මෙරට පාලනය කල චත්තක්ගාහ රජුන් මියගිය පසු මිත්තසේන නමැති වි හොරෙකු රට පාලනය කලබව ඉතිහාස වංශ කතාවලින් අනාවරණය වී ඇතැයි
පවසන පුරාවිද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, එහෙයින්  ''වී හොරුත් රජ වෙන්න ඉඩ කඩ තියෙනවා පරිස්සම් වෙන්න ඕන..'' යැයි අවදාරණය කර සිටියි. 
 
මහාචාර්ය රාජ් සෝමදේව එබව පවසන්නේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ විසින් මෙහෙයවු Nethfm Unlimited History වැඩසටහන වෙනුවෙන් කළ ප්‍රශ්න කිරිමකදීය.
 
එම කාරණය තවදුරටත් පැහැදිලි කරමින් මහාචාර්යවරයා මෙසේ පවසයි.
 
''.... චත්තක්ගාහ රජ්ජුරුවෝ මලාම ඒ ඇමතිවරු ඒ මළ සිරුර අභ්‍යන්තර මාලිගාවේ ඒ කියන්නේ මාලිගාව  ඇතුලෙම ආදාහනය කරලා නිෂ්ශබ්ද කරා ජනතාවට දැනුම් දුන්නේ නැහැ. රටට කිව්වා රජ්ජුරුවෝ ඉන්නවා කියලා. රජ්ජුරුවෝ ඉන්නවා කියලා රාජ්‍ය පාලන කටයුතු දුන්නා මිත්තසේන කියලා පුද්ගලයෙකුට. 
 
මහා වංශේ කියනවා ඔහු කරල් හොරෙක් කියලා. කරල් හොරෙක් කිව්වම මේ ගැන සැලකිළිමත් වෙන්න ඕනේ. වී නේ කරල් විදිහට හැදෙන්නේ. කරල් හොරු කියන්නේ වී හොරු වෙන්න ඇති ඉතින්. වී හොරුත් රජ වෙන්න ඉඩ කඩ තියෙනවා පරිස්සම් වෙන්න ඕන. කරල් හොර මිත්සෙන් කියලා තමයි තියෙන්නේ මහාවංශයේ. කොහොම හරි මෙයා අවුරුදු 5 ක් පාලනය ගෙනිච්චා... ''
 
මහචාර්යවරයා තව දුරටත් මෙසේද පවසයි. 
 
 
''අපේ ප්‍රධාන රාජ පරම්පරාවේ මහා නාම රජතුමාගේ කාලයේදී තමයි බුද්ධඝෝෂ රජතුමා මෙහෙට ආවේ. මහානාම රජතුමා කියන්නේ උපතිස්ස රජතුමාගේ බාල සහෝදරයා. එතකොට මහානාම රජතුමාගේ කාලය තුළ සිද්ධ වෙච්ච් දේවල් පිළිබඳව ඒ තරම් ලොකු විස්තරයක් මහාවංශයේ සඳහන් කරන්නේ නැහැ. 
 
 
නමුත් අපිට පැහැදිළිව පෙනන දෙයක් තමයි මේ මහානාම රජතුමාගේ කාලයේදී නැවතත් අර සුපුරුදු විදිහටම දකුණු ඉන්දියාවේ යම් යම් බලපෑම්වලට යටත් වෙන්න සිද්ධ වෙනවයි කියලා.
 
අපිට කලාපීය දේශපාලනය හා කලාපීය වර්ධනයත් එක්ක තමයි අපේ ඉතිහාසය අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. ඉතිහාසයේ වුණ සමහර දේවල් මේ අකස්මිකව සිද්ධ වුණ දේවල් නෙවෙයි. 
 
  
එතකොට මේ මහානාම රජතුමාට හිටියා දෙමළ භාෂාව කතා කරන හින්දු භක්තික බිරිඳක්. එතකොට මේකෙදි අපි ඉතාම වැදගත් කාරණයක් තියෙනවා සලකා බලන්න. කොහොමද රටේ රජ්ජුරුවන් හින්දු භක්තික බිරිඳක් සරණ පාවා ගත්තේ කියන එක. 
 
 
ඒකෙන් පිළිබඹු කරන්නේ ඒ කාලය තුළ දකුණු ඉන්දියාවත් එක්ක තිබුණ අපේ සම්බන්ධතා. ඒ හින්දු භක්තික කාන්තාවක් සරණ පාවා ගත් නිසා දේශපාලනයේ නැවතත් අවුල්භාවයකට පත්වුණ බව අපට පේනවා. ඒක බිසවගේ වරදක්වත්, ඒ බිසවුන් වහන්සේ හින්දු භක්තිකයෙක් වුණ එකවත් නෙවෙයි වරද වෙන්නේ. ඒකට අදාළ වෙන්නේ දේශපාලනිකව රටේ තිබ්ච්ච තත්වයයි.  
 
 ඒ දෙමළ භාෂාව කතා කරන හින්දු භක්තික බිසවට මහානාම රජ්ජුරුවන්ට දාව ඉපදුනා කුමාරයෙක් ඔහුගේ නම සොත්ති සේන. තව දියණියක් හිටියා මහානාම රජ්ජුරුවන්ට සංඝා කියලා. 
 
මහානාම රජ්ජුරුවන්ගෙන් පස්සේ මේ සොත්තිසේන කුමාරයා රජකමට පත්වුණා. නමුත් සංඝා කියන ඇයගේ සොයුරියගේ සුවාමි පුරුෂයා වංශ කතාවල චත්තග්ගාහක කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. චත්තග්ගාහක කියන්නේ නමකට වැඩිය තනතුරු නාමයක් විදිහටයි අපිට පේන්නේ.  
 
ඉතින් සංඝා කුමරිය මොකද කළේ සොත්තිසේනව ඝාතනය කළා චත්තක්ගාහකගේ උදව් ඇතුව. සොත්තිසේන රජුට වැඩි කාලයක් රාජ්‍ය පාලනය කරන්න ලැබුනේ නැහැ. සමහරවිට සංඝා කුමරිය මහානාම රජුගේ නීත්‍යානුකූල බිසවගේ දියණිය වෙන්න පුළුවන්. ඒකයි ඇය ප්‍රතිවිරුද්ධ අදහස් දරන්න ඇත්තේ සොත්තිසේන සම්බන්ධයෙන්. 
 
නමුත් චත්තක්ගාහකට රජ කම කරන්න පුළුවන් වුණේ අවුරුද්දයි. ඊට පෙර හිටපු රජවරුත් සාමාන්‍යයෙන් සෑහෙන කාලයක් රාජ්‍යපද ප්‍රාප්තියේ යෙදිල හිටියා. උපතිස්ස රජතුමා අවුරුදු 41 ක් රජකම කරගෙන ගියා. උපතිස්ස රජතුමාගේ පුතා තමයි මහානාම. එයාලගෙන් පස්සේ බලයට ආව රජවරුන්ට දීර්ඝකාලීනව පාලනය ගෙනියන්න ලැබුණේ නැහැ  ආයේ ප්‍රස්ථාරය අනික් පැත්තට ගමන් කරනවා වගේ. 
 
 
එතකොට බලන්න මහානාම, බුද්ධදාස වගේ මහා ප්‍රතාපවත් රජවරු හිටියා. මේක තමයි ඉතිහාසය තුළ තියෙන තරංගය. අවුරුදු පන්සීයෙන් පන්සීය මේ තරංගය ඉහළ පහළ යනවා. 
 
 
එතකොට පන්සීයට අඩුකාලයේදීත් සුළු සුළු තරංග එහාට මෙහාට වෙනවා. ඉතිහාසයක් වර්තමානයට අවශ්‍ය වෙන්නේ මේ ද්වන්ධාත්මක භාවය අවබෝධ කරගන්න. මේක ඉතිහාසය තුළ දිගින් දිගටම පැවතීගෙන එන තත්වයක්. 
 
ඒ නිසා අපිට ගණනය කරන්න පුළුවන් ඊළඟ දේශපාලන අර්බුධය එන්නේ කොයි කාලයේද කියන එක. ඒක ඉතින් මේ වෙලාවේ කියන්න ඕන නැහැ. ඉතිහාසයක් අවශ්‍ය වෙන්නේ ඒ වයේ ගම්‍යතාවයන් අවබෝධ කරගන්න. සොභාවධර්මයේත් යම්කිසි ගම්‍යතාවයක් තියෙනවා. ලෝක දේශගුණය වෙනස් වෙනවා. 
 
ඒ වගේ ඉතිහාසයත් සමාජයත් ඒ විදිහට යම්කිසි නිත්‍යතා සමාජය තුළ තියෙනවා. ඒවා අධ්‍යයනය කරන්න නම් අපි කරන්න ඕන ඉතිහාසය විශ්ලේෂණය කරලා බලන්න ඕන තරංග බිම වැටුනේ ඇයි තරංග උඩට ගියේ ඇයි? ඒවට බලපාපු හේතු මොනවද? ඒවා සමනයට පත්වුණේ කොයි විදිහටද? ආදී වශයෙන් ඉතිහාසය ගැන විශ්ලේෂණාත්මකව බලන්න. 
 
raj iuj 
 
දේශපාලනය විතරක් නෙවෙයි. විද්‍යාව වෙන්න පුළුවන්, තාක්ෂණය වෙන්න පුළුවන්, සමාජ ජීවිතය වෙන්න පුළුවන්, විදේශ සම්බන්ධතා වෙන්න පුළුවන්, මේ හැම දෙයක්ම කොහොමද දෝළනය වුණේ මේවායේ තියෙන රටාවල් මොනවද?
 
එතකොට දකුණු ඉන්දියාව අපේ රට අල්ලගන්න ආවයි කියලා අනවශ්‍ය වෛරයක් ඇති කිරීම නෙවෙයි ඉතිහාසයෙන් අපි දරුවන්ට කියලා දෙන්න ඕනේ. දකුණු ඉන්දීය ජාතිකයෝ ද්‍රවිඩ භාෂාව කතා කරන, හින්දු භක්තිකයෝ අපේ රටට ඇවිල්ලා අපේ දේශපාලනයට ඇඟිලි ගැහුවනම්, අපේ රට අල්ලගන්න මහන්සි ගත්තනම් ඇයි ඒ කියන එකට උත්තරය හොයන්න ඕන. 
 
ඒක මේ පුද්ගලයෙකුගේ වරදක් වත්, ජාතියක වරදක්වත්, භාෂාවක වරදක්වත් නෙවෙයි. මේව තමයි ලෝකයේ තියෙන ගම්‍යතාවයන්. 
 
  
දැන් අද බලන්න රටවල් කොයි විදිහටද රටවල් එක්ක ගැටෙන්නේ. දේශපාලනය කියන එකේ යට තියෙන සමාන වචනය යුද්ධය, ගැටුම කියන එක. ඉතින් මේ දෙකම නිරාකරණය කරගෙන ගෙන යන්න පුළුවන් කියන අය තමයි රාෂ්ට්‍රපාලකයෝ බවට පරිවර්ථනය වෙන්නේ. 
 
 
ඒ නිසා මේ ඉතිහාසයේ පැවතුණු යුද ආක්‍රමණ කතා හැටියටම නෙවෙයි, ඒ කතාව මාර්ගයෙන් රටේ ඉදිරි අනාගතයට, සහ වර්තමානයට භුක්ති විඳින්න ප්‍රයෝජනයක් ගත හැකි යථාර්තයන් ඉගැන්වීම තමයි අපි ඉතිහාසය ඉගැන්වීමෙන් සිදු විය යුත්තේ. හිස්ට්‍රි කියලා කියන වචනයේම ස්ටෝරි කියන එක තියෙනවා. ඉතිහාසය කියන වචනයේ හාස්‍යය කියන එක තියෙනවා. ඉතින් අපි මේ හැම දෙයක්ම ප්‍රයෝජනයට ගත යුතුයි. 
 
එක්තරා රටක  ජීවත් වෙන අපේ සිංහල හිතවතෙක් අපිට දෙතුන් වතාවක් කතා කරලා කිව්වා මෙහෙමයි මේ රටේ අපේ සිංහල  දරුවන්ට මේ රටේ අධ්‍යාපනයේදී වැරදි දෙයක් උගන්වනවා. ශ්‍රී ලංකාව කියන රටේ ඉතිහාසයේ ඉඳලම එක්තරා කණ්ඩායමකට එක්තරා වර්ගයකට ඉතාම හිංසනකාරී ලෙස සලකනවා කියලා වැරදි මතයක් ප්‍රකට කරනවා. මේ වැරදි මතය ප්‍රකට කරන්න හේතුව ඇයි? අපි හරි මතය ප්‍රකට කරලා නැති නිසා. ඒ නිසා අපි වැරදි මතය ප්‍රකට කරපු අයට නෙවෙයි ද්වේශ කරන්න තියෙන්නේ හරි මතය ප්‍රකට කරන එකයි අපි මූලිකවම කරන්න ඕන. 
 
ඉතින් මේ වගේ අර්බුදයක් තියෙන කාලයක තමයි ඉතිහාසය පාසැල් විෂයෙන් අයින් කරන්න කතා කරන්නේ. වෙන රටවල්ව උත්සාහ කරනවා ඉතිහාසය ඵලදායී ලෙස සමාජයට උගන්වන්නේ කොහොමද කියන එක ගැන. 
 
අපි මේ මොකක්ද කරන්න හදන්නේ තියෙන්නා වූ ඉතාම දීර්ඝකාලීන අඛන්ඩ ඒ කියන්නේ අපි මේ අත්තුක්කාසන පරවම්භනයක් කියන්න හදනවා නෙවෙයි, අනුන් පහතයි අපි උසස් කියලා. නමුත් අපේ රටට අඛන්ඩව අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය තුළ තියෙන ගම්‍යතාවන්, රජවරු පුද්ගලයන් හැටියට නෙවෙයි ඔවුන් කළ වැඩ කොටස, දැන් අපි බුද්ධදාස රජතුමා ගැන කියන කොට කිව්වේ ඒ සමකාලීන වෛද්‍ය විද්‍යාවේ තරාතිරම අපිට පේන්නේ. 
 
නාරි හා ප්‍රසව විද්‍යාව තිබුණා, මනෝ විද්‍යාව තිබුණා, උදරය පිළිබඳ කරන ප්‍රතිකාර තිබුණා, චර්ම රෝගවලට කරන ප්‍රතිකාර තිබුණා, ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව තිබුණා.
 
මට ඊයේ ලැබුණා තොරතුරක් ඒක අපේ සම්ප්‍රදාය තුළ තියෙන බොහෝ විට එන්න ඇත්තේ බුදු දහමෙන්. අපි දන්නවා බෞද්ධ දර්ශනය පසුකාලීනව නොයෙක් නොයෙක් කෑලිවලට කැඩිලා ගියා. ඒවායෙන් නොයෙක් නොයෙක් සම්ප්‍රදායන් ඒකට කලවම් වුණා. මට හම්බවුණා එක තැනක තියෙන්නේ ෆාමකෝලොජි Pharmacology ඒ කියන්නේ ඖෂධවේදය.
 
  
අපේ සමාජයේ තිබ්ච්ච ඖෂධවේදය ගැන පොතක්. එතකොට අපි අපේ දරුවන්ට කියන්න ඕනේ අපිටත් තිබුණා හොඳ ඖෂධවේදය ගැන ඉතිහාසයක් කියලා. එතකොට ඒ දරුව කවද හරි දවසක උත්සාහ කරයි හොඳ ඖෂධවේදියෙක්, ඒ සම්බන්ධව ආචාර්ය මහාචාර්යවරයෙක් වෙන්න. 
ඒ මොකද එයාට තියෙනවා ඓතිහාසික ආනුභාව ඒ කියන්නේ Historical Inspiration එකක් එයාට තියෙනවා මගේ රටේ මෙහෙම තිබුණා, මෙහෙම හිතුවා, මේ විෂය අද අපි මෙහෙම ඉගෙන ගත්තට ඇත්තවශයෙන්ම අපිට අවුරුදු දහස් ගණනක කලිනුත් අපට තිබුණ දෙයක් මේක කියලා හිතෙනවා. 
 
එතකොට Embryology ඒ කියන්නේ කළල විද්‍යාව පිළිබඳ සටහන් වෙච්ච් තැන් අපේ ඉතිහාස වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙලා තියෙනවා. කොහොමද කළලයක් මව් කුස තුළ මිය ගියොත් මව බේරාගන්නේ, ඒ සැත්කම් කරන විදිහ පිළිබඳව. 
 
එතකොට අපි ඉතිහාසයේ කොතනක තිබුණත්, එළියට ඇදල ඇරගෙන දෙන්න ඕන, ඒවා කරන්න කියලා නෙවෙයි ඒවයෙන් යම්කිසි ආවේශයක් අපට තියෙනවා.
 
  
අපි නිකන් කාලා බීලා නිදාගෙන ඇවිදින මිනිස්සු වෙනුවට මෙහෙම උරුමයක් අපිට තියෙනවයි කියලා කිව්වම අපි පොළවට බර ගතියක් ගුරුත්වයක් Gravity එකක් දැනෙනවා. ඒක තමයි රටක් සංවර්ධනය කරන්න උවමනා වෙන්නේ. පිටරටක ඉගෙන ගන්න දරුවෙක් වුණත් තමන්ගේ රටේ  උරුමය ගැන කතාකරාම ඔහුට යම්කිසි අදහසක් හිතේ ඇති වෙනවා. 
 
 
අපි දන්නවා පිටරට ඉන්න දරුවො ආපහු මේ රටට පදිංචියට එන්නේ නැහැ කියලා. නමුත් ඒ දරුවන්ට හිතෙයි නෑ මම මගේ නිවාඩුව ගත කරන්න මම මගේ රටට යනවා ගිහිල්ලා මට කරන්න පුළුවන් මොකක්ද කියලා බලලා මම ආපහු එනවා. මේ රටේ ඉඳගෙන හරි ඒ දෙයට උදව් කරනවා කියන අදහස.
 
මේ රටේ මිනිස්සු හරියට දුක් වින්දා අවුරුදු ගණනාවක් තිස්සේ. අපිට තේරෙනවා කොයිතරම් මිනිස්සු මැරිලා තියෙනවද කියලා මේ අනවශ්‍ය දේවල් වලට මේ භූමියේ. ඉතින් ඒවා වෙනකන් ඉඳල ඒවට මුරකපොළු, මාර්ග බාදක දාල පාරවල් හරස් කරනවට වැඩිය අපිට පුළුවන් මිනිස්සුන්ගේ හිත් වැරදි තැන්වලට යන්නේ නැතුව ඒ හිත්වලට මාර්ගබාදක දාමු වැරදි මාර්ගවල යනවට විරුද්ධව. 
 
ඒක කරන්න පුළුවන් ඥානයෙන් පමණයි. දැනුමෙන් පමණයි. 
 
  
මේක ශ්‍රී ලංකාව කාටත් අයිති රට. ඒ වගේම මේ ජාති ආගම් භාෂාව ගැන අපේ හිතේ තියෙන සැකමුසුභාවය නැති කරන්න ඕන. ඒක කරන්න පුළුවන් විද්‍යාවෙන්, ඥානයෙන්. ඉතින් මේ ඉතිහාසය ගැන මේ තරම් කියන එකේ හේතුව තමයි අපි ඉතිහාසය පාවිච්චි කළ යුත්තේ මේ සමාජයේ කාටත් පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් තැනක් බවට පත් කරලා, ඒකට අපිට තියෙන උරුමය සාක්ෂාත් කර ගැනීමේ වැදගත් වෙනුවෙන්.
 
 
එතකොට අර චත්තක්ගාහකට රාජ්‍යය දුන්නනේ. එයාට අවුරුද්දයි කරන්න පුළුවන් වුණේ. මොකක් හරි දෙයක් වෙලා තියෙනවා මහා වංශය නොකියා කියන. 
 
චත්තක්ගාහ රජ්ජුරුවෝ මලාම ඒ ඇමතිවරු ඒ මළ සිරුර අභ්‍යන්තර මාලිගාවේ ඒ කියන්නේ මාලිගාව  ඇතුලෙම ආදාහනය කරලා නිෂ්ශබ්ද කරා ජනතාවට දැනුම් දුන්නේ නැහැ. රටට කිව්වා රජ්ජුරුවෝ ඉන්නවා කියලා. රජ්ජුරුවෝ ඉන්නවා කියලා රාජ්‍ය පාලන කටයුතු දුන්නා මිත්තසේන කියලා පුද්ගලයෙකුට. 
 
මහා වංශේ කියනවා ඔහු කරල් හොරෙක් කියලා. කරල් හොරෙක් කිව්වම මේ ගැන සැලකිළිමත් වෙන්න ඕනේ. වී නේ කරල් විදිහට හැදෙන්නේ. කරල් හොරු කියන්නේ වී හොරු වෙන්න ඇති ඉතින්. වී හොරුත් රජ වෙන්න ඉඩ කඩ තියෙනවා පරිස්සම් වෙන්න ඕන. කරල් හොර මිත්සෙන් කියලා තමයි තියෙන්නේ මහාවංශයේ. කොහොම හරි මෙයා අවුරුදු 5 ක් පාලනය ගෙනිච්චා. 
 
ඊට පස්සේ අපිට පාන්ඩ දේශයෙන්  එන  ද්‍රවිඩ වංශිකයන්ගේ ආක්‍රමණවලට මුහුණ දෙන්න වුණා.  පන්ඩු, පාරින්ද්‍ර, කුද්ධ පාරින්ද්‍ර, තිරීතර, දාටිය පීටිය කියන දෙනාගෙන්. ඒ අය අවුරුදු 26 ක් මේ රට පාලනය කළා.
 
 
 
 
කියවන්න :
 

 

 
 
 
 
 
THE LEADER TV 
 
දිළුම් ක්ලීනිං සර්විස් | මොණරවිලගේ ලියමන 
 
 
ඉන්දියාව බැසිල්ට මොනවා කරයිද ? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්