දේශපාලනය පිළිබඳ උනන්දුවක් තිබුණු තරුණයෙක් වශයෙන් මා ආදර්ශයට ගත් පුද්ගලයෝ කීපදෙනෙක්ම වූහ. මේ පුද්ගලයින් සුවිශේෂී වූ ලක්ෂණ වලින් යුක්ත වූ හෙයින් එසේ මගේ ගෞරවයට පාත්‍ර විය. කෙසේ වෙතත්
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඔවුනතර නොවුණි.
ප්‍රේමදාස ප්‍රතිපත්ති සහ ඔහුගේ පාලන ක්‍රමවේද පිළිබඳ මගේ අදහස් හේතුවෙන් ,තිස් වසරක් මුළුල්ලේ ඔහුගේ මාධ්‍ය ලේකම් වූ මගේ බාප්පා එවන්ස් කුරේ හා මා අතර නිරන්තර මත ගැටුම් ඇති විය. එවන්ස් ගේ දැඩි අප්‍රසාදයට හේතු වන පරිද්දෙන් ප්‍රේමදාස ගේ පාලන සමය තුල ඔහුගේ ප්‍රතිපත්ති මගේ නිර්දය විවේචනයට බඳුන් විය. ජනාධිපති ප්‍රේමදාසගේ දඩබ්බර සහ ජනප්‍රියවාදී නායකත්ව ශෛලිය සමඟ මා සැසදුවේ වඩා බහුශ්‍රැත සහ විචක්ෂණ ලක්ෂණ පෙන්නුම් කළ ලලිත් ඇතුලත්මුදලිගේ ක්‍රියා පිළිවෙළ ය.
මා හා තර්ක විතර්ක යෙන් තවත් පලක් නොවී ඉවසිය නොහැකි තැන ඔහු මා හට යමක් පැවසුවේය. "මතු දවසක ඔහු මෙන් නායකයින් අපට නැති කාලයකදී ඔබ ප්‍රේමදාස මහතාගේ නායකත්ව ගති ලක්ෂණ සහ කැපවීම් අගය කරාවි ,ඔබ තවම තරුණයෙක් ,ඔබට ප්‍රමාණවත් තරම් අත්දැකීම් නැහැ ඔහුගේ නායකත්වයේ අගය ඔබට නොවැටහෙන්නේ එනිසයි." මගේ බාප්පා වැරදි බව කාලයා විසින් ඔප්පු කරනු ඇතැයි මම සිතුවෙමි නමුත් සෑම උදෑසනක ම හිරු නගින්නේ යම්සේද ඔහුගේ ප්‍රකාශය ද එතරම් ම සත්‍යයක් බව දැන් මට වැටහේ.
රණසිංහ ප්‍රේමදාස ඝාතනයට අදට වසර 25 ක් සපිරේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ ඝාතනයට ලක්වූ එකම විධායක ජනාධිපති වරයා ඔහුය. සත්‍ය වශයෙන්ම LTTE සංවිධානයට ආයුධ සැපයීම ඔහු විසින් සිදු කර ගත් බලවත් වරදක් වූ හෙයින් , ඇතැමුන් ඔහුගේ ඝාතනය පිළිබද ඔහුට ම දොස් පවරනු දිස්වේ.
ඔහුගේ ප්‍රතිවාදීන් වූයේ LTTE සංවිධානය පමණක් නොවේ. ලක් ඉතිහාසයේ දෝෂාභියෝගයකට මුහුණ දුන් එකම ජනාධිපතිවරයා ඔහුය. එයින් ඔහු ජය ගත්තේ ඉන් පෙර නොවිරූ දේශපාලන සහ ව්‍යවස්ථාමය උපක්‍රමයන් භාවිතා කරමිනි. අනෙක් අතට ජනාධිපතිධූරයට ඡන්දයෙන් පත්වූ අවසන් එක්සත් ජාතික පාක්ෂිකයා ද වන්නේ ප්‍රේමදාස මහතාය. ඔහුගෙන් පසුව පත්වූ ඩී.බී. විජේතුංග එම ධුරයට තෝරා ගන්නා ලද්දේ ප්‍රේමදාස ඝාතනයෙන් පසුවය.
ප්‍රේමදාස ඝාතනයෙන් විසිපස් වසරකට පසු ඔහු පිළිබඳ සිතන විට එවන්ස් කුරේගේ වදන් මා තුළ දෝංකාර දෙයි. මන්ද ඔහුගෙන් පසු කාලයේ පැමිණි නායකයන් පිළිබඳ යම් අවබෝධයක් අපට ඇති බැවිනි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ජනාධිපතිවරුන් අතරින් ජනාධිපති ප්‍රේමදාස විශේෂිත පුද්ගලයකු වීමට හේතුවක් වන්නේ ඔහු ලබා ගත් සියල්ල මහත් උත්සාහයෙන් ළඟා කර ගත් දේ වීම නිසාය. ඔහු දේශපාලන පරපුරකින් පැවත ආවේ නැත. උසස් පන්තියේ අධ්‍යාපනයක් ලැබුවේද නැත. ඔහු ජීවත් වූ සමයේ බොහෝ දෙනා ඔහුගේ මෙම සමාජ පසුබිම විවේචනය කළේ පසුගාමී අදහස් ද ඈඳා ගනිමිනි. ප්‍රේමදාස මහතා සිය නායකත්වය සඳහා පන්නරය ලද්දේ මෙවන් අභියෝග සහ බාධක මැදින් ගමන් කරමිනි.
ඇඟලුම් ක්ෂේත්‍රය රටේ දියුණුවට බලපෑ හැකි අන්දම දුටු ඔහු එම ක්ෂේත්‍රය දියුණු කිරීමට රැඩිකල් පියවර ගත් අතර එම දියුණුවේ වාසිය ඒ සඳහා සිය දහඩිය මහන්සිය සහ කුසලතාවයෙන් දායක වූ ගම් දනව් වල වසන දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාව කරාද ගලා යන ලෙසට කටයුතු සැලසීය. වර්තමානයේ ද අප රටේ දුප්පත්කම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානම රාජ්‍ය ව්‍යාපෘතිය වන "සමෘද්ධි" ව්‍යාපාරයට මූල බීජ සැපයූ ජය සවිය ව්‍යාපාරයේ මුල් නිර්මාණකරුවා වූයේද ප්‍රේමදාස මහතාය.
ජනාධිපති ප්‍රේමදාසගේ කාර්යසාධනයන් පිළිබඳ මට වඩා දැනුවත් වූ බොහෝ දෙනා සිටිති. නමුත් ඔහු ළඟින්ම ඇසුරු කළ එවන්ස් කුරේ මා හා බෙදා ගත් කරුණු කාරණා අනුව ප්‍රේමදාස මහතා එතරම් විශාල කර්තව්‍යයන් ප්‍රමාණයක් කෙටි කාලයක දී ඉටු කළ අන්දම පිළිබඳ මනා අදහසක් මට ලැබුණි.
ජනාධිපති ප්‍රේමදාසට දක්ෂයන් හඳුනා ගැනීමේ ඉවක් තිබුණි. ඔහු වටේ සිටියේ එකල වූ දක්ෂතම පරිපාලකයන් හා රාජ්‍ය නිලධාරින් ය. ආර්.පාස්කරලින්ගම්,බ්‍රෑඩ්මන් වීරකෝන්,කේ.එච්.ජේ විජයදාස ,එවන්ස් කුරේ සහ සුසිල් සිරිවර්ධන වැනි දක්ෂයන් ඔහු තමා වෙත ළං කර ගත්තේය. මොවුහු සිය රාජකාරියට කොතෙක් කැපවීමෙන් කටයුතු කළේද යත් , පිටතින් බලා සිටින්නකු ඔවුන් දකින්නට ඇත්තේ ප්‍රේමදාසගේ රාජ්‍ය යාන්ත්‍රණය පවත්වාගැනීමට විසිහතර පැයම කැපවී කටයුතු කළ පිරිසක් ලෙසය.
රණසිංහ ප්‍රේමදාස මහතා මුල් තැන දුන්නේ විනයට සහ කැපවීමෙන් රාජකාරියෙහි යෙදීමටය. ඔහු පාන්දර 3.30න් පසු පිබිදුනේ කලාතුරකිනි. අධ්‍යාපනික සුදුසුකම් වලින් ඔහුට තිබුණු මදි පාඩුව ඔහු පියවා ගත්තේ කාර්යශූරත්වයෙනි.විනයානුකූලව රාජකාරි හි යෙදීමේදී කැපකිරීම් කරන්නට වන බව දත් හෙතෙම ඒ පිළිබඳ අධෛර්යය නොවී දිගටම කටයුතු කළේ පෞද්ගලික ලාභය තකා නොව තම කාර්ය සාධනය පිළිබඳ උරුමයක් ඉතිරි කිරීමටය. විවේචනයන්ට ද ඔහු පිළිතුරු දුන්නේ වඩා කාර්යශූරව වැඩ කිරීමෙනි.
තමා සමීපයේ සිටින්නන් වෙත ඔහු දැක්වූ පක්ෂපාතීත්වය පූර්ණ එකක් විය. නමුත් එය ඔවුන්ගේ කැපවීම මත රඳා පැවතිනි. පාන්දර 3.30 සිට 4.30 දක්වා කාලය තුල සිය උපදේශකයින් ට සහ අනෙකුත් නිලධාරීන්ට ඔහුගෙන් ලැබෙන දුරකථන පණිවිඩ ඊට කදිම සාක්ෂියක් වූයේය. සෑම දිනකම තම උපදෙස් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඔහුට දැන ගැනීමට අවශ්‍ය වූ අතර කැපවීමෙන් කටයුතු නොකරන නිලධාරීන්ට සහ ඇමතිවරුන්ට ඔහුගේ උදහසට ලක්වීමට සිදුවිය.
මෙම ප්‍රායෝගික භාවිතය හේතුවෙන් වැඩක් කිරීමට කැමැති පිරිස ඔහු අගය කළේය. කාර්යශූරත්වයෙන් රාජකාරි කළ හැකි නිලධාරීන් ප්‍රේමදාස මහතා කරා ළං වූ අතර ඔහු ද ඔවුනට අවස්ථාව සලසා දුන්නේය. මේ අතර රටේ දරිද්‍රතාව පිටුදැකීම ඔහුගේ ප්‍රධානතම අරමුණ වූයේ ය. මේ අනුව නගරයට පමණක් සීමා වූ පානීය ජලය, නවීන මංමාවත්, නවීන පාසල් සහ වෛද්‍ය පහසුකම් ගමටද ගෙන යෑම ඔහුගේ ප්‍රධාන ඉලක්කයක් වූයේය .
නායකයෙකු ලෙස තමා යටතේ වුවන් ගේ කාර්ය ශූරත්වය මෙන්ම කල්ක්‍රියාව පිළිබඳවද අවධානය යොමු කළේය. තමන්ට සමීපතමයින් සිය කැබිනට් මණ්ඩලයට පත් කළ ඔහු අනිත් මන්ත්‍රීන් සිය ආසනවල දියුණුව කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වුයේ ඔවුනට අවශ්‍ය ප්‍රතිපාදන ද ලබා දෙමිනි.
ඔහුගේ ඇමතිවරුන් කුමක් හෝ නිදහසට කරුණක් කියාපාමින් ලොව වටා සවාරි ගැසීමට හෝ සිය කාර්යාල සහ නිවාස පොදු මහජන මුදලින් අලංකාර කිරීමට හෝ යොමු වී නම් ප්‍රේමදාස මහතා කෙසේ ප්‍රතික්‍රියා දක්වයි ද යන්න අපට සිතා ගත හැක. ඔහුගේ සමයේ කිසිදු රාජ්‍ය බලධාරීහු හෝ නිලධාරියෙකුට එවන් නාස්තිකාර කටයුතු සඳහා ඉඩ ලැබුණේ නැත.
කිසිදු අවස්ථාවක සිය සාර්ථකත්වයෙන් සෑහීමකට පත් නොවූ ජනාධිපති ප්‍රේමදාස හැමවිටම විශ්වාස කළේ රජයක් ,දේශපාලන පක්ෂයක් මතු නොව සාමාන්‍ය පුද්ගලයකු පවා දිනෙන් දින දියුණුවට පත් විය යුතු බවයි. එහෙයින් තමා ලද කීර්තිනාමයෙන් නොනැවතුණු ඔහු දිගින් දිගටම වඩා ප්‍රබල වූ අභියෝගයන්ට මුහුණ දීමට කටයුතු කළේය.
සිය ජීවිතය තුළ බොහෝ දෑ ස්වෞත්සහයෙන් ලබා ගත්තෙක් වශයෙන් ප්‍රේමදාස මහතා සිය කටයුතු වලදී විෂයමූලික හා ප්‍රායෝගික වූයේය. පුදුමාකාර ලෙස ධෛර්යසම්පන්න විය .යමක් පිළිබඳ සිහින දැකිය හැකි නම් එය අත් කරගත හැකි බව ඔහු සිතුවේය.ඔහු පසු බැස්සේ නැත.ඔහු හා රාජකාරි කිරීම අපහසු වුවද ඔහු සිය කණ්ඩායම වෙනුවෙන් වෙනත් නායකයෙකු නොකරන පරිද්දෙන් පෙනී සිටියේය. එහෙයින් ඔවුන්ගේ පක්ෂපාතීත්වය ලද්දේ ය.
ඔහුගේ කථිකත්වය මිනිසුන් වසඟ කළේය. ඔහු විනය අපේක්ෂා කළ අතර තමාද විනයගරුක විය. සෑම දෙයක් පිළිබඳව පසු විපරමක නිරත වූ ඔහු කිසිවක් තමුන්ට මගහැරීමට නොදුන්නේය. මෑත ඉතිහාසයේ වෙනත් කිසිදු නායකයෙකුගෙන් එම ගුණය ඒ ආකාරයෙන් දක්නට ලැබී නැත. සිව් වසරක ජනාධිපතිධුර කාලයකදී ලාංකික ග්‍රාමීය ජනතාවගෙන් විශාල පිරිසක් අතර දේවත්වය හා සමාන තත්වයකට ඔහු නැගී සිටියේ එම ජනතාව දුප්පත් කමින් මුදවා ගෙන, ගෞරවනීය ජීවිතයක් ඔවුනට අත්කර දීම සඳහා කළ කාර්යභාරය හේතුවෙනි.
රණසිංහ ප්‍රේමදාස යනු අප්‍රතිහත ධෛර්යයකින්, විශාල ශක්තියකින් සහ අනුපමේය කුසලතාව කින් හෙබි අයෙක් වූයේය. එවන්ස් කුරේ වරෙක සඳහන් කළ පරිදි ඔහු පුද්ගලයකු නොව ආයතනයක් මෙන් වූයේය.
බොහෝ කලකට පෙර මා ප්‍රේමදාස මහතා පිළිබඳ එතරම් විශාල ගරුත්වයක් ඇත්තෙකු නොවුණි. නමුත් 1993 මැයි දිනය සහ ඉන්පසු ලාංකික දේශපාලන ගමන්මග පිළිබඳ සිතන විට මට නිසැකව සිහියට නැගෙන්නේ එවන්ස් කුරේගේ වචනයි. අද අපි අතර නැති මගේ බාප්පා සත්‍ය ලෙසම සමාදානයේ සැතපෙනවා ඇත. ඒ, එදා ඔහු හා වාද විවාද කළ කරුණු සම්බන්ධයෙන් ඔහු සෑහෙන දුරට නිවැරදි බව මට අද පිළිගන්නට සිදුව තිබෙන බැවිනි.
ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ
දේශපාලන හා සමාජ විශ්ලේෂක
****************************
THE LEADER TV
සුදේවලා කිංස්ලා දාගත්ත කියලා ගොඩදාගන්න පුලුවන් වෙයිද 'ස' ?
ගැබිණි අම්මලාට වැඩි අවදානමක්! විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්!