ජනප්‍රිය The Imitation Game (2014) චිත්‍රපටයේ තැන් කීපයක් ගැන යමක් සඳහන් කරන්න ඕනි කියල හිතුව. 
මොකද මිලිටරිකරණය සහ විශ්ව විද්‍යාල දැනුම ගොඩනැගීම කියන දෙක අතර අන්තර් සම්බන්දය ගැන කතා කරන්න දැන් සිද්ද වෙලා තියනවා මේ කොතලාවල පණත පැමිණීමත් එක්ක. 
 
මම මේ පණත ගැන සහ පෞද්ගලිකකරණය ගැන කතා කරන්න පෙර හමුදාව සහ විශ්ව විද්‍යාල දැනුම කියන දෙක කොයි වගේද කියල වෙන් කර ගන්න කැමතියි ඉහත චිත්‍රපටය එක්ක. 
 
ඒ නිසා මේක සිනමා විචාරයක් හැටියට ගන්න එපා. අර පණත ගැන විවරණයක් හැටියට ගන්නත් එපා. මේ ප්‍රපංච දෙකේ ස්වභාවය ගැන විතරක් සිතීමේ උපකාරකයක් ලෙස ගන්න. 
 
 
enigma portada mtd
                               Image@The Imitation Game
 
 
The Imitation Game චිත්‍රපටය කතා කරන්නේ ඇලන් ටියුරින් (Alan Turing) කියන ඉතාම සුවිශේෂ පෞරුෂයක් තිබ්බ ගණිතඥයෙක් ගැන. 
 
වෙනස් ලෙස සිතන්නෙක්, සමලිංගිකයෙක් වගේම හුදකලා පුද්ගලභාවයක් (තනිව වැඩ කරන්න කැමති) ලෙසත් ඔහුව ලෝකය විසින් හඳුනා ගන්නවා. 
 
පරිගණකය කියන එක් ආකාරයක මහත් වූ නූතන පුදුමය (modern wonder) නිපදවන්න ඔහුගේ ඒ සුවිශේෂ පෞරුෂය ලොකු බලපෑමක් කරනවා. 
 
දෙවැනි ලෝක යුද්ධයේදී නාසි ජර්මණිය තම සන්නිවේදන රහස්‍ය බව රැකීම වෙනුවෙන් භාවිත කළ රහස් කේතාංකන යන්ත්‍රයක් කියවීම (decipher an enigma machine) සඳහා උත්සාහ ගත් බ්‍රිතාන්‍ය හමුදා කඳවුරක් වෙත ටියුරින් යන්නේ තමන්ගේ කැමැත්තෙන්. අභියෝගයක් ජයගන්න ඕනි කියන හැඟීමෙන්. දේශපාලනික හැඟීමෙන් නෙවෙයි. 
 
එතැන තියෙන්නේ වැදගත් බටහිර සංකල්පයක් වෙච්චි ස්වච්ඡන්දතාව (freewill). කැමැත්ත. බලහත්කාරය නෙවෙයි. 
 
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉඳල ඔහු කෝච්චියේ නැගල මේ හමුදා කඳවුරට යන්නේ තමන්ගේ දැනුම එක්ක බැඳුන අභියෝගය ජය ගන්න. කිසිදා කාටවත් බැහැයි කියල කිව්ව දෙයක් ජය ගන්න. ලෝකයටම අභියෝගයක් වෙච්ච නූතන ප්‍රෙහේලිකාව විසඳන්න. 
 
 
 
හමුදා වලත් උද්‍යෝග පාඨයක් තමයි 'කළ නොහැක්කක් නැත' කියන එක (nothing is impossible). ටියුරින් කරන්නෙත් ඒ හමුදා විසින් කරන දේම වෙනත් එයාගෙම විදියකට කරන්න හදන එක. අරමුණ එකමයි නමුත් ප්‍රවේශය වෙනස්. 
 
 
යන්ත්‍රයක් විසින් මිළියන ගණනක වියහැකියාවන් සමඟ අංක කේතනය කරන පණිවිඩයක් ලිහා ගැනීම මිනිස් මනසට කරන්න බැහැ කියන එක තමයි ඔහුගේ උපකල්පනය. 
 
මනසේ ගණනය කිරීමේ හැකියාව සීමා සහිතයි කියන එක තමයි එයාගේ තර්කය. 
 
එනිග්මා මැෂින් එක එයාගේ උපකල්පනය සනාථ කරන හොඳ උදාහරණයක් උනා. 
 
මනසට ඉහත කාර්යය කරන්න ඇතැම් විට පුළුවන් උනත් කාලය සමඟ තරඟ කිරීමට සිදුවීම තවත් කොන්දේසියක්. 
 
ඒ නිසා ඇලන්ට ඕනි වෙනවා යන්ත්‍රයක් නිපදවලා නාසි රහස් කේතන යන්ත්‍රය පරාජය කරන්න. ඒ ඔස්සේ සියල්ල කළ හැකි යන්ත්‍රයක් නිපදවන්න. 
 
ඒ කියන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ තවත් එක පුදුමයක් නිෂ්පාදනය කරන්න. ඒ ඔස්සේ ශිෂ්ටාචාරය තවත් අදියරයකට ගෙනියන්න. 
 
 
වසර සීයයකට පස්සේ අද අපි ඔක්කොම මේ සූම් (Zoom) කරන්නේ එයාගේ යන්ත්‍රයට පිං සිද්ද වෙන්න. ඒක එක අදියරයක් නෙවෙයි අදියර ගණනාවක් පසු කිරීමක්. 
 
හමුදා කඳවුරට යනකොට එතන ඉන්නේ ටිකක් උද්දච්ඡ කමාන්ඩර් කෙනෙක්. එයා ගොඩක් යුද්ධ දිනපු කෙනෙක්. එයාගේ ආඩම්බරකම ඒ එයාගේ පසුබිමේ තියන යුද ජයග්‍රහණ එක්ක බැඳිලා තියනවා වෙන්න පුළුවන්.
 
 'මම කියන විදියට වැඩ කරන්න. මොකද ඔයා යුද්ද දිනවලා නැහැ මහාචාර්යතුමා...මම දිනවලා තියනවා'.  මේක තමයි ඒ උසස් හමුදා නිලධාරියාගේ පණිවිඩය. 
 
නමුත් ඇලන් ටියුරින් කරන්නේ ඒ සීමිත ඉඩකඩ ඇතුලේ අරගල කරන එක. මුලින් එයා කරන්නේ එයාගේ යන්ත්‍රය සඳහා මුදල් සොයා ගන්න එක. ඉට පස්සේ ඒ කණ්ඩායමේ ප්‍රධානත්වය ගන්න එක. ඒ එක්කම තමන්ට අවශ්‍ය නැති කිහිප දෙනෙක් අයින් කරන එක. ඒ අය අර හමුදා නිලධාරියා විසින් කරන ලද බඳවා ගැනීම්. 
 
 
 
 
TIG 200 IG 03812R
 
 
මේ සියල්ල එයාට අර හමුදා සන්දර්භය යටතේ කරන්න බැරි වෙන නිසා එයා කෙලින්ම දේශපාලන අධිකාරිය එක්ක ගණුදෙනු කරනවා. ඒ කියන්නේ සෘජුවම වින්ස්ටන් චර්චිල් ට ලියනවා. 
 
ඒ කියන්නේ මෙතැන හමුදා ලොක්ක දේවල් තේරුම් ගන්නේ නැති නිසා එයා ඒ දේවල් තේරෙන දේශපාලන ලොක්කන්ට සන්නිවේදනය කරනවා. මංචාඩියක හරි මොලයක් තිබ්බ එවක එංගලන්ත දේශපාලනය ඇලන් ටියුරින් ගේ අදහස සහ අවශ්‍යතාව තේරුම් ගන්නවා. 
 
මේ වැඩේ යනකොට තමයි කණ්ඩායමේ අනික් අය ටියුරින් ව තේරුම් ගන්නේ. පස්සේ එයාල ටියුරින් ගේ බුද්ධිමය ශ්‍රමයට අවශ්‍ය ගෞරවය ලබා දෙනවා. ඒ වෙනුවෙන් සටන් කරනවා. ටියුරින් අයින් කලොත් අපිත් යනවා කියල හමුදා ලොක්කට කෙළින් තග දමන්නේ ඒ ගැඹුරු තේරුම් ගැනීම ඔස්සේ. 
 
අන්තිම මාසේ විතර වැඩේ හිරවෙලා ඉන්නකොට තමයි හවස සමාජ ශාලාවේ හමුවෙන කෙල්ලක් කියන පණිවිඩ අනුමාන කිරීමේ සරළ ක්‍රමයක් ඔස්සේ තමයි ඇලන් තමන්ගේ මැෂිමේ සෙවීමේ හැකියාව උරගා බලන්නේ. එතනින් වැඩේ නිට්ටාවටම ගොඩ යනවා. යුද්දේ ඉවර කරන්න එයාගේ යන්ත්‍රය උපකාරී වෙනවා. 
 
ටියුරින් හමුදාවේ අණ විතරක් පිලිපැද්දා නම් වැඩේ තවත් එතැනම වෙන්නත් ඉඩ තිබ්බා. එයා කළේ හමුදා නිලධාරියා දැනගෙන හිටපු විශ්වය අභියෝගයට ලක් කරපු එක.
 
 හැම හමුදාවකම වගේ බ්‍රිතාන්‍ය හමුදාවත් ඒ වැඩේ ඉවසුවේ නැහැ. එයාල බැලුවේ නියෝගය පිළිපදින මිනිස් යටත් වැසියන් ඔස්සේ මේක ජයගන්න. 
 
නමුත් මෙතැනදී වෙන්නේ නිදහස් සිතීම, තර්කනය, සංකේතනයෙන් ඔබ්බට යාම සහ මිනිස් සුවිශේෂයක් පාදක කරගෙන අභියෝගය ජය ගත්ත එක. නූතන බව ජයගත්ත එක. 
 
විනය සහ නියෝග පිළිපැදීම අනවශ්‍යයි කියන එක නෙවෙයි මෙතැන කියන්නේ. ශරීරය දාල කරන්න පුළුවන් වැඩ වගේම සුවිශේෂී සිතීමේ පෞරුෂ වලින් කරන වැඩත් තියනවා. 
 
 
2014 45 film
 
 
 
ඇලන් ටියුරින් (The Imitation Game, 2014), ජෝන් නෑෂ් (A Beautiful Mind, 2001) වගේම ස්ටීවන් හෝකින්ස් (The Theory of Everything, 2014) වුණත් ඇඟ දාල වැඩ කරපු අය නෙවෙයි. බොඩි වගේම මයින්ඩ් එකත් ඕනි. අභියෝග ඉස්සරහා මේ දෙක එකතු වෙන්නත් ඕනි. ඒ වගේම මේ දෙක ඒවාට සුවිශේෂ සන්දර්භයන් වල විකසිත වෙන්නත් ඕනි. 
 
ගොඩක් සමාන බව සහ කේවල නියෝග කෙරේ විශ්වාසය තබන හමුදාවකට ටියුරින් වගේ සුවිශේෂ කෙනෙක් දරා ගන්න අමාරු වෙන්න පුළුවන්. සමහර විට විශ්ව විද්‍යාල වලට උනත් බැරි වෙන්න පුළුවන්. විශ්ව විද්‍යාල පවා පුද්ගල සුවිශේෂ පිටමං කරපු වෙලාවල් තියනවා. 
 
 
කොතලාවලත් ඕනි. ඒ වගේම නිදහස් මතධාරීන් නිෂ්පාදනය කරන සන්දර්භයන් (ආයතන හෝ ආයතන නොවන) තියෙන්නත් ඕනි. ෆැන්ටසි එකක් තරණය කරන්න මේ දෙකම ඕනි. ශක්තිමත් නිරෝගී මිනිස්සු වගේම සිතන මිනිස්සුත් ඕනි රටකට. 
 
 
ඉතිං දේශපාලනය තියෙන්නේ අලුත් පරිකල්පනයක් (අලුත් ෆැන්ටසි එකක්) හදල දෙන්න. බොඩි (body) එකයි මයින්ඩ් (mind) එකයි එකතු කරගෙන ඒ ෆැන්ටසි එකට ගමන් කරන්න. පුළුවන් උනොත් විතරක් ආපසු එක යුලිසීස් ල හදන්න. 
 
 
MH 2021
 
(මහේෂ් හපුගොඩ) 
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 
 
 
 
THE LEADER TV 
 
 
බැසිල් මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙයි ? 
 

 
කප්පම් සනා ස'ටත් කොකා පෙන්නලා ! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්