ඇමරිකානු ඉතිහාසයේ අලුත් වාර්තාවක් තියමින් කමලා හැරිස්, ඉන්දියානු - කළු සම්භවයක් සහිත කාන්තාවක්, උප ජනාධිපතිවරයා බවට පත්වුනා.
 බැරක් ඔබාමා ඇමරිකාවේ පළමු කළු ජනාධිපතිවරයා බවට පත්වුනාම කීවා, මගේ මේ කතාව ලෝකයේ අන් කිසිම තැනක සැබෑ කරගත හැකි සිහිනයක් නෙමෙයි කියල. 
 
කළු ජනාධිපතිවරු මුළු අප්‍රිකාව පුරාම හිටියට, ඇමරිකාව එහෙමෙ හිතන්න හේතුව තමා, ඇමරිකාව තරම් කළු මිනිස්සුන්ට පාදඩ, වහල්, තිරිසන් විදියට සලකපු රටක් ලෝකයේ තවත් නැති තරම්. 
 
ඒ වගේම තමයි, කළු මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ තරම් දීර්ඝ අරගලයක් කරපු රටකුත් ලෝකයේ තවත් නැතුව ඇති.
 
 
rs 1024x759 200821085930 1024 Kamala Harris Family ch 082120
කමලාගේ අම්මා ඉන්දියාවේ. ශ්‍යාමලා ගෝපාලන් 1938 ඉපදුනේ ඉන්දියාවේ චෙන්නායි වල. 
 
ඊටපස්සේ දිල්ලි විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන ආචාර්ය උපාධිය ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ලබාගත්තා. 
 
ඊටපස්සේ 1963 දී කීර්තිමත් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන ජැමයිකන්-ඇමරිකන් ඩොනල්ඩ් හැරිස් සමග විවාහ වුනා. 
 
කමලා හැරිස් සහ මායා හැරිස් ඔවුන්ගේ දුවලා දෙන්නා. 
 
කමලා හොවාර්ඩ් විශ්වවිද්‍යාලයේ (කළු සම්භවයක් සහිත අයටම ජනප්‍රිය වුන පාසලක්) සහ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන නීතිවේදිනියක් වුනා. 
 
නංගි මායාත් නීතිවේදිනියක් වගේම රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත්කරන්නියක්.
 
චන්දෙට කලින් කමලාගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 5.8ක් කියල ඇස්තමේන්තු කරලා තිබ්බා. 
 
ඇමරිකානු කළු නිදහස් අරගලය ඇතුලේ හමුවන බොහොමයක් සටන්කාමීන් වගේ ඇය පීඩිත පසුබිමකින් එන කෙනෙක් නෙමෙයි.
 
 2003 ඇය සැන් ෆ්‍රැන්සිස්කෝ දිස්ත්‍රික්කයේ නීතිපති විදියටත් 2010 දී කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිපති ලෙසත් 2014 නැවත වරකුත් චන්දයෙන් දිනුවා. 
 
2016 දී ඇය පළමු දකුණු ආසියාතික සම්භවයක් සහිත කාන්තාව ලෙස ඇමරිකානු සෙනට් සභාවට තේරීපත්වුනා. 
 
431 20171121 harris 2000x1124
 
හැබැයි අපි හැමෝම ඇයව දැනගත්තේ 2020 ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් නාමයෝජනා ලබාගැනීමට ඇය කැම්පේන් කරපු වෙලාවේ. 
 
අන්තිමට ජෝ බයිඩන් ඇයව උප ජනාධිපති තරග සහකරු ලෙස තෝරාගත්තා.
 
ඔය උඩ කියපු එක කාරණයක්වත් නෙමේ ලංකාවේ අපි ඇය ගැන කතාකරන්න හේතුව. 
 
ඇය දකුණු ඉන්දියානු සම්භවයක් තිබීම නිසා අපිට සැකයක් තිබුනා කොටි ත්‍රස්තවාදීන්ට හිතවත් ඩයස්පෝරාව ඇයට චන්දෙට උදව්කරනවා ඇති කියලා. 
 
අනිත් කාරණය තමා ඇයගේ මානව හිමිකම් ලැදි අතීතය නිසා ඇයත් හිලරි, සමන්තා ගිය පාරේම යමින් අපි වගේ පුංචි රටවල් වලට හිරිහැර කරයිදෝ කියන එක. 
 
තව සෙට් එකක් කියනවා කමලාගේ කවුදෝ නෑදෑයෙක් යාපනේ කියලා. 
 
බුදුහාමුරුවෝ ලංකාවේ ඉපදුනා කියල බණ කියන හාමුදුරුවරු ඉන්න අපේ රටේ කමලා ලංකාවේ ඉපදුනා වගේ කතාවක් නොකිව්වනම් තමා පුදුමේ.
 
''බුදුහාමුරුවෝ ලංකාවේ ඉපදුනා කියල බණ කියන හාමුදුරුවරු ඉන්න අපේ රටේ කමලා ලංකාවේ ඉපදුනා වගේ කතාවක් නොකිව්වනම් තමා පුදුමේ.''
 
 
මට මතකයි ඔබාමා ඇමරිකානු ජනාධිපති වුනාට පස්සේ අප්‍රිකානු තරුණ නායක සමුළුව අමතමින් කීවා ‘මම අප්‍රිකානු ජනාධිපති කෙනෙක් නෙමෙයි මම ඇමරිකාවේ ජනාධිපති’ කියලා. 
 
කමලා වුනත් ඉන්දියාවට, දකුණු ආසියාවට ඇගිල්ල ගහනවාට වඩා ඇමරිකන් වෙන්න හදයි. 
 
ඇමරිකානු නායකයෙක් විදියට හැසිරෙනවා මිසක් කොටි ප්‍රශ්නය වගේ දශකයක් විතර පරණ ප්‍රශ්නවලට ඇත දාන එකක් නැති වෙයි. 15BCHARRIS jumbo
 
 
බයිඩන්ට සහ කමලාට සුභපතමින් බැරක් ඔබාමා තබා තිබු සටහනේ කියනවා ඉතිහාසයේ අන්කවර ජනාධිපති කෙනෙකුටවත් නොතිබූ, වසංගතයක්, ආර්ථික ප්‍රශ්න ටිකක්, නීතියේ ආධිපත්‍ය ගැන ප්‍රශ්න ගොඩාක් විසදන්න තියෙනවා කියලා. 
 
ලංකාව වගේ පරිධියේ තියෙන රටවල් වලට වඩා තමුන්ගේ රටේ ගිනි නිවන්න තියෙනවා.
 
මිෂෙල් ඔබාමා ලියා තියෙනවා මේ මැතිවරණය ආරම්භයක් විතරයි, අති විශාල පිරිසක් ට්‍රම්පට චන්දය දීලා තියෙන නිසා ඒ අයව දිනා ගැනීමට දැන් අපි වැඩ කලයුතුයි කියල. 
 
මේ තරම් නරක විදියට මෑතකදී ඇමරිකානු චන්දයකදී මිනිස්සු හැසිරිලා නෑ. 
 
ලංකාවේ චන්දවලවත් මෙහෙම විකාර විදියට චෝදනා කරන්නේ ගහ බැණගන්නේ නෑ. 
 
ඒ නිසා ඇමරිකාවේ මුලධර්මවාදී බෙදීම සමනය කරන්න දැන් ආණ්ඩුවට ලොකු වැඩ කොටසක් තියනවා.
 
ඇත්තටම රිපබ්ලිකන් පක්ෂය තමා කළු ජාතිකයන්ව වහල් සේවයෙන් නිදහස් කලේ. 
 
ඒවෙලාවේ ඩිමොක්‍රටික් පක්ෂය ඊට විරුද්ධ වුනා. 
 
අද කළු කාන්තාවක් එහෙව් පක්ෂයෙන් උප ජනාධිපති වුනා. 
 
රිපල්කිකන් පක්ෂයට වුනත් ට්‍රම්ප්ගේ නින්දාවෙන් බේරෙන්න අලුත්ම කරණමක් ගහන්න පුළුවන්.
 
 WILMINGTON, DE - AUGUST 13: Sen. Kamala Harris (D-CA), running mate of Presumptive Democratic presidential nominee former Vice President Joe Biden, attends a coronavirus briefing at a makeshift studio at the Hotel DuPont on August 13, 2020 in Wilmington, Delaware. Harris is the first Black woman and first person of Indian descent to be a presumptive nominee on a presidential ticket by a major party in U.S. history. (Photo by Drew Angerer/Getty Images)
කමලා හැරිස් විනාඩි දහයක කතාවක් කළා අද උදේ. (එයාලටනම් සෙනුරාදා රෑ). 
 
ඇත්තටම ගෑනියෙක් ජනාධිපති වෙන එක ඇමරිකාවෙත් සිහිනයක්. 
 
සිරිමාවෝ / චන්ද්‍රිකා අහබුව ඇරුණම ගෑනියෙක් ප්‍රාදේශීය සභාවක සභාපති කරන එකත් ලංකාවෙත් සිහිනයක් වෙමින් පවතිනවා. 
 
කළු පාට ගෑනියෙක් ඇමරිකාවේ මෙච්චර උඩට එන එක, කොච්චර අමාරු වැඩක්ද කියලා, අතිශයින්ම අධිපතිවාදී සහ ජාතිවාදී ඇමරිකානු ඉතිහාසය කියවනකොට තේරෙනවා. 
 
අනිකා කමලා නියෝජනය කරන්නේ වාර්ගික, ආගමික, ලිංගික සහ තවත් බොහෝ හේතුමත කොන්වෙලා ඉන්න ඇමරිකානු සමාජය. 
 
ඒ වෙනුවෙන් පෙනීසිටින ඉදිරිගාමී ඇමරිකානු සමාජය.
 
ඇමරිකානු දේශපාලකයන් ලෝක පොලිස්කාරයෝ වෙන එක කවුරු බලයට ආවත් නවත්වන්න බෑ.
 
 හැබැයි කමලාට චන්දෙ දුන්න ඉදිරිගාමී ඇමරිකානු මිනිස්සු එහෙම නොවුනොත්, අන්න එදාට අපිට හුස්මගන්න පුළුවන්. 
 
මම විශාවාස කරන්නේ කමලා විසින් නියෝජනය කරන ඇමරිකානු බල දේශපාලනය නෙමෙයි, උන්ව දිනවන්න මේ පාර චන්දෙ දුන්න ඇමරිකානු මිනිස්සු.
 
 
 
milinda 2020(මිලින්ද රාජපක්ෂ)
කොළඹ නාගරික මන්ත්‍රී 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්