ශ්‍රි ලංකාව මුහුණ දෙන ඩොලර් අර්බුදයේ සීමා මායිම් මේ වනවිට ඉක්මවා ගොස් ඇත.

ලෝකයේ ණය දෙන රටවල් හෝ ආයතන ශ්‍රි ලංකාව සලකන්නේ ණයක් ලබා දුන්විට ආපසු ගැනීමේ අවදානමක් සහිත රටක් වශයෙන්ය.


ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන විසින් මේ වනවිටත් ශ්‍රි ලංකාව ණය ආපසු ගෙවීමේ හැකියාව අවදානමට ලක් වූ රටක් ලෙස වර්ගීකරණය කර තිබීම මෙයට පැහැදිලි සාධකයකි. මෙවැනි තත්ත්වයක් තුළ අපට ණය ලබා දෙන්නට කිසිදු රටක් හෝ ආයතනක් ඉදිරියට එන්නේ නැත.

 මේ අතරතුරේදී ශ්‍රි ලංකාව මුහුණ දී ඇති දැවැන්තම අභියෝගය වන්නේ දැනට පවතින විදේශ සංචිත සීග්‍ර වශයෙන් පහල වැටී තිබීම වේ. මෙම සංචිත රටේ අත්‍යවශ්‍ය ආනයන සඳහා සති කිහිපයකට පමණක් ප්‍රමාණවත් වන තරමට පහළට ගොස්  ඇති බව අවධාරණය කල යුතු වේ.

Ajith Nivard Cabraal
මෙවෙනි ආර්ථික පසුබිමක් තිබියදී පසුගිය දිනක මහ බැංකු අධිපතිවරයා උද්දාමයෙන් ප්‍රකාශ කළේ ලබන ජනවාරි මස 18 වැනිදාට ගෙවීමට නියමිත ව තිබෙන ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කිසිදු ප්‍රමාදයකින් තොරව ගෙවන බවය.  


මෙම ණය වාරික ගෙවුවහොත් වර්තමානයේ පවතින සංචිත අර්බුදය හමුවේ රට බංකොලොත් භාවයට පත් වනු ඇත.  අතර, අප මෙම ණය වාරික ගෙවීම කල් දැමුවහොත් රට ණයගෙවීම් නොගෙවූ රටවල් ගොන්නට වැටනු ඇත.

ශ්‍රී ලංකාවට මෙය තීරණාත්මක අවස්ථාවකි. ණය නොගවුවහොත් රට තවදුරටත් ශ්‍රේණිගත කිරීමෙන් පහලට යනු ඇත. නමුත් දෙනාටමත් ශ්‍රේණිගත කිරීමෙන් පහලට ගොස් තිබෙන නිසා මෙයින් රටට සිදුවන අහිතකර පාඩුව යම්තාක් දුරකට සීමිත වේ. කෙසේ වෙත්ත සංචිත සහ ශ්‍රේණිගතවීම් දෙකම බේරා ගන්නට නොහැකිය.



රටක් ලෙස අප රැවුලත් කැදත් දෙකම ගැන සිතිය යුතු වන නමුත්, වර්තමානයේ අප සිටින තත්ත්වය තුළ රැවුලත් කැදත් දෙකම බේරා ගත නොහැකි බව ඉතා පැහැදිලිය. එලෙසම සංචිත සහ ශ්‍රේණිගතවීම් දෙකම බේරා ගන්නට නොහැකිය.ණය නොගෙවීම් හෙවත් ප්‍රතිව්‍යුහගතකිරීම යනු බංකොලොත් බවය නොවේ.




බංකොලොත් වීම යනුවෙන් හැදින්වන්නේ කුමක් ද?

බංකොලොත් වීම යනුවෙන් හැදින්වන්නේ රට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ආනයනය කර ගැනීමට අවශ්‍ය ඩොලර් නොතිබීමයි. ණය නොගෙවීම තුලින් රටට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා ගෙනිඉමට ඩොලර් ඉතුරු කරගෙන බංකොලොත් බාවයෙන් බේරීමට ඉඩ ප්‍රස්තාවක් ලබා ගැනීමට හැකි වේ.

නමුත් බංකොලොත් බාවයට පත් උවහොත්, රටේ ශ්‍රේණිගතවීම් තවත් පහල යන බව නොඅනුමානය.

මෙම ණය වාරික ගෙවීමෙන්, විදේශ සංචිත ප්‍රමාණය පෙර නොවූ විරූ ලෙස බරපතලම අවුලක පවතින මේ මොහොතේ දී රටක් ලෙස අප විශාල අර්බුදයකට තල්ලුවන බව නොඅනුමානය. .

එබැවින් මෙම ජාත්‍යන්තර බැඳුම්කර ණය ආපසු නෙගෙවා කල් දැමීමෙන් රටට මෙන්ම මේ රටේ ජනතාවට ද යහපත් වේ.



මා මෙසේ පවසන්නේ පහත හේතුන් පදනම් කරගෙනය.

# මෙවෙනි නොහැකියාව තිබියදීත් විදේශ සංචිත තීරණාත්මක ලෙස අඩු වීමට බලපෑ ප්‍රධාන කරුණක් වූයේ විදේශ ණය වාරික දිගින් දිගටම ගෙවා දැමීමය. එයින් සිදුවූයේ 2019 අග වනවිට බිලියන 7කට වැඩියෙන් තිබුණු සංචිත ප්‍රමාණය 2021 වර්ෂය අග වන විට බිලියන 1.6 දක්වා අඩු වීමය.


# මෙම අඩුවෙන විදේශ සංචිත යළි ගොඩ නැගීමට පැහැදිලි ක්‍රියාමාර්ගයක් නොතිබුණු බැවින් ණය වර්ගීකරණ ආයතන ණය ශ්‍රේණිගත කිරීම්වලින් තවදුරටත් ශ්‍රි ලංකාව පහළට දමන ලදී.  


# ජාත්‍යන්තර වර්ගීකරණ ආයතන මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කරන්නේ ඉදිරිය පිළිබඳ ව පුරෝකථනයක් පදනම් කර  මිස දැනට පවතින ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සහ ණය ගෙවීම් පිළිබඳ පෙර ක්‍රියාකාරීත්වය පිළිබද පසපස කණ්ණාඩියෙන් බලා නොවේ.


#  ශ්‍රේණිගත වීමෙන් ඉහළ යාමට හැක්කේ විදේශ සංචිත මට්ටම ඉහළට පැමිණියහොත් පමණකි.


# නමුත් අපේ රටේ මූල්‍ය පරිපාලකයන්ගේ අධිෂ්ඨානය වන්නේ කෙසේ හෝ රටේ විදේශ ණය ගෙවා දැමීමය. එසේ කළ පසුව අප මෙම ශ්‍රේණිගත කිරිමේ මට්ටම්වලින් ඉහළට යනු ඇතැයි ඔවුන් විශ්වාස කළද යථාර්ථයෙදී සිදුවන්නේ ඊට විරුද්ධ දෙයයි.  


# මෙම විදේශ ණය ගෙවීමෙන් අපට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් සහ ශ්‍රේණිගත කිරීම්වල ඉහළ යාමක් ලැබෙනු ඇති බවට වන කල්පිතයක, අප මනංකල්පිතයක සිර වී ඇත. එහෙත් සැබැවින්ම සිදුවන්නේ රටේ ජන ජීවිතයේ සහ ආර්ථික ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය සැපයුම් සඳහා අවශ්‍ය විදේශ සංචිත අඩුවීමෙන් අප කරගන්නා ගෙල සිදගනීමකි.


# රටේ අපනයනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය, භාණ්ඩ සහ සේවා නිසි ලෙස සම්පාදනය කර ගැනීමට නම් ඒවා කලට වේලාවට ආනයනය කළ යුතු අතර, ඊට වැය කිරීමට ඩොලර් සංචිත නොමැති වුවහොත් සිදුවන්නේ එම ක්‍රියාකාරීත්වයන්ද අවුලට පත් වීමය. රට බංකොලොත් බාවයට පත්වන්නේ එවැනි අවස්ථාවකදීය.


# මෙම තත්ත්වය පිළිබඳව සලකා බැලීමේ දී අප දැනටමත් ප්‍රමාද වී හමාරය. ජනවාරි මස මෙම ණය මුදල ගෙවීමෙන් අපේ සංචිත ඉදිරියේදී ශීඝ්‍ර ලෙස බිංදුවට වැටෙණු ඇත. දැනටමත් අත්‍යවශ්‍ය ආහාර පාන, ඖෂධ, ඉන්ධන, ගෑස් යනාදිය ආනයනය කිරීමට ප්‍රමාණවත් සංචිත අප ට නැතිවීම  බරපතල තත්ත්වයකි.  



මෙවැනි පසුබිමක් තුළ අපට කළ හැක්කේ කුමක්ද යන්න මුළු රටම අවධානය යොමුව ඇති කරුණක් වී ඇත. මෙම මොහොතේ අපට ණය වාරික ගෙවීම කල් දැමිය හැකිය. එය ආර්ථික විද්‍යාවේදී හැඳින්වෙන්නේ ඩිෆෝල්ට් (Default)  කිරීමක් එනම් ණය නොගෙවා සිටීමක් ලෙසය. මේ ණය නොගෙවා, අදාළ ණය හිමිකරුවන් දැනුවත් කොට ඒවා ප්‍රතිව්‍යූහගතකරණයක් කිරීම මේ මොහොතේ කළ යුතු වැදගත්ම පියවරයි.



මෙවන් තත්ත්වයකදී අපට ඉදිරියේ ඇති සාධනීය විසඳුම වන්නේ ඉහත කී ආකාරයට මෙම ණය නොගෙවා ඊට අදාල ප්‍රතිව්‍යුහගත කිරීම් පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමය. එවැනි සාකච්ඡාවක් අතරතුර ඇසෙන්නට ලැබෙන සුබවාදී පනිවිඩ පවා අපේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීම හේතුවක් වනු ඇත. මෙයින් අපට විදේශ ණය ලබා ගැනීමට වඩා පහසු පරිසරයක් නිර්මාණය කෙරුණු ඇති බව විශ්වාස කළ හැකිය.


ඉක්වදෝරයෙන් සහ ආජන්ටිනාවෙන් උදාහරණ :

ඒ සඳහා මෑත කාලීන උදාහරණ දෙකක් ඉක්වදෝරයෙන් සහ ආජන්ටිනාවෙන් අපට හමුවෙයි. පසුගිය 2020 වසරේදී ඉක්වදෝරයද මෙවැනිම ශ්‍රේණිගත කිරීම්වල පහළ යාමක් හමුවේ විදේශ සංචිත පිළිබඳ අර්බුදයකට නිරාවරණය විය. ඔවුන් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් කළ සාකච්ඡා හේතුවෙන් මාස හයක් ඇතුළත යළි ශ්‍රේණිගත කිරීම් හමුවේ ධන ලකුණු ලබා ගත අතර,  එයින් ඔවුන්ට විදේශ ණයකරුවන් ආකර්ෂණය කර ගත හැකි විය.

ආජන්ටිනාවද තරමක් ප්‍රමාද වී හෝ මෙම පියවරට පැමිණියත්, සාකච්චා ආරම්භ කොට මාස හතරක් පසුවන විට, ඔවුන්ටද අර්බුදයෙන් සහනයක් ලබා ගැනීමට හැකිවිය.

ණය ගෙවීම් නැවෙත්වීමෙන් පසුව එම ණය අදාළ ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කොට ආපසු ගෙවීම කල් දමා ගැනීමෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය වැනි ණය දෙන ආයතනයක් සමඟ නව වැඩපිළිවෙළක් සකසා ගැනීමට කටයුතු කිරීමෙන්, ජාත්‍යන්තර ණය දෙන්නන් තුළ මෙන්ම වර්ගීකරණ ආයතන අතර ද රට පිළිබඳව විශ්වාසයක් ගොඩ නැගිය හැකිය.



එබැවින් මා දකින්නේ ලබන ජනවාරි 18 ගෙවීමට ඇති ඩොලර් මිලියන 500 ගෙවීම වෙනුවට වහා කළ යුත්තේ එය නොගෙවා ඊට අදාළ කල් ගැනීම් සම්බන්ධයෙන් ඇති සාකච්චා වලට එලබීමට රජය කටයුතු කිරීමය. එය රට බංකොලොත් වීමෙන් බේරා ගැනීමට ඇති හොදම මාර්ගයයි.  

 

Dr.Nishan de mel

 

ආචාර්ය නිශාන් ද මේල්
විධායක අධ්‍යක්ෂ, වෙරිටේ රිසර්ච්

 

 

 

සබැඳි ලිපි :

සියලු දේශපාලන නායකයින්ට කෙරෙන විවෘත ඉල්ලීමක් ! - (කුසල් පෙරේරා)

ජනවාරි 18 බැදුම්කරය ගෙවීම නුවණට හුරුද? -මහාචාර්ය ශාන්ත දේව්රාජන්

ණය ගෙවන්න කැප වුණාට රට බේරගන්න කැපවෙලා නෑ - ආචාර්ය නිෂාන් ද මෙල්

  

Leader Whats app


 
 
 
චීනගේ ලණුවට නාමල් අහුවෙයි! | Gossip
 
 
 
 
සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.
 


225ටම ඇමතිකම්! | වියත්කතා
 



මේ පාර දෙන්නෙ හූ නොවෙයි චූ ! | මොණරවිලගේ ලියමන
 


ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්