කොවිඩ් එක්ක මිනිස්සුන්ගෙ ලිංගික ජීවිතේ ලොකු පරිවර්තන ගොඩක් සිද්ද වෙනවා. සමහර විට ඒවා සිද්ද වෙන්නෙ නොදැනීම. 
සමහර විට ලංකාවෙ වගේ රටකට මේ වෙනස්කම් ලොකුවට බලපාන්නෙ නැතිවෙන්නත් පුළුවන්. ඒත් තරමකට හරි අපි හැමෝගෙම ලිංගික ජීවිතය වෙනස් කරන්න කොවිඩ්වලට පුළුවන්.
 
සමාජ දුරස්ථභාවය කියන්නෙ අපේ ළඟම ස්පර්ශයෙන් දැනුනු සම්බන්ධතා සීමා කරන මායිමක්. ඒ වගේම හැම මුහුණක්ම ආවරණය කරන මුව වැසුම් කියන්නෙ අපි මෙතෙක් දුටු දෙතොල් සිනහව වාරණය කරන එළඹුමක්. 
 
පිටස්තරව එක්රොක් වුනු, සාදයන්, රාත්‍රී ජීවිතයන් අහිමි වීම කියන්නෙ අපිව බලහත්කාරයෙන් නිවෙස් තුලට කොටු කරතැබීමක්. ඒත් ලෝකෙ හැමෝටම මේක කරන්න වෙනවා. අපි ඉන්නෙ ජීවිතය ගැන අවදානමක.
 
 
එතකොට අපේ ලිංගික ජීවිතය වෙන වෙන තැන්වලින් නිදහස හොයාගෙන අරගල කරනවා. එතනදි ලොකුම දොරටුව වෙන්නෙ අන්තර්ජාලය. අන්තර්ජාලයෙ සයිට් පිරෙන්න තියෙන පෝර්න් අපි ශීග්‍රයෙන් බලලා ඉවර කරනවා. ඒත් අපිට හිස්තැනක් දැනෙනවා. නොපිරෙන තැනක් තියෙනවා. අන්න එතනදි තමයි අපේ ෆෝන් එකේ, ටැබ් එකේ, ලැප් එකේ පුංචි කැමරාව ඔන් වෙන්නෙ.
 

sean dunne camgirlz documentary filmcourage indie film movies 1

 
 
ලෝකෙ සෙක්ස් කැම් සයිට්වලට මේ කාලෙදි රීච් එක හුඟක් වැඩිවෙලා තියෙනවා. 30%ක විතර වර්ධනයක් කියලයි වාර්තා වෙන්නෙ. මේ සයිට්වල ප්‍රවීණයන් කියන්නෙ ඒ ගොල්ලොන්ගෙ රීච් එක දිහා බලලා පවතින තත්වය පවා අනුමාන කරන්න පුළුවන් කියලයි. 
 
ඒ කියන්නෙ සෝෂල් ඩිස්ටන්සින් සහ ලොක් ඩවුන් කාලවලදි පැහැදිලිව වෙනස් රීච් එකක් මේ සයිට්වල පෙන්නනවා.
 
ඕන කෙනෙක් සරලව හිතන්නෙ මේක මෝල් වීම, නැත්තං හරි වචනෙ හෝර්නි වීම සම්බන්ධ කාරණයක් කියල. ඒත් මේ ගැන ගැඹුරින් හිතාබලන පිරිස් කියන්නෙ මේක ඊට වඩා සුවිශේෂ තත්වයක් කියල. මිනිස්සු ගෙවල්වල කොටුවීම සහ පිටස්තර සම්බන්ධතාවයක් සොයා යාමේ පිපාසය මේ රීච් එක ඇතුලෙ ප්‍රකට වෙනවා කියල ඒ අය දකිනවා.
 
 
 
පෝර්න් හබ් වගේ සයිට් මේ කාලෙදි විශේෂ ඩිස්කවුන්ට්, ෆ්‍රී මෙම්බර්ෂිප් ආදිය පවා දෙන්න පටන් ගත්තා. ඇත්තටම අනිත් හැමෝම විසින් නොතකා හරින මූලික මිනිස් අවශ්‍යතාවයක් වෙනුවෙන් ඒ අය උනන්දු වුනා කියලත් කියන්න පුළුවන්. ලොක්ඩවුන් වෙන ප්‍රදේශවලට විශේෂ වුනු පැකේජයන් පෝර්න් හබ් වලින් දුන්නා.
 
 
 
ඒ වගේම කැම්ස්.කොම්, කැම්සෝඩා, ස්ට්‍රීප්චැට්, එක්ස්හැම්ස්ටර්ලයිව් වගේ සයිට් වලින් ෆ්‍රී ටෝකන් දුන්නා. අලුතෙන් එකතු වෙන අයට මේ ටෝකන් පාවිච්චි කරලා තමන් කැමති දේවල් කැම් ගර්ල්ගෙන් ඉල්ලන්න පුළුවන්. නැත්තං ප්‍රයිවට් චැට්වලට යන්න පුළුවන්. කැම්සයිට් ගොඩක් මේ කාලෙදි තමන්ගේ පබ්ලික් චැට් රූම් නොමිලේ ලබාදුන්නා.
 
ලොක්ඩවුන් කාලෙකදි අපිට නොදැනුවත්වම බලපාන ලොකු ආතතියක් තමයි ඇටෙන්ෂන් එක නැත්තං අවධානය නොලැබීම. 
 
වෙන දවසකදි අපි පිටත ගොඩක් අයව මුනගැහෙනවා. ඒ අය අපි ගැන එක එක දේවල් අපිට කියනවා. අපිට අපි ගැන පරාවර්තනයක් ලැබෙනවා. මේක මිනිස්සුන්ට අවශ්‍ය දෙයක්. අපි පවතිනවා කියල අපිට දැනෙන්නෙ එතකොට.
 
මේ අහිමිවීමත් එක්ක කවුරු හරි වෙනස් කෙනෙක් එක්ක කතාබහ කිරීමේ ආශාවෙන් අපි පෙළෙනවා. අපිට ඇත්තටම ඕන වෙන්නෙ පිටස්තර සම්බන්ධතාවයක්. සෙක්ස් කියන්නෙ ඒ සම්බන්ධතාවය සමීප කරන ඉන්ටිමේට් කරන කාරණයක් විතරයි.
 
 
 
කැම් සයිට් කියන්නෙ කිසිම විදිහකින් පැටලිල්ලක්, අනවශ්‍ය කරදරයක් නැති සම්බන්ධතා පිරිනමන තැනක්. ඒක ලේසියි. වාත වෙන්න දෙයක් නෑ. වැරදි වටහාගැනීම් නෑ.
 
 
 a5
 
 
 
එක්ස්හැම්ස්ටර් ලයිව් එක මේ කාල සීමාවෙදි ඒකෙ ටියුබ් එකට වඩා දෙගුණයක ට්‍රැෆික් එකක් ගත්තා.
ටියුබ්වලදි අපිට හම්බුවෙන්නෙ ඒකපාර්ශ්වික අත්දැකීමක්. දාලා තියෙන එකක් අපි බලනවා විතරයි. 
 
ඒත් කැම්සෙක්ස් කියන්නෙ රියැක්ටිව් එක්ස්පීරියන්ස් එකක්. අපිට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. අපිට ඇත්ත මිනිස් සම්බන්ධයක් එතනදි ලැබෙනවා.
 
සෙක්ස්කැම් විසින් අනිත් හැම ලිංගික අත්දැකීමකටම වඩා වෙනස් අත්දැකීම් කලාපයක් නිර්මාණය කරනවා කියන එක කලින්ම තේරුම් අරගෙන තිබුනු දෙයක්. කැමරාව ඉස්සරහ නිකංම නිරුවත පෙන්නනවා වෙනුවට සමහර කැම් ගර්ල්ස්ලා තමන්ගේ ෆලෝවරුන් එක්ක සමීප සම්බන්ධතා ගොඩනගා ගත්තා. ඒ අය අනිත් අයට වඩා සාර්ථක වුනා. 
 
පෝර්න් බැලීමේ උවමනාවෙන් මෙතනට ගොඩවුනු අය පවා මේ අලුත් සම්බන්ධතා ස්වරූපයට ආශක්ත වුනා. මෙතනදි අත්විඳින ඉමෝෂනල් පර්සනල් ගතියට ඇබ්බැහි වුනා.
 
 
 
 
ඒක නිසාම සෙක්ස්කැම්වලදි ගොඩක් අය ඇඳුම් ගලවා නිරුවත් වෙන්න හදිස්සි වෙන්නෙ නෑ. ඒ අය තමන්ගෙ ප්‍රේක්ෂකයා එක්ක නොයෙක් දේ කතාබහ කරනවා. විස්තර අහනවා. ඒ වගේම සෙක්ස්කැම්වල ගොඩක් හම්බුකරන පර්ෆෝමර්ස්ලා නෝ-නියුඩ් ඒ කියන්නෙ නිරුවත ප්‍රදර්ශනය නොකරන වර්ගයේ අය. 
 
නිකං ඇඳුම් උනා දැමීම විතරක් ප්‍රගුණ කරලා මේ මාධ්‍යයේ ඉහලට යන්න අමාරුයි. විශේෂයෙන් ප්‍රගුණ කරපු අනෙකා සමග බෙදාගන්නා හැඟීම්මය දක්ෂතාවයක් වගේම ලොකු මහන්සියක් සාර්ථක කැම්ගර්ල් කෙනෙක් වෙන්න ඕන වෙනවා.
 

cam girl 1200 1200 675 675 crop 000000

 
තවත් පෙනුන දෙයක් තමයි මේ චැට්රූම්වලට එන ගොඩක් අය කැම් ටු කැම් ටූල්ස් ඉල්ලන්න පටන් අරගෙන තිබුන. ඒ කියන්නෙ කැම්ගර්ල්ට තමන් දිහා බලන් ඉන්න කෙනාව පේනවා. නිකංම නම විතරක් වැටෙනවා නෙමෙයි. වඩා ඇත්ත වූ සමීප වූ සම්බන්ධයක් එතන හැදෙනවා. 
 
 
 
  
මෙතනදි අපි තේරුම්ගන්න ඕන දෙයක් තමයි සෙක්ස්කැම්වල මෙතෙක් පැවතුනු වොයෙරිස්ටික්, ඒ කියන්නෙ හොරෙන් අනෙකා දිහා බලාසිටීමේ සම්බන්ධතා ස්වරූපය මාරුවෙමින් යනවා කියන එක. හුදු පරිභෝජනය පමණක් නොවෙන වෙනස් සම්බන්ධතා ස්වරූපයක් ඒ මාධ්‍යය හරහා මිනිස්සු ඉල්ලා සිටිනවා.
 
 
හොයන්නෙ සෙක්ස් නෙමෙයි නං ඇයි මේ තරම් වීඩියෝ කන්ෆරන්ස් ඇප් ආදිය තියෙද්දි මිනිස්සු සෙක්ස්කැම් වලට එන්නෙ? ඒක තමයි මෙතන ගොඩනැගෙන සම්බන්ධතාවයේ තියෙන විශේෂත්වය. 
 
වෙන ඕනම සම්බන්ධයක් දෙපැත්තකට වැඩකරනවා. අපිව කවුරු හරි අහගෙන ඉන්නවා නම් අපිටත් වෙනවා එයාව අහගෙන ඉන්න. ඒක සාමාන්‍ය සම්බන්ධතා ස්වරූපයේ අනිවාර්යයක්. අපේ දේ අහගෙන ඉන්න විතරක්ම, අපිව සනසන්න විතරක්ම අපේ සාමාන්‍ය මිනිස් ඇසුරුකිරීම් වැඩකරන්නෙ නෑ.
 
ඒත් සෙක්ස්කැම්වල එයා ඉන්නෙම ඔයාව අහගෙන ඉන්න. ඔයාව සුවපහසු කිරීමමයි එයාගෙ එකම අරමුණ. ඒ සම්බන්ධතාවය වෙනුවෙන් ගෙවන මුදලට වඩා කිසිම වගකීමක් ඔයාට පැවරෙන්නෙ නෑ. ඒක නිදහස් සම්බන්ධයක්. ඒ වගේම අපිට ඕනම දෙයක් කියන්න පුළුවන් විදිහෙ සම්බන්ධයක්. නැවත විනිශ්චය කිරීමක්, අපිට හානිකර අන්දමින් ඒ දේවල් පාවිච්චි කිරීමක් සිද්ද වෙන්නෙ නෑ. ඒකයි ඒක විශේෂ.
 
 
 

cam girlz

 
 
 
ගෙදරට වෙලා ඉන්න අතර ගෙදරම අය එක්ක කතා කිරීමෙන් අපේ හැඟීම් නිදහස් වෙන්නෙ නෑ. ඒ වගේම අපේ හැමදෙයක්ම ගෙදර අය එක්ක කතා කරන්නත් බැරිවෙන්න පුළුවන්. ඒ අයට අපේ ආතතීන් පවරන එක වරදක් වගේ හිතෙන්නත් පුළුවන්.
 
මේ හින්දම කැම් වර්කර්ස්ලා අනිත් අයට වඩා ගොඩක් ඉමෝෂනලි ස්ටේ‍රස් වෙනවා. ඉංග්‍රීසියෙන් අපි කියනවා ඩ්රේන් වෙනවා කියල. ඒ කියන්නෙ ආතතියකින් ඉන්න කෙනෙක්ව දිගුවෙලාවක් අහගෙන ඉඳීමෙන් අපිට දැනෙන මානසික වෙහෙස. මොකද එයා නැවත සමතුලිත වෙන්නෙ අපේ හැඟීම්මය ශක්තියත් අරගෙන. 
 
ඒක නිසා කැම්සෙක්ස්වලදි දැනෙන මානසික වෙහෙස, ඉමෝෂනල් ලේබර් එක සෑහෙන වැඩියි. ඒක දරන්න අමාරු නිසාම මුදල් ලැබුනත් ගොඩක් අය මේකෙන් අයින් වෙනවා. ඒ වගේම සමහරු ඩිප්‍රෙෂන් වගේ තත්වවලට යනවා.
 
 
කොරොනා නිසා ලිංගික ශ්‍රමිකයන් ගොඩකගේ රැකියාවන් අහිමි වුනා. සාමාන්‍ය ගණිකාවන් විදිහට හඳුන්වන අය වගේම, එස්කෝර්ට්ස්ලා, සාම්ප්‍රදායික පෝර්න් කර්මාන්තයේ යෙදෙන අය ගොඩක් මේ නිසා සෙක්ස්කැම්වලට අවතීර්ණ වුනා. කැම් වර්කර්ස්ලා විදිහට බැඳෙන්න අයදුම් කරන ප්‍රමාණය 25%කින් පමණ සමස්තයක් හැටියට මේ කාලෙදි වැඩිවෙලා තියෙනවා.
 
මේ අලුත් සම්බන්ධතා ස්වරූපය අපේ සාමාන්‍ය ජීවිතේ අනිත් සබඳතාවලට කොයිවිදිහකින් බලපායිද? මේ විශේෂ ඉමෝෂනල් සම්බන්ධයත් එක්ක සෙක්ස්කැම්වල තව කොයිතරම් අලුත් පිටු නිර්මාණය වෙයිද? කැමරාවෙන් එපිට ඇය සහ මෙපිට මම අතර කාච සිවියෙන් වෙන්වුනු ආදරයේ අනාගතය කෙබඳුද?
 
 
 
 
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
Faculty of Sex  
 
(facultyofsex.com)

 
 
THE LEADER TV 
 
 සයිනොෆාර්ම් ගණුදෙනුවේ ඇත්ත කතාව
  

 
ඇමතිතුමනි, මෙන්න තවත් පොලිස් ඝාතනයක්! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්