ජනාධිපතිගේ සෞභාග්‍යයේ දැක්ම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇත්තේ
කෘෂි රසායනික ද්‍රව්‍ය සහ කෘතිම පොහොර වසර දහයක් තුල දී ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා යනුවෙනි.
 
ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කළ වියත්මඟ සාමාජිකයන්ගේ අධ්‍යාපනික හා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම රටාව පිළිබඳ ඇති අවබෝධය නිසා මෙම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මහා සංක්‍රමණය (great migration) සඳහා අවම වශයෙන් වසර දහයක්වත් ගතවන බව ඔවුන් නිවැරදිව ගණනය කළා විය හැකිය.
 
 
එසේ තිබියදී ජනාධිපති ගෝඨාභය ක්ෂණිකව නැතිනම් කන්නයකින් මුළු රටම කාබනික වගාව යටතට පත් කිරීමට ගත් තීරණය අද බොහෝ දෙනා හඳුන්වන්නේ අදුරදර්ශී අඥාන තීන්දුවක් ලෙසය. 
 
 
මේ සම්බන්ධයෙන් අපි මිට ඉහතදී කරුණු කාරනා ගණනාවක් ඉදිරිපත් කර තිබේ.
 
අපගේ පළමු සටහනෙන් අප විමසා සිටියේ,  ජනාධිපතිවරයා මෙවැනි තීරණයක් ගනු ලැබුවේ ආණ්ඩු පක්ෂය, අමාත්‍ය මණ්ඩලය හෝ අවම වශයෙන් තම සහෝදරයින් තුන්දෙනාගෙන් හෝ විමසා සිටියේ ද යන ප්‍රශ්නයයි. 
 
 
ප්‍රශ්ණයේ බරපතලකම !
 
 
කෘතිම පොහොර හිඟය සහ තෙල් මිළ ඉහළ දැමීම පිළිබඳ රටේ බලවත් විරෝධයක් ගොඩනැගිමින් පවතින බව අමාත්‍ය චමල් රාජපක්ෂ පමණක් පසුගිය අමාත්‍ය මණ්ඩලයේදී පෙන්වාදුන් බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. 
 
එහෙත්,  එය තවදුරටත් සාකච්ඡා නොවූ අතර එම ප්‍රකාශයේ බරපතලකම ජනාධිපති ගෝඨාභයට වැටහුණේ දැයි  නොදනිමු.
 
 
mahindananda aluthgamage 
මහින්දානන්ද අලුත්ගමගේ
 
 
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද පමණක් ජනාධිපතිගේ කාබනික පොහොර සිහිනය රැගෙන රටපුරා දිවයයි. කෝටි ගණනින් ප්‍රචාරක ව්‍යාපෘති දියත්කරයි. යල කන්නයට ඇති තරම් පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ඇති බව ඔහු මුලදී කියා සිටි අතර පසුව කීවේ තොග සහ සිල්ලර වෙළෙන්ඳන් මෙම භාණ්ඩ තොග සඟවා ඇති බවයි. 
 
 
පොහොර නැව් දෙකක් හරවා යැවීම !
 
 
මේ අතර ජනප්‍රිය සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක් වාර්තා කර තිබුනේ, පසුගිය මාසයේ පොහොර ටොන් 18000 ක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණ නැව් 2 ක් හරවා යැවූ බවයි. 
 
යල කන්නයට ගෙනා පොහොර නැව් දෙකක් හරවා යැව්වා නම් එය බරපතල වරදකි.
 
වෙළේ ඉපනැල්ලේ, නියරේ, ගොවි බිමේ, හේනේ දේශපාලනය කරපු මෙරට දෙවන බලවත්ම දේශපාලඥයා වන මහින්ද රාජපක්ෂ මෙම ප්‍රශ්නයේදී නිහඬව සිටීම පිළිබඳව බොහෝ දෙනෙකුට ප්‍රහේලිකාවක් වී ඇතිබව සමාජ මාධ්‍ය නිරීක්ෂණයේ දී පැහැදිලි වේ.
 
 
යුරෝපයේ ඇත්ත තත්වය :
 
 
GettyImages 1233015447 1320x878 
 
කෘෂිකර්මාන්තයේ හදවත බඳු යුරෝපයේ, ස්විට්සර්ලන්තයේ කෘෂි රසායන තහනම් කල යුතුද යන්න සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති ජනමත විචාරණයේදී 61% ජනතාව සිය ඡන්දය දුන්නේ කෘෂි රසායන ද්‍රව්‍ය තහනම එපා කියන මතයත් සමඟය.
 
මෙහි වඩාත් ප්‍රබලම සාධකය වූයේ කෘෂි රසායනවලට විරෝධී එක්තරා කණ්ඩායමක් ගෙන ආ මෙම යෝජනාවට විරුද්ධව ගොවීන් සමඟ සිට ගත්තේ එරට රජයයි.
 
ඒ අන්කිසිවක් නිසා නොව එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කළ හොත් එරට ආහාර සුරක්ෂිතතාවයට එල්ලවන මරු පහර පිළිබඳ ඔවුන් හොඳින් දන්නා බැවිණි. 
 
 
 
යෝජනාව පරාජය වුවද රජය කියා සිටියේ වසර 10 ක් තුළ කාබණික වගාවට යොමුවීම සදහා වැඩ සටහනක් සකස් කරන ලෙසයි.
 
 
 
එම ජනමත විචාරනය සම්බන්ධයෙන් polotico.eu වෙබ් අඩවියේ පල වූ ලිපියේ සංක්ෂිප්ත සටහනක් සිංහල භාෂාවෙන් පහත පළවේ. 
 
 
 
ස්විස් ජනතාව කෘෂි රසායන තහනම එපා කියයි 
 
 
කෘත්‍රිම පළිබෝධනාශක තහනම් කිරීම සම්බන්ධයෙන් ජුනි 13 දා ස්විට්සර්ලන්තයේ පැවැති ජනමත විචාරණයෙන් අදාළ යෝජනාව අති බහුතර ඡන්දයෙන් පරාජයට පත් කිරීමට ස්විට්සර්ලන්ත ගොවි ප්‍රජාව සමත් විය. 
 
 ඒ සමග කෘත්‍රිම පළිබෝධ නාශක තහනම් කළ ලොව දෙවැනි රට (පළමු රට ලොව කුඩා නොදියුණු රටක් වන භූතානයයි) බවට පත්වීමට ස්විට්සර්ලන්ත පරිසර ක්‍රියාකාරීන් කළ සැලසුම අසාර්ථක විය.
 
කාබනික ගොවීන්ගෙන් සැලකිය යුතු කොටසක් මෙම වැඩසටහනට පක්ෂව සිටියද ස්විට්සර්ලන්තයේ ගොවිපල 50,000ක් පවත්වාගෙන යන ගොවීන්ගෙන් බහුතරයක් එයට තදින්ම විරුද්ධ වූහ.
 
 
A woman throws an envelope into a box as people queue to cast their votes in a series of referendums in front of a ballot station at the Stadthaus administration building in Zurich, Switzerland June 13, 2021.  REUTERS/Arnd Wiegmann
 
 
ජනප්‍රිය මූලාරම්භයන් සඳහා ඡන්ද දායකයින් සහ කැන්ටන් යන දෙඅංශයෙන්ම බහුතරයක් අවශ්‍ය වන නමුත් ඡන්ද දායකයින්ගෙන් සියයට 61%ක් සහ කැන්ටන් 26 න් එකක් හැර අන් සියල්ලම මෙම මුල පිරීම් ප්‍රතික්ෂේප කර ඇති බැවින් එම යෝජනා දෙකම දෙයාකාරයෙන්ම අසාර්ථක විය.
 
 
කෘෂිකාර්මික නිෂ්පාදනයේ අඩුවීමක් මගින් ආහාර මිල ඉහළ යනු ඇතැයි යන බියෙන් ස්විට්සර්ලන්ත රජය මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියේය.
 
 
ස්විට්සර්ලන්තයේ කෘත්‍රිම පළිබෝධනාශක භාවිතය තහනම් කිරීම, ගොවිපලවල් සහ උද්‍යානවල භාවිතය වැළැක්වීම සහ ඒවා භාවිතයෙන් නිපදවන නිෂ්පාදන ආනයනය කිරීම තහනම් කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීමට රජය ස්විස් ජනතාවගේ මනාපය විමසා බැලීමට ජනමත විචාරණය කැදවනු ලැබ තිබිණි.
 
මෑත මාසවලදී සැලකිය යුතු සහායක් ලැබූ මෙම පියවර ප්‍රතික්ෂේප කිරීම ස්විට්සර්ලන්ත ගොවි ක්ෂේත්‍රයේ සහ රජයේ දැඩි විරෝධය පිළිබිඹු කරයි.
 
මෙම යෝජනා අනුමත කිරීම මඟින් ගොවිපල නිෂ්පාදනය අඩු කිරීම සහ ආහාර මිල ඉහළ යනු ඇතැයි ගොවි ප්‍රජාව කියා සිටියේය. 
 
වසර හයක් තුළ පළිබෝධනාශක භාවිතය හා සම්බන්ධ අවදානම අඩකින් අඩු කරන ප්‍රති-ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට රජයට පෙළඹුණි.
 
‘‘පළිබෝධ නාශක රහිත ස්විට්සර්ලන්තය සඳහා පුරවැසි කණ්ඩායමක් වන ෆියුචර් 3 – (Future 3, a citizens group that is pushing for a pesticide-free Switzerland) විසින් මෙම පියවර යෝජනා කර තිබුණි. 
 
සමූහයේ ප්‍රකාශක ඩොමිනික් වාසර් පැවසුවේ මිනිසුන්ගේ සෞඛ්‍යය හා පරිසරය ආරක්ෂා කිරීම මෙම ක්‍රියාවලියේ ප්‍රධාන අභිප්‍රාය බවයි.
 
“පළිබෝධනාශක අපගේ සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කරන අතර එයට මේ ආකාරයට ඉදිරියට යා නොහැකිය. රසායනික ද්‍රව්‍යවල දිගුකාලීන බලපෑම තවමත් සම්පූර්ණයෙන් අනාවරණය වී නොමැති අතර, අධ්‍යයනයන් මගින් කෘතිම පළිබෝධනාශක පාකින්සන් හා වදභාවය ඇතුළු සෞඛ්‍ය ගැටලු රාශියක් අතර සම්බන්ධතා යෝජනා කර ඇත‘‘ කෘතිම පළිබෝධනාශක ඉසීම හා සම්බන්ධ විය හැකි පාරිසරික ගැටළු ද වාසර් සඳහන් කළේය.
 
කාබනික ගොවීන්ගෙන් සැලකිය යුතු කොටසක් මෙම වැඩසටහනට පක්ෂව සිටියද ස්විට්සර්ලන්තයේ ගොවිපල 50,000 ක් පවත්වාගෙන යන ගොවීන්ගෙන් බහුතරයක් එයට තදින්ම විරුද්ධ වූහ.
 
 
 
ලංකාවේ මාධ්‍ය ස්වයං වාරණයක !
 
 
ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයක් දිනාගත් මෙම ස්විට්සර්ලන්ත ජනමත විචාරණයට මෙරට ප්‍රධාන පෙළේ කිසිඳු මාධ්‍යකින් ඉඩක් ලැබී නොතිබිණ. 
 
ජනාධිපතිවරයාගේ දැඩි බලපෑම් මත කෘත්‍රිම පළිබෝධනාශක භාවිතය හා රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ශ්‍රී ලංකාව රජය පියවර ගනිමින් සිටීම එවැනි ස්වයං වාරණයක් පවත්වාගෙන යාමට හේතුවුවා විය හැක.  
 
 
 
මුලාශ්‍ර ලිපිය :
 
 
 
(විශේෂ ලියුම්කරුවකු විසිනි)
 
 
සබැඳි පුවත් 
 
 
 
 
 
 
 
 
 
 

THE LEADER TV 
බැසිල්-ගම්මන්පිල ගැටුමෙන් එළියට ආ කොමිස් කතාව? 
 
ලන්සා 'ස' ට ටොකු දෙද්දී : බැසිල්ටත් කොක්කක්...!
 
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්