සංස්කාරක සටහන:
ජනාධිපති ගෝඨාභයගේ අවධානය සඳහා වූ මෙම ලිපිය 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියෙන් උපුටා ගැනුමකි.
මෙහි සඳහන් ඇතැම් කරුණු හා අප එකඟ නොවුනත් යලි යලිත් සිතා බැලීමට වටිනා තීරණාත්මක කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කෙරෙන බැවින් රටේ යහපත උදෙසා එය මෙසේ පළ කරමු.
මිස්ටර් ගෝඨාභය, ඔහෙට බැරි බව දැන් ලෝකෙම දන්නවා; ඒත් තව අවුරුදු 4 ක් ඉන්න වෙනවනේ; ඒ හින්ද අපි ප්රැක්ටිකල්ව කතා කරමු..!
මිස්ටර් ගෝඨාභය,
මේක කියවන්න ලැබුනොත් දෙතුන් වතාවක් හරි කියවල සත්‍ය තේරුම් ගන්න.
ඔබේ අඩුලුහුඬුකම්, වැඩ බැරි බව ගැන ආයෙ ආයෙ ලියන්න කියන්න දෙයක් නෑ.
ඔබ පිළිගත්තත් නැතත් ඒක දැන් ලෝකයම දන්නවා.
ඔහේව ජනාධිපති කරන්න වලි කෑව හඩ්සන් සමරසිංහත් අර ප්‍රසිද්ධියෙම කියලා තියෙන්නෙ ඔහේව ජනාධිපති කරපු එක ගැන දැන් කණගාටු වෙනවා කියලා.
අපි ඒ ගැන දිගට කතා කළාට වැඩක් නෑ, තව අවුරුදු 4 ක් ඔහේට තියෙන නිසා.
ඒ හින්ද අපි ප්‍රැක්ටිකල් ව කතා කරමු.
මගේ ප්‍රධානම ඉල්ලීම ඉස්සෙල්ලාම ඔහේගෙ ඔය තියෙන “මම පොර” සංකල්පය අයින්කර ගන්න.
බුදු දහම හෝ අනිකුත් කිසිම ආගමකවත් 'මම සියල්ල දත්' කියල පිලිගෙන නෑ.
පහුගිය අවුරුද්ද පුරාම ඔහේ වැඩ කළේ මම සියල්ල දන්නවා කියල හිතාගෙන.
නැතිනම් අඩුම ගානෙ සමන් රත්නප්‍රිය වගේ නර්ස් විභාගෙවත් පාස් නැතිව ලෙඩ වලින් බේරෙන හැටි උගන්වන්න යනවාද?
පුලුවන්තරම් ඉක්මනට මම සියල්ල දත් කෙනො නොවේ, මම 'සියල්ල හසුරුවන්න ඉන්න කෙනා' කියල විතරක් හිතට ගන්න.
දෙවෙනි කරුණ :
හමුදාවට සියල්ල කළ හැකියි කියන ඔහෙගෙ මනසෙ තියෙන වැරදි ආකල්පය අයින්කර ගන්න.
හමුදාවට සියල්ල කළ හැකියි කියන ඔහෙගෙ මනසෙ තියෙන වැරදි ආකල්පය අයින්කර ගන්න.
හමුදාව දක්ෂයි යුද්ධ කරන්න.
ඔව්, නියෝග ක්‍රියාත්මක කරන්න.
හදිසි අවස්ථාවල හමුදාව ලොකු ශක්තියක්.
විශේෂයෙන් අපේ හමුදාවෙ කොල්ලෝ ටික. ඒක රටකට සම්පතක්.
ඒත් හැම එකම හැමෝටම බෑ.
හමුදා නිලධාරියො පරිපාලනයට දැම්ම කියල හැමදේම හරියටම වෙන්නෙ නෑ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විතරක් උදාහරණයට අරන් හිතල බලන්න.
මිස්ටර් ගෝඨාභය,
තවත් අවුරුදු 4ක් තියෙනවා.
අපි පිලිගත්තත් නොගත්තත් ඒ කාලෙ මේ රට පාලනය කරන්න රට වැසියා බලයක් දීල තියෙනවා.
ජනාධිපතිවරණයට කලින් ඔහේ කිව්ව විදියට ඒක ප්‍රයෝජනයට ගන්න තියෙන හොඳම වෙලාව මේකයි.
මේ වෙලාවෙ සජිත් හිටියත්, රනිල් හිටියත්, අනුර දිසානායක හිටියත් තත්වය මේකයි.
මේ වසංගත තත්ත්වය පුද්ගල ප්‍රශ්නයක් නොවේ.
නමුත් මේක හසුරුවන විදියයි වෙනස් වෙන්න ඕනෙ.
ලඟ ඉන්න එහෙයියො කියන කතායි, හමුදාවෙ පහල අය ඔහෙට තියෙන බිය හින්ද කියන කතා යි විතරක් අහන්න එපා.
ප්‍රැක්ටිකල් වෙන්න.
ලංකාව ඉන්නෙ දරුණු අගාධයක.
ලෝකයටම කොවිඩ් තියෙනවා.
අපේ රටේ සෞඛ්‍ය හිතාගන්න බැරි තරම් ඉක්මනින් පාලනයෙන් ඈතට යමින් ඉන්නවා.
පහසුකම් නෑ.
බෙහෙත් නෑ.
පරීක්ෂා කරන්න විදියක් නෑ.
කොරෝනා හැදිච්ච මිනිසුන් දැන් මහ මග මැරී වැටෙන තත්වෙට ඇවිල්ල.
නිරෝධායනය අවසන් කර ගෙදර යමින් සිටි අයෙක් මගදී මිය යයි..(lankacnews.com)
ඇත්ත ඒකයි.
දැන්වත් පුරාජේරුව නවත්තල වැඩට බහිමු.
ඔහෙට ඕනෙකමක් තියෙනවා නම් පුලුවන්.
කොහොමද ඒක කරන්නෙ හොඳට හිතල බලන්න.
අනික අර්ථිකය. ඔහේ මොන තරම් බයිල කිව්වත් ණය හින්ද අපේ රටේ ඉතා විශාල ආර්ථික දෙදරීමක් ඉදිරි දෙවසර තුල වෙනවා. කොවිඩ් ඒක දෙගුණ තෙගුණ කළා .
රටේ ප්‍රශ්න විසඳන්න ඔබට ඇමරිකාවෙන් මිනිස්සු ගේන්න බෑ.
ඔහේ වටා ඉන්නෙ පට්ට එහෙයියො ටිකක්.
උන් ඔහෙව නැතිකරල දානවා.
ඔහේ හිතුවට වීරසේකරල ,ගොඩහේවල, අරඹේපොළල, ජයසුමනල දක්ෂ සුරංගනා කතාවලටයි, මිනිස්සු අන්දන්නයි විතරයි. වැඩ බෑ.
''ඔහේ හිතුවට වීරසේකරල ,ගොඩහේවල, අරඹේපොළල, ජයසුමනල දක්ෂ සුරංගනා කතාවලටයි, මිනිස්සු අන්දන්නයි විතරයි. වැඩ බෑ.''
කතා කරන්න, ප්රශස්ති විතරක් නොකියන ගරු ආගමික නායකයින්ට.
කතා කරන්න, අයිය මහින්දට.
බැසිල්වත් ලඟට ගන්න.
ඒ දෙන්නට කියන්න පරම්පරා ගානකට හම්බකරල තියෙන හින්ද සල්ලි ගහන එක නතර කරල අවංකව මේ වැඩේ කරන්න කියල.
නාමල්වත් ගන්න.
ඔහෙගෙ පිලේ ඉන්න දක්ෂයො බොහොම ටිකයි.
ඩීවී චානක, සනත් නිශාන්ත, අරුන්දික, මහින්දානන්ද, ගම්මන්පිල, වීරවංශ, සේමසිංහ, රෝහිත වගේ පුබ්බඩයො වැඩක්ම නෑ.
කතාකරන්න ලැජ්ජ වෙන්න එපා...
කතා කරන්න, රනිල් ට.
රනිල්ගේ විදේශ සම්බන්ධතා පාවිච්චි කරන්න.
පිටරටවලින් උදව්ගන්න ඊට වඩා සුදුස්සෙක් ලංකාවෙ නෑ.
කතා කරන්න ලැජ්ජ වෙන්න එපා.
කතාකරන්න, අනුර දිසානායකට. කෘෂි ආර්ථිකය පණ පොවල වැව් ටික පෝෂනය කරල මිනිස්සුන්ගෙ බඩ වියත සරිකරන වැඩේ බාරදෙන්න.
කතාකරන්න, පාඨලීට. බොරතෙල් මිලත් එක්ක ලැබන වාසිය අරගෙන බලශක්ති වැඩපිළිවෙලක් හදල ජීවන බර අඩුකරන සටනට උදව්ගන්න.
කතාකරන්න, මංගලට. ආර්ථික විශේෂඥයෙක් නොවුනට බන්දුලට වඩා හොඳට පාලනය කරනවා ෂුවර්. බාරදෙන්න ආර්ථික මුදල් පැත්ත.
නාමල් ට, හරීන් ට, නලින්ද ජයතිස්සල ට, සංගල ට, මහේලල ට, සුසන්තිකාල ට කතාකරල කියන්න රට හදන්න තරුණ ප්‍රජාව බලමූළු ගන්වන්න කියල.
කතා කරන්න, කරු ජයසූරියට. ඔහුගෙන් ලොකු වැඩක් ගන්න. ලඟින්ම තියාගන්න.
කතා කරන්න, සුමන්තිරන්ට. නීතියත් භෞතික විද්‍යාවත් දෙකම දන්න ඔහු ලවා විදෙස් ගතව ඉන්න දමිළ බුද්ධිමතුන්ගෙ දැනුම අත්දැකීම් රටට එකතු කර ගන්න.
මං දන්න විදිහට විදෙස්ගතව ලංකාවෙ දමිළ ස්කොලර්ස්ලා දහ දාහකට වැඩිය ඉන්නවා.
කතාකරන්න, අයිය මහින්ද ට. ආගමික නායකයො එකතුකරල සහජීවනය හදල රටේ අධ්‍යාත්මික ගුණ සුවඳ වපුරන්න දෙන්න.
කතාකරන්න බැසිල්ට. මුදල් අමාත්‍යාංශයෙ අනුමැතිය යටතෙ අත්‍යාවශ්‍ය සේවා සපයන්න බාරදෙන්න.
කතාකරන්න සරත් ෆොන්සේකට, කමල්ට, ශවේන්ද්‍රට කියන්න රටේ දියුණුවට ඉන්න හොඳම බලකාය, මේ වෙලාවට අවශ්‍ය විදියට ප්‍රතිසංවිධානය කරන්න බාර දෙන්න.
හොඳ මිනිහෙක් ගැන හිතල මාධ්‍ය බාරදෙන්න. ඒක ඉතා වැදගත්. මේ වෙලාවෙ මාධ්‍යයට ලොකු වගකීමක් තියෙනවා. ඒක ඉතාම වැදගත්.
පොසිටිව් විදියට මිනිස්සුන්ට හිතන්න සලස්වන්න.
සමාජ මාධ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙන්න. වැඩේ හොඳට යනව නම් ඒවායින් උදව් ලැබෙයි.
කරපු උදව්වලට හරියන්න කොරෝන වලින් ඇති තරම් දිලිත්ට හම්බ කරගන්න දුන්නනෙ. දැන් ඇති. ගූ දෙරණයි, කුඩු හිරු යි සයිලන්ට් කරන්න. උන් තමා මේ රටේ විනාශෙ.
''කරපු උදව්වලට හරියන්න කොරෝනවලින් ඇති තරම් දිලිත්ට හම්බ කරගන්න දුන්නනෙ. දැන් ඇති. ගූ දෙරණයි, කුඩු හිරු යි සයිලන්ට් කරන්න. උන් තමා මේ රටේ විනාශෙ.''
හොඳ සෞඛ්‍ය ඇමතිකෙනෙක් දාගන්න. ජාසිංහ මහත්තය හරි කමක් නෑ.
මුට්ටි ගඟේ දාන, මූදට බිලිවෙන්න යන විහිලු සපයන්නො නැතුව.
නැත්තං අර දොස්තර රමේෂ් පතිරණට බාරදෙන්න. අලුත් හින්ද බැහැල කරයි වැඩේ. විෂයත් දන්නවනෙ.
මිනිස්සු නැතුව නෙමේ මිස්ටර්..
මිනිස්සු නැතුව නෙමේ මිස්ටර්, මිනිස්සු වෙනස් අරමුණු පස්සේ ඉන්නෙ හැමෝම.
ඒව වෙනස් කරන්න පාලකයා දක්ෂ වෙන්න ඕනේ.
මේක ඔහේට ඕනෙ නම් කරන්න පුලුවන්.
ඕනෙ නම් නොකර ඉන්නත් පුලුවන්.
බයියො ටික, හොර සංඝයො ටික වේගයෙන් ඔහේලගෙන් ඉවත්වෙමින් ඉන්නවා. හෙට අනිද්ද වෙද්දි ඉතිරිවෙන්න ඉතාම ටික දෙනයි. ඉරාජ් වීරරත්න එක්ක ඔහේට මේ ගමන යන්න බෑ.
''බයියො ටික, හොර සංඝයො ටික වේගයෙන් ඔහේලගෙන් ඉවත්වෙමින් ඉන්නවා. හෙට අනිද්ද වෙද්දි ඉතිරිවෙන්න ඉතාම ටික දෙනයි. ඉරාජ් වීරරත්න එක්ක ඔහේට මේ ගමන යන්න බෑ.''
ග්‍රාමසේවක ඉඳල ජනාධිපති ලේකම් දක්වා ඉතා හොඳ පරිපාළන සැලැස්මක් අපේ රටේ තියෙනවා.
හමුදාවට වඩා ඒක හොඳයි රට පාලනය කරන්න.
පලාත් සහ මධ්‍යම රජයේ රෝහල් තියෙනවා.
සෞඛ්‍ය සැලැස්මක් බලාත්මක කරන්න.
මේ කරුනු ගැන තව එකපාරක් හිතන්න.
නැත්තං මෙච්චරකල් කළා වගේ මිරිහානෙ ඉඳල ඇඹුල්දෙනිය හරහා ඔෆීස් ඇවිල්ල දවස ගානෙ කව්රු හරි නිලධාරි ටිකක් ගෙන්නල බැනල ගෙදර යන්න, ඉතිරි අවුරුදු 4 ත්.
අවසාන වශයෙන් කියන්නෙ මෛත්‍රිපාල සිරිසේනටත් වඩා ඉක්මනින් දවසගානෙ ඔහේ රට්ටුන්ට ජෝක් එකක් වෙමින් සිටින බවයි.
(69ට අයිති නැති, කේන්තිය පාලනය කරගත් එකෙක්)