ප්‍රවෘත්ති තමන්ගේ වාසියට කියවා ගැනීමේ ජානගත පුරුද්දක් ඇතැම් ආණ්ඩු විරෝධීන්ට ඇත.
ඡන්ද 628 කින් ඊයේ යුරෝපා සංගමයෙහි සම්මත කෙරුණු යෝජනාවෙන් GSP+ ශ්‍රී ලංකාවට තහනම් කර නැත.
මානව හිමිකම් සහතික කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සුළු වාර්ගික ප්‍රජාවට එරෙහිව යොදා ගැනීම හේතුවෙන් GSP+ සහන තාවකාලිකව අත්හිටුවීම සළකා බැලිය යුතු යැයි යෝජනාව සම්මත කෙරින.
ඒවා නිවැරදි කිරීමේ කොන්දේසියට යටත්ව GSP+ සහන දෙනු ලැබූවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට පියවර නොගන්නා අතර, මානව හිමිකම් ශක්තිමත් කිරීමේ ප්‍රතිසංස්කරණ නොකිරීමද දිගින් දිගටම පවතින තත්ත්වයක එකී GSP+ සහන හා වාසි අත්හිටුවීම ගැන යුරෝපා සංගමය සළකා බැලිය යුතුයැයි යෝජනාවෙන් කිය වින.
එය ශ්‍රී ලංකා ආණ්ඩුවට බරපතල අනතුරු ඇඟවීමක් ලෙස සම්මත කෙරුණකි.
පසු සටහනක් :
මේ බොහෝ කොළඹ රාජපක්ෂ විරෝධීන් කබරගොයි හොයා ගන්න මහන්සි වෙන්නෙ නැහැ. ඔවුන්ට දැන් කටුස්සොත් තලගොයි කරගන්න පුළුවන් 



(කුසල් පෙරේරා)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
##########
THE LEADER TV
වෙන්න ජනාධිපති නාමල් - අගමැති විමල් ?
"ස" ගේ මනාපය මන්ත්‍රී රතනට !