(කොකටියගොල්ලෑවේ නන්දන ලොකුවිතානට නීතිය ගැන ඇති විශ්වාසය මැදමුලන රාජපක්ෂලාට නැත.)
රජයට එරෙහි චෝදනා අතර, දේශපාලන පළිගැනීම් කොමිසමත් එකකි.
2015දී රාජපක්ෂලා වැට්ටුවේ යහ පාලනය විසිනි. යහ පාලනය කියන්නේ දූෂණ වංචා නැති රටක් පාලනයක්, උදාර ජනතා අපේක්ෂාවකි. එහි ආරම්භය යනු එතෙක් රටේ බලය යොදමින් සිදුකළ හොරකම් සහ දූෂණ මෙන්ම, අපරාධ සෙවීමේ ක්‍රියාවලිය සොයා දඬුවම් දීමය.
එය සිදුවුණා නම් පාස්කු බෝම්බ පුපුරන්නේ නැත. ඒ අපරාධයට ආරක්ෂක ලේකම්, පොලිස්පති දෙදෙනා වගකිව යුතු නැත.
රටේ පොලිස්පතිට ජාතික ආරක්ෂක මණ්ඩලයට පැමිණීම රටේ විධායක ජනාධිපති වළකා තිබුණා නම්...? පාස්කු ප්‍රහාර කුමන්ත්‍රණ පරීක්ෂණ එතැනින් ආරම්භ කළ යුතුවේ.
පාස්කු ප්‍රහාරයේ කස කාරයා වන නාමල් කුමාර සිරිසේනගේ චෙක් රෝලයෙහි සඳහන් නමකි.
සිංහල ජාතික සංවිධානයේ ඩෑන් ප්‍රියසාද් කීවේ පොලිස් ඔත්තු කාරයෙකු වන නාමල් කුමාර සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අතර පුද්ගලික කෝන්තරයක් තිබුණ බවය.
ඒ ඝාතන කුමන්ත්‍රණ කතාවට බී වාර්තාවක් පමණක් මිස අදටත් නඩුවක් නැත.
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත් අඩංගුවට ගැනීමෙන් ඒ පාස්කු කුමන්ත්රණයේ මුල් කොටස අවසන් විය. එසේ නොවී සහරාන්ලා අත් අඩංගුවට ගත්තා නම් පාස්කු බෝම්බ පත්තු වන්නේවත් ආණ්ඩු මාරුවන්නේවත් නැත.
''පාස්කු ප්‍රහාරය රටම මුලා කළ ඡන්ද මැසිමකි.''
රාජපක්ෂලාට කඩේ ගිය, කාදිනල් මැල්කම් රන්ජිත් පවා එදා සිටියේ යහ පාලනය පෙරළීමේ වළිප්පුව හැදිළාය. පූජ්‍ය පූජකයන්ට වළිගේ පෑගිලා වැනි ප්‍රවාද ආරෝපනය කර ලියන සිරිතක් නැත. සියල්ල සාරාංශ කළොත් පාස්කු ප්‍රහාරය රටම මුලා කළ ඡන්ද මැසිමකි. එහ අයිඑස්අයිඑස් වැඩක් නොවන ලෝකල් එකකි.
දෝස කොටියක් සහිත සිරිසේනට පොහෝට්ටුවේ දොර ඇරුණේ ඒ උදව්ව නිසාය. ඇත්තටම සිරිසේනට රාජපක්ෂලා කොටු කිරිමට අවශ්‍ය විය. එහෙත් රනිල්ට තිබුණේ රාජපක්ෂ පවුල බේරණ උවමනාවකි. මෙය දැනගත් සිරිසේන රාජපක්ෂලාට එක් විය. න්‍යාය කුමක් වුවත් සක්‍රිය යහ පාලනය මෙපමණකි.
යහ පාලන ආණ්ඩුව හොරකම් සහ දූෂණ මෙන්ම, අපරාධ සෙවීමට අසමත් විය. එසේම, රාජපක්ෂ පන්නයේ මහ බැංකු හොරකම වැනි තවත් මහා වංචා මෙන්ම, දූෂිත ගණුදෙනු ගැන යහ පාලන අගමැති රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල විය.
යහ පාලනය කෙළවර එල්ලුම් ගහට නියමව සිටි, කෝටිපති පවුලක මිනි මරුවෙකුට ජනාධිපති සමාව දීමෙන් මෛත්‍රිපාල සිරිසේන ඒ වනවිට ඉනේ පටලැවී තිබුණ අමුඩයත් ගලවා පෙන්වීය. හැට නව ලක්ෂයක් ජනතාව මැදමුලන රාජපක්ෂ පවුල කරට ගත්තේ මේ මේ විසූක දස්සන ප්‍රයෝජනයට ගනිමිනි. ඒ ටික සිද්ධ වෙන තෙක් රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ රංචුවේ දූෂණ වංචා යට ගසා තැබූ බව කිසිවෙකු අමතක කළ යුතු නැත.
''රනිල් රාජපක්ෂලාගෙන් එකෙකු මිස, යුඇන්පි කාරයෙකු නොවේ.''
නැවත රනිල් වික්‍රමසිංහ කරළියට පැමිණෙමින් ඇත. මේ ගැන රාජපක්ෂලාගේ අසතුටක් නැත. රනිල් රාජපක්ෂලාගෙන් එකෙකු මිස, යුඇන්පි කාරයෙකු නොවේ. එජාපය රටේ විකල්පය බවට කිසිදු සැකයක් නැත. එහෙත් සජිත් විසි වුණා මෙන්, රනිල්ද එයින් ඉවත් කළ යුතුවේ.
මහ බැංකු මංකොල්ලය දුටු එජාපයේ අය රනිල්ලා රවිලා මලික්ලා හොරුන් කියා කෑ ගැසුවාට, උපන් ගෙහි හොරුන්වූ රාජපක්ෂ ගැන්සිය ගැන හැට නව ලක්ෂයක් දෙනා නිහඬය.
ජේ.ආර්. තෙක් එජාය යනු පරම පවිත්‍ර පක්ෂයකි.
බලයට පත්ව වසර හතරක් ගිය ගැන ශ්‍රීලනිපයේ මරික්කාර්ලා, මොන්නෑකුලමලා, සොයිසලා අල්ලස් කොමිසමෙන් වරද කරුවන්ව දඬුවම් ලැබීය.
පිස්සු පූස් කොමිසම !
ජනාධිපති කොමිසම් වාර්තාව ජනාධිපති අතට
2019දී බලයට පත් රාජපක්ෂලා, වංචා දූෂණ වලට කොටුව සිටි තම සගයන් බේරා ගැනීමට පත් කළ කොමිසම රට්ටු, පිස්සු පූස් කොමිසම නමින් හඳුන්වති.
කොමිසමේ අරමුණ දේශපාලන පළිගැනීම් සිදුවි ඇති අයවලුන් නිදහස් කර ගැනීමය.
ලංකාවේ දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන් යථාවත් කිරීමේ සංකල්පයේ නිර්මාතෘ ජේ.ආර්.ජයවර්ධය.
1973 ජන රජය පිහිටුවන විට ක්‍රියාත්මක සෝල්බරි ආණ්ඩුක්රමය අනුව, රජයේ රැකියා සඳහා පත් කළේ විවෘත තරග විභාගවලින් තේරුණ සුදුස්සන් පමණකි. සුළු සේවක පුරප්පාඩු සඳහා රැකිරක්ෂා කාර්යාලයේ වැඩි කලක් ලියා පදිංචිව සිටි අයවලුන් පමණක් තෝරා ගත්හ.
1970දී බලයට පත් වහාම, පාලක තුන් හවුල ජනතා කමිටු පත් කර දේශපාලනිකව රාජ්‍ය සේවක දඩයම ආරම්භ කළහ. ඒ සමග, දේශපාලන අධිකාරින් පිහිටුවා දිවයිනේ රාජ්‍ය සේවයත් රාජ්‍ය සේවා කොමිෂමක් අඩපන කොට, රාජ්‍ය සේවක රාජ්‍ය සේවක ස්ථාන මාරු පවා සියතට ගත්හ.
1970 තෙත් ලංකාවේ රාජ්‍ය සේවයේ පැවති පාර ද්රෂ්යභාවයෙන් යුක්ත, උත්තම ගණයේ රාජ්‍ය නිලධාරි පැලැන්තියකි. කාර්යාල කාර්ය සහකරුවෙකු පවා දේශපාලනඥයෙකුට හිස නැමුවේ නැත. රාජ්‍ය පරිපාලන ඇමති පීලික්ස් ඩයස් බණ්ඩාරනායක, ආණ්ඩුවේ රස්සාවක් ලබා ගැනිමට මන්ත්‍රීගේ චරිත සහතිකය අනිවාර්ය කළ පසුව, චරිත සහතිකයක මිල රුපියල් දෙසිය පනහක් විය. පත්වීම් මාරුවීම් සඳහා ගැහැණු රෙස්ට් හවුස් කැඳවූහ. අද සිවිල් පරිපාලනයට හමුදා විශ්‍රාමිකයන් රිංගවන විදියටම, පොලිස්පතිකමට, පොලිසියේ නොවන හෙංචයියන් පත් කළහ.
ඉහත කී නුහුරු අත්දැකීමෙන් පීඩාවෙන් සිදුවූ හානි පූරණයට, දේශපාලන පළිගැනිම් ක්‍රමය ස්ථාපිත විය. රැකියා බැංකු ක්‍රමයට පාක්ෂිකයන්ට රස්සා දීම එවැන්නකි.
උසස්වීම් ස්ථාන මාරු එක් රැයින් ලබාදෙමින්, දේශපාලන පළිගැනීම්වලට පිළියම් යෙදීය. රස්සාවක් ගැනීමට නම් ආණ්ඩුවක් පත් කරගත යුතුය යන මතයට සමගාමීව, හිඟන පඩියක් මාසිකව ලැබීමට ආණ්ඩු පෙරළන තරමට රටේ ජනතාව පිරිහිණ.
විධායක ක්‍රමය තම වාසියට වැර ගැන්වූ රාජපක්ෂලා, වරක් අග විනිසුරු පන්නා එහෙයියෙක් ඒ තනතුරෙහි පිහිටුවිය.
පිස්සු පූස් කොමිසම යනු අධිකරණ පද්ධතියට අත තැබිමකි.
තෝරා ගත් කුඩු මුදලාලිලා කැලේට ගෙන ගොස් වෙඩි තැබීම යනු රාජපක්ෂලා කරන දේ නිත්‍යානුකූල කිරිමට අධිකරණයට බල කිරීමකි. ඉහත කී දේශපාලන පළිගැනීම් දැක්ම පුළුල් කර ඇත්තේ එහෙමය.
පිස්සු පූස් කොමිසම ගැන 'අනිද්දා' පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න කීවේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්රමුඛ අධිකරණ පද්ධතියට බලපෑම් කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට නොහැකි බවය.
රටේ දේශපාලනයට ඉහළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පැවතිය යුතු බවට වෘත්තියෙන් ගුරුවරියකවූ රෝහිණි විජේරත්නගේ අවබෝධය රාජපක්ෂ ගෙදරද බල්ලන් නාවන අලි සබ්රිලා, ජී.එල්. පීරිස්ලා නොදනිත්ද? පැන්ෂන් ගිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් අල්ලස් දූෂණ නඩු අවසන් කිරීමත් එවැන්නකි.
# පිස්සු පූස් නිර්දේශ අනුව, ගම්මන්පිල නිදහස්ය. ව්‍යාජ ඇටෝර්නි බල පත්‍රයක් සකසා රුපියල් මිලියන 20ක සමාගම් කොටස් විකිණීම ගැන පැවරූ ගම්මන්පිලට එරෙහි නඩුව මුදල් වංචාවකි. එය දේශපාලන තීන්දුවක් නොවේ.
බැසිල් රාජපක්ෂ සියලු නඩුවලින් නිදහස්ය. ප්‍රකට වෘත්තිකයෙකු ප්‍රකාශයක් කරමින්, මල්වාන කුප්‍රකට දේපල සංවර්ධනය කිරිමට තමන්ට භාර කළ අයවලුන් හෙළි කළේය. දේපල හිමි කාරයෙකු නැති නම් ඒ දේපල නම් නීති විරෝධි උපයා ගැනිමක් ලෙස සලකා රාජසන්තක කළ යුතුවේ. මල්වාන දේපල නඩුවේ හරය එයයි. එහෙම වෙලාත් නැත. මල්වාන දේපල නඩුව දේශපාලන පළිගැනීමක් වන්නේ චුදිතයන් රාජපක්ෂලා නිසාය.
# බැසිල්ට ගෝඨාභයට බාප්පා කියන, යෝෂිතගේ නඩු ඉල්ලා අස්කර ගන්නේ රාජපක්ෂ දරුවෙකු නිසාය.
# නාලක ගොඩහේවාගේ නම නිර්දේශ වන්නේ පොහොට්ටුවේ නිසාද?
# ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලේයාන්ට එරෙහි මිනිමැරුම් චෝදනා ඉවත් කොට නඩුව ඉල්ලා අස්කර ගන්නේ ප්රභාකරන් 2005දී මහින්දගේ වාසියට උතුරු නැගෙනහිර ඡන්ද වළකා උදව් කළ නිසාද?
# පල්ලියක දේව මෙහෙයක් අතර ඝාතනයවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසේකරම්ගේ ඝාතකයා නිදහස් කිරිමට, අත් ඔසවන ක්‍රිස්තු ලබ්ධික ජොන්ස්ටන්ලා, ලන්සලා ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීන්ට ආශීර්වාද කරන යහපාලන කලයේ සිදුවූ පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් මැල්කම් රංජිත් යකා නටන්නේ සාතන් ආශීර්වාද කරමිනි.
# කොමිසම වරෙන්තු ආපසු නොකැඳවාම, ජාලිය වික්රමසුරියවත් නිදොස් කරයි.
# වජිර අබේවර්ධනගේ ආශිර්වාද ලත් නිස්සංක සේනාධිපතිත් දේශපාලන වින්දිතයෙකි. හැම පාතාලයෙකු ළඟ මෙන්ම නිස්සංක සේනාධිපති ළඟ නීති විරෝධි ගිනිඅවි තිබී අසුවිය.
# මේ කොමිසම නිදොස් කරන, දමයන්ති ජයරත්න, නිශ්ශංක සේනාධිපතිට නීති විරෝධි ගිනි අවි භාවිතයට ආධාර කළ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය වේ. නීති විරෝධි ගිනි අවි භාවිතයට රජයේ නිලයක් භාවිතා කිරීමත් සමාවට කරුණකි.
එකී දමයන්ති ජයරත්නට විමර්ශණ මගහැර පැන යාමට උදව් කළේ වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන සභාපති වජිර අබේවර්ධන බවට පුවත් පළවිය. වජිර සභාපති ලෙස නම් කළ රනිල් ඊළඟ රටේ පාලකයා විය යුතුද? වජිර එජාප කෘත්‍යාධීකාරි රැස්වීම්වල කතාබහ ජනාධිපති මහින්ද රාජපක්ෂට අසා සිටීමට, සැලැස්සූ තක්කඩියෙකි.
# එසේම උපරිමාධිකරණ සංකීර්ණයේ කලහකාරි ලෙස හැසිරීමට චෝදනා ලැබූ මහින්ද කහඳගමගේ යන අය නිදොස් කොට නිදහස් කිරිමද පිස්සු පූස් නිර්දේශයකි.
නීතියත් අධිකරණයේ ගෞරවයත් කෙළෙසන මේ කොමිෂමේ නිර්දේශ වලට අවසර දුන්නොත් අනාගතයේ රටේ අධිකරණයට ජනතාව පිස්සු පූස් කතාවක් පට බඳිනු ඇත.
රාජපක්ෂලා පත් කරන කොමිෂන් වලට වාඩිවන කොයි කාගේත් රෙදි ගැලවී නිරුවත්වන්නේ එසේය.
මේ පිස්සු පූසා ශ්‍රී ලංකාවේ උපරිමාධීකරණයේ ගෞරවය විනාස කළ සරත් නන්ද සිල්වාගේ දික්කසාද නඩුව ගොඩදැමූ එහෙයියාය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරුවූ අලුත්ම චුදිතයා රන්ජන් රාමනායකය. හොර තීන්දු දුන් බවට ප්‍රසිද්ධියේ පිළිගත් සරත් නන්ද සිල්වා මේ තීන්දු ගැන හක හක ගා සිනාසෙනවාය.
# ගම්වල තරුණයන් බංකරවලට කොටුව සටන් කරද්දී මිග් යානා අවි ආයුධ ගණුදෙනු වලින් ප්‍රකෝටි ගණන් ගසා කෑ බවට චෝදනා ලැබූ උදයංග විරතුංගත් මේ පිස්සු කොමිසමෙන් නිදහස ලබන්නේ ජාලිය වික්‍රමසූරිය මෙන් තවත් රාජපක්ෂලා මස්සිනා කෙනෙකු වීම නිසාය.
රටේ නීතිය කොතරම් අපූරුද?මේ මස්සිනා පැතිරෙන කොරෝනා වසංගතයට යුක්රේනුවන් ගෙන්වා ලබාදුන් දායකත්වය එසේ මෙසේ නොවේ.
මේ එකද සහනලාභියෙකුට හෝ පොලිසියේ පස් පාගන්ට බයය. ඒ කැලේට ගෙන ගොස් වෙඩි තියන නිසා නොවේ. නඩු ඇසුවොත් එකෙකුවත් අධිකරණයෙන් බේරෙන්නේ නැති නිසාය. වැලිකඩ හිරකරුවන් පෝලිම් ගස්වා වෙඩි තබා මැරීමේ සංසිද්ධියේ එල්ලෙන දේශපාලන කෑල්ල කෝකද?
ප්‍රකට ව්‍යාපාරිකයෙකු ලෙස ජන ගතවූ නන්දන ලොකු විතානද යහ පාලන සමයේ චෝදනා ලැබූවෙකි. ඔහු දූෂණ වංචා විමර්ශණ වංචා දූෂණ අංශ හරහා කඩුවෙල අධිකරණයට යාමට සිදුවූ තවත් වින්දිතයෙකි. ඔහු ඩුබායිහී මැරියට් හෝටලයේ රූකඩ හිමිකරු බවට සැක කළහ.
එහෙත් නඩුව කැඳවූ සැනින් නන්දන ලොකු විතාන සැඟවී නොගොස් මූල්‍ය අපරාධ අංශයට, අධිකරණයට පැමිණ තමන්ට එරෙහි විමර්ශනවලට වැදගත් පුරවැසියෙකු ලෙස මුහුණ දුන් බව ඔහු දෙරණ සාකච්ඡාවකදී කිය.
කොකටියගොල්ලෑවේ උපන් නන්දන ලොකුවිතානට තිබුණ ඒ හයිය බැසිල් රාජපක්ෂට, යෝෂිත රාජපක්ෂට, උදයංග විරතුංගට, උදය ගම්මන්පිලට, ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලේයාන්ට, ජාලිය වික්‍රමසුරියට දමයන්ති ජයරත්නට නිශ්ශංක සේනාධිපතිට තිබුණේ නැත. ඒ ඇයි? උසාවි පොලිසි මගහරින්නේ හොරුන් තක්කඩින් මිස, යහපත් වැදගතුන් නොවන නිසාය.
ඔහු අව්‍යාජ ගම් දරවෙකු මිස, අවජාතක පරම්පරාවක පුරුකක් නොවීය. නන්දන ලොකුවිතාන යහ පාලන සමයේ ජාත්‍යන්තර මට්ටමේ ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදි කර ගෞරවයට පාත්‍ර විය. ඔහු සාකච්ඡාවකට කැඳවූ දෙරණ නාලිකාවේ චතුර අල්විස් කළ සාකච්ඡාව එෆ්සීඅයිඩී ප්‍රශ්න කිරිල්ලකට මිස මාධ්‍ය සාකච්ඡාවකට සමාන නොවීය.
සියල්ල විමසා අවසානයේ චතුර අල්විස් ඇසුවේ යහ පාලන සමයේ ඔහුට එරෙහි නීති කටයුතු ගැනය. නන්දන ලොකු විතාන කීවේ කුමක්ද? රටේ නීතිය අනුව තමන්ට එරෙහි විමර්ෂණයට මග නොහැර මුහුණ දුන් බවය. අවසානයේ කඩුවෙල අධිකරණය තමන් නිදොස් කොට නිදහස් කළ බවය.
චතුර අල්විස්ට පිළිතුරු දෙමින් ඔහු ඒ ටික කීවේ මහත් තෘප්තියෙනි. ඒ තෘප්තිය පිස්සු පූස් කොමිසමෙන් සහන ලබන කිසිවෙකුට ලැබිය නොහැකිය. නන්දන ලොකු විතානට මෙන් උසාවි ගියොත් නිදොස් කොට නිදහස් විය නොහැකි නිසාය.
දෙරණ හරහා රට දැක්ක, ඒ නන්දන ලොකු විතානට තිබුණ ආත්ම ශක්තිය ධෛර්ය, බැසිල් රාජපක්ෂට, උදයංග විරතුංගට, උදය ගම්මන්පිලට, ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලේයාන්ට, ජාලිය වික්‍රමසුරියට දමයන්ති ජයරත්නට නිශ්ශංක සේනාධිපතිට නො තිබිණ.
ඒ බව රටට තහවුරු කළ දෙරණට කවුරුත් කෘතඥ විය යුතුවේ.
හොරුන් මිනි මරුවන් වංචනිකයන් රාත්‍රියේ හෙවනැල්ලටත් බයෙන් පසුවේ. නිවැරදි මිනිසුන් යකාටවත් බිය නැත.
මේ සියල්ල සාරාංශ කළ විට, රටේ නීතිය හොරුන් තක්කඩියන්ට ආරක්ෂාව දීමට යොදා ගැනීම ගැන යමක් කළ හැක්කේ අධිකරණයට පමණකි.
(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
මාධ්‍යවේදී, දේශපාලන විචාරක හා සමාජ ක්‍රියාකාරී
(අනිද්දා පුවත්පතින් උපුටා ගන්නා ලදී )
#################
THE LEADER TV
මහ රජ මංගල : දිලිත්ගෙ වැඩක්?
රට ගිය බැසිල්ට ආණ්ඩුවෙන්ම නඩු දැමීමේ සූදානමක්!