''අපි නිදහස ලබන කාලෙ රටක්වත් නොවුන බංගලිදේශය අද අපිව පාස් කරගෙන යනව. අපි ඩොලර් මිලියන 200 ක් විතර ලගදි ණයටත් ගත්තා. ඉතින්

මේක දැක්කම විශාල දුකක් කණගාටුවක් ඇති වෙනව.

මෙහෙම වෙන්නෙ බංගලිදේශයට වඩා අපේ රටේ පසේ , ජලයේ, වාතයේ හෝ නරකක් තිබෙන නිසා නෙවෙයි. ජපානයට වඩා අපේ රටේ පසේ, ජලයේ, වාතයේ හෝ නරකක් තියෙන නිසා නෙවෙයි. සිංගප්පූරුවට වඩා අපේ රටේ මිනිස්සුන්ගෙ සිතුවිලි වල හෝ එහෙම නැත්නම් පසේ, ජලයේ, වාතයේ හෝ වරදක් නිසා නෙවෙයි.

මෙහෙම වෙලා තියෙන්නෙ ප්‍රතිපත්ති වැරැද්දක් නිසා. ප්‍රතිපත්ති වැරැද්දක් නිසා තමයි අද අපි දුක් විදින්නෙ. ''

මහාචාර්ය චරිත හේරත් එම පැහැදිලි කිරීම සිදුකරනු ලැබුවේ, බිද වැටුණු රටක හෙට දවස ගොඩනගන 'සැලැස්ම' (Salasma) වැඩසටහන සමග එක්වෙමිනි.

නීතිඥ සමන්ත සුදේශ්ප්‍රිය විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහනේ දී හිටපු යුධ හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ද අදහස් දැක්විය.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්