ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දිවයින පුරා විසිරී සක්‍රිය ශ්‍රීලනිප දිස්ත්‍රික් නියෝජිතයන් දැනුවත් කරමින් සිටියි.



20 වෙනි සංශෝධනය වළක්වා නො ගැනීමෙන් කළ වරද නිවරැදි කරමින් තමන් අතින් ගිළිහුණ යහ පාලන න්‍යාය යථාර්ථයක් කිරීමට කැපවීමට අවශ්‍ය දුරස්ථ පාලකයක් අතැති පක්‍ෂ නායකයා තමන් බව තේරුම් මෛත්‍රිපාල සිරිසේන තීරණාත්මක අවස්ථාවේ ආණ්ඩුවට යම් සංඥා නිකුත් කරමින් සිටී.

රටේ මූලික පක්‍ෂ දෙක මේ තීරණාත්මක මොහොතේ කුමක් කරන්නේදැයි රට්ටු බලා සිටිති.

ජවිපෙය තමන් පිළිගන්නේ තෝරා  බේරා ගත් මිනිසුන් බවට කරන ප්‍රකාශය ගැන ඇසූ විදේශගත ලාංකිකයෙකු කීවේ, ගල් කටස් පාවිච්චිය පිළිබඳ පුහුණුවත් ඔවුන් අපේක්‍ෂා කරනවා විය හැකි බවය.

 

එක්සත් ජාතික පක්‍ෂය යනු ලංකාවේ ජන සම්මතවාදි ඓතිහාසික දේශපාලන අභ්‍යාසය වන අතර, ශ්‍රීලනිපය එයින් හටගත්  මතවාදි අංකුරයකි.  මේ ධාරාවන් එකිනෙකා කා කොටා ගනිමින්, දිගු කලක් රට කරවූහ. හැත්තෑ හය වසරකින් එජාපය ද, හැත්තෑ එක් වසරකින් ශ්‍රීලනිපය ද මහළුව ගොස් ය. අවාසනාව මේ දේශපාලන ගෝත්‍රද්වයම වර්තමානයේ අනාථ කඳවුරු දෙකක් මිස, මුහුකුරායාමට සරිලන ගතික ප්‍රවේගයන් ලෙස සැලකිලි නොලබන්නාහ.

 

මෛත්‍රි මතු කරන මතවාදි ආවේගය මෙහිදී විමසන්නේ උක්ත තක්සේරුවට සමපාතවය.

ලංකාවේ කිසිදු දේශපාලන ධාරාවකට වර්තමානයේ ස්වකීය කැපවීම පිළිබඳව ආඩම්බර විය නොහැකිය. සමසමාජ කොමියුනිස්ට් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද රාජපක්‍ෂ පවුල ශක්තිමත් කිරීමට කැපවූ ප්‍රමාණය රහසක් නොවේ.

විශේෂයෙන් ජවිපෙය එකී කාර්යයේදී ගුරුකොට ගත්තේ ලංකාවේ ගතික දේශපාලන අවශ්‍යතා නොවේ. එජාපය මතුවෙනවාට වඩා හෙල්පින් හම්බන්තොට ආධාර මුදල් ගසා කෑ මහින්ද රාජපක්‍ෂ ගරු කොට සැලකීය. හෝ න්‍යායාත්මක පන්ති අරගලයේ පටු හිල්කාව හරහා ය.

මෙහිදී  චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්‍ෂලා කෙරෙහි දැක්වූ  මතවාදි බැහැර කිරීම සුවිශේෂි වේ.


ශ්‍රීලනිපය සමගත් පොහොට්ටුව හැටියටත් රාජපක්‍ෂලා සිදු කරමින් සිටින විලෝපනය, නතර කිරීමට වර්තමාන ශ්‍රීලනිපයට පැවරී ඇති වගකීම සුළුපටු නොවේ. ඒ වගකීම ආමිෂ ලාභයෙන් තොරව මතවාදීව ඉටු කිරීමට මෛත්‍රිපාල සිරිසේන සිය සාමුහික දායකත්වය දෙන්නේද යන්න ප්‍රශ්න කිරීමට සිවිල් සමාජයට අවස්ථාව උදාවී ඇත.



රට ගොඩ ගැනීමට, සිවිල් සමාජ ක්‍රියාකාරින් තමන්ට ආවේනික දේශපාලන ලෙන්ගතුකම්වලින් මිදී ඒකරාශි වෙමින් සිටිති. එකී නිර්දේශපාලනික නැඹුරුව හෝ පිබිදීම පක්‍ෂ දේශපාලනය විනිවිද ගමන් කළ යුතුව ඇත. ඊට අනුගත නොවන කිසිදු දේශපාලන පක්‍ෂයකට 2024න් එපිටට පැවැත්මක් නොපවතිනු ඇත.

මේ අභ්‍යාසයෙන් බැහැරවූ  ජනතා විමුක්ති පෙරමුණද බොරදියෙහි මාළු බාමින් සිටිනු පෙනේ. හඬක් නැගිය නොහැකි රටේ බහුතරය කොටු කිරීමට  ප්‍රේමදාසලා ඇටවූ බඩු මළු මුදල් නෝට්ටු උගුල බැසිල් රාජපක්‍ෂ තවත් ශක්තිමත් කරමින් සිටියි.

 

රටේ බරපතලම ප්‍රශ්නය දිළිඳුකම නොව සොරකම වංචාව රැවටීම බව කල්පනා කිරීමට සජිත් හෝ රනිල් හිතන්නේවත් නැත. රට හිරවී ඇත්තේ අයහපත් පාලන රටාව තුළ බව දසක හතරක් පුරා තහවුරු වෙමින් පවතී. මේ අල්ලපනල්ලේ එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පමණක් නොව  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවා ඊළඟ මැතිවරණයෙන් බලය ඇල්ලීමට වැල යන අතට මැසි ගහමින් සිටීම බරපතලම ඛේදවාචකය  වේ.

 

'සාධාරණ සමාජ ව්‍යාපාරය 'සහජාත කළ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට උප්පැන්නය දෙන ශ්‍රීලනිප නායකයා එහි ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටියා නම් 20 වෙනි සංශෝධනය  යථාර්ථයක් වන්නේ නැත. බැසිල් රාජපක්‍ෂ පිවිසුණේත්  යුග දනව් වංචාව සිදුවුණේත් ඒ නිසාය. ඒ අර්ථයෙන් මෛත්‍රි යහ පාලනය තමන්ගේ යයි කීමට ඔහුට ඇති අයිතිවාසිකම ප්‍රසිද්ධියේ ප්‍රශ්න කෙරෙනු ඇත.

එසේම අදත් මෛත්‍රිපාල සිරිසේන යහපාලන ධජය අතරට ගෙන තනිව පාරට බැසීමට ඇති අයිතිය කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකිය. ඒ විපක්‍ෂයේ කිසිදු පක්‍ෂයක් යහ පාලනය ගැන කතා නොකරන නිසාය.

2014 තෙක් වාර්තාවූ රාජපක්‍ෂලාගේ චණ්ඩිකම් රටෙන් නොව, උපන් ගමෙන්ද ප්‍රතික්‍ෂේප වී ඇත්තේ 2015දී ලාංකේය භූමියෙහි යථාර්ථයක්වූ යහ පාලනය හේතුවෙනි. රාජපක්‍ෂ ගෙඩිය තුළම සුසිල් ප්‍රේම් ජයන්ත් සැරව පිරි ගිය විසප්පුවක් මෙන් ඉස්මතුවුණේ යහ පාලන ජන විඥාන එන්නත සුසිල් ප්‍රේම් ජයන්ත්ලා තුළ  සක්‍රියව පවත්නා නිසාය.

2014 තෙක් දන ගසා හොටු පෙරමින් දුක කියනවා මිස, සුසිල් ප්‍රේම්ජයන්ත්ලාට රාජපක්‍ෂලාට එරෙහිව විප්ලව කිරීමේ හයියක් තිබුණේ නැත. යහ පාලන යථාර්ථය ලංකා දේශපාලනයෙහි හතර කොන තැම්පත්ව ඇති හෙයින් හෙට අනිද්දා සිය ගණනින් සුසිල් ප්‍රේම් ජයන්ත්ලා පෙළ ගැසෙනවාය. එවන් ශක්තිමත් ප්‍රභවයක් අඩපන කළ රනිල් වික්‍රමසිංහගේ පාදඩ දේශපාලනයට  එක්සත් ජාතික පක්‍ෂයද දඬුවම් විඳ හමාරය.

 යහ පාලනය භාරය දැරූ ජනාධිපති ලෙස තමන් සිදු කළ හානිය කුමක්ද යන්න මෙනෙහි කිරීමට මෙතරම් යහපත් අවස්ථාවක් මෛත්‍රිට තවත් උදා නොවේ. ඔහු සිදු කළ කිසිදු හානියක් වර්තමානය සමග පටලවා ගත යුතු  නැත. හේතුව ගිය නුවණ ඇතුන් ලවා හෝ ඇද්දවිය නොහැකි නිසාය.



Maduluwawe Sobitha Thero was the architect and spiritual leader of the common opposition movement in 2015

මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රාර්ථනා කළ යහ පාලනය හෝ සාධාරණ සමාජය වෙනුවෙන් අදටත් මෛත්‍රිට බොහෝ කැප කිරිම් කළ හැකිය. මෛත්‍රි ගේමට සූදානම් ව සිටියි නම්.... යහ පාලනය අපේක්‍ෂා කළෝ මෛත්‍රිට වෛර නොකරනු  ඇත.



දේශපාලනයෙහි සදාකාලික හතුරන් හෝ මිතුරන් නොවේය සාධනීය පූර්වාදර්ශයකි. ප්‍රේමදාසට එරෙහිවූ එජාප පතාකයන් සමග මැතිනිය අත්වැල් බැඳ ගැනීමත්  ඊට නායකත්වය දුන් ගාමිණි දිසානායක නැවත එජාපය පිළි ගෙන සිය ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පිළි ගැනීමත් ඊට ප්‍රකට උදාහරණ වෙති.

 

සුසිල් ප්‍රේම් ජයන්ත්ගේ ප්‍රවේශය මැරතන් යුද ජයග්‍රහණයේ පණිවිඩය රැගෙන පැමිණි පිහිඩිපීඩ් නම් ග්‍රීක සොල්දාදුවාගේ හුදෙකලා ධාවනය වාගේය. අරමුණු තනි නොකොට වයස් පාට පක්‍ෂ භේදයෙන් තොරව කා කාටත් ඒ මැරතන් ධාවනයට එක් විය හැකිය.

 

ගෝඨාභයගේ ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පමණක් නොව මැදමුලන දේශපාලනයේ දුරස්ත පාලකයද, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙත පැවරී හමාරය. 2015 ජයග්‍රහණයට මුල්වූ ජනතා අපේක්‍ෂා සාක්ෂාත් කර ගැනීමට අකුල් හෙළු රනිල් වික්‍රමසිංහ සහ තමන් යහ පාලන ආණ්ඩුවට කැඳවූ ඇමතීන් ආදි ජුදාස්ලා ගැන මෛත්‍රි ඍජුව කියා තිබිණ.

සටන් යනු ජයග්‍රහණයන් පමණක් නොව පරාජයන්, පසුබෑම්, පාවාදීම් වලින් පිරි ඉතිහාස කතාවකි. මෛත්‍රිගේ වචන වලින්ම කියයි නම් මගේ අගමැති කෙනෙක් මගේ කැබිනට් මණ්ඩලයක් මගේ පාර්ලිමේන්තුවක් නොමැතිකම සිය අසාර්ථකවීමට එකම හේතුව යන්න ඔහු දැඩිසේ විශ්වාස  කරන බවකි.

මෛත්‍රිපාල සිරිසේන කියන අගමැති, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව ජනතාවගේ මිස කාටවත් මගේ යයි අපේ යයි කීමට සක්‍රිය ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාවලියක කිසිවෙකුටත් හැකියාවක් නැති බව මෙන්ම, ජයහ්‍රහණයේ  අයිතිය පවරා නොගන්නෙකු හෙවත් කාර්ය නිම කොට ගෙදර යන්නෙකු ගැන සිවිල් සමාජය දරන විශ්වාසයට  මෛත්‍රිලා අනුගත විය යුතුවේ.

1956 ජයග්‍රහණයට උරදුන්  මාපිටිගම බුද්ධරක්ඛිත, බණ්ඩාරනායක ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති විමලා විජේවර්ධන ප්‍රසිද්ධියේ හඳුන්වා දුන්නේ මගේ ඇමති කියාය. ඒ මමත්වය කෙළවර වුණේ එල්ලුම් ගසෙන් බව මෛත්‍රිට කියා දිය යුතු නැත.  

ලෝකයේ පවත්නා බොහෝ විකෘතීන්ට වඩා විනාශකාරි විකෘතිය පාලනය තුළ හට ගන්නා විකෘතිය යි. යහ පාලන යුගයේ නිර්මානයවූ  අර්බුදයෙන් ගැලවීමට රනිල් පහ කර මහින්ද අගමැති කරවීමට සජිත් මෙන්ම, එස්.බී.දිසානායක වැනි බලලෝභීන්ද අත්වැල් ඇල්ලූ වග දන්නේ මෛත්‍රි පමණකි. කේළාම් කීම් පාවාදීම් මං පැහැරීම් දේශපාලනයට මිශ්‍ර කළේ විධායක ක්‍රමයේ පැවැත්මට අවශ්‍ය අනුපාන වේ.

 

19 වෙනි ව්‍යවස්ථාව සමබර කළ විධායක ක්‍රමය ආපසු හරවා, මොළ හතේ බැසිල් ගෙන්වා සකල ජයග්‍රහණ ඔහුට පාවා දී බලගතු කමිටු වලට පිස්සන් පත් කර රටම විකාරයක් කිරීමට ගෝඨාභයට පාර කපා දුන්නේ  ශ්‍රීලනිපය 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට දුන් සහාය නිසාය. රැඩිකල් ප්‍රකාශයක් කිරීමෙන් පමණක් එකී හානිකර ක්‍රියා පිළිබඳ වගකීමෙන් බේරීමට මෛත්‍රිට නුපුළුවණ.

 

ව්‍යවස්ථා වෙනසක් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් කිසිදු මන්ත්‍රීවරයෙකුට විනය ක්‍රියා මාර්ග ගත නොහැකිය. සුසිල් ප්‍රේම්ජයන්ත් කළේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම් ගැන කතා කිරීමය. සුසිල් ඇමති කමෙන් ඉවත් කළ හැකිය. එහෙත් ඔහුට පාර්ලිමේන්තු නියෝජනය අහිමි කළ නොහැකිය.

මේ ඔස්සේ රට සිරකළ ප්‍රශ්නවලට පිළියම් යෙදීමට මෛත්‍රිපාල සිරිසේන නායකත්වය දෙයි නම් ශ්‍රීලනිපය සිය ඓතිහාසික කාර්ය භාරය ඉටු කරනු ඇත. හත පාස් අරක්කු තැබෑරුම් ගුදම් හිමියන් කිහිප දෙනෙකු මෙහෙයවන රාජපක්‍ෂ පාලනයේ මුල මැද අග මෛත්‍රී තේරුම් ගත යුතුවේ.

19 සංශෝධනය තමන්ගේ යයි මෛත්‍රී කරන ප්‍රකාශයෙන් රාජපක්‍ෂලාගේ දෑත් දෙපා බැඳ දැමූ යහ පාලනයට ඔහුගේ නෑකම කියා පෑමකි. ඒ අර්ථයෙන් ඔහු රටේම නෑයෙකි. යථාර්ථය එය නම් 2024දී රටට කැබිනට් පාලන ක්‍රමයක් ලබා ගැනීම තෙක් යථාවාදි දේශපාලනය හැසිරවීමට ඔහුට ලබාදිය හැකි දායකත්වය රටට ප්‍රකාශ කළ යුතුවේ.



ranil sajith anura patali

2024දී බලය ඇල්ලීමට අමුඩ ගසන රනිල් සජිත් පාඨලී හෝ ජවිපෙය පවා යහ පාලනය ගැන කතා නො කරන්නේ විධායක ඔටුවා ඔවුන්ගේ අපේක්‍ෂාව නිසාය. 2024න් එපිටට රටට ගමනක් වෙතොත් ඒ යහ පාලන න්‍යාය පත්‍රය අතින් ගත් පුරෝගාමින් ලබාදෙන ශක්තියෙන් පමණකි.

 

මෛත්‍රි යහ පාලනය තමන්ගේ බව කියන්නේ නිසරණධ්‍යාශයෙන් නම් 2018 ඔක්තෝබරයේ මහින්ද අගමැති කිරීමෙන් තමන් එල්ලවූ ජනතා වෛරයෙන් මිදීමේ වාසනාව හිමිකර ගත හැක්කේ ඒ වර්ණවත් අතීතය යාවත්කාලීන  කිරීමෙන් පමණකි.

 

රටේ අනාගතය වෙනුවෙන් ව්‍යවස්ථාව ක්‍රමය වෙනස් කොට, ගෙදර යන්නෙකු කැඳවා ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් ස්ථාපිත කිරීම ජනතා අපේක්‍ෂාව බව රහසක් නොවේ. මාදුළුවාවේ හාමුදුරුවන්ගේ ආදාහන මළුවේ දමා ආ යහ පාලන ධජය අතින් ගෙන පිටියට පිවිසීම හැර මේ රටට, රටේ ජනතාවට වෙන ගැලවුමක් නැත.

සිරිසේන කෝටු මස් කිරීමට රාජපක්‍ෂ විධානයෙන් හඩ්සන් සමරසිංහ කැඳවූ රනිල් වික්‍රමසිංහ සිරිසේන හැඳින්වූයේ ටිප් ටොප් කෙනෙකු හැටියටය. ටිප්ටොප් යනු සිය පැවැත්ම පුරාම කෙනෙකුට අවනත අහිංසකයෙකි. ඊට සාපේක්‍ෂව රනිල් යනු ජනාධිපති වරුන් දෙදෙනෙකුගෙන් අගමැති ටිකට් එක කපා ගත් පෙර වැරදි සහිත චරිතයකි.

එසේම සමගි ජන බලවේගයේ වැඩි පිරිසකට එජාපයට එක් වීමට ඇති එකම බාධාව රනිල් බව කියති. මෙයින් පෙනී යන්නේ 2020දී යුඇන්පී කාරයන් විසින්ම, ජාතික ලැයිස්තුවට ලඝු කළ එජාප සාමාජික පත් සීයක් අලෙවි කිරිමට නොහැකි රනිල් වික්‍රමසිංහ, පේමන්ට් එකේ දත් බෙහෙත් විකිණූ  ටිප්ටොප් උපයා ගත් සමාජ ගරුත්වය හෝ අහිමි අපතයෙකු බවය.

ඊට සමගාමිව වාචාල කතා වලින් පමණක් නොව සිය ක්‍රියාවෙන් පවා රාජපක්‍ෂලාට ජීවමාන අභියෝගයක් වන මෛත්‍රි අදටත් ගාමක බලවේගයකි.



Chandrasiri Senevirathne 21(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි)

 

 




බැසිල්ගේ සමීක්ෂණයෙන් රාජපක්ෂලා හාන්සියි! | Gossip




මගෙන් ගොඩ ගිය සහෝදරයින් මගෙ දරුවන්ට වන්දි ගෙවන්න වෙයි!| මොණරවිලගේ ලියමන



සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.



225ටම ඇමතිකම්! | වියත්කතා



ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්