තරහ අවසර ,
 
අලුත් අවුරුද්ද ඉවරවෙලා වැඩ පටන් ගත්ත ගමන් 'ස' හොඳ කතාවක් කියලා තිබුනා.
 
 
ඒ වැඩ බැරි සභාපතිලා , ආයතන ලොක්කෝ එලවනවා  කියලා.
 
 
 'ස' එහෙම කතාවක් කියල තිබුනේ අප්‍රේල් 21 ,  රාජ්‍ය අමාත්‍යවරුන් එක්ක මාසිකව තියන සමාලෝචන රැස්වීමේදී.
 
 
අනේ රෙස්පෙක්ට් 'ස' .!
 
 
රාජ්‍ය ආයතනවල දූෂණය ආණ්ඩුවට බරපතළ ප්‍රශ්නයක් වෙලා කියල 'ස' එතනදී  කියල තිබුන.  ඒවා වලක්වන්න ඇමතිවරු පියවර ගත යුතුයි කියලත්  'ස' කියල තිබුනා ..
 
 
අක්‍රමිකතාවල නියැළෙන නිලධාරීන් ට්‍රාන්සර් කිරීම, ඉවත් කිරීම වගේම  නිලධාරීන් අධීක්ෂණයට රාජ්‍ය අමාත්‍යවරුන් ක්‍රියා කළ යුතුයි කියලයි 'ස' උපදෙස් දීලා තිබුනේ.
 
 
එක නම් 'ස' ජෝක් එකට කියපු කතාවක් වෙන්න ඇති මගේ හිතේ. නිකං කින්ඩියට වගේ !
 
 
මොකද 'ස' එක කියපු දවසේ ම නිවාස සංවර්ධන අධිකාරියේ චෙයාමන් රේණුක  ඉල්ලා අස්වෙලා තිබුනා.  එයා ෆේස්බුක් එකට දාපු රෙසිග්නේෂන් ලෙටර් එකේ නම් තිබුනේ විෂය භාර රාජ්‍ය අමාත්‍යතුමා දූෂිත නිලධාරියෙක් බඳවා ගන්න කියලා එයාට දිගින් දිගටම බලපෑම් කරන නිසා අස්වෙනවා කියලා.
 
 
කොහොමවුනත් එහෙම කියපු සභාපති පැය 24 ක් යන්නත් කලින් ආයෙත්  වැඩ. අපි ඒවා ගැන එච්චර වොරි වෙන්න ඕන නැහැ, නැද්ද 'ස' ? ඒවා අපේ බැසිල් සර්ගේ ජිමික් නේ.
 
 
කොහොම වුනත් 'ස' රාජ්‍ය අංශයේ දූෂණය ගැන කරපු කතාවනම් හරිම සීරියස්.
 
 
ඒත් , 'ස' කතාවෙන් තේරෙන්නේ අපේ ඔය මැති ඇමතිලා හරි ම ෂෝක්,  එනිසා නිලධාරීන් ගැන විනිශ්චයට එයාල සුදුසුයි කියනවා වගේ හැඟීමක්.
 
 
'ස' ඇත්තටම එහෙමද හිතන්නේ ?
 
 
නිලධාරීන් අතරේ සුදු නිලධාරීන් වගේම කළු නිලධාරීන්නුත් ඉන්නවා..
 
 
ඒත්   'ස;   එයාල ගැන තීන්දු ගන්න කියලා 'ස' කියන ඔය මැති ඇමතිවරු වැඩි දෙනෙක් පොලිටික්ස් වලට ඇවිල්ල තියන්නේ පරම්පරා ගණනකට හරි හම්බ කර ගන්න.., 
 
හා, නැද්ද 'ස' ?
 
 
මොන්ටසොරි ළමයෙක් වුනත් අද ඒගැන දන්නවනේ 'ස' 
 
 
 දැරණියගල ප්‍රාදේශීය සභා සභාපතිතුමා පහුගිය 17වෙනිදා රිමාන්ඩ් කරලා තිබුනේ වතුර මීටර් 98ක් හොරකම් කරලා කියලා.
 
 
'ස' මෙරටේ වෙනදේවල එක්ක බලනකොට මේවා මොන සිල්ලර කේස් ද 'ස' .   නැද්ද මන් අහන්නේ.?
 
 
මහ බැංකු කොල්ලය, සීනි බදු වංචාව, පොල්තෙල් සීන් එක , ඩොලර් එක උඩ පහල දාන එක ... අන්න වැඩ.
 
 
කොහොමටත් 'ස' ඔය දැරණියගල වතුර මීටර් කාරයාත් තව දවස් දෙකතුනකින් නිදොස් කොට නිදහස් කරවී නේ. පව් අසරණයා.
 
 
ඒ කොහොම වුනත් දුෂිත නිලධාරීන් ගැන හොයන්න ඇමතිලා හොඳයි කියල 'ස' හිතෙන එකේ එච්චර පුදුමයකුත් නැ මගේ හිතේ.
 
 
මොකද අපේ මහින්ද මහත්තයාගේ පාලන කාළේ  බරපතළ චෝදනාවලට ලක්වෙච්ච අපේ මැති ඇමතිවරු නිදොස් කොට නිදහස් වෙන ස්පීඩ් එක දැක්කම 'ස' වුනත් එහෙම දෙයක් හිතෙන එක එක අතකට සාධාරණයි.
 
 
අනෙක 'ස' ට තුනෙන් දෙකක් තිබුනා කියලා හොරු අල්ල අල්ල ඉන්න පුලුවන්ද ? මොකද වෙන වැඩ නැද්ද ? නේද 'ස'
 
 
ඉස්සර හිටියේ පුත්තු විතරයි.  දැන් බෑනලා, නැන්දාම්මාල මාමන්ඩිලත්  වැඩේට බැහැලා. කොරෝනා වලිනුත් ගහනවා. හොස්පිටල් වලිනුත් ගහනවා. හොටල්වලිනුත් ගහනවා. මොකෙන්ද 'ස' නොගහන්නේ...
 
 
හොරු අල්ලන්න කියල ආපු යහපලනේ එවුන්, හොරු එක්ක ඩීල් දදා ගාන කපා ගත්තා වගේ දැනුත් වෙන්නේ ඒ ටිකමනේ 'ස' .
 
 
හොඳයි 'ස' බොරුනම් සලේ ට කියල හොයල බලන්නකෝ. අපේ කට්ටියගේත් වැඩ බලාගන්න පුළුවන් වේවි..
 
 
'ස' මෙහෙම හොරු අල්ල අල්ල ඉන්න ගියොත් 'ස' ගේ ඉතිරි අවුරුදු දෙක තුනත් නිකම්ම ගෙවිලා යාවි, මොකුත් නොකරම.
 
 
එක නිසා හොරු ඇල්ලිල්ල පොඩ්ඩකට පොලිසියට පවරලා, අපේ කට්ටියට හොරකන් කරන්න තියන ඉඩ බ්ලොක් කලොත් නරකද  'ස' .  
 
 
ඒත් බෑනේ ස' මතකනෙ වෙන්නප්පුවේ කසිප්පු අල්ලන්න ගිය පොලිස් නිලධාරියා ට දීපු ගේම් එක ...
ස'ත් ඒකට මුකුත් කිව්වෙත්  නෑනේ.
 
 
ඉතින් කොහොමද ස' රට හදන්නේ ?
 
 
ස' ට ඇත්තටම වුවමනාවක් තියෙනවා නම් කරන්න තියෙන්නේ මෙච්චරයි. සිංගප්පුරුවේ වගේ හොරකම් නවත්වන්න සිස්ටම් ගේන්න ස !
 
ටෙක්නොලොජි එක ඇප්ලයි කරන්න 'ස' . 
 
 
ටුල්ස් පාවිච්චි කරන්න 'ස' !
 
 
'ස' ඇත්තම කතාව අපි ඔක්කොම හොරු 'ස' .
 
 
අපි හැමොන්ම පුළුවන් පුලුවන විදියට, තම නැණ පමණින් හොරකම් කරනවා 'ස' .
 
 
ඩොක්ටර්ස්ලද, ප්‍රොක්ටස්ලාද, සාදුලද, ටියුෂන් මාස්ටර් ලද කියල වෙනසක් නැ  'ස',  අපි ඔක්කොම ඉන්කම් ටැක්ස් කට්ටි පනින කට්ටියනේ 'ස' . 
 
 
ඔය හොරකම තියනවා නේද,  එක අපේ ජාන වලින්ම එන දෙයක්  'ස' .
 
 
'ස' ඇමරිකාවේ කාලයක්ම හිටපු නිසා 'ස' දන්නවනේ උනුත් හොරු. හැබැයි හොරකම් කරන්න බයයි.  මොකද හොරකන් ලිමිට් කරන්න සිස්ටම් හදලා තියෙන්නේ.  පොඩි හොරකමක්  කලත් මාට්ටු .
 
 
'ස',  ස' ට මතකද අර ඇමරිකාවේ ඉමාඩ් සුබේරි  (Shah Zuberi ) ට වෙච්ච වැඩේ.
 
 
ඔව් ඔව් අර කබ්රාල් එක්ක එකතුවෙලා ගේමක් ගහලා හිරෙගිය සුබේරි  තමයි.
 
 
කබ්රාල් සෙන්ට්‍රල් බෑන්ක් එකේ ලොක්ක වෙලා ඉන්න කාලේ  ලංකවේ ඉමේජ් එක හදන්න කියලා ඔය සුබේරි ට ඩොලර් මිලියන 6.5 ක් දීලා තිබුනනේ.
 
 
'ස'  බලන්න ඇමරිකන් සිස්ටම් එකේ හැටි, අපේ රටේ, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි අරගෙන වංචාවක් කළා කියලා ඔය මිනිහව ඇමරිකාවේ උසාවියෙන්  පසුගිය පෙබරවාරි 18 වැනිදා අවුරුදු 12 කට හිරේ යව්වනේ.
 
 
කබ්රාල් ලොක්කා මහ බැංකුවෙන් එයාට ගෙවපු ඩොලර් මිලියන 6.5 න් ඩොලර් මිලියන 5.65 ක් මිනිහා  සාක්කුවේ දා ගෙන කියලා ඇමරිකානු නඩු විභාගේ දී මාට්ටු වුණා .
 
 
යහපාලන කාරයෝ බලයට ආවට මොකුත් වුනේ නෑ .
 
 
'ස'  අපට අපේ මුදල් ආපසු ලැබුනේ නැතත්,  අපේ මුදල් හොරා කාපු එකාට අන්තිමේදී දඬුවම් කලේ ඇමරිකන්කාරයා.  ඔව් 'ස' හිටපු රටේ අධිකරණය. 
 
 
ඉතින් 'ස' යමක් ඉගෙන ගන්න ඕනනම්, යමක් කරන්න ඕන නම්  ඒ කේස් එක වුනත් ඇති නේ 'ස' 
 
 
'ස' වත් ඒ විදියේ හරි සිස්ටම් එකක් හැදුවේ එහෙම නැත්නම්,  හැමදාම හොරු අල්ලන්න කියල කාලෙන් කාලෙට කට්ටිය බලයට එවි. එයාලත් ඒ විදියටම හොරකම් එකදිගටම කරගෙන යාවී.
 
 
ඇත්තටම 'ස' රට ගොඩගන්න තියන්නේ තැන් දෙකතුනක් ලින්ක් කරලා හරි හමන් සිස්ටම් එකක් හදන එක. දේශීය අදායම් එකටයි, කස්ටම් එකටයි , සුරාබදු එකටයි,  හරිහමන් සිස්ටම් එකක් හැදුවත් රට ගොඩේ ගොඩ.  
 
 
ඒ නිසා නිලධාරීන්ගේ හොර අල්ලන වැඩ ඔය මැති ඇමතිවරුන්ට බාර නොදී, හරි හමන් සිස්ටම් එකක් හදන්න 'ස'.. අඩු ගානේ කරා කියලා කියන්න වැඩක් තියෙයි ස !  
 
 
මේක කරන්න පුළුවන් 'ස' ට  විතරයි. 
 
 
ඔව් 'ස' ට  විතරමයි..!
 
 
මිට 
අවංක බයියා
 
 
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස",  වැඩ බැරි ඇමතිවරු ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්