ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පසුගිය 05වැනි දින ජාතික ජන බලවේගයේ මහනුවර සමුළුව හා සමගාමීව මහා නායක හිමිවරුන් බැහැදැකීමට යාම සමාජ මාධ්‍යයන්හි

ඇතැමුන් මහා කලබලයට පත් කරවා ඇති සැටියක් පෙනේ.

ඔවුන් මේ කලබලයට පත්වී ඇත්තේ ජවිපෙ නායකයා, මහින්ද රාජපක්ෂ පරිදි පන්සල් දේශපාලනයක් කරන්නට හදන්නේයැයි ප්‍රකාශ කරමිනි. වෙනත් දේශපාලන නායකයින් එසේ කළද ජවිපෙ එසේ නොකළ යුතු බව ඔවුන්ගේ උපදේශනයයි.

මෙම කලබැගෑනියට හා බැණ අඬගෑමට විශේෂයෙන් හේතු වී ඇත්තේ කුමක්දැයි සොයා බැලීමට අපට සිතෙන්නේ ජවිපෙ නායකයා ආගමික නායකයින් හමුවූ පළමු අවස්ථාව මෙය නොවන නිසාය. එසේනම් එයට පදනම් වූ සුවිශේෂී කාරණයක් තිබිය යුතුය.


ජනතා විමුක්ති පෙරමුණට ආරම්භයේ සිටම පන්සල් අරභයා පැවතියේ දුරස් බවක් නොවේ. ඒ, ආගමික අර්ථයෙන් නොව පක්ෂයේ මුල් කාලීන හමුවීම් හා අධ්‍යාපන කටයුතු බොහොමයක් පන්සල් ආශ්‍රිතව සිදුවීමෙනි. අනෙක් අතට භික්ෂූන් වහන්සේ බොහෝ දෙනෙකු පක්ෂයට සමීපව කටයුතු කළ අතර අරගල සමයන්හි උන් වහන්සේලාගේ කැපී පෙනෙන භූමිකාවක්ද පැවතිණි.


දෘෂ්ටිමය ලෙස ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොර වූ ජනතා විමුක්ති පෙරමුණට වෙනත් ආගමික නායකයින් හා එම ආගමික ස්ථානද කිසිදා ආගන්තුක ස්ථාන වූයේ නැත.

ජවිපෙ නායකයින් විවිධ අවස්ථාවල බෞද්ධ, කතෝලික, හින්දු ආගමික නායකයින් මුණගැසී ඇති අතර ඔවුන් සමග දේශපාලන හා සමාජීය කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගෙනද තිබේ. එය කිසිදා ජවිපෙ අරභයා අරුමයක් වූයේ නැත.

වත්මන් ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයා එවකට කෘෂිකාර්ම, පශු සම්පත්, වාරිමාර්ග හා ඉඩම් අමාත්‍යව සිටි කාලයේ සිට අද දක්වාම විවිධ ආගමික නායකයින් හමුවීමේ අවස්ථා පිළිබඳ ඡායාරූප අන්තර් ජාලයේ  හිඟ නැත.  


එසේ නම් සෙසු සියලු සාධක එලෙසම තිබියෙදී පසුගියදා මහා නායක හිමිවරුන් බැහැදැකීම අරුමයක් වී තිබෙන්නේ, සමාජය මේ අවස්ථාවේ පවතින සුවිශේෂීභාවය නිසා විය යුතුය.  

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවත් නිල විපක්ෂය ලෙස පෙනී සිටින සජිත් පාර්ශ්වයත් ජනතාව මහත් ව්‍යසනයක පසුවෙද්දී තම තමන්ගේ අසමත්කම් හොඳින්ම ප්‍රදර්ශනය කරමින් සිටියි. ජනතාවද ඔවුන්ගේ භූමිකාවන් තක්සේරු කොට අවසන්ය.

 අපේක්ෂාභංගත්වයට ඇද දමන ලද රට පුරා ජනතාව ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය වටා රොද බඳිමින් සිටින්නේ මහත් බලාපොරොත්තු සහගතවය.

 මේ තත්වය තුළ ජවිපෙ මනෝරාජික බවටත් මහපොළොවේ දේශපාලනය නොතේරෙන බවටත් උපදේශකාත්මක අදහස් දැක්වූවන්ම ජවිපෙ අද ආගමික නායකයින් හමුවීම ජවිපෙ දේශපාලන කන්‍යාභාවය විනාශ කර ගැනීමක් ලෙසට අර්ථකථනය කරමින් සිටීම එක් අතකින් කුහකය, අනෙක් අතින් හාස්‍යජනකය.

ඉදින් මේ කලබලය අපට පැහැදිලිය. ජනතාව ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වේගයෙන් වැළඳගනිමින් සිටිති.

ආගමික නායකයෝ ජාතික ජන බලවේගයට ආශීර්වාද කරමින් සිටිති. තවත් නම් ජවිපෙ මනෝරාජිකයයි හෝ මහ පොළොව නොහඳුනන්නේයැයි කිව නොහැකිය. මහා කලබලයේ මුල එතැනය!


(ලියුම්කරු - චින්තක පෙරේරා)

 {gallery}AKD{/gallery}
 
 

Leader Whats app

 
 
 
 

කඩේ යන්නෝ අඩුවෙලා පොලේ යන්නෝ වැඩිවෙයි ! | මොණරවිලගේ ලියමන
 
 
 
 
නාමල් ඇමතිකම් අත්හරින තීන්දුවක ! | Gossip
 
 
 
 
නාමල්ගෙ අලූත් ඇමති කෑල්ල|
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්