකා මාරසිංහ පවසන පරිදි, එහි අදහස ශ්‍රී ලංකාවේ පාරම්පරික සංස්කෘතිය බැහැර කොට බාහිර සංස්කෘතියක් වැළඳ ගත යුතුය යන්න නොවේ.

"ලෝකෙ හැම සංස්කෘතියකම තියෙනව දරුවන්ට සාධනීය සහ හානිකර දේවල්. ඒ නිසා අපි කළ යුත්තේ ඒ සංස්කෘතියේ සාධනීය දේවල් එකතු කරගෙන දරුවට හානිකර නොවන ආකාරයට පණිවුඩයක් දීම. දරුවාගේ පූර්ණ පෞරුෂ වර්ධනයක් ඇතිකරන්න නම් අපට සම්පූර්ණයෙන්ම අපේ සංස්කෘතිය බැහැර කරන්න බෑ," යනුවෙන් ආචාර්ය චාරිකා මාරසිංහ වැඩිදුරටත් සඳහන් කළාය. 


(සරෝජ් පතිරණ -BBC සිංහල)

කියවන්න :


අලි සබ්රිගේ 'මොඩ් සංඥා' - පොහොට්ටුවේ ඇති පොහොට්ටුව නොවන දෙය...-Mahesh Hapugoda

අබේතිස්ස හිමියන්ට වහකදුරු වූ “හතේ අපේ පොත” ළමයින් සඳහා සුදුසු බවට ඉහලින්ම අනුමත වෙයි 

‘‘හතේ අපේ පොත’’ කාලෝචිතයි : හංගන්න හංගන්න තමයි ප්‍රශ්න'' - රුහුණු සරසවියේ කුලපති නාහිමි

'හතේ අපේ පොත' : අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි - අශෝක හඳගම 

'අපේ හතේ පොතෙන්' දරුවන් වල් වේද? - මැදගොඩ උන්නාන්සෙට ඇති රුදාව මොකද්ද?

''හතේ පොතේ තහනම ගැන කතා අස්සේ කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් '' - චින්තන ධර්මදාස

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්