මේවනවිට ආරම්භවී ඇති තරුණ අරගලය මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශාල දේශපාලන පෙරලියක් බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.



රනිල් වික්‍රමසිංහ ඒ බව කියා සිටියේ, සරසවි සිසු සිසුවියන් පිරිසක් සමග පැවති සාකච්ජාවකින් අනතුරුව ඊට සහභාගිව සිටි සබරගමුව සරසවියේ සිසුවකු වන පසිඳු ගුණරත්න සමග පැවති සම්මුඛ සාකච්ජාවකදීය.


පසිඳු -
දිවයින පුරා පක්ෂ පාට ආගම් ඉවතලා මෙරට තාරුණ්‍ය එකතු වෙලා තියනවා. ඔවුන් ඉල්ලනවා එක දෙයක් මෙරටේ අනාගතය අපිට දෙන්න මේ රට අපිට ඉතුරු කරන්න. ඔවුන් අද එකතු වෙලා තියන්නේ එක් අරමුණක් වෙනුවෙන් ඔවුන් කියනවා. පසුගිය දිනයේදී අපි දුටුවා දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බල කරා. මේ රටේ පරිනත දේශපාලන චරිතයක් ලෙස ලෝකේ දේශපාලනය ශ්‍රී ලාංකික දේශපාලනය පිළිබඳව අවබෝධයක් ඇති පුද්ගලයෙක් විදිහට ඔබතුමන් මේ තරුණ තරුණයන්ගේ එකතු වීම දකින්නේ මොන විදිහටද?



රනිල් :
මේක වර්තමාන දේශපාලන ඉතිහාසයේ විශාල දේශපාලන පෙරලියක්. මේ ආපු සංඛ්‍යාව දිහා බැලුවම මේක ළගඳි  අපි දැකපු  විශාලම කණ්ඩායම. ලොරි නැතුව බස් නැතුව එක පණිවිඩයකින් ආවේ. ඉතා සාමකාමිව එක පණිවිඩයක් දෙන්න මෙතෙන්ට ආවේ. ඒ නිසා මෙතනින් සිදු වුනේ ඒ බලය තහවුරු කිරීම අලුත් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම, අනෙක් පාර්ලිමේන්තුව දේශපාලන පක්ෂ සිවිල් අංශයේ සංවිධාන දිහා බැලුවම ඉදිරියට ඇවිත් තියන්නේ මේ කණ්ඩායම. ඇයි ඉදිරියට ආවේ ? ජනාධිපතිතුමාට ඉල්ලා අස්වෙන්න කිව්වා. ඒ ප්‍රතිචාරයට සැහීමකට පත්වුණේ නැහැ. ගිය සතිය තුල පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය ගැනත්  සෑහීමකට පත් වුනේ නැහැ.

එහෙනම් තමන්ගේ බලයෙන් ඉදිරියට පැමිණිලා තියනවා. මෙතන ඉදන් අපි බලමු කවුද මේ බලවේගය කියලා. අපි මෙතන දකින්නේ විශේෂයෙන්ම තරුණයන් මේක පටන් ගත්තේ මධ්‍යම පන්තියේ ව්‍යාපාරයක් විදියට. එත් ඉදිරියට ආවේ තරුණයන් ඒ අය තමයි සංකේත වුනේ. ගොවි මහතුන් ඉන්නවා පොහොර නැතුව. ත්‍රිවිල් වගේම අනෙක් කුඩා ව්‍යාපාර කරන අය ඉන්නවා. රජයේ සේවකයන් ඉන්නවා. එත් සංකේතය තරුණයන්.


ඒ තරුණයන් කියන්නේ අපට අපේ අනාගතය හදල දෙන්න. ඕගොල්ලන්ට කරන්න බැරිනම් අපි මේක කරන්නම් කියන පණිවිඩය තමයි මේ උද්ඝෝෂණ වලින් රටේ බලවතුන්ට ලබලා දෙන්නේ.

 

පසිඳු:
ඒ වගේම ඔබතුමන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දැඩිව විශ්වාස කරන කෙනෙක් ඒ වගේම 19 වන සංශෝදනය පිළිබඳව ඔබතුමා දැඩිව විශ්වාස කරන කෙනෙක්. අපි දැක්ක මෑතකදී පාර්ලිමේන්තුවේදී ඔබතුමන් ප්‍රකාශ කරා නැවත වතාවක් 20 වන සංශෝධනය අවසන් කරලා 19 වන සංශෝධනය බලාත්මක කළ  යුතු වග. ඔබතුමන් හිතනවද 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අර්බුධයෙන් ගොඩ ඒමට හැකි වෙයිද?


රනිල් :
19 වන ව්‍යවස්ථා සංශෝධනය වුවමනයි බලය පාර්ලිමේන්තුවට ගන්න. නමුත් මේ රටේ තරුණයන්ගේ තියන ප්‍රධාන පක්ෂය තමයි ආර්ථික ප්‍රශ්නය. කවුද මේකට වගකියන්න ඕනේ මේවා වෙනස් කරන්න ඕනේ. මොකද අද මම හිතන්නේ නැහැ, අපේ රජයේ විදේශ විනිමය සංචිතය දිහා බැලුවොත් මේ සතියෙන් පස්සේ දුවන්න පුලුවන්ද මම දන්නේ නැහැ.

ඒ වගේම තමයි මම දන්නවා ඉන්දන වලට එහෙම ගෙව්වේ අපේ ප්‍රධාන අපනයන සමාගම් වලින් මුදල් ඉල්ලගෙන.

මෙහෙම හිඟා කන්න බැහැ. ඉතින් අපිට තියන සම්පත් සිංහල අවුරුද්දෙන් පස්සේ අවසන් වෙන තත්වෙට එන්නේ. මොකක්ද අපි කරන්නේ. එතකොට අපිට තියන්නේ ඉන්දියාවෙන් ඉන්දන ගේන්නයි අනිත් ණයයි.

අනෙක් ණයෙන් බඩු ගන්න එක මම හිතන්නේ මැයි අන්තිමට ඉස්සරලා අවසන් වෙනවා. එතකොට කොහෙන්ද ඒ බඩු ලබා ගන්නේ.

ඊළඟට තියනවා විශේෂයෙන් ඉන්දන ගන්න. ඒ ණය වැඩිදුරම ගෙනියන්න පුළුවන් මැයි දෙවන සතියට පලවෙනි සතියට යන්න පුළුවන්. මෙතනදි මැයි වෙනකොට විශාල අර්බුදයක් එනවා. අපිට මුදල් නැහැ ඉන්දියන් ණය ටික අවසානයි.

කොහොමද එතෙන්ට යන්නේ යල කන්නේට අපිට පොහොර ගෙන්න බැහැ. ඒක තව ප්‍රශ්නයක් ඒ කියන්නේ ආහාර හිඟයක් ඇතිවෙනවා. ඉතින් මෙහෙම ප්‍රශ්න වැඩි වෙනවා.

ජුනි මාසය වන විට පුද්ගලික අංශයට වහන්න සිදුවෙනවා. මේ ප්‍රශ්න තියාගෙන මේවට අපි විසඳුම් හොයන්න ඕනේ.

විසදුම් හොයන්න තරුණයෝ කියන්නේ ආණ්ඩුවත් ජනාධිපතිත් මාරුවෙන්න ඕනේ කියලා. කෙසේ හෝ  19 වන සංශෝධනය ඒවා සිදු වෙන්නේ නැහැ. මොකද 19 වන සංශෝධනය පළමුවෙන්ම තියන්නේ ජනාධිපතිතුමාට ඇමතිකම් දරන්න බැහැ. අපි දැන් එක සම්මත කල ගමන් මොකක්ද වෙන්නේ ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට තියන අමාත්‍යංශ ටික අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දෙනවා.

 

දෙවනුව තියන්නේ ඇමතිවරු පත්කරන්නේ අගමැතිතුමාගේ යෝජනාව අනුව කියලා. මෙතන තියන්නේ මම එක පක්ෂයක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තව පක්ෂයක තියන එකක් නෙවේ. කොහොමත් ජනාධිපතිතුමයි අගමැති තුමයි සහෝදරයෝ. ඉස්සරලත් ඒ අය පත්කළේ මේවා සාකච්ජා කරලා. දැනුත් සාකච්ජා කරලා වෙනසක් වෙන්නේ නැහැ.

ඉතින් ඒ වෙනස ලබා ගන්න තමයි මේ අලුත් තරුණ බලවේගේ ඇවිත් තියන්නේ. ඒ වගේම ආර්ථිකය අපි හදන්න ඕනේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය වුවමනායි ප්‍රමුඛත්වය තියන්නේ එතන නිසා.

klsdjfdඒ වෙනස ලබා ගන්න තමයි මේ අලුත් තරුණ බලවේගේ ඇවිත් තියන්නේ.


පසිඳු -
ඒ වගේම අපි දැක්ක ඔබතුමා පසුගිය දිනයේදී පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ගෙනාවා, අලුත් අවුරුද්දට පෙර එසේනම් 11 වන දින පාර්ලිමේන්තුව රැස්වෙමු කියලා. නමුත් පාර්ලිමේන්තුව තුල එයට අවශ්‍ය සහයෝගය ලැබුනේ නැහැ. එයට හේතුව කුමක්ද?


රනිල් :
එයට හේතුව බලතල අපි කැබිනට් මණ්ඩලයට දුන්න. කැබිනට් මණ්ඩලය ක්‍රියා කරලා නැහැ. සම්ප්‍රදායිකව එහෙමයි වෙන්නේ. වැඩකටයුතු සිදු නොවුනානම් අපි  බලතල ආපහු ගම්මු ජනතාවට කියන්න බැහැ අපි ක්‍රියා කරේ නැහැ කියල.

රාජ්‍ය මුදල් බලය තියෙන්නේ අපි අතේ. කැබිනට් මණ්ඩලය වගකියන්නේ අපිට. ඉතින් ඒ සඳහා උවමනා අලුත් නීති රීති සකස් කරන්න ඒ නිසයි මම යෝජනා කරේ ඒ නිසා අපි මේක සඳුදා ම ආරම්භ කරමු. ඊළඟට ඊළඟ සතිය වෙනකොට ආරම්භ කරන්න. අලුත් ක්‍රමවේදයක් පාර්ලිමේන්තුවේ  බලය අරගන්නවා. අපි කොමිටි දැම්මම කොමිටි වල ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරනවා.

සභා ගර්බයේදී ගහ ගන්නවා. කොමිටි වලදී එකට එකතු වෙලා වැඩ කරනවා. ඒ ක්‍රමවේදය ආරම්භ කරන්න විශේෂයෙන්ම මට ඕනේ වුණා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට තමන් එක්ක සම්බන්ධ වෙන්න අධීක්ෂණ කොමිටු පත්කරගන්න.

අපි ලෑස්ති වුණා. ඒ වගේ බහුතරය ආණ්ඩුවට දෙන්න දැන් මෙතන කාරණා දෙකක් තියනවා.

මට ඕනේ වුනේ සඳුදා ඉඳන් පටන් ගන්න. එකක් සදුදා ජනාධිපතිතුමා නිවාඩු වැඩේ දාල තිබ්බ නිසා පාර්ලිමේන්තුව දාල තිබුනේ 19 වනදා රැස් වෙන්න.

සභානායකයි ආණ්ඩුවයි කිව්වා 19 වෙනිදා රැස් වෙමු කියලා. අපි කොහොමත් සඳුදා රැස් වුණා නම් මේක එකඟ වෙලා ආරම්භ කරලා ඊලග සතියෙන් පස්සේ අවසන් කරන්න තිබුණ.මම හිතුවෙත් පක්ෂ නායකයින්ටත් කියන්න මොකක්ද කරන්නේ කියල මේ සතියේ සාකච්ජා කරලා ඊළඟ සතියේ ආවම ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. යෝජනා අරගන්න පස්සේ නීති හදන්න. මම නම් ඒ  යෝජනා ක්‍රියාත්මක කරන්න ඕනේ ටික හදල පාර්ලිමේන්තුවට බාර දෙන්න ඉන්නේ ඊළඟ සතියේදී


පසිඳු:
ඒ වගේම අවසාන වශයෙන් මේ රටේ තරුණයා මහමඟට බැස්සේ අපිට රටක් ඉතුරු කරන්න අපේ අනාගතය අපට හදල දෙන්න කියල ඉල්ලීමෙන් ඒ වගේම මේ රටේ තරුණයා තවත් දෙයක් කතා කරන්නට පටන් ගත්ත මෙතනින් පස්සේ මොකක්ද වෙන්නේ?  අපිට මේ අර්බුදයෙන් ගොඩ එන්න තියන විසඳුම් මොනවාද ?


රනිල් :


දැන් තරුණයෝ කියන්නේ පළමුවෙන්ම ගෝඨා ගෙදර යන්න කියල ගෝඨා තාම ගෙදර ගිහින් නැහැ. ගෙදර යවල තියන්නේ මම විතරයි. ඉතින් ටිකක් ඒ කාලේදී මේවා ගැන හිතල බලන්න මට අවස්ථාව හම්බුනා. ඉස්සරලම බලන්න මොකක්ද සිදු වෙලා තියෙන්නේ කියලා. මේ අලුත් බල කේන්ද්‍ර ඇවිල්ලා. බල හීනි වෙලා. එක අපේ සම්ප්‍රධායික දේශපාලඥයොන්ට වැටහෙන්න ඕනේ. මොකක්ද මේ රටේ වෙන්නේ කියල. අන්න ඒ කාරණේ තමයි පළමුවෙන්ම තියන්නේ.



ඒ කාරණේ අපි වටහා ගන්නේ නැත්නම් අපිට ඉදිරියට යන්න බැහැ. සම්ප්‍රධායික දේශපාලනය කතාකරන දේශපාලනය නායකයින්ගේවත් සමාජ නායකයින්ගේවත්  ව්‍යාපාර නායකයින්ගේවත් වෘත්තීය සමිති නායකයින්ගේවත් ආගමික නායකයින්ගේවත් එකක් වත් සලකන්නේ නැහැ.

මධ්‍යම පන්තිය කියනවා, අපිට මේක ආරක්ෂා කරලා දෙන්න කියලා. ගොවින් කියනවා අපිට පොහොර ඕනේ කියලා. ආණ්ඩුවට කියන්නේ වැඩ කරන්න කියල. ආණ්ඩුවත් කරලා නැහැ. පාර්ලිමේන්තුවත් කරලා නැහැ. අනෙක් අංශත් කරලා නැහැ කියලා.


''මේ පෙරලිය විප්ලවයක් එක නොකෙරුවොත් පුපුරනවා''


xfgfdgf
අපි මේක දැනගෙන යන්නේ මේ පෙරලිය විප්ලවයක් එක නොකෙරුවොත් පුපුරනවා. අපිට වෙලා තියන්නේ පාර්ලිමේන්තුවේ ඉඳන් ආණ්ඩුව වෙනස් කරන්න අපි සාකච්ජා කරනවා. කුමන්ත්‍රණ කරනවා. ආණ්ඩු පෙරලියක් ඇති කරන්නයි අපි බලන්නේ. එත් පිට ඉන්න මේ තරුණ  පිරිස බලන්නේ දේශපාලන පෙරලියක් ඇති කරන්න.



මේ ව්‍යවස්ථා ක්‍රමය මේ එකක් වත් ගැන සැහීමකට පත්වෙලා නැහැ. 77 අපි අලුත් සම්පුර්ණ ක්‍රමයක් දැම්ම වගේ ආපහු 2020 එක කරන්න. එතෙන්ටයි තියන්නේ.

අපිට ඒ නිසා පළමුවෙන්ම පාර්ලිමේන්තුව එකතු කර ගන්න ඕනේ. මේ යන ගමන ලේසි පහසු ගමනක් නෙවේ. මේ වෙලා තියන හානිය දිහා බලනවනම් තම මම හිතන්නේ මේ හානිය මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මේ ආරම්භ වුනා විතරයි.


ඇත්ත වශයෙන්ම උද්ධමනය තව වැඩි වෙනවා. උද්ධමනය පටන් ගත්තම මේක එක සැරේ ඉවර කරන්න බැහැ. අර උණ ගැනුනම වගේ ඉහළටම ගිහින් තමයි පහළටම එන්නේ. ජුලි අගෝස්තු වෙනකොට හුඟක් අයට ජිවත් වෙන්නත් අමාරු වෙනවා. තවත් ප්‍රශ්න එනවා.



දැන් මුදල් මුද්‍රණය කරන එක නවත්තුවාම එකෙනුත් ප්‍රශ්න එනවා. දැන් මහා බැංකුවෙන් ඊයේ පෙරේද පොළී ගාස්තු වැඩි කළා. එකෙනුත් කුඩා ව්‍යාපාර එක සැරේ වැටෙනවා. ඉතින් මේ ප්‍රශ්න තියන නිසා කොහොමද ආර්ථිකේ ස්ථාවරබාවයයි සහන දෙන්නේ කියල ඉස්සරලා බලන්න .

අපි තරුණයන් මේ රටේ තියාගන්න නම් අපි අලුත් අනාගතයක් ඇති කරන්න ඕනේ. මේ තෙල් පොල් රබර් ඇඟලුම් කර්මාන්ත විදේශ අදායම් දැන් තියන සංචාරකයෝ නම් කරන්න බැහැ.


''සම්ප්‍රදායික රාමුවේ ඉන්න අය පහු කරගෙන තරුණයින් ඒ ගමන යයි. ''


එක අතකින් මේක වැටිලා තියන නිසා අලුතින් එකක් හදන්න පුළුවන් අපි ඇත්ත වශයෙන්ම තරඟකාරී අධ්‍යාපනයක් ඇති කරලා ලෝකෙට යන්න ඕනේ ඊළඟ අවුරුදු 2 වෙනකොට ස්ථාවර වෙලා 5 ක් යනකොට ස්ථාවර වෙන්න ඕනේ.

2048 වෙනකොට අපිට විශාල දියුණු රටක් වෙන්න පුළුවන්. මම හිතන්නේ අපිට පුළුවන් ඊළඟ අවුරුදු 2 වෙනකොට ස්ථාවර බාවයේ සහනය දෙන්න. පුළුවන් තරම් සහනය ඉස්සරලා දෙන්න ඕනේ. පුලුවන් තරම් සහනය දෙන්න ඕනේ. ස්ථාවර බාවය ඇති කරලා ඊට පස්සේ විශාල දියුණුවක් ඇතිකරගන්න.

එත් ආණ්ඩුවට හුඟක් ණය ගෙවන්න තියන නිසා මේ වර්ධනය එන්නේ විශේෂයෙන්ම පුද්ගලික අංශේ ලොකු කුඩා හැම එක්කෙනාගෙන්ම අදායමෙන් අපි යන්න තියන්නේ අලුත් ගමනකට, එක අපි සියලු දෙනාම වටහා ගත්තේ නැත්තම් මේ සම්ප්‍රදායික රාමුවේ ඉන්න අය එහෙනම් අපි පහු කරගෙන මේ අය ඒ ගමන යයි.


පසිඳු:
මේ රටේ තරුණයන් පෙරට ඇවිල්ල තියනවා. මේ රටේ අනාගතය බේරාගන්නට මේ වර්තමාන තත්වය පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද ?  

 


''මේ පෙරලිය ඇත්ත වශයෙන්ම විප්ලවයක් බවට පත්වෙනවා.''



රනිල් :
මේ පෙරලිය ඇත්ත වශයෙන්ම විප්ලවයක් බවට පත්වෙනවා. මොකද සම්ප්‍රදායික බල කේන්ද්‍රය එක අතකින් තියන්නේ ව්‍යවස්ථාවෙන් ඇති කරලා තියන පාර්ලිමේන්තුව කැබිනට් ආණ්ඩුව. අනෙක් පැත්තෙන් දේශපාලන පක්ෂ සිවිල් අංශය ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන්, වෘත්තීය සමිති වෙන්න පුළුවන්. සමාජ සංවිධාන වෙන්න පුළුවන් ආගමික නායකයින් වෙන්න පුළුවන්.

 

මේ හැම එකකම බල හිනි වෙලා අලුත් බලයක් ඇවිල්ල තියනවා. බලය ආවේ නායකයෝ එක්ක නෙවේ. මේ බලය ආවේ අපිට මේක තවත් දරාගන්න බැහැ කියන තැනදී, ඒ පණිවිඩය දෙන්න. එකයි අපි මතක තියාගන්න ඕනේ. විශේෂයෙන්ම සම්ප්‍රදායික දේශපාලඥයෝ අපි බලන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩු පෙරළියක් කරන්න. තරුණයන් බලන්නේ විදියෙන් දේශපාලන පෙරලියක් කරන්න.



අපි මේක පිළිගන්නේ නැත්නම් දේශපාලන විප්ලවයක් බවට මේක හැරෙනවා. මතක තියාගන්න ඕනේ මේ තරුණයන්ගේ අදහස් කුමක්ද කියල ඇයි මෙතෙන්ට ආවේ කියල ඒ නිසා දැන් විශාල උද්ඝෝෂණ විශාල බලවේගයක් එනවා.

මේක මට අපේ පක්ෂේත් පේනවා. මේ සැරේ අපි තරුණයන් විශාල ගණනාවක් ගේනවා. දැන් ඒ ඔක්කොම මේ සංවිධානෙට ගිහින්. මට කියනවා අපි මේ ගැන අලුතින් හිතන්න ඕනේ පක්ෂේ අපිට බාර  දෙන්න. අපි ඒ වැඩ කටයුතු කරන්නම්. අපි මේ අය එක්කත් කතා කරනවා. අපිට මේ සම්ප්‍රදායික විදියට යන්න බැහැ කියලා ඒ ගොල්ලෝ ඇවිල්ල කිව්වා.

ඉතින් මම ඒ අයට කිව්වා කමක් නැහැ ඕගොල්ලොත් දැන් මෙතන ඉන්න නිසා මේවා සාමකාමිව කරන්න කියල ඉල්ලීමක් කරන්න. මම අපේ නියෝජ්‍ය නායක තුමාටයි  උප නායකතුමාටයි අනෙක් නිලධාරීන්ටත් කිව්වා ඕගොල්ලෝ දැන් මේ වැඩ කටයුතු මේ අය එක්කත් සාකච්ජා කරලා යන්න. මේ අය කියන්නේ අපේ සම්පත් ටිකක් දෙන්න කියල මේ තරුණයන් ගෙනියන ව්‍යාපාරය සාර්ථක කරගන්න ඕගොල්ලෝ කතාකරගන්න. මොකද ඕකයි J.R ජයවර්ධන  අපිටත් ඒ කාලේ කිව්වේ එහෙමයි .

මේක හැමතැනටම යනවා අපි ඒක මතක තියාගන්න  ඕනේ මේක අත්හැරලා අපිට යන්න බැහැ    

 

 

 


The Leader TV අද වීඩියෝ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්