ගීත රසවින්දනය යනු වෙනම කලාවකි.
මේ රටේ ගීත කලාවේ ස්වර්ණමය යුගය ලෙස සැලැකෙන්නේ 70 දශකය යි.
එසේ වුවද අතරින් පතර හොඳ නිර්මාණ බිහි නොවන්නේ ද නොවේ.
අද කතා කරන්නේ එසේ බිහිවූ නිර්මාණයක් ගැනයි.
ගීතය බිහිවූයේ 2019 වසරේදී ය.
ගී පද රචනය මාලනී ලියනගේ අතිනි.
සංගීතය සටහන් වන්නේ පසන් ලියනගේ යන නම ඉදිරියෙනි.
ගීත ගායනය චතුල ඉන්ද්‍රචාප හා ටෙහානි ඉමාරා ගෙනි.
එහි පද මාලාව මෙසේය.
" විශ්වය පුරා විහිදී ගියා
පොදුජන ජය රාවේ
අපි වෙනුවෙන්
අපි අතරම නැගෙනා
බලාපොරොත්තුව මේ…
ජන හද දිනූ මහින්ද නම්
උතුම් සොයුර ඇසුරේ
ගුණ දම් පිරූ අභිමන් දැරූ
ගෝඨාභය නාමේ…
වැඩ කරන අපේ විරුවා
මව් බිමට පෙමින් සැමදා
රට රකින කෙනෙක් වේ නම්
ඒ ඔබයි උතුම් මිනිසා…
විස්මිත ලෙසින් විස්කම් මවා
හෙළයේ අභිමානේ
පෙන්වා දෙමින් මුළු ලොව දිනා
අප හා යන ගමනේ
ලොව නන් දෙසින් ආවත් මෙසේ
බාධක හැම වේලේ
ඉන් නොනැවතී මව් බිම අපේ
රැක දෙන විරුවනණේ…
වැඩ කරන අපේ විරුවා
මව් බිමට පෙමින් සැමදා
රට රකින කෙනෙක් වේ නම්
ඒ ඔබයි උතුම් මිනිසා…
විදුණැන බලෙන් ලොව පරදනා
මිනිස් පවුර සදනා
රට දැය සදා මවිත කරන්නට
දුර දැක්මෙන් සිතනා
බිය සැක නැතී යුගයක් මවා
නැවුම් හෙටක් ගෙනෙනා
වෙනකෙකු නැතී ඔබ හැර අපේ
අනාගතේ සදනා…
වැඩ කරන අපේ විරුවා
මව් බිමට පෙමින් සැමදා
රට රකින කෙනෙක් වේ නම්
ඒ ඔබයි උතුම් මිනිසා… "
මෙහි වචන ඉතා සුන්දරය.
ඇසෙන විටත් හිතට ගැම්මක් එයි.
හිත් තුල විශාල බලාපොරොත්තු දනවයි.
රට ගැන අමුතුම ආදරයක් ඇති වේ.
අනාගතය පිළිබද සුන්දර සිහින මැවේ.
අන්නවාදයට හිස නොනමන ශ්‍රේෂ්ඨ නායකයකු ගැන විශ්වාසයක් ඇතිවේ.
හැමට එක ලෙස සලකන නායකයකු මේ පද මාලාව ඔස්සේ මැවී යයි.
එක රටක් - එක නීතියක් යන වැකිය මත පිහිටා රට පාලනය කරන නායකයකු පහළ වී ඇතැයි සිතේ.
ජාවාරම්කරුවන්ට ඉඩක් නැති රටකි.
ව්‍යාපාරයන් කරගෙන යාමට හිතමිතුරන්ට පමණක් නොව කාටත් ඉඩ සැලසෙන රටකි.
බොරු වියදම්, පුහු වියදම් නැති රටකි.
කයිවාරුකාරයන් නොව වැඩ කරන ආයතන ප්‍රධානීන් පිරි රටකි.
මෝල් හිමියන් හාල් මිල පාලනය නොකරන රටකි.
අධිකරණ ඇමැති සියල්ලටම උඩින් නොසිටින රටකි.
මුඛ ආවරණ නොපැළඳි උදයංග වීරතුංගටත්, සෆාරි ජීප් රථ රියැදුරන්ටත් එක හැන්දෙන් බෙදන රටකි.
ක්‍රිකට් කෑ අසන්තා ද මෙල් වැන්නෙකුට යලි ක්‍රිකට් බාර නොදෙන රටකි.
කුසල් මෙන්ඩිස් වැනි බිංදුසාරලා ගෙදර යවා දක්ෂ කොල්ලන්ට ඉඩ දෙන රටකි.
සත 25 බද්දට ගෙනැවිත් රුපියල් 85 ට නොදී සඟවාගෙන සිටින සීනි තොග රජයට පවරා ගැනීමට තරම් ශක්තියක් ඇති රටකි.
එහෙත් නාට්‍යවල, චිත්‍රපටිවල, නවකතාවල, ගීතවල තිබෙන්නේ ඇත්ත නොවේ.
ඇත්ත ඒකය...!
(ඇටමැස්සා)
#########################
The Leader TV පුවත් විකාශය (ජනවාරි 05)
ආණ්ඩු හිතවාදීන්ගෙන් ආණ්ඩුවටම තර්ජන