(සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සමග පැවති සම්මුඛ සාකච්ජාවක් ඇසුරෙනි)



ප්‍රශ්නය :
දීප්ති දැන් මේ වෙලාවේ විපක්ෂය ඇතුළු දැන් සියලු බලවේගයන් පාර්ලිමේන්තුව තුළ සහ පිටත කියලා තියෙන දෙයක් තමයි වහාම රනිල් ගේ ආණ්ඩුව ගෙදර යවලා පුළුවන් තරම් ඉක්මනට සර්ව පාර්ශික ආණ්ඩුවක් ගේන්නScreenshot 2022 07 07 at 6.17.59 PM කියලා සජිත් ප්‍රේමදාසත්, අනුර කුමාර දිසානායකත් දෙන්නම එකට එකතු වෙලා කියන කාරණාව. දීප්ති, මොනවගේ අදහසක් ද දරන්නේ මේ වෙලාවේ සර්ව පාර්ශික ආණ්ඩුවක් ගෙන ඒම සම්බන්ධයෙන් ?

 
 

දීප්ති :
මම මේකට කියන්නේ සර්වපාක්ෂික ෆැන්ටසිය. එහෙම නැත්නම් සර්වපාක්ෂික භූත සන්නිය කියලා.

මොකද හේතුව, ඔබ කියනවා වගේ, තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වෘත්තිය සමිති ඒ වගේම පල්ලිය, භික්ෂූන්, මේ අයත් අඩු වැඩි වශයෙන් මේකට දායක වෙලා තියෙනවා. ඇසිය යුතු ප්‍රශ්නය තමයි අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනි කියන අයගෙන්, ලංකාවේ තියෙන මුඛ්‍ය ගැටලුව. පළවෙනිම මේ තියෙන  ගැටලුව මේ අය වටහාගෙන තියෙනවද ?
 
sajith maithree anura

ඒ කියන්නේ දයාසිරි ජයසේකර, මෛත්‍රීපාල සිරිසේන මහත්මයා, ඇතුළු අනුර කුමාර දිසානායක සහෝදරයා, සජිත් ප්‍රේමදාස සහෝදරයා, එතකොට මෙන්න මේ අය මම මේ කියන ව්‍යුහාත්මක ගැටලුව,ආර්ථිකයේ තියෙන ව්‍යුහාත්මක ගැටලුව අංක එක වටහා ගෙන තිබෙනවාද?

ඒක තමයි මීළඟට රාජ්‍ය නායකයෙක් වෙනවා නම් ඒ කෙනා දැරිය යුතු මූලික සුදුසුකම්.

මම කියන්නේ මූලික වශයෙන් ඉතාම පටු අර්ථයෙන් ගත්තොත් ලංකාවේ අපි කව්රුත් දන්නවා පවුල් ලක්ෂ 56ක් 57ක් තියෙනවා. අපි කලින් 60% සහ 20% කියන අනුපාතයකට හැදුවා. ඒ තමයි ලංකාවේ සමාජ ධනයෙන් විශාල කොටසක් යන්නේ ලංකාවේ මිලියන දෙකක් පමණ ඉන්න ජනතාවට. ලක්ෂ 14ක් කියන්නේ රජයේ සේවකයෝ, වෘත්තීය සමිති හදාගෙන ඉන්න කට්ටියත් සහ නියෝජිතයෝ ඒ කියන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, කොළඹ වරාය, විදුලිබල  මණ්ඩලය, ටෙලිකොම්, රූපවාහිනි සංස්ථාව මේ වගේ සියලුම ආයතන තුන්සීයකට ලං වෙන්න තියෙනවා.
 
 
මේ කරුණ බොහෝ සංවාද වලට එන්න නැහැ. වරාය ඛනිජ තෙල් මේ වගේ තැන් වලට ඇවිල්ල තියෙන්නේ කවුරුවත් විභාග වලින් සුදුසුකම් වලින් ඇවිල්ලා නෙවෙයි. විදුලි බල මණ්ඩලයටත්, මොරටුව විශ්ව විද්‍යාලයෙන් ටක් ගාලා මෙතනට පන්නනවා. එහෙම නැතුව විභාගයක් තියල සුදුසුකම් බලලා එහෙම ගත්ත අය නෙවෙයි මේ. ඒ අය වෘත්තීය සමිති හදාගත්තට පස්සෙ මේ කාරණා අමතක වෙනවා.
 
 
 
නැවත මූලික ප්‍රශ්නයට ගියොත් ලංකාවේ සම්පත්, සමාජ ධනය,  බෙදිල යන්නෙ මුළු ජනගහනයෙන් 20% ක කොටසකට පමණයි. ඒ කියන්නේ පුද්ගලික අංශයයි රජයේ සේවකයොයි එකතු කරාම මාසික වැටුප ලැබෙන අය ඉන්නේ ඔච්චරයි. ඒ අය තමයි ස්ථිරසාර ලෙස ආදායම් ලබන්නේ. දළ වශයෙන් ගත්තොත් එම පවුල් ප්‍රමාණය පවුල් ලක්ෂ තුනක්, තුනහමාරක් පමණ තමයි  ඉන්නේ. ඒ  කට්ටිය තමයි ඔය කෑමොර ගහන්නේ. ඔය සමාජ මාධ්‍ය වල මහ පාරේ කාර් තියාගෙන ඉන්න අය ඉන්නේ. ඔක්කොමලා අයිති වෙන්නේ ඒ කොටසට.
 
456241 162211 800 auto jpg

ඉතුරු අය ඉන්නේ උතුරු නැගෙනහිර යාපනය දිස්ත්‍රික්කවල. දුප්පත් ගම් විශාල ගණනක් ඉන්නවා මේ අයට අමතක උන දුප්පත්කම කෙළවරටම ගිය පවුල් ලක්ෂ පනස් ගණනම මේ ආර්ථික ක්‍රමයට ඇතුළු නොවී අවිධිමත් ආර්ථිකයේ, මම කියන්නේ නිදහසෙන් පස්සේ 78 විවෘත ආර්ථිකයෙන් පස්සේ එය දිගින් දිගටම දෛනිකව දරිද්‍ර වෙමින් දූෂණයට පත් වෙමින් ග්‍රාමීය ආර්ථිකය තුළ දැඩි පීඩාවට පත්වෙලා ඉන්නවා මිසක් ඔවුන්ට වෙන විකල්පයක් නැහැ.
 
 
එතකොට කවුරුහරි කෙනෙක් වේදිකාවට ඇවිල්ලා කිව්වම,  අපේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ කියලා මම අහන්නේ ඒ අයගෙන් ව්‍යවස්ථාව වෙනස් වුණාම අර මම කියන සූරා කෑමේ ආකෘතිය, මුළුමහත් සමාජයටම බෙදිලා යන්න ඕන ධනය සීයට විස්සක් මංකොල්ලා කන සමාජයක, ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කරහම ජනාධිපති බලතල අඩු කළහම, ඊළඟට එන පාලකයා විසින් මෙන්න මේ තියන සූරාකෑමේ ආර්ථිකය වෙනුවට මොකක්ද මේ මහත්තුරු ඉදිරිපත් කරන ආර්ථික ක්‍රමවේදය? ඒකට මොකක්ද මේ මහත්තුරු දෙන උත්තරය.
 
 
ඔය කියන අනුර කුමාර හරි කවුරුහරි වේදිකාවට ඇවිල්ලා කියන්නකො මොකක්ද තියෙන ආර්ථික ප්‍රතිසංස්කරණය කියලා. මූලික ආර්ථික ප්‍රතිසංස්කරණය තමයි රජයේ වියදම් අඩු කරලා රජයේ ආදායම් වැඩි කරන එක. මේ දෙකම කරන්න. එතකොට මම කියන්නේ ඔය වෘත්තීය සමිති වල මූලික ව්‍යුහය වෙනස් කරන්න එපැයි.


''සමාජ ධනය වැඩියෙන්ම සූරා කන්නේ මේ වෘත්තිය සමිති''


ඒ කියන්නේ ලංකාවේ සමාජ ධනය වැඩියෙන්ම සූරා කන්නේ මේ වෘත්තිය සමිති කට්ටියනෙ. ඒ කියන්නේ ඉස්සර වෘත්තිය සමිති නෙමෙයි දැන් තියෙන්නේ. ඉස්සර සමිති කියන්නේ වෘත්තික අයිතිවාසිකම් තියෙන අය.

දැන් තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වලින් එළියට ගිහිල්ලා තමන්ගේ පුද්ගලික ප්‍රශ්න, ඒ කියන්නේ දැන් බලමු ගොඩක් අය කතා කරනවා විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාහනවලට පෙට්‍රල් ගහන්න එක ගැන. එහෙම තෙල් ගහන්න ඕන නෑ.  මොකද ඒ ගොල්ලෝ මේ වෙන රටකින් ආපු අයද? අපි ඔක්කොමලා පොදු පුරවැසියෝ.
 
drivers are waiting to buy petrol at a petrol station in colombo sri lanka
 
කවුරුහරි ඉන්නවනම් කතිරයක් ගහගෙන එහෙම නැතිනම් ඔය ලෝයර් කියලා බෝඩ් එකක් ගහගෙන ඒ අය ඇත්තටම පිස්සෝ. තමන්ගේ විශේෂඥ වෛද්‍යවරයා කියන නම එක සමාජයට අදාල නෑ. ඒක රෝහලට විතරයි අදාල. එතකොට ඒගොල්ලෝ ඒක මෙතනට. ඒක තමයි  සිවිල් බලය. තමන්ගේ  සිවිල් බලය පාවිච්චි කරනවා මානුෂික සමාජීය මෙහෙයුම්වලට  විරුද්ධව. අපිත් ඉන්නවනෙ පෝලිමේ. අපි ගැන කවුද කතා කරේ, විශේෂඥ වෛද්‍යවරු අපිට මොකෝ පොලිම් වල හිටියට. එයාලටත් ඒ පෝලිම් වල ඉන්න දෙන්නකෝ.
 
 
එයාල ලක්ෂ දෙකහමාරක් විතර හම්බකරනවා, තව private practice කරලා සල්ලි හම්බ කරනවා, පෝලිම්වල හිටියම අපිට මොකෝ. මේක බය නැතුව දේශපාලනඥයන්ට කියන්න ඕනේ. මෙහෙ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ට මං කිව්වා වගේ කකුල් වෙව්ලනවා පෝලිමේ ඉන්නකොට. එහෙනම් මේ අපිත් ඉන්නේ.  එතකොට මුන් හිතන්න ඕනේ රෝහල්වලට රෝගීන් කොහොමද එන්නෙ කියලා. එකෙක්වත් කතා කරනවද ඒ ගැන. ඔලුව තියෙන එක වෛද්‍යවරයෙක් ඇහුවා "අපි ඔක්කොමලා ආවත් වැඩක් නෑනේ රෝගීන්ට එන්ඩ විදිහක් නැති නම්, මොකද රෝගීන්ට ප්‍රතිකාර කරන්න නේ අපි යන්න ඕනේ.
 
 
එතකොට මේ වැදගත් සුදු ඇදගත්ත තක්කඩි රංචුවෙන් අපි අහන්න ඕනේ ප්‍රශ්ණය තමයි, නෝනාවරුණි, මහත්වරුණි, කරුණාකරලා කියන්න සර්ව පාර්ශික ආණ්ඩුවක් ආවම ලංකාවට තෙල් ගේන්න පුළුවන් ද? ලංකාවේ ආර්ථික ප්‍රශ්ණ විසඳන්නේ කොහොමද? ඒක බලයට ඇවිල්ලා කියන්න එන්න එපා, බලයට එන්න කලින් කියන්න ඕනේ.
 
 
මොකද ව්‍යුවහාත්මක වශයෙන් මම අහනවා ප්‍රශ්ණයක්, මේ සෙල්ලම 94 ඉඳලා කළා පස්සේ කියන්නම් කියන එක. ලංකාවේ සිවිල් සමාජය ලොකු දේවල් පොරොන්දු වුණා. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයෙන් ජනාධිපති තනතුරු නැති කිරීම අරවා මේවා..  තනි පුද්ගලයෙක් විසින්, සනත් ගුණතිලක විසින් මුලු ව්‍යාපාරයම විනාස කරලා දැම්මා. කාටවත්ම කියන්න බෑ මොකක්ද වුනේ කියලා.

COLOMBO, SRI LANKA:  Sri Lankan Prime Minister Mahinda Rajapakse (C) and Secretary of the Marxist JVP,(People's Liberation Front) Tilvin Silva (R) are applauded by officials as they sign an agreement in Colombo, 08 September 2005.   Rajapakse signed a deal with the island's main Marxist party under which he agreed to drop plans to share power with Tiger rebels, but said he hoped the move will not lead to a resumption of war.  AFP PHOTO/Lakruwan WANNIARACHCHI  (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)

ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ ඇවිල්ලා, මහින්ද රාජපක්ෂවත් ගෙනාවේ JVP එකනේ. දැන් මතක නැති වෙලා.  JVP එක සමාව ඉල්ලලාත් නැහැ. අපි මේ වැරදි කෙනෙක්ව ගෙනාවේ කියලා. ඒ අය අරවා මේවා කරනවා කියලා ගෙනාවේ බලයට.  

එහෙනම් එක දෙයක් කළා උතුරු නැගෙනහිර යුද්ධය සම්පූර්ණයෙන් ම ඒ මිනිස්සුන්ගේ තියෙන ආර්ථික ප්‍රශ්නය එක්ක ඇති වෙච්ච යුද්ධය, දේශපාලනික ප්‍රශ්නයක් නෙවෙයි, ත්‍රස්තවාදී ප්‍රශ්නයක් කියලා කෑ ගහලා, කෑ ගහලා සමූල ඝාතනය කරලා විනාස කරලා, මේගොල්ලන් කිරිබත් කෑවා. එතකොට මේ කිරිබත්  කාපු අය තමයි මේ ගොල්ලන්. මෙහෙට ඇවිත් දැන් කියන්නේ මානුෂිකත්වය වෙනුවෙන් පෙනී සිටින්න කියලා.

හැමෝටම ඉතිහාසය අමතක වෙලා තියෙනවා, මම ඒ ඉතිහාසය  මතක් කරන්නම්. ඒ මහින්ද රාජපක්ෂගෙ  මැද්දට පැන්න සජින් වාස් කියලා තක්කඩියෙක්. ඔහු  විසින් සියළුම දේ ඉවර කරනවා.

අපි නැවත අහන්නේ සියලු දෙනාගෙන් ඔය පක්ෂවල ඇත්තටම, JVP එක අදාල නෑ.
 
 
සමගි ජන බලවේගයෙන් අපි අහන්නේ බලයට ඕගොල්ලන් ආවම, නලින් බණ්ඩාර වගේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එන සාමාන්‍ය පවුල් වලින් එන, මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ ප්‍රශ්නය තමයි ජලනි ප්‍රේමදාස මොකක්ද කරන්නේ මේක ඇතුලේ. පක්ෂය බලය ගත්ත ගමන්ම ජලනි ජලනිට ඕනේ දේවල් කරනවා මිසක් සජිත් ප්‍රේමදාසට ඕනේ දේවල් කරන්නේ නැහැ. ඒක මතක තියාගන්න.
 
 
අමු තක්කඩි  වැඩක්....
 
සර්ව පාක්ෂිකයි කියලා බලය ඉල්ලන කොට මෙන්න මේ ප්‍රශ්නය කතා කරන්න ඕනේ කියලයි මම කියන්නේ. මේ ප්‍රශ්නය කතා නොකර අපේ අවධානය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට ඒවට මේවට යොමු කරනවා කියලා කියන්නේ අමු තක්කඩි  වැඩක්.

මිනිස්සු ආයේ සැරයක් ලණු කාලා මේ කිසිඳු ආර්ථික ප්‍රශ්නයක් විසඳන්නේ නැතිව ආයේ රට අරාජිත වෙන එකයි වෙන්නේ, ඒ වගේම මම කියපු 20% ඉල්ලීම් තමයි මේ  තියෙන්නේ. ඔය චර බර චර බර කියලා එන සද්දේ තියෙන්නේ ෆේස්බුක් වල ඒවාට බය වෙන්න‌ ඕනේ නැහැ. ලක්ෂ 3ක්  විතර, ඔක්කෝම එකතු කළාම ලක්ෂ 5,6ක් වෙයි. ඒ අය තමයි ඔය කෑගහන්නේ. මම කියපු ලක්ෂ පනස් ගාන නෙවෙයි මෙතන කෑගහන්නේ.

මම මේක කියනකන් ඉතුරු අවංක මිනිස්සුන්ට ඇයි මේක කියා ගන්න බැරි. ඇයි මේ  අරගලයේ ඉන්න ස්වාධීන මිනිස්සු නළු නිළියෝ චිත්‍රපටිකාරයෝ ඒ අය දන්නැත්තේ? ඒ අය කතා කරන්නේ නෑනේ මේ ගැන. ඉතින් ඒ අය අහන්න එපැයි, ඒගොල්ලෝ දන්නෙ නැතුව කතා කරනවානේ ව්‍යුවහාත්මක වෙනස්කම් ගැන.  

සිස්ටම් චේන්ජ් ගැන කතා කරනවානේ. ඒ ගැන කතා කරන අය දන්නෙ නැද්ද ජලනි ප්‍රේමදාස ගැන. සිස්ටම් චේන්ජ් කරන අය දන්නේ නැද්ද බලය ගත යුත්තේ ආර්ථික ප්‍රතිසංස්කරණය හදා ගන්න මිසක් ව්‍යවස්ථා වෙනස් කරගන්න නෙවෙයි කියලා. දැන් මම දන්නවා අනිවාර්යයෙන්ම මෙන්න රාජපක්ෂලට කඩේ යනවා කියනවා කියලා.

මම කියන්නේ ඕනේ මහත්තයෙක්ට ඇවිල්ලා මගේ ඉස්සරහට ඇවිල්ලා මාව පෙන්වන්න රාජපක්ෂලට කඩේ යනවද නැද්ද කියලා. ඔය සියලුම දෙනා රාජපක්ෂලට කඩේ ගිය අය ඉන්නේ ඔය කතා කරන අයත්.  ඒනිසා අපි රාජපක්ෂල වෙනුවෙන් නෙවෙයි පෙනී සිටින්නේ අපි පෙනී සිටින්නේ ලක්ෂ පනස් ගානක් වන දුගී දුප්පතුන්  වෙනුවෙන් මිසක් හොඳට ආතල් අරගෙන ටොයෙටා කාර් අරගෙන හොරකම් කරලා තියාගෙන ඉන්න තක්කඩි රංචුව වෙනුවෙන් නම් නෙවෙයි අපි පෙනී  හිටින්නේ. ඕක තමයි මට දෙන්න තියෙන සංවෘත විස්තරය.

 
ප්‍රශ්නය :
අපි දන්නවා දීප්ති උතුරු නැගෙනහිර ගත්තහම බොහෝ දුරට ඒ ජනතාව වෙනුවෙන් අපේ සිංහල කට්ටිය  අනුර කුමාර හෝ සජිත් ප්‍රේමදාස හෝ වෙනත් විපක්ෂ බලවේගයන් කවුරුත් කතා කරන්නේ නැහැ. අඩුම තරමින් ගෝල්ෆේස් කවුරුත් කතා කරන්නේ  නැහැ. මේ නායකයෝ ගත්තම අපිට කියන්න බෑ නේද සියලු දෙනාගේ පොදු නායකයා වෙන්න යන පිරිසක් කියලා. ඒ කියන්නේ සිංහල ජනතාව වෙනුවෙන්ම පෙනී සිටින කොටසක් විදිහට නේද අපිට මේ කට්ටිය ගන්න වෙන්නේ.



දීප්ති :
ඔව්. අනිවාර්යයෙන්ම.
 
ඒ ප්‍රශ්නෙට පොඩ්ඩක් උත්තර දෙන්න ඉස්සෙල්ලම පළවෙනි  එකේ අමතක උන එකක් කියන්නම්.
 
 
 
මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට කලින් ගේන්න ඕනේ එකක් තියෙනවා. ප්‍රධාන ප්‍රතිසංස්කරණය මම කියන්නම්. ඒ  මාධ්‍ය නියාමන කොමිසමක් අපට අවශ්‍යයි. මේ තක්කඩි රංචුව බලයට එන්නේ ලංකාවේ ටෙලිවිෂන් මාධ්‍ය හරහා වොයිස් කට් වලින්. ලංකාවේ මේ මාධ්‍ය කියලා කියන්නේ මිනිස්සුන්ට අයිති තරංග විකුණන තක්කඩි, ඒවාත් එක්ක කරන සෙල්ලම් කිසි කෙනෙක් දන්නේ නැද්ද? බබාලද?
 
 
ඒ කියන්නේ තරංග අරගෙන එහාට විකුණනවා මෙහාට විකුණනවා, ඒගොල්ලෝ ඇතුළේ ඉඳන් බිස්නස්  කරනවා.


''මාධ්‍ය අයිතිකාරයෝ කියන්නේ අන්තිම පාදඩයෝ ව්‍යාපාරිකයෝ. හොර ව්‍යාපාරිකයෝ''

1590746537L
 
දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීර

අපි දැක්කා මේ ළගඳී දෙරණ නාලිකාවේ සභාපතිවරයා කෙලින්ම කිවුවා ඉන්ටවීව් එකක් දීලා කිවුවා මම තමයි බලයට ගෙනාවේ ගෝටාභය රාජපක්ෂව.  කොයිතරම් භයානක කථාවක්ද ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ. මැතිවරණ කොමසාරිස් කාර්යාලයටත් මම ලියන්න ඉන්නවා ඊළඟට.

කරුණාකරලා ඡන්දය පවත්වන වෙලාවේදී ලංකාවේ මාධ්‍ය නියාමන කිරීම සඳහා ක්‍රමවේදයක් නෛතික බල රාමුවක් අනිවාර්ය හැදිය යුතුයි. භයානකම දේ මාධ්‍ය. මාධ්‍ය අයිතිකාරයෝ කියන්නේ අන්තිම පාදඩයෝ ව්‍යාපාරිකයෝ. හොර ව්‍යාපාරිකයෝ.

 ඒ අය ලංකාවේ මිනිස්සුන්ගේ පරමාධිපත්‍ය කොයි තැනකවත් කොයි වෙලේකවත්  භික්ෂුන් වහන්සේ කෙනෙකුගේවත්, උසාවියටවත්, කාටවත් ප්‍රශ්න කරන්න බැරි තැනට දාලා. ඊළඟට මහජන ස්වාධිපත්‍ය කියන පැරඩොක්ස් එක ගුරුත්වාඛාදනය තමයි  ඒ තුළම විරුද්ධ වෙනවා.

උදාහරණ විදිහට මහජනයට අප්‍රසන්න වෙලා තියෙනවා මේ ආණ්ඩුව. හැබැයි එහෙම අප්‍රසන්න වුනා කියලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට පනින්න භික්ෂුන් වහන්සේලා හෝ කාටවත් අනුර කුමාරටවත් කාටවත්  බැහැ. හමුදා කතා අරවා මේවා කියවලා ඉවර වෙලා මේ වටේ මේ ප්‍රජාතන්ත්‍රවාදි රාමුව ඡන්ද බලයෙන් තමයි අපි ආණ්ඩුව හදන්න ඕනේ කියලා මූලික ප්‍රවාදය බිඳ දාන්න බැහැ.
 
 
 
මේ අය භයානක සෙල්ලමක් කරන්නේ. මේ  භයානක සෙල්ලම දිගටම කළොත් අපි යන්නේ කොහේටද සිරියාවේ මධ්‍යම පන්තිය ඕනවට වඩා දඟලලා මොකක්ද වුනේ කියලා හොයලා බලන්න. සිරියාව විනාස වෙලා මධ්‍යම පන්තිය සිරියාවෙන් පැනලා ගිහිල්ලා ජර්මනිය වගේ රටවල් වල වහල් සේවයේ  යෙදෙනවා. මේ වගේ අවස්ථාවකදී ඕනවට වඩා පූජකවරු මේවට මැදිහත් වුනහම ප්‍රතිඵලය වෙන්නේ එතකොට ඉරානය වගේ පූජකවරු බලය ගන්නවා.
 
 
 
එහෙමත් නැතිනම්  මේ වගේ මහජනතාවගේ පරමාධිපත්‍ය එක්ක සෙල්ලම් කරන්න ගියොත් සමහරවිට අපි දන්නේ නැති අනාගතය කියන්නේ විවෘතයි. අපි හිතාගෙන ඉන්නවා අපිට තමයි බලය ගන්න පුළුවන් කියලා. නමුත් මේ මැද්දෙන් එන වෙනත් කණ්ඩායමක් බලය ගන්න පුළුවන්.

මේ නිසා මම සියළු නායකයන්ට කියන්නේ තමන්ගේ බල තණ්හාව නිසා තමන්ගේ ජීවිතේ අවසන් අරගලය කියලා හිතන නිසා කරුණාකරලා ලංකාවේ  ප්‍රජාතන්ත්‍රවාදය දකුණු ආසියාවේ ඉන්දියාවයි අපියි විතරයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා තියෙන්නේ. අපි මේක රැකගමු.

අපේ ආර්ථික පීඩාවට වඩා අපේ කුසගින්නට වඩා මම ඉස්සෙල්ලම කිවුවේ මෙතන මේ වැඩිපුරම කෑගහන්නෙ සල්ලි නැති අය නෙවෙයි. කොහෙන්ද මේ මිනිස්සුන්ට තෙල් ගන්න සල්ලි?  දැන් වෙන රටක වෙන්නේ අපි ගත්තොත් වෙනිසියුලාව තෙල් ගන්න සල්ලි නැහැ කා ගාවත්. දැන් මෙහෙ මාර වැඩේ කියන්නේ ඕන තරම් සල්ලි තියෙනවා තෙල් දීපන් කියනවා..
 
 
එතකොට අපිට පැහැදිලිව තේරෙනවා සල්ලි තියෙන එවුන් තමයි මේ සෙල්ලම් දාන්නේ මේ වෙලාවේ. තෙල් තියා වාහන තියා මුකුත් නැතුව දුප්පතුන් හැටියට ඉන්න ලක්ෂ පනස් ගණනට කිසිසේත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ රාමුව කඩා දාන්න ඕනේ. ඒ රාමුව තුළින් පමණයි අපට පාලකයන් වෙනස් කිරීමේ හැකියාව තියෙන්නේ. මොකද අපට නිලධාරීන් වෙනස් කරන්න බැහැ. නිලධාරින් කියන්නේ පත් වුණොත් පත් වුණාමයි.
 
 
 
එතකොට මම කියන්නේ මහජනතාවගේ ස්වාධිපත්‍යට, පරමාධිපත්‍යට, කරුණාකරලා ඒ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් එළියේ යන ජනප්‍රිය සටන්, ජනප්‍රිය සංවාද, සටන් පාඨ ඔය තක්කඩි මාධ්‍ය වලින්, වොයිස් කට් වලින් ඉස්සරහට ගේන්න එපා කියලා. සමහරවිට වොයිස් කට් දෙන අයත් දන්නේ නැහැ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. ඒ නිසා මම කියනවා ඒ තත්වයෙන් අපි මිදෙන්න ඕනේ කියලා,

මම අහනවා ප්‍රශ්නයක් උතුරු, නැගෙනහිර ජනයාගේ නායකයා හැටියට අනුර කුමාරට පෙනී හිටින්න පුළුවන්ද, TNA එකේ සුමන්තිරම්ට පෙනී හිටින්න පුළුවන් ද? නෑ ඒ ජනතාව පිළිගන්නේ නැහැ. තමන්ගේ නායකයා මේ අය කියලා. සුමන්තිරම්ට අමතක වෙන්න හොඳ නැහැ ගියපාර ඡන්ද වලින් කොහොමද පැරදුනේ කියලා උතුර. මේ ඔක්කොම අමතක වෙලා අපට. 
 
 
ඒ නිසා අපි තේරුම් ගත යුතුයි. වගකීමක් තියෙන නායකයෙක් නම් අපි උත්සහ කරන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය රාමුව ඇතුලේ උද්ඝෝෂණය ඇතුලේ චන්ඩි පාට් දාන්නේ නැතුව මේ ආණ්ඩුව වෙනස් කිරීමක් මිසක්, හමුදා, පොලීසිය කතා කරලා අඩගහලා මේ ආණ්ඩුව පෙරලා දැමීම විසින් අනිවාර්යයෙන්ම අපට වෙන්නේ පකිස්ථානයට වුනා වගේ ලොකු විනාසයක් මිසක් අපිට ජයග්‍රහණයක්  අත්පත් කරගන්න වෙන්නේ  නැහැ. 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58