මට මේ කතාව දකින්න ලැබුනෙ ස්ලට්එවර් සීරීස් එකෙන්. 
ස්ලට්එවර් කියන්නෙ වයිස් කියන ඉතාම ආකර්ශනීය, ඔලුව බම්ප් කරනසුලු වැඩකරන මීඩියා හවුස් එකෙන් කරන වෙබ් සීරීස් එකක්. 
 
කාලි සියොර්ටිනො කියන මේ වෙද්දි මං උමතුවෙන් ඉන්න කෙල්ල තමයි ඒක ප්‍රොඩියුස් කරන්නෙ. 
 
ඒ සීරීස් එක පදනම් වෙන්නෙ කාලිගෙ ස්ලට්එවර් කියන බ්ලොග් එක මත. 
 
කාලිගෙ වචනවලින් ඒ සීරීස් එක කියන්නෙ පෝස්ට් ෂේම් වර්ල්ඩ් එකක, ඒ කියන්නෙ ලැජ්ජාවේ යුගයට පසු ලෝකයක ජීවත්වෙන ස්වාධීන ගැහැනියකගේ සංදේශ. 
 
මේ වෙබ් සීරීස් එක නිව්යෝර්ක් ටයිම්ස්වලට අනුව නූතන අවධියේ ලිංගික පර්යේෂන වාර්තාවක්. 
 
 
 
මෙන්න මේ සීරීස් එකේ එක කොටසක් තිබුන මෙඩිකල් ඇසිස්ටඩ් සෙක්ස් ගැන. Sex Lives of the Disabled
 
ඒ කියන්නෙ ආබාධිත අයට ලිංගික සතුට ලබාදෙන වෘත්තිමය ආයතනයක් ගැන. 
 
ඒක පවත්වාගෙන යන්නෙ සායනික ලිංගික වෛද්‍ය සහ සමීප ඇසුර පිළිබඳ මගපෙන්වන්නියක් වන ජොස්ලින් නර්ඩාල්.
 
මේ සේවය ගැන ස්පෙන්සර් විලියම්ස් කියන රෝද පුටුවක ජීවත් වෙන අවුරුදු 26ක ආබාධිත තරුණයෙක් කතා කරනවා. 
 
ස්පෙන්සර් නිදහස් ලේඛකයෙක් වගේම වැන්කුවර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. එයාගෙ ශරීරයේ පහල කොටස අප්‍රානිකයි. 
 
 
“මට කොයිතරම් ආස හිතෙන අය මුනගැහුනත් මේ වීල්චෙයාර් එක මට ලොකු බරක්. ඒක මට යන්න ඕන හැම තැනකම මාව අරන් යන්නෙ නෑ. විශේෂයෙන්ම සමීප ඇසුරු කිරීම්වල පැත්තට. මං හිතුවා මට කන්‍යාභාවය තියාගෙනම මැරිලා යන්න වෙයි කියල. මං මේ ගැන ගූගල් කළා. මට ජොස්ලින්ව මුනගැහුනෙ එහෙම”
වැන්කුවර් වල සෙන්ෂුවල් සොලියුෂන්ස් නමින් තමන්ගේ සේවා ආයතනය කරගෙන යන ජොස්ලින් ඒ ගැන විස්තර කරනවා.
 
“මං ගොඩක් ශරීරයේ අවයව ගැන කියල දෙනවා. සංසර්ගය ගැන කියලා දෙනවා. මගේ ක්ලයන්ට් කෙනෙකුගෙ ශරීරය උත්තේජනය කරන්න පුළුවන් විවිධ ක්‍රම ගැන මං කියල දෙනවා.
 
මං විශ්වාස කරනවා සෙක්ස් කියන්නෙ සුවපත් කිරීමේ මාධ්‍යයක් කියල. මං උදව් කරනවා ශාරීරික ආබාධ තියෙන අයට ඒ ගොල්ලොන්ගෙ ශරීරය සම්පූර්ණයෙන් විඳින්න”
 
සෙන්ෂුවල් සොලියුෂන්ස් කරන්නෙ ආබාධිත අයගේ ලිංගික කාර්යයන් වෙනුවෙන් සහාය සලසන එක. 
 
එතන සම්බන්ධතා ගොඩනගා ගැනීමේ පුහුණුව, ලිංගික අධ්‍යාපනය ලබාදීම වගේම ලිංගික තෘප්තිය ලබාගැනීමට සහාය වීමත් කරනවා. 
 
ඒකට කියන්නෙ මෙඩිකලි ඇසිස්ටඩ් සෙක්ස් කියල. 
 
පැයක සෙෂන් එකක් ඩොලර් 225ක් විතර.
 
 
“සමහර ආබාධිත අය ඒ අය රැකබලාගන්න අය විසින් නිතර ස්පර්ශ කිරීම් සිදු වෙනවා. නොයෙක් දේවල්වලට උදව් කරද්දි, ඇඳුම් මාරු කරද්දි ආදිය මේ ලැබෙන ස්පර්ශය ගොඩක් වැදගත්. ඒත් මට හුඟක් අය කියල තියෙනවා ඉරොතික ස්පර්ශයන් නැතිකම ඒ අයට ලොකු අඩුවක් විදිහට දැනෙනවා කියල. තනිවුනු, කළකිරුනු වගේම තමන්  මිනිස්සු විදිහට සලකන්නෙ නෑ වගේ හැඟීමක් එනවා කියල”
 
 
නර්ඩාල් ආබාධිත අයගේ අවශ්‍යතා ගැන තමන්ගේ අත්දැකීම් විස්තර කරනවා.
 
නර්ඩාල්ගෙ සෙෂන්ස් එක එක අය අනුව වෙනස් වෙනවා. 
 
ඒ එක එක අයගේ සංවේදනා තෘප්තීන් අනුව සකස් වෙනවා.
 
 ස්පෙන්සර් කියන විදිහට එයාගෙ සෙෂන් එකක් හුස්ම ගැනීමේ ව්‍යායාම වලින් පටන් අරන් ශාරීරික ව්‍යායාමවලට ගිහින් එතනින් ස්පර්ශයන්, සිපගැනීම් සහ අනෙක් ක්‍රියාකාරකම් දක්වා ගමන් කරනවා.
 
 
 
“මේ සෙෂන් එකකදි මුලින් අපි කරනවා බොඩි මැපින්ග් කියල එකක්. ඒ කියන්නෙ ශරීරයේ විවිධ ප්‍රදේශ හරහා ගමන් කරමින් ඒවායේ සංවේදනා හඳුනාගැනීමක්. විවිධ ස්පර්ශයන් අත්හදා බැලීමක්. ඒ හරහා අපිට පුළුවන් කෙනෙක් කැමති ස්පර්ශයන් සහ කලාපයන් හඳුනාගන්න”
 
 
නර්ඩාල් එයාගෙ විෂය පැහැදිලි කරනවා.
 
ආබාධිත අය ගැන කතා කරද්දි සෙක්ස් ගැන කතා කරන එකත් ටැබූ එකක්. 
 
ස්පෙන්සර් විලියම්ස් කියන්නෙ එයාට මේ සේවය සෙක්ස් ගැන සේවයක් වුනත් ඊට වඩා ගොඩක් ලොකු දෙයක් ඒකෙ තියෙනවා කියල.
 
“මං සෙක්ස් හින්ද තමයි මේක හොයාගෙන ගියෙ. ඒත් මට ඊට වඩා දේවල් ඕන වුනා. කාට හරි ළංවෙන්න, කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න, සිපගන්න, ඒ ස්පර්ශය විඳින්න මේ හැමදෙයක්ම.
 
සමහර වෙලාවට සමහර අය මං පව් කියල මාත් එක්ක සෙක්ස් කරන්න කැමති වෙනවා. මට එහෙම වැඩක් නෑ. ඒක හරි කෘතිමයි”
 
ස්පෙන්සර් ඊට වඩා නර්ඩාල්ගෙ සෙෂන්ස්වලට කැමතියි. කිසිම විනිශ්චයකින් තොරව තමන් කැමති දෙයක් ආරක්ෂිතව අත්හදා බලන්න පුළුවන් නිසා ඒ වෙනුවෙන් මිළක් ගෙවන එක පවා තමන්ට ප්‍රශ්නයක් නෑ කියලයි ස්පෙන්සර් කියන්නෙ.
 
කැනඩාවෙ ලිංගික සේවා සැපයීම නීතිගත වුනත් ලිංගික සේවා ලබාගැනීම නීතිගත නෑ. ඒ නිසා නර්ඩාල්ගෙ මේ අමුතු සේවය තියෙන්නෙ අපැහැදිලි කලාපයක.
 
කැනඩාවෙ නීති විශාරදයන් පෙන්වා දෙන විදිහට ඒ නීතිය ඇතුලෙ ආබාධිත පිරිස් ගැන විශේෂ සිතාබැලීමක් කරලම නෑ.
 
 
“වෙන කෙනෙක් ලිංගික සේවාවක් ලබාගැනීමේ වරදටම ආබාධිතයෙක් වුනත් හසුවෙනවා. නමුත් ආබාධිතයාගේ තත්වය ආබාධිත නොවන කෙනෙකගේ තත්වයට වඩා වෙනස්. ඒක ඒ මනුස්සයාට ලැබිය යුතු අනිවාර්ය සේවයක්. කැනඩාවෙ නීතිය කොහොමත් සෙක්ස් කියන්නෙ අපරාධයක් කියන දෘෂ්ටියෙන්ම හැදුනු එකක්. නෙදර්ලන්තෙ වගේ රටක තත්වය මීට වඩා වෙනස්. මෙඩිකලි ඇසිස්ටඩ් සෙක්ස් නෙදර්ලන්තෙ නීතිගතයි විතරක් නෙමෙයි ඒකත් එක්ක ලැබෙන තව තවත් ප්‍රතිලාභ පවා තියෙනවා”
 
කැනඩාවෙ නීතියත් එහෙම නං ලංකාව ගැන කවර කතාද?
 
 
 
THE LEADER TV

 

මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

රට කෑ කැරොලයින් නාඩගමේ තිරයෙන් පිටුපස කතාව!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්