ලංකාවේ පළමු කොරෝනා ආසාදිතයා හමු වූ පෙබරවාරි මාසයේදීවත්, පළමු කොවිඩ් රැල්ල හැමූ මාර්තු මාසයෙදීවත්
අපට මුහුණු ආවරණ අත්‍යවශ්‍ය මොහොතක් වනතුරු භාවිත නොකරන්නැයි වෛද්‍යවරු ඉල්ලීමක් කළෝය. 
 
එහෙත් අද දෙවැනි රැල්ලේ ආරම්භයත් සමග මුහුණු ආවරණ යනු අත්‍යවශ්‍ය අංගයක් වී ඇත්තේය.
 
රේගුව කියන විදියට ලංකාවට ශල්‍ය මුහුණු ආවරණ පමණක් (HS 630790) ටොන් හාරසිය අනු එකක් ආනයනය කර තිබේ. 
 
මේවා ගෙන්වා ඇත්තේ 2020 වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා ඇති කාල පරාසය තුළයි. 
 
රේගුව කියන විදියට ලංකාවට ශල්‍ය මුහුණු ආවරණ පමණක් (HS 630790) ටොන් හාරසිය අනු එකක් ආනයනය කර තිබේ. මේවා ගෙන්වා ඇත්තේ 2020 වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා ඇති කාල පරාසය තුළයි. 
 
ඒත් 2019 වසරේදී මෙරටට ශල්‍ය මුහුණු ආවරණ ගෙන්වා ඇත්තේ ටොන් තිස් දෙකක් පමණි.
 
මුහුණු ආවරණ ආනයනය කරන දේශීය ආනයනකරුවෝ පන්සීය හතළිහක් පමණ සිටිති. 
 
ඔවුහු චීනය, වියට්නාමය, ඉන්දියාව, හොංකොං, බංග්ලාදේශය, සිංගප්පුරුව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, ස්විට්සර්ලන්තය සහ තායිවානය යන රටවලින් මුහුණු ආවරණ ආනයනය කරති.
 
නමුත්, මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආනයනය කරනු ලබන සියලුම වර්ගයේ මුහුණු ආවරණ බලපත්‍ර තවකාලිකව තහනම් කර තිබේ. 
 
මේ ආකාරයට මුහුණු ආවරණ ගෙන්වීම තහනම් කර ඇත්තේ රට තුළම ශල්‍ය මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමට ව්‍යාපාරිකයන් පෙලඹවීමටය.
 
ලංකාවට දිනකට මුහුණු ආවරණ ලක්ෂ පහළොවක් පමණ අවශ්‍යව ඇත්තේය.
 
cmlsdඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ශල්‍ය මුහුණු ආවරණවලට අමතරව KN 95 වර්ගයේ මුහුණු ආවරණ ද රට තුළ නිෂ්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
 
ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ශල්‍ය මුහුණු ආවරණවලට අමතරව KN 95 වර්ගයේ මුහුණු ආවරණ ද රට තුළ නිෂ්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
 
KN 95 N 95
KN 95, N 95 වැනි මුහුණු ආවරණ අවශ්‍ය වන්නේ රෝගී සත්කාරයේ යෙදෙන විට පමණක් බව පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍ය මධුමනි අබේවර්ධන පවසයි.
 
මැති ඇමැතිවරුන්ගේ සිට කාර්යාල සේවකයන් දක්වා බොහෝ පිරිසකගේ තේරීම වී ඇත්තේ KN 95 වර්ගයේ මාස්ක්ය. 
 
එය පැලඳ සිටියොත් තමන්ට කොරෝනා නොවැලඳෙතැයි ඔවුහු සිතති.
 
එහෙත් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍ය මධුමනි අබේවර්ධන කියන්නේ සමාජයේදී KN 95, N 95 වැනි මුහුණු ආවරණයන් භාවිත නොකරන ලෙසය. 
 
එම ආවරණ අවශ්‍ය වන්නේ රෝගී සත්කාරයේ යෙදෙන විට පමණක් බව ද ඇය පැහැදිලි කළාය.
 
‘‘දැන් ගොඩක් කට්ටිය විලාසිතාවකට වගේ රවුම් පෙරණය තියන KN 95 කියන මුහුණු ආවරණ පලඳින්න උත්සහ කරනවා. ඒ මුහුණු ආවරණවලින් අපිට ආරක්ෂාවක් සැලසුණාට අපෙන් අනෙක් අයට වෙන්නේ හොඳක් නම් නෙවෙයි. 
 
අපෙන් පිටවෙන වාතයෙන් සියුම් ක්ෂුද්‍ර ජීව අංශු පිටත වාතයට එකතු වෙන්න පුළුවන්. එතකොට අපිට වයිරසය ආසාදනය වෙලා තිබුණොත් අනෙක් අයට බෝ වෙන්න පුළුවන්.
 
අපි කියන්න ඕනේ කොයි වේලාවක හරි එහෙම මාස්ක් එකක් දාගෙන කෙනෙක් හිටියොත් ඔහු ගාවටවත් යන්න එපා. මොකද ඔහුට කොවිඩ් වයිරසය තිබුණොත් ඒ පෙරණය තුළින් ක්ෂුද්‍ර ජීවි අංශු පිටතට ඇවිල්ලා ඔබටත් වයිරසය ආසාදනය වෙන්න පුළුවන්.”
 
N95
N 95 මෙඩිකල් මාස්ක් පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍ය මධුමනි අබේවර්ධන කීවේ, මෙම මුහුණු ආවරණ ලෝකයේම ඇත්තේ සීමිත ප්‍රමාණයක් බවයි. 
 
ඒවාද භාවිත කරන්නේ වසංගත රෝගයකට ගොදුරු වූ අයෙක්ව ශල්‍යකර්මයකට ලක් කිරීමේදී හෝ විශේෂ අවස්ථාවල ඔහුගෙන් පිටවන වායු අංශුවල ඇති විෂබීජ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ඇතුළු නොවීමටයි.
 
නමුත්, සාමාන්‍ය ජනතාව මේ කියන්නා වූ KN 95 හෝ N 95 යන මුහුණු ආවරණ බාහිර සමාජයේදී පැලඳීමට අවශ්‍ය නොවන බව ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍ය මධුමනි අබේවර්ධන කීවාය. 
 
මේ අවස්ථාවේදී කොවිඩ් 19‘ වයිරසය ආසාදනය නොවී සිටීමට නම් කළ යුත්තේ ශල්‍ය මුහුණු ආවරණ භාවිත කිරීම මෙන්ම අනිවාර්යයෙන්ම නිතර දෑත් පිරිසුදු කිරීම හා සමාජ දුරස්ථභාවයයි.
 
''මේ අවස්ථාවේදී කොවිඩ් 19‘ වයිරසය ආසාදනය නොවී සිටීමට නම් කළ යුත්තේ ශල්‍ය මුහුණු ආවරණ භාවිත කිරීම මෙන්ම අනිවාර්යයෙන්ම නිතර දෑත් පිරිසුදු කිරීම හා සමාජ දුරස්ථභාවයයි.''
 
(අරුණ -හර්ෂණී දිසානායක)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්