ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ Chatham Street Journal පුවත්පත කළ
සාකච්ඡාවක් ඇසුරෙනි.
 


- ඔබ ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස වගේම ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ලෙසත් වගකීම් දරනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක තනතුර අපේ රටට අලුත් දෙයක්. අපි එතනින් කතාව පටන් අරගමු.?

මෙතැනදී බොහෝ අය නොදැනුවත්ව වැරදි විදිහට මේ තනතුර අර්ථ කථනය කරනවා. මේ තනතුරේ වගකීම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේ රාජකාරිය හෝ නැත්නම් ආරක්ෂක අමාත්‍යවරයාගේ, ආරක්ෂක ලේකම්ගේ , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ රාජකාරිය කිරීම නෙවෙයි. මේක ජාත්‍යන්තරය සමඟ ඇතිකරගන්න ආරක්ෂක සබඳතා , ඊට අදාළ න්‍යායන්, අලුත් තත්ත්වයන් සමඟ ගොඩනැගෙන රාජකාරියක්. එහි වැඩකටයුතු රාශියක් තිබෙනවා.

දැන් බලන්න අපේ රටේ පිහිටීම, අපේ රටේ පිහිටීම ඉන්දීය සාගරයේ තීරණාත්මක තැනක තියෙන්නේ. ඉතාම කාර්ය බහුල නාවුක මාර්ග, විශාල සාගර කලාපය, ඒ වගේම අපි දූපත් රාජ්‍යයක්. මේ විදිහේ විශේෂ කරුණු කාරනා රැසක් නිසා ආරක්ෂාව යන්න සුවුශේෂී වැදගත්කමක් දරනවා. ඒ සම්බන්ධයෙන් අත්හරින්න බැරි වගකීමක් අපිට තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම වෙන්න පුළුවන්, ත්‍රස්ත කටයුතු , මුහුදු මංකොල්ල , මුදල් විශුද්ධිකරණය ඇතුළු මේ සෑම දෙයක් සම්බන්ධයෙන්ම කටයුතු කරන්න වෙනවා.

 
අත්හරින්න බැරි වගකීමක් අපිට තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම වෙන්න පුළුවන්, ත්‍රස්ත කටයුතු , මුහුදු මංකොල්ල , මුදල් විශුද්ධිකරණය ඇතුළු මේ සෑම දෙයක් සම්බන්ධයෙන්ම කටයුතු කරන්න වෙනවා.  

අපේ ත්‍රිවිධ හමුදා වර්තමානයට සහ අනාගතයට සූදානම් කරන්නේ කොහොමද ? උදාහරණයක් ලෙස ගුවන් හමුදාව නවීකරණය කරන්නේ කොහොමද ? නාවික හමුදාව නවීකරණය කර Blue-water navy  වගේ තැනකට ගන්නේ කොහොමද ? ජාත්‍යන්තරය සමඟ කොහොමද සම්බන්ධ වෙන්නේ ? ඒ වගේම ජනාධිපතිතුමාගේ බොහොම වැදගත් වැඩසටහනක් තියෙනවා, "2030 - ආරක්ෂාව" කියලා. ඒ වැඩපිළිවෙල සාර්ථක කරගන්න කටයුතු කරන්න තිබෙනවා.

ඒ වගේම තමයි දැන් බලන්න අපේ තිබෙන ජාතික ආරක්ෂක කවුන්සිලයට අගමැති නෑ. ඒ වගේ යල්පැන ගිය දෙවල් වෙනස් කරගෙන ජාතික ආරක්ෂක කවුන්සිල ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම රටේ ආරක්ෂක සුරක්ෂිත භාවය, පරිසරය පවා ජාතික ආරක්ෂාවට වැදගත්, ඒ දේවල් පවා මේ විෂය යටතේ ආවරණය වෙනවා.

Q : ඒ කියන්නේ ඔබ බොහෝ කාර්ය බහුල වෙලා ඉන්නේ ?

A  : සාමාන්‍යයෙන් මට වැඩ කරලා පුරුදුයි. වගකීමක්  තියෙනකොට වැඩකටයුතු වැඩි වෙනවා. වගකීමක් නැති කාලෙත් නිකන් හිටියේ නෑ. ගම දියුණු කරන්න පක්ෂය ගොඩනගන්න  වැඩ කටයුතු කරලා තියෙනවා. තනතුරු හැමදාම නෑ. හැබැයි අපි හැමදාම වැඩ කරනවා.

Q : ආණ්ඩුවට බරපතළ චෝදනාවක් තිබෙනවා ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යොදාගෙන මර්දනයක් දියත් කරලා කියලා ?

A  : කාලයෙන් කාලයට අභියෝග අලුත් වෙනවා. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න අලුත් නීති රීති ගේන්න වෙනවා.  2001 වසරේ පමණ කාලයක සිට, එදා ඉතා සීමිත කාලයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ, ඒ කාලේ ඉඳලම ත්‍රස්ත මර්දන පණත විතරක් නෙවෙයි, තවත් බොහෝ අණපනත් වෙනස් වෙන්න ඕන කියන තැන එතුමා ඉන්නවා. ඒ වගේම තමයි ආර්ථිකයත් එක්ක දේශපාලනය කරන්න දෙන්න බෑ, කියන එකත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අද ඊයේ කියන එකක් නෙවෙයි. එතුමාට වැඩි කාලයක් විපක්ෂයේ ඉන්න වුණෙත් ඔය දේවල් කතා කරපු නිසා තමයි.
 
ආර්ථිකයත් එක්ක දේශපාලනය කරන්න දෙන්න බෑ, කියන එකත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අද ඊයේ කියන එකක් නෙවෙයි. එතුමාට වැඩි කාලයක් විපක්ෂයේ ඉන්න වුණෙත් ඔය දේවල් කතා කරපු නිසා තමයි.

ජාතික සමඟිය, සංහිඳියාව, වගවීම ගැන කවුද බය නැතුව ප්‍රසිද්ධියේ කතා කළේ ? මේවා ගැන කතා කරලා එතුමාට වැඩි කාලයක් විපක්ෂයේ ඉන්න වුණත්, ඔහු ඒ ප්‍රතිපත්ති වෙනස් කළේ නෑ. අදටත් ඒ ප්‍රතිපත්ති මත පිහිටලා විතරයි කටයුතු කරන්නේ. කෙනෙකුට විවිධ චෝදනා නගන්න පුලුව. නමුත් ඒ චෝදනා සත්‍ය නෙවෙයි.

දැන් ඔය කිහිපදෙනෙකු ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යටතේ තබාගෙන සිටීම සම්බන්ධයෙන් කතාවක් යනවනේ. ආරක්ෂක අංශ පොරොන්දු වෙලා තියෙනවා, ඉතාම ඉක්මනින් ඊට අදාළ විමර්ශන අවසන් කරන්න. ඊට පස්සේ ඔය චෝදනා ඉදිරිපත් වෙන එකක් නෑ. හැබැයි රටේ ආරක්ෂාව වෙනුවෙන්, රටේ මර්මස්ථාන අල්ලන ප්‍රචණ්ඩකාරීන් සම්බන්ධයෙන් සමහර අවස්ථා වල තීන්දු තීරණ ගන්න වෙනවා.

ඒ වගේම කියන්න ඕන, ජනතාවගේ මානව හිමිකම්- අයිතිවාසිකම් සුරැකෙන, රටත් ජනතාවත් ආරක්ෂා කරන, මේ කාරණය විශේෂයි. මොකද රටේ ආරක්ෂාව සහතික වුණොත් තමයි ජනතාව ආරක්ෂා වෙන්නේ. ඒ නිසා රටේ ආරක්ෂාව සහතික කරන ජාත්‍යන්තරයට පවා පිළිගන්න පුළුවන් අලුත් පණතක් ගේනනත් බලාපොරොත්තුවක් තියෙනවා.

Q : විපක්ෂය නිතර නගන චෝදනාවක් තමයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා කියලා. ඒ ගැන මොකද කියන්නේ ?

A : මම ඇමති කාලෙත් මට ඔය චෝදනාවම ආවා. මේ නිසා තමයි අපේ රටේ ආකල්ප වෙනසක් අවශ්‍යයි කියලා අපි කියන්නේ.   නීතිය සහ සාමය කියන එක  දෛනිකව බලන්න වගකීම තියෙන්නේ දේශපාලනඥයන්ට නෙවෙයි. ඒ වගකීම පාර්ලිමේන්තුව තුළ දේශපාලනඥයන්ට තියෙන්නේ නීති සකස් කිරීම හරහා. නීති තුළ සහ නීති ක්‍රියාත්මක වන පද්ධතිය තුළ යම් ප්‍රමාදයන් තියෙනවා නම් ඒවා වෙනස් වෙන්න ඕන. නීති රීති රැසක් තියෙනවා කොහොමටත් අලුත් වෙන්න ඕන. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්න නියමිතව තිබෙනවා. නමුත්, අරලියගහ මන්දිරයේ, ජනාධිපති කාර්යාලයේ නඩු අහන්න දඬුවම් දෙන්න බෑ.

සරලවම කිව්වොත්, අපිව සෑහෙන කාලයක් විපක්ෂයේ තියපු, මේ රට හදන්න අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඉඩ නොලැබුණේ රාජපක්ෂවරුන් නිසා. ඒ වගේම අපි බලය ගත්ත අවස්ථා වලදී, අර අපිම ගෙනාපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්ක එකතුවෙලා අපේ බලය ගන්න උත්සාහ කළ පිරිසක් තමයි ඒ. එහෙම පසුබිමක කවුරු හරි හිතනවා නම් රාජපක්ෂවරුන් සමඟ දේශපාලන වශයෙන් කරට අතදාගෙන ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් වැඩ කරනවා කියලා, ඒක වැරදි අදහසක්.

කවුරු හරි හිතනවා නම් රාජපක්ෂවරුන් සමඟ දේශපාලන වශයෙන් කරට අතදාගෙන ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් වැඩ කරනවා කියලා, ඒක වැරදි අදහසක්.

නමුත් දේශපාලනය කියලා අපි කාටවත් හතුරුකම් කරන්න යන්නේ නෑ. රට ගොඩනගන්න, මේ වැටී තියන ආඝාධයෙන් රටත් ජනතාවත් ඉහළට ඔසවා ගන්න ඕන කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් අපිට තියෙනවා. රට මිහිනදී ඇති මේ තත්ත්වය සුළුවෙන් තකන්න බෑ. සියලු දෙනා මේ වෙනුවෙන් එකතු වෙන්න කියන ආරාධනය රනිල් වික්‍රමසිංහ මැතිතුමා බොහොම විවෘතව ඉදිරිපත් කරලා තියෙන්නේ. සර්ව පාක්ෂික ආණ්ඩුවකට එන්න කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොදු ආරාධනයක් කරලා තියෙන්නේ. දැන් අපිට හැම දේශපාලන පක්ෂයක් එක්කම වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා.

2001 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයට පත්වන විට චන්ද්‍රිකා මැතිනිය තමයි ජනාධිපති ලෙස හිටියේ. එදත් අපි උත්සාහ කළා එකට වැඩ කරන්න. ඒ වගේම 2015 අපිම  ගෙනාපු ජනාධිපතිතුමා සමඟ වැඩ කරනකොට අභියෝග ආවා. ඒත් අපි අවසන් මොහොත දක්වාම උත්සාහ කළා එකට වැඩ කරන්න.  එදා එක් පසෙකින් ප්‍රජාතන්ත්‍රවාදය කඩවෙන්න යන විට අපි එය රැකගන්න උත්සාහ කළා. ඒ වෙනුවෙන් සටන් කළා. අපිව ආණ්ඩුවෙන් එළියට දාන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂව අග්‍රාමාත්‍ය කළා. දැන් ඇයි අපිට චෝදනා කරන්නේ.

මේ ළඟදී ඉඳලා කෙනෙක් සුදු ඇඳගෙන ජාතික ලැයිස්තුවෙන් එන්න ලැස්ති වෙලා ඔය එක එක චෝදනා කරමින් යනවා. ඒ ලාබ දේශපාලන වාසියක් ගන්න උත්සහ කරන්නේ. අවසානයේ මෙහි අවාසිය කාටද අත්වෙන්නේ. මෙහි අවාසිය අත්වෙන්නේ ජනතාවට. අපි පැහැදිළිව කියලා තියෙනවා, මේ රට මෙතනට පත්වුණේ වැරදි කළමනාකරණය, වැරදි තීන්දු තීරණ, වැරදි උපාය උපක්‍රම නිසා කියලා. ඒ මොකුත් නොකිය, හරි වැඩපිළිවෙලක් නැතුව හිටපු උදවිය තමයි අපිට චෝදනා කරන්නේ.

අපි ඔය චෝදනා ගැන තැකීමක් කරන්නේ නෑ. මේ මොහොතේ රටම බලාගෙන ඉන්නේ ජනාධිපතිතුමා මේ රට මේ දරුණු අර්බුදයෙන් ගොඩගනී කියලා . අපි වෙහෙසෙන්නේ අන්න ඒ බලාපොරොත්තුව ඉටුකරන්න.

Q : ආර්ථික අර්බුදය සමනය කරගන්න මේ වෙනකොට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්ද ?

A  : ඇයි බැරි. මාස කීයද බලය අරගෙන. මේ ඉන්නේ එක පක්ෂයක ජනාධිපතිවරයෙක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුළු රටේම ජනාධිපති. කවුරුත් අභියෝගය බාරගන්න බය වුන වෙලාවේ එතුමා බොහොම නිර්භීතව අභියෝගය බාරගත්තා. දැන් ඔහු ගැන විශ්වාසය තැබූ පිරිස සමඟ ආණ්ඩුව කරගෙන යනවා. ගෑස් පෝලිම අවසන් කරන්න සමත් වෙලා තියෙනවා. ගොවියාගේ පොහොර ප්‍රශ්නය විසඳලා ඔහුට සැනසීමක් ගෙනෙන්න කටයුතු කරලා තියෙනවා. විදුලි කප්පාදුව දැන් පැයකට සීමා වෙලා. ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් යාන්ත්‍රණය බලගන්වා තිබෙනවා. ඉන්ධන සැපයීම යහපත් අතට අරගෙන තියෙනවා.

පාරට බැහැපු ජනතාව ඉල්ලුවේ මොනවද ? ගොවියා කෘෂිකර්මය වෙනුවෙන් පොහොර ටික, ඊට අදාළ යෙදවුම් ටික ඉල්ලුවා. ජනතාව ඉන්ධන, ගෑස් , ආහාර, ඖෂධ හිඟයකින් තොරව ඉල්ලුවා. හැමදෙයක්ම නැතිවෙමින්, සියල්ල අපේක්ෂා භංගත්වයට යමින් තිබු රට මාස කිහිපයකින් , විශ්වාසයේ සහ බලාපොරොත්තුවේ තැනට ගේන්න ජනාධිපතිතුමා සමත්වෙලා තියෙනවා. ආණ්ඩුවේ සහය ඊට ලැබී තිබෙනවා.  
 
හැමදෙයක්ම නැතිවෙමින්, සියල්ල අපේක්ෂා භංගත්වයට යමින් තිබු රට මාස කිහිපයකින් , විශ්වාසයේ සහ බලාපොරොත්තුවේ තැනට ගේන්න ජනාධිපතිතුමා සමත්වෙලා තියෙනවා. ආණ්ඩුවේ සහය ඊට ලැබී තිබෙනවා.  

 ඒ වගේම තමයි IMF සමඟ සාකච්ඡා සාර්ථක ලෙස ඉදිරියට ගෙනයමින් තියෙනවා. ඇත්තටම IMF සාකච්ඡා වල සාර්ථකත්වය නිසා අපිට දැන් යම් සැනසුම් සුසුමක් හෙළන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් අපිට විශ්වාසයෙන් යුතුව ඉදිරියට යන්න පුළුවන්. මාස 2ක් 3ක් තුළ විශ්වකර්ම වැඩ කරන්න බෑ. හැබැයි අපි දිගු ගමනක් යන්න අවශ්‍ය ශක්තිමත් අඩිතාලමක් සකසමින් ඉන්නවා. ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කරමින් ඉන්නවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අවස්ථා ගණනකදී අදහස් දක්වා තිබෙනවා.

Q : හැමදාමත් වැටුණු රට හැදුවේ එජාප නායකත්වයෙන්. මෙවරත් එය සිදුවෙනවා. හැබැයි රට හැදුවට බලය රැකගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නයත් අහන්නම වෙනවා. ?

මේ මොහොතේ හැමෝම බලාගෙන ඉන්නේ ජනාධිපතිතුමා මොකද කරන්නේ කියලා. ඔහු ගැන විශ්වාසය තබලා තියෙනවා. මේ කරුණට තමයි මූලිකත්වය දීලා තියෙන්නේ. ඔබ අහන ප්‍රශ්නය හරි. බලය රැකගන්න ඕන. පක්ෂය ශක්තිමත් කරගන්න ඕන. ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙනවා. පක්ෂය ගොඩනගන අතරේ තමයි, රට ගොඩනැගීමට මූලිකත්වය දීලා තියෙන්නේ. ජනාධිපතිතුමාව දේශපාලන පක්ෂ ප්‍රමුඛ  ජනතාව විශ්වාස කරලා තියෙනවා. අපි ඒ විශ්වාසය රකිමු. වරදින්න ඉඩක් නෑ. මේ රට අලුත් කරන්න පුළුවන්.

-කල්ප අනුත්තර ලියනගේ
 




The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්