විදේශ සම්බන්ධතා සහ රාජ්‍යතාන්ත්‍රික කටයුතු ගැන ක්‍රියා කරන අමාත්‍යාංශය ලෝකයේ ඕනෑම රටක හැඳින්වෙන්නේ විදේශ කටයුතු (Ministry of Foreign Affairs - MFA) හෝ බාහිර කටයුතු

(Ministry of External Affairs- MEA) පිළිබඳ අමාත්‍යාංශය ලෙසිනි.

මෑතක් වනතුරුම ඒ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ද හැඳින්වුණේ එලෙසිනි.

එහෙත් මහ මැතිවරණයෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයට පත් කළ කැබිනට් මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයක් නැත. ඇමතිවරයෙක් ද නැත.

ඒ වෙනුවට ශ්‍රී ලංකා ඉතිහාසයේ සහ ඇතැම්විට ලෝක ඉතිහාසයේත් ප්‍රථම වතාවට ‘ආගන්තුක’ අමාත්‍යාංශයක් (Ministry of Foreign) පිහිටුවා තිබේ. 

ඇමතිවරයා ද ‘ආගන්තුකයෙකි.’ (Minister of Foreign’)

සිංහලෙන් පළ වූ අමාත්‍යාංශ ලැයිස්තුවේ පමණක් ‘විදේශ’ ඇමතිවරයෙක් සහ ‘විදේශ’ අමාත්‍යාංශයක් තිබේ. 

ජනාධිපති ගේ ගෝඨාභය ගේ ‘විදේශ’ අමාත්‍යාංශය පිහිටා තිබෙන්නේ විදේශයක ද?

ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හැඳින්වෙන්නේ ‘රාජ්‍ය දෙපාර්තමේන්තුව’ (Department of State) ලෙසිනි. 

අසල්වැසි ඉන්දියාවේ තිබෙන්නේ බාහිර කටයුතු (Ministry of External Affairs- MEA) පිළිබඳ අමාත්‍යාංශයකි. 

බ්‍රිතාන්‍යයේ එය ‘විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලය’ (Foreign and Commonwealth Office) බවට පත්වෙයි.

 පාකිස්තානයේ තිබෙන්නේ විදේශ කටයුතු (Ministry of Foreign Affairs - MOFA) පිළිබඳ අමාත්‍යාංශයකි.

Foreign Affairs වෙනුවට Foreign පමණක් යෙදූ විටය එහි අර්ථය ‘අමුතු’ ‘නොහඳුනන’ ‘ආගන්තුක’ ‘නොදන්නා’ යනාදී ලෙසින් වෙනස් වේ.

ඒ අනුව ගෝඨාභය ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතුරුදහන් වී ශ්‍රී ලංකාවේ පළමු වතාවට ‘ආගන්තුක’ අමාත්‍යාංශයක් කරලියට පැමිණ තිබේ. 

(උකුස්සා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්