('විකල්පය සෘජු පුරවැසි සහභාගිත්ව ආණ්ඩුවක්යන මැයෙන් ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ විසින් සම්පාදිත ලිපිය පිළිතුරකි )
  
එක්සත් ජාතික පක්ෂය හැර අනෙක් දේශපාලන පක්ෂවල දැඩි අකැමැත්තට ලක්වූ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල, ප්‍රකට විද්වත් දේශපාලනඥයකු විසින් සම්පාදනය කරන ලද 1972 ව්‍යවස්ථාව තුල පවා නොතිබුනු බවට කැපී පෙනුනු ප්‍රගතිශීලී අංගයන් රැසක්අඩංගු වීම පුදුම සහගත කරුණක් විය.  
 
මූලික අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණය ඉදිරියට යා හැකිවීම, සිදුවන වැරදි සොයාගැනීම පිණිස සමහර පියවර සහ ඉහළ මට්ටමේ මැතිවරණ ක්‍රමයක් පමණක් නොව ජනමත විමසීම් සඳහා විධිවිධාන ද මෙහිදී ව්‍යවස්ථාවට එකතු කර තිබින.  
 
වර්තමානයේදී ද මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේදී ජනතාවගේ සහභාගිත්වය සහතික කරනු පිණිස ජනමත විමසුමක් සිදුකිරීම අත්‍යවශ්‍ය වීම ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ වාසි හා අවාසි හොඳින් පැහැදිලි කරයි.     
 
මෙහි ඇත්තේ සරල තර්කයකි.  
  
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ජනතාවගේ අයිතියට අනිවාර්යයෙන්ම බලපෑමක් සිදුකරයි.  සංශෝධනයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය ජනතාව නියෝජනය කරන්නේ යැයි කියන දේශපාලන පක්ෂවලට පමණක් සීමා නොවිය යුතුය.  ජනතාවට සිය පරමාධිපත්‍යය ක්‍රියාවට නැංවීමට අවස්ථාව ලැබෙන්නේ මැතිවරණ හරහා වන හෙයින් සහ මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල පවතින බැඳියාව ඔවුන් නියෝජනය කරන ජනතාව ගේ බැඳියාවට වඩා වෙනස් එකක් වන හෙයින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේදී ජනතා සහභාගිත්වය අනිවාර්යයෙන්ම තිබිය යුතුය.   
 
 
නොමග යවන තර්කයක්
 
එහෙත් එය මූලික වශයෙන්ම නොමග යවන තර්කයක් බව  ද කිවයුතුය.  
 
ජනමත විමසීම් පිළිබඳව ශ්‍රී ලංකාවේ අත්දැකීම් මෙන්ම වෙනත් රටවල අත්දැකීම් ද සලකා බැලූවිට පෙනීයන්නේ ඒ වූ කලී දැඩි බලපෑමක් යටතේ ලබාගන්නා ජනතා සහභාගිත්වයක් බව ජනමත විමසීම්වලට පක්ෂව කතාකරන කණ්ඩායම් විසින් වටහා ගතයුතුව තිබේ.  
 
මෙහිදී සිදුවන එකම දෙය නම් දේශපාලන බලවත්කම් සහිත පිරිස් විසින් ප්‍රවේශමින් සැලසුම් කර හෝ සාකච්ඡා කර සකසන ලද ප්‍රශ්නයකට ජනතාව ලවා ඔව් හෝ නෑ කියවා ගැනීම පමණකි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ අංගයකට වඩා නාට්‍යයක අංගයකට නෑකම් පෙන්වයි. 
 
 
ජනමත විමසීමක්, නිවැරදි දේශපාලන සහභාගිත්වයකට සමාන කිරීම වංක, කපටි, කුහක ක්‍රියාවකි. වැදගත් ප්‍රතිපත්තිමය, නීතිමය හෝ ව්‍යවස්ථාමය සංශෝධනයක් ජනමත විමසුමකින් කෙරෙන ඔව් නෑ කීමක් දක්වා සරල කිරීමට හැකිවේ නම් ඒ කලාතුරකිනි.    
 
උදාහරණයක් ලෙස, මනාප ඡන්ද ක්‍රමයට කැමැති ද නැතිදැයි ජනමත විමසුමකින් ජනතාවගෙන් විමසිය හැකි වෙතත් එයින් ලැබෙන ප්‍රයෝජනය කුමක් ද?  ඒ වෙනුවට ඇති විකල්පය කවරක්දැයි එයින් පැහැදිලි කෙරෙන්නේ ද?  
 
සමහර විට, ''මනාප ඡන්ද ක්‍රමය වෙනුවට දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කෙරෙන සංවෘත ලැයිස්තුවකින් එසේත් නැතිනම් කේවල ක්‍රමය හරහා සිදුවන ඡන්ද කොට්ඨාශ නියෝජනයක් ද සහිත දෙමුහුම් ක්‍රමයක් හඳුන්වා දිය යුතු ද ''වැනි සංකීර්ණ ප්‍රශ්නයක් ඇසිය හැක.  
 
එවැනි ප්‍රශ්නයක් නිවැරදිව වටහාගැනීමේ ශක්තිය ඡන්දදායකයින්ගෙන් බහුතරයකට තිබේ ද?  එවැනි ප්‍රශ්නයක් හරහා ජනතාවට හුරුපුරුදු මනාප ක්‍රමය තෝරාගැනීමේ අවස්ථාව ඉවත් කර නැති ද?  මෙම ප්‍රශ්නයට සෑහීමකට පත්විය හැකි පිළිතුරු ලැබුනේ යැයි සිතමු.  
 
එවිට, සංවෘත පක්ෂ ලැයිස්තුවක් සකස් කිරීම සඳහා කොන්දේසි හෝ කේවල සහ සමානුපාත ක්‍රම ඒකාබද්ධ කරන යාන්ත්‍රණයන් සකස් කරගැනීම වැනි ඍජු ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිටත වන කාර්යයන් රාශියක් සිදු කළයුතු වන්නේ නොවේ ද?
 
ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ තර්කයට අනුකූලව ක්‍රියාකිරීමට නම් අපට එක් ජනමත විමසුමක් නොව, ඔව් නෑ පිළිතුරු  ලබාදෙන ජනමත විමසුම් මාලාවක් පවත්වන්නට සිදුවනු ඇත.  මෙය යථාර්ථවාදී නොවේ.  
  
ජනමත විමසුම්වලට පිළිතුරුදෙමින් සිටිනවාට වඩා හරි හම්බ කරගැනීම, දූ දරුවන් හදා වඩා ගැනීම වැනි වෙනත් වැදගත් කටයුතු රාශියක් ඡන්දදායකයින් ජනතාව වන අපට තිබේ.  
 
පූජාවක් පවත්වන පරිද්දෙන් හෝ මෙසේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයට සහභාගිවීමට අපට සිදුවුවහොත් එය අපට නොසෑහෙන කරදරයක් වනු ඇත.  
 
වගකිවයුතු පුරවැසියන් ලෙස හැසිරෙමින් අප විසින් තීරණ ගතයුතු යැයි කියන රජයේ ප්‍රතිපත්ති සියල්ලක්ම වටහාගන්නට උත්සාහ දරන්නට ගියහොත් අපේ ජීවිතවල වෙනත් කිසිම දෙයක් කරන්නට කාලයක් ඉතිරි නොවනු ඇත.  
 
 මේ සඳහා පවතින හොඳම විකල්පය නම් මනාව ක්‍රියාත්මක වන නිලධාරි තන්ත්‍රයකින් සහ එම විෂයයන් සම්බන්ධයෙන් උනන්දුවක් සහ දැනුමක් ඇති විශේෂ කණ්ඩායම්වලට අදහස් ප්‍රකාශකිරීමට ඉඩ සලසන අදහස් විමසීමේ සැසිවලින් ශක්තිමත් කරන ලද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයකි. 
 
ghghmn චර්චිල්
 
 
අවසානයේ, චර්චිල්ගේ වදන් මෙසේ අනුවාදනය කරමි.
 
වරින් වර අත්හදා බලන ලද අනෙකුත් ආණ්ඩු ක්‍රමයන් හැරුණුකොට මෙය වඩාත් නරකම ආණ්ඩු ක්‍රමයයි.
 
it is the worst form of Government except for all those other forms underpinned that have been tried from time to time.  
 
 
Prof Rohan Samarajeewa(මහාචාර්ය රොහාන් සමරජීව)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 
#ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ
 
 
 
සබැඳි ලිපි:
 
 

 

 


 

THE LEADER TV 
 
 
 
නාමල්කරණයට යටකළ එන්නත්කරණය!
 
 
 
කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්