එරට විෂමතාවයන්ට මුහුණ දීම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණයන් සිදුකරන බවට ගබ්‍රියෙල් බොරික් පොරොන්දු වී තිබේ

 

හිටපු ශිෂ්‍ය ක්‍රියාකාරී නායක ගබ්‍රියෙල් බොරික් ඓතිහාසික ජයග්‍රහණයක් ලබමින්, චිලී රාජ්‍යයේ ලාබාලතම ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී ඇත.

පසුගිය වසරවල දී විෂමතාවන්ටත්, දූෂණයට එරෙහි මහජන විරෝධතා හේතුවෙන් අස්ථාවරව තිබූ චිලියට ඉදිරිගාමී වෙනස්කම් සිදු කරනබවට තිස්පස් හැවිරිදි නායකයා පොරොන්දු වී තිබේ.

 

බොරික්, ඔහුගේ වාමාංශික දේශපාලන කණ්ඩායමෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය දිනාගත් විට නිර්භීත ප්‍රතිඥාවක් ලබා දුන්නේ ය. "චිලිය නවලිබරල්වාදයේ තොටිල්ල වුණා නම්, එය එහි සොහොන ද වනවා ඇති," ඔහු පැවසීය.

 

"තරුණයින් මේ රට වෙනස් කරනවාට බය වෙන්න එපා."


ඉතින් ඔහු චිලියේ හිටපු ඒකාධිපති පාලක ජෙනරාල් ඔගස්ටෝ පිනෝචේ පැනවූ නිදහස් වෙළඳපොළ ආර්ථික මොඩලයට රැඩිකල් ප්‍රතිසංස්කරණ සිදු කිරීමට පොරොන්දු වෙමින්, සිය ජනපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීය.

 2019 වසරේ උද්ඝෝෂණ අතරතුරේ මතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි කෙටුම්පත් කිරීමට ද හේතු වූ විසංතුලනයන්, සහ එරට තුළ ගැඹුරටම විහිද ඇති විෂමතාවන්හි මූලය එයබව ඔහු කියයි.

ධ්‍රැවණය වූ ව්‍යාපාරයකින් පසුව, ජනාධිපතිවරණයේ දෙවන වටයේ දී බොරික් ඔහුගේ අන්ත දක්ෂිණාංශික ප්‍රතිවාදී හොසේ ඇන්ටෝනියෝ කාස්ට් නොසිතූ තරම් විශාල ඡන්ද සංඛ්‍යාවකින් පරාජය කළේ රටේ දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමිනි.



"අපි පොදු ජන ජීවිතයෙන් මතුවූ පරම්පරාවක් හැටියට ඉල්ලන්නේ අපේ අයිතිවාසිකම්, අයිතිවාසිකම් ලෙස සලකන්න කියලාත්, ඒවාට පාරිභෝගික භාණ්ඩ හෝ ව්‍යාපාරයක් ලෙස නොසලකන ලෙසත්," යනුවෙන් බොරික් සිය ජයග්‍රාහී කතාවේ දී, බහුතරයක් තරුණයින් වූ දහස් ගණනක ආධාරකරුවන් අමතා පැවසුවේ ය.

"ධනවතුන්ටත්, දුප්පතුන්ටත් යුක්තියක් දිගටම පවතිනවා කියලා අපි දන්නවා. ඒ වගේම, අපි තවදුරටත් චිලියේ විෂමතාවයේ මිල දිගටම දුප්පතුන්ට ගෙවන්නට ඉඩ තියන්නේ නැහැ."

බොරික් මුහුණ දෙනු ඇත්තේ බෙදී ගිය රටකට පමණක් නොවේ. කැඩී බිඳීගිය පාර්ලිමේන්තුවකට, කනස්සල්ලට පත් ආයෝජකයින්ට, සහ මෑතකාලීන දේශපාලන පෙරළියේත් වසංගතයේත් ප්‍රතිඵලයක් වූ මන්දගාමී ආර්ථිකයකට ය.

Supporters of Gabriel Boric celebrate after his win in Chile's presidential election

කාන්තාවන් විශාල සංඛ්‍යාවක් බොරික්ට සහාය දැක්වූ අතර, ඔවුන් ඔහුගේ ජයග්‍රහණය සන්තියාගෝහි දී සැමරීය.

 

1986 වසරේ පෙබරවාරි 11 වැනිදා දකුණුදිග චිලියේ පුන්ටා අරිනාස්හි උපන් ඔහු, මීට දශකයකට පෙර වඩාත් දියුණු සහ ලාභදායී අධ්‍යාපනයක් ඉල්ලා පැවැත්වුණු මහජන පෙලපාළි මෙහෙයවීමෙන් ප්‍රසිද්ධියට පත්විය.

ඔහු එකල චිලි විශ්වවිද්‍යාලයයේ නීති ශිෂ්‍යයෙකු වූ නමුත්, සිය අවධානය දේශපාලනය වෙත යොමු කරන්නට තීරණය කළ බැවින් උපාධිය අවසන් නොකළේ ය.

2013 දී ඔහු මගසනේස් ප්‍රදේශය නියෝජනය කරන ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් කොංග්‍රසයට පත්වූ අතර, පසුව විශිෂ්ඨ ජයග්‍රහණයක් සමගින් දෙවන වරටත් නැවත තේරී පත්විය.

 

රැවුළ වවා, පච්ච කොටාගෙන සිටින, කලාතුරකින් පමණක් ටයි පටියක් පළඳින බොරික්, සාම්ප්‍රදායික ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රතිරූපයෙන් වෙනස් පෙනුමක් නියෝජනය කළේ ය.

 

තමාට අත්හළ නොහැකි ග්‍රස්ථිය නැතහොත් OCD යන මානසික ව්‍යාකුල තාවය ඇතැ යි ජනාධිපති ව්‍යාපාරය අතරතුර හෙළිකළ ඔහු, 'චිලී රට මානසික සෞඛ්‍යය ගැන කතාබහ කරන්නේ හොඳ වෙලාවටයැ"යි ද පැවසීය.

කෙසේ වෙතත් විචාරකයින් ඔහු අත්දැකීම් මඳ අයෙකු ලෙස නම්කරන අතර, ඔහු ද තමාට "ඉගෙනීමට බොහෝ දේ ඇතැ"යි පිළිගෙන තිබේ.

 

කවිවලත්, ඉතිහාසයේත් හොඳ පාඨකයෙකු ලෙස තමා හඳුන්වාගන්නා බොරික්, තමන් මධ්‍යස්ථ සමාජවාදියෙකු ලෙස විස්තර කරයි. ක්‍රියාකාරී අවධියේ දී වැවූ දිගු කොණ්ඩයෙන් මේ වන විට මිදී සිටින ඔහු සිය බාහුවල කොටා ඇති පච්ච වැසෙන සේ දිගු ජැකට්ටු හඳියි.

 

ඔහු විශ්‍රාම වැටුප් ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම, මහජන සෞඛ්‍ය රක්ෂණය ඇතුළු සමාජ සේවා පුළුල් කිරීම, විශාල සමාගම් සහ ධනවතුන්ගේ බදු ඉහළ දැමීම, සහ හරිත ආර්ථිකයක් ඇති කිරීම වැනි පොරොන්දු ඉටුකරන අතරම, ඔහුගේ ඇතැම් මතයන් වඩාත් නම්‍යශීලී කරගෙන ඇත.

පළමු වටයේ දී ප්‍රතිවාදී කාස්ට්ට වඩා පිටුපසින් පසු වූ ඔහු ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තාකර තිබුණේ, ඔහුගේ බොහෝ ඡන්දදායකයින් විසූ සන්තියාගෝ අගනුවරෙන් ඔබ්බට ගොස් ග්‍රාමීය ප්‍රදේශවල ඡන්දදායකයින් ද ආකර්ෂණයකර ගැනීමෙන් අනතුරුව ය.

 

සමලිංගික විවාහයන්ට සහ ගබ්සා කිරීම පිළිබඳ අයිතීන්ට සහාය දක්වන ඔහුට කාන්තා ඡන්ද විශාල සංඛ්‍යාවක් ද ලැබුණි. සිය පෙම්වතිය ද පසෙක සිටිය දී සිදුකළ ජයග්‍රාහී කතාවෙන් "සියලු චිලී වැසියන්ගේ ජනාධිපති" වීමට ඔහු පොරොන්දු වූයේ, "අද, බලාපොරොත්තුවෙන් බිය පරාජය කෙරුනා,' කියමිනි.

 

(BBC සිංහල සේවය)

Supporters of Chilean president-elect Gabriel Boric celebrate following the official results

‘We Did It!’ Chile’s Boric Seals Leftist Revival with Election Win


සබැඳි පුවත් :

 


චිලියේ ජනාධිපතිවරණයෙන් කොමියුනිස්ට් අපේක්ෂකයා ජය ගනී !


 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
රාජපක්‍ෂවරු රටින් පැනයාම අරඹයි !| මොණරවිලගේ ලියමන
 
 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය ! 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්