ඉතිහාස කතාව :
 
# පාම්තෙල් අපනයනය ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරනු ලැබුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනාධිපති වී සිටි කාලයේය.  ඒ, 2000 මාර්තු 01 දාය. 
 
# මෙම වෙළෙඳ භාණ්ඩයට ඉන්දියාව විසින් සම්බාදයක් පැනවු විට ඒ සඳහා මැදිහත් වුයේ හිටපු ජනාධිපති/මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාය.  
 
# වාර්ෂික කෝටාව මෙට්‍රික් ටොන් 250,000 ක් ශ්‍රී ලංකාව ලබා ගත්තේද මහින්ද රාජපක්ෂ යුගයේදීය. 
 
# මෙම කර්මාන්තයේ එවකට 5000කට ආසන්න පිරිසක් සේවය කර ඇත.
 MPR
අවසානයේදි මෙම කර්මාන්තයට පමණක්ම අවශ්‍ය වන පාම් තෙල් ආනයනය තහනම් කළේ වර්තමාන මුදල් ඇමති/ අගමැති මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද ‍රාජපක්ෂ මහතාට ඉහත පළකර ඇති අතීතය යන්තමින් හෝ මතක තිබුනේ නම් ඔහු කිසිදිනෙක මෙම ගැසට්ටුව අත්සන් නොකරනු ඇත. 
  
මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් 2021 අප්‍රේල් 06 දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය මඟින් මෙරටදී සකස් කර ඇසුරුම් කර ඉන්දියාවට අපනයනය කරන පාම් තෙල් (Palm oil-H.S 1511.10) වර්ගයද ආනයනය සම්පූර්ණයෙන් තහනම් තර ඇති බව වනස්පති අපනයන සංගමයේ සාමාජිකයෙකු ප්‍රකාශ කළේය.
 
වර්තමාන ආණ්ඩුව නිරන්තරයෙන්ම විරුද්ධත්වය පලකරමින්, මෙරට තුල පරිභෝජණය සම්පූර්ණයෙන් නතර කල යුතු යයි කියන පාම් තෙල් වර්ග දෙකක් බලපත්‍ර ක්‍රම යටතේ ආනයනය කිරීමට මෙම ගැසට් පත්‍රය මඟින් අවසර දී ඇත. 
 
මෙමඟින් තහවුරු වන්නේ අපනයනය සඳහා අතර මැදි අමු ද්‍රව්‍යයක් වශයෙන් 2006 සිට මෙරටට ආනයන කරන  CRUDE PALM OIL ආනයනය සම්පූර්ණයෙන් තහනම් කර ඇති බවයි.
 
2002 වර්ෂයේ  දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග යුගයේදි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ප්‍රධාන අපනයනය භාණ්ඩය වූයේ ඉන්දියානුවන් අතර කියවෙන වනස්පති ගිතෙල් සහ ඉන්දියාවේ රසකැවිලි, බුරියානි වැනි අහාර සඳහා භාවිතා කරන බේකරි මේද නැතහොත් Bakery Shortning ය. මේවා පිළියෙල කරන්නේ මෙම පාම් තෙල් භාවිතයෙන්ය. 
 
 
ඉන්දියාවේ වනස්පති ගිතෙල් වාර්ෂික අවශ්‍යතාවය මෙට්‍රික්ටොන් මිලියන 1.5ක් නැතහොත් ලක්ෂ 15ක් පමණ වේ.  2008/2009 වර්ෂයේදි වනස්පති ගිතෙල් නිෂ්පාදනයන් අපනයන කරන කර්මාන්තශාලා 13ක් බිහි වු අතර ශ්‍රී ලාංකියන් සතු කර්මාන්තශාලා 3ක් විය. 
  
වර්තමාන මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මේවනවිට අමතකවී ඇතත්, 2009 වර්ෂයේදි මෙම වනස්පති අපනයනය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබු වෙළෙඳ අර්බුදයේදි ඒ සඳහා දැඩි අවදානයක් යොමු  කරනු ලැබුවේ එදා මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටි මහින්ද රාජපක්ෂ මහතා ම ය.
 
එවකට ඉන්දීය කොංග්‍රස් රජයේ හිටපු වෙළඳ අමාත්‍ය කමල් නාත් මහතා හමුවීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙන් සමන්විත විශේෂ දූත කණ්ඩායම් දෙකක් පිටත් කර හැරියේත් එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාය.
 
 India wanaspathi
 
එම මැදිහත්වීමේ ජයග්‍රහණයක් වශයෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකාවට වාර්ෂිකව වනස්පති ගිතෙල් සහා බේකරි මේද ටොන් 250,000ක කෝටාවක් ලබා දුන්නේය. එහි අද අපනයනය වටිනාකම අමෙරිකානූ ඩොලර් මිලියන 32.0 පමණ වේ. 
 
එම කෝටාව ලැබීමත් සමඟ දෛනිකව බහාලුම් 40ක් පමණ ඉන්දියාවට අපනයනය කල අතර ටොන් එකකට ඩොලර් 150ක ලාභාංශයක් ශ්‍රී ලංකාවට ලැබුණි.
 
දැනට මෙම කර්මාන්තය පවත්වාගෙන යනු ලබන්නේ කර්මාන්ත ශාලා 3ක් පමණ වන අතර ආනයනය කරන පාම්තෙල් වලින් නිෂ්පාදනය කරන භාණ්ඩ 100% ඉන්දියාවට අපනයනය කරනු ලබයි.
 
මේවා ආයෝජන මණ්ඩල අනුමත ව්‍යාපෘති වන අතර ආයෝජන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබයි.
 
එ‌සේ වුවද 100%ක් ම අපනයනය සඳහා රට තුළට ආනයනය කරන පාම් තෙල් වර්ගය (1511.10) ආනයන සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
  
එහෙත් ජනතාවට අහිතකර යැයි ජනාධිපතිවරයා විසින් සොයා ගන්නා ලද පාම් ස්ටියරිං (Palm Stearin- H.S- .) විසින් ආනයනය කර පරිභෝජනය කල හැකි  RBD ඔලීන් - RBD PALM Olein සහ දේශීයව පිරිපහදු කළ හැකි  CRUED PALM Olein බලපත්‍ර යටතේ රටට ආනයනය කිරිමට අදාල ගැසට් නිවේදනයෙන් අවසර ලබා දී ඇත.
 
අපනයන සඳහා පාම් තෙල් ආනයනය තහනම් කිරීමත් සමඟම කර්මාන්තකරුවන් ප්‍රශ්ණ රාශියකට මුහුණ දී සිටියි. 
 
එම ගැටළු කෙටියෙන් මෙසේය.
 
01- අප්‍රේල් 07 දිනට පෙර රටතුලට ආනයනය කරන ලද බහාලුම්  නිශ්කාසනය කිරීමට නොහැකි වී ඇත. සියල්ල වරාය තුල හිර වී තිබේ.
 
02- පාම් තෙල් ආනයනය සදහා අත්සන් කරන ලද ඉදිරි ගිවිසුම් සියල්ල අවලංගු කර ඇත. ඒ සදහා දඩයක් ගෙවීමට සිදුවනු ඇත.
 
03- ඉන්දියානු ආනයනයකරුවන් සමඟ තිබු අලෙවි ගිවිසුම අනුව සැපයීමට නොහැකි වීම නිසා ඒ සියලුම ගිවිසුම් අවලංගු කිරිමට සිදුව ඇත.
 
 
(විශේෂ වාර්තාකරුවකු විසිනි) 

 

 

 


 

THE LEADER TV 
 

රුසියානු Mi-171 හෙලිකොප්ටර් 4ක් මිළදී ගැනීමට යයි - එකක මිළ ඇ. ඩොලර් මිලියන 18ක්

 

එංගලන්ත ප්‍රභේදය කියන්නේ අලුත් ප්‍රභේදයක් නොවේ - රවී කුමුදේශ්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්